Our UK Diary

Our UK Diary 🌍 Little feet, big adventures! 👣
Just a small island family making memories in the UK. 🇬🇧😍 👨‍👩‍👧 Achala, Narada & Nora # # #

අපේ අලුත්ම Travel Vlog එක බලන්න ලෑස්තිද?අපේ Lake District travel journey එක ඊළඟ වීඩියෝ එක විදියට අරගෙන අපි එනවා! 🌿මේ පාර...
01/09/2026

අපේ අලුත්ම Travel Vlog එක බලන්න ලෑස්තිද?

අපේ Lake District travel journey එක ඊළඟ වීඩියෝ එක විදියට අරගෙන අපි එනවා! 🌿

මේ පාර අපිත් එක්ක නෝරා පැටියත් එකතු වුණා Lake District වල ලස්සන Wildlife Park එකකුයි, Northumberland වල තියෙන ලොකුම Brocksbushes Farm Shop එකයි බලන්න යන්න.

මේ Saturday හවස 5 ට වීඩියෝ එක අරන් එනවා.. ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න!

Age is just a number, but choosing to grow, embrace new changes, and bring light into every day is what truly counts. Ch...
29/08/2026

Age is just a number, but choosing to grow, embrace new changes, and bring light into every day is what truly counts.

Cheers to another year of making memories! 🥂🎉💕🎂

UK ඇවිත් ඉන්න ගොඩක් Students ලා නොදැනුවත්ව කරන ලොකුම අතපසුවීමක් තමයි Council Tax නිකරුණේ ගෙවීම! ඔයා Full time Student කෙ...
31/07/2026

UK ඇවිත් ඉන්න ගොඩක් Students ලා නොදැනුවත්ව කරන ලොකුම අතපසුවීමක් තමයි Council Tax නිකරුණේ ගෙවීම!

ඔයා Full time Student කෙනෙක් නම්, ඔයාට Council Tax වලින් 100% ක්ම Exemption වෙන්න පුළුවන් බව ඔයා දැනගෙන හිටියද? 🤔

අපි Student කාලේ මේ Council Tax Exemption එක ලේසියෙන්ම කරගත්තේ කොහොමද කියන සම්පූර්ණ Step-by-step Process එක අපේ අලුත්ම වීඩියෝ එකෙන් කතා කරනවා!

https://youtu.be/Zbbi6CPNuZg

Hello everyone! Welcome to Ceylon Travel Couple in UK Chanel. . ...

UK ඉන්න Sri Lankan families ගොඩක් අයට Child Benefit ගැන confusion තියෙනවා.  විශේෂයෙන් visa status එක අනුව ගන්න පුළුවන්ද,...
30/07/2026

UK ඉන්න Sri Lankan families ගොඩක් අයට Child Benefit ගැන confusion තියෙනවා. විශේෂයෙන් visa status එක අනුව ගන්න පුළුවන්ද, ගත්තොත් tax එකට බලපානවද කියලා. මේ post එක ඒ නිසා share කර ගන්න හිතුනා‍.

1. Child Benefit කියන්නේ මොකද්ද?

Child Benefit කියන්නේ 16ට අඩු (හෝ 20ට අඩු, approved education/training එකේ ඉන්නවා නම්) ළමයෙක් බලාගන්න person කෙනෙකුට HMRC දෙන tax free weekly payment එකක්. Children සීමාවක් නෑ. කීදෙනෙක් ඉන්නත් claim කරන්න පුළුවන් (එක් එක් child එකට rate එක වෙනස් වෙනවා).

💰 2026/27 Rates:
පලවෙනි/එකම child – සතියකට £27.05 (අවුරුද්දකට £1,406.60)
ඊළඟ child ට – සතියකට £17.90 (අවුරුද්දකට £930.80)

2. Visa Holders ට Very Important Fact එකක් - "No Recourse to Public Funds" (NRPF)

මේක ගොඩක් අයට නොදන්න ලොකුම දේ:

Student visa, Skilled Worker visa වගේ visas බොහෝමයකට "No Recourse to Public Funds" (NRPF) condition එකක් තියෙනවා.

ඔබේ visa එකේ NRPF තියෙනවා නම්, Child Benefit claim කරන්න බෑ. ළමයා UK ඉපදිලා British Citizen කෙනෙක් වුනත් මේ rule එක එකසේම apply වෙනවා (ළමයාගේ status එක නෙවෙයි, දෙමාපියන්ගේ visa status එකයි check කරන්නේ).

ILR (Indefinite Leave to Remain), Settled Status, Refugee status, හෝ British/Irish citizenship තියෙන අයට Child Benefit claim කරන්න පුළුවන් (NRPF නැති නිසා)

Couple එකක දෙන්නාගෙන් එක් කෙනෙකුට ILR/Citizenship තියෙනවා, අනිත් කෙනා NRPF visa එකක ඉන්නවා නම්, ILR/Citizenship තියෙන කෙනාගේ නමට විතරක් Child Benefit claim කරන්න පුළුවන්. NRPF තියෙන කෙනා claim කරන්න එපා.

ඔබේ BRP/eVisa එකේ conditions section එක check කරලා NRPF තියෙනවද බලන්න.

Sure නැත්නම් claim කරන්න කලින් immigration adviser කෙනෙක්ගෙන් අහන්න. මේක visa status එකට direct impact කරන දෙයක්.

3. High Income Child Benefit Charge (HICBC) - High earners ලාට

Household එකේ highest earner කෙනාගේ income එක වැඩිනම්, Child Benefit එකෙන් කොටසක් හෝ පූරාවම tax හරහා ආපහු ගෙවන්න වෙනවා.

- £60,000ට වඩා income එකක් තියෙනවා නම් charge එක ආරම්භ වෙනවා
- ඉහළින් ලැබෙන සෑම £200කටම 1% ක් ආපහු ගෙවන්න වෙනවා
- £80,000 හෝ ඊට වැඩි income එකක් තියෙනවා නම් Child Benefit එක සම්පූර්ණයෙන්ම ආපහු ගෙවන්න වෙනවා (net benefit එක zero)
- මේක check කරන්නේ household income එක නෙවෙයි. partners දෙන්නාගෙන් වැඩිපුර හොයන කෙනාගේ individual income එකයි.

4. HICBC ගෙවන්නේ කොහොමද? (2026 වෙනස්කම)

- දැන් HICBC විතරක් reason එකෙන් Self Assessment tax return එකක් file කරන්න අවශ්‍ය නෑ (අනිත් income හැම එකක්ම PAYE හරහා ගෙවනවා නම්)
- නමුත් මේක automatic නෙවෙයි. ඔබම HMRC online account එකට log වෙලා HICBC PAYE service එකට register වෙන්න ඕන. ඒක කළාට පස්සේ විතරයි HMRC ඔබේ tax code එක හරහා charge එක adjust කරගන්නේ
- ඕන නම් Child Benefit payments එක opt-out කරන්නත් පුළුවන් (online, form, phone, හෝ letter එකකින්)

5. Income ඉහළයි කියලා Claim කරන්නම එපායැයි හිතන්න එපා!
මේක ලොකු tip එකක්:
- ඔබ Child Benefit opt-out කළත්, register වෙන එක තවමත් වටිනවා
- Register වුනොත් working නොකරන parent ට National Insurance (NI) credits ලැබෙනවා . මේක future State Pension entitlement එකට වැදගත්
- ළමයාට automatic ලෙස NI number එකක් issue වෙනවා 16 වෙනකොට.

6. Backdating Limit එක - ඉක්මනින් Claim කරන්න!

- Child Benefit claim කරන එක පරක්කු වුනොත්, උපරිම මාස 3ක් විතරයි backdate මුදල් ලබාගන්න පුළුවන්
- ඒකට වඩා පරක්කු වුනොත් ඒ කාලයේ ලැබෙන්න තිබ්බ මුදල් permanently අහිමි වෙනවා
- ඒ නිසා ළමයා ලැබූ සැනින්ම, හෝ ඔබේ visa/immigration status එක eligible වුනු සැනින්ම, delay නොකර claim කරන්න

සමහරු ආසයි London වල තියෙන ඒ busy, energetic  කොයිවෙලෙත් වැඩ පිරුණු Vibes එකට! තවත් සමහරු ආසයි නගරයේ සද්ද බද්දවලින් ඈත් ...
29/07/2026

සමහරු ආසයි London වල තියෙන ඒ busy, energetic කොයිවෙලෙත් වැඩ පිරුණු Vibes එකට!

තවත් සමහරු ආසයි නගරයේ සද්ද බද්දවලින් ඈත් වෙලා, ලස්සන Nature එකත් එක්ක නිදහසේ, calm එකේ ජීවිතේ විඳින්න!

Life එකේ මේ Two Different Extremes දෙකෙන් ඔයා තෝරගන්නේ මොකක්ද?

ඔයාගේ Choice එකයි, ඒකට හේතුවයි පහලින් Comment එකක් දාගෙන යමු! 👇

UK එකට අලුතින් ආපු අය, students, families "NHS dentist හොයාගන්නේ කොහොමද" කියන එක හැමෝටම confuse වෙන දෙයක්. GP registrati...
28/07/2026

UK එකට අලුතින් ආපු අය, students, families "NHS dentist හොයාගන්නේ කොහොමද" කියන එක හැමෝටම confuse වෙන දෙයක්. GP registration වගේ simple නෑ dental එක. මේ post එකෙන් 2026 වෙනස්කම් සමඟ step by step විස්තර කරනවා.

1. NHS Dentist Registration ගැන දැනගන්න ඕන ලොකුම Fact එක

GP එකක් වගේ dental practice එකකට permanent registration කියල දෙයක් 2006 ඉඳන් නෑ. ඔබ practice එකකට visit කරලා treatment ගත්තම විතරයි "patient" කෙනෙක් වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ:
• Practice එකට ඕන වෙලාවක NHS patients ගන්න එක නවත්තන්න පුළුවන්
• ඔබට ඕන ඕන වෙලාවක වෙන practice එකකට මාරු වෙන්න පුළුවන්

2. Dentist කෙනෙක් හොයාගන්නේ කොහොමද?

NHS "Find a Dentist” tool එක online use කරන්න (postcode එකෙන් search කරන්න) ලැයිස්තුවේ "accepting new NHS patients" කියලා තියෙන practices වලට phone කරන්න. email වලින් register වෙන්න බැහැ‍. එකට practice එකකට වඩා call කරලා waitlist වල නම දාන්න පුළුවන්. ඔබේ area එකේ dentist නැත්නම්, local Integrated Care Board (ICB) එකට contact කරන්න. Work address එකෙන්ද search කරන්න පුළුවන් (home postcode එකෙන් විතරක් නෙවෙයි)

3. Emergency Dental Care - NHS 111 එකට call කරන්න (24/7, නොමිලේ) urgent appointment එකක් arrange කර ගන්න පුළුවන්. ඔබ regular NHS dentist කෙනෙක් register වෙලා නැතත් 111 හරහා emergency slot එකක් හම්බවෙන්න පුළුවන්. හුස්ම ගන්න අමාරු වෙන swelling එකක්, නවත්තන්න බැරි bleeding එකක්, හෝ මූණට හිසට තුවාලයක් නම් 999 call කරන්න හෝ A&E එකට යන්න.

4. 2026 Charges (England) මොනවද ගෙවන්නේ?

NHS dental treatment එකෙන් ගෙවන්නේ per-treatment නෙවෙයි, course of treatment එකට band එකක් විදිහට:
• Band 1 (check-up, X-ray, clean) – £27.90
• Band 2 (fillings, extractions, root canal) – £76.60
• Band 3 (crowns, dentures, bridges) – £332.10
Course එකක් තුළ treatment කිහිපයක් ඕන වුනත් ගෙවන්නේ ඉහළම band එකට විතරයි (උදා: filling + crown එකේ course එකේම නම් Band 3 විතරයි ගෙවන්නේ).

5. නොමිලේ Treatment ලැබෙන අය
මේ අයට NHS dental treatment සම්පූර්ණයෙන්ම නොමිලේ:
• වයස 18ට අඩු අය
• Full-time education එකේ ඉන්න 19ට අඩු අය
• ගර්භනී මව්වරු (pregnancy කාලේ)
• ළදරුවෙක් ලැබූ මව්වරු (බිහිවීමෙන් පසු මාස 12ක්)
• Pension Credit Guarantee Credit / NHS Low Income Scheme (HC2 certificate)

UK හි අඩු ආදායම්ලාභීන්ට NHS දන්ත ප්‍රතිකාර, බෙහෙත් වට්ටෝරු සහ ඇස් පරීක්ෂණ නොමිලේ ලබාගැනීම සඳහා NHS Low Income Scheme (LIS) යටතේ HC2 සහතිකය අයදුම් කළ හැකිය. සුදුසුකම් ලබන අය NHSBSA Apply Online හරහා අන්තර්ජාලයෙන් හෝ HC1 පෝරමය තැපැල් කිරීමෙන් අයදුම්පත සම්පූර්ණ කළ යුතුය. වැඩි විස්තර සඳහා NHSBSA කියවලා බලන්න‍.

6. Wales / Scotland / Northern Ireland වල වෙනස්
• Scotland - Basic dental Examinations free. Stranded filling and other treatments වලට charge කරනවා.
• Wales – 2026 සිට අලුත් fixed-fee system එකක්, £384 cap එකක් සමඟ
• Northern Ireland – 80% patient contribution, £384 maximum

‍Tips for New Comes - UK එකට අලුතින් ආපු ගමන්ම dental practice කිහිපයකට call කරලා "accepting new NHS patients" ද කියලා අහන්න. waitlist දිගු වුනත් ඉක්මනටම නම දාන එක වඩා හොඳයි. දවසින් දවස NHS dentist හොයාගන්න එක අමාරු වෙනවා කියලා reports පෙන්නුවා, ඉතින් patience තියාගෙන try කරන්න.

Find an NHS dentist: https://www.nhs.uk/service-search/find-a-dentist

ලංකාවේ Driving License එක තියෙන කෙනෙක් විදියට UK වලට ආපු ගමන්ම ඔයාට වාහනයක් පදින්න පුළුවන්ද?ගොඩක් අය නොදැන වරද්දාගන්න වැ...
27/07/2026

ලංකාවේ Driving License එක තියෙන කෙනෙක් විදියට UK වලට ආපු ගමන්ම ඔයාට වාහනයක් පදින්න පුළුවන්ද?

ගොඩක් අය නොදැන වරද්දාගන්න වැදගත්ම දේවල් ටිකක් video එකෙන් මම කතා කරනවා.

video එක බලන්න වගේම Subscribe කරන්න අමතක කරන්න එපා!

https://youtu.be/QVIQHMEylRw?is=vHpNdSL5mrJoXPCg

Hey everyone!Welcome back to the channel! In today’s video, we’re...

26/07/2026

UK වල අවුරුදු ගාණක් ඉඳලත්, ලංකාවෙ පුරුද්දක් අතාරින්නම බැරි උනාද?

පහලින් Comment කරන් යන්න 👇

Address

Newcastle Upon Tyne

Alerts

Be the first to know and let us send you an email when Our UK Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Our UK Diary:

Shortcuts

Share