Echoes of the wild

වන සරණේ වන්නකු තිසාහාමිගේ කථාව....​දඩයම සහ වන ජීවිතය පිළිබඳ වූ කතාන්දර අතර, ලංකාවේ ඉතිහාසයේ ඉතා කැපී පෙනෙන චරිතයක් වන්නේ...
13/06/2026

වන සරණේ වන්නකු තිසාහාමිගේ කථාව....

​දඩයම සහ වන ජීවිතය පිළිබඳ වූ කතාන්දර අතර, ලංකාවේ ඉතිහාසයේ ඉතා කැපී පෙනෙන චරිතයක් වන්නේ "වන සරණේ වන්නකු තිසාහාමිගේ" කතාවයි. බදුල්ල සුසාන භූමියේ ප්‍රධාන දොරටුව අසල ඇති ඔහුගේ සොහොන, මෙම විස්මිත මිනිසාගේ ජීවිතයේ මතක සටහන් රැගෙන එයි.
​බදුල්ල සුසාන භූමියේ සටහන
​බදුල්ල සුසාන භූමියට පිවිසෙන ඕනෑම අයෙකුට දැකගත හැකි පුවරුවක මෙවන් සටහනක් තිබේ:
​“වැද්දකු ලෙසින් ඉපිද පාරම්පරික වැදි බවින් මිදී එහෙත් වනචාරීව නිල්ගල හරිත වනයේ තම අණසක පතුරුවමින් ආරක්ෂක අංශයන් දෙවැනිකොට අභීතව සහ අදීනව සියලු කම්සැප විද ස්පිට්ල් නම් වූ වෙදැදුරු හමුවීමෙන් පසු ඔහු සමගින් මිතුරුව පසුව බන්ධනාගාරව, වියපත්ව, ලෝදම් පරිදි ගිලන්ව බදුල්ල රෝහලේදී මියගිය උත්තුංග දේහධාරී 'වන්නකු තිසාහාමි" නම් වූ පුහුදුන් මිනිසාගේ මෘතදේහය ස්පිට්ල් වෙදැදුරු විසින් 1952 අගෝස්තු 20 වැනිදින බදුල්ල සුසානභූමියේ ගවුරවනීය ලෙස මිහිදන් කරවූ බව මෙසේ සටහන් කරමු"
​මෙම සටහන වන්නකු තිසාහාමිගේ අසාමාන්‍ය ජීවන ගමන්මග සහ ප්‍රකට වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් මහතා සමඟ පැවති විශේෂ මිත්‍රත්වය සනාථ කරයි. ඔහු කලක් ලංකාවේ ආරක්ෂක අංශවලට අභියෝග කළ වැදි නායකයෙකි.
​කැරලිකාරී තරුණ කාලය
​බින්තැන්න පත්තුවේ හෝලිකේ උපත ලැබූ තිසාහාමි, කුඩා කලදී මුල්ලේගම පන්සලේ නායක හිමිනම යටතේ හැදී වැඩුණි. කෙසේ වෙතත්, වසර පහක පමණ කාලයකින් පසු ඔහුගේ දඩබ්බර ස්වභාවය හේතුවෙන් හිමිනම ඔහු පන්සලෙන් ඉවත් කළේය.
​ඔහුගේ පෞද්ගලික ජීවිතය ද එලෙසම ආන්දෝලනාත්මක විය. දොරකුඹූරේ සූදු බණ්ඩි සමඟ ඇගේ දෙමාපියන්ගේ විරෝධය මැද යුග දිවියට පිවිසි තිසාහාමි, පසුව ඇඹිලින්නේ වැද්දන් සමඟ ජීවත් විය. වසර දෙකකට පසු ඔහු වල්ලි නම් තරුණියක් ද බලහත්කාරයෙන් අඹුකමට ගත්තේය. ඔහුට බිරියන් තිදෙනෙක් සහ සුදුබණ්ඩා, කපුරු, බාලවන්නියා, ටිකිරි, කොම්බි නම් දරුවන් පස් දෙනෙක් සිටියහ.
​මිනීමැරුම් සහ වනගත ජීවිතය
​තිසාහාමි ප්‍රකට වූයේ භයානක මිනීමරුවකු ලෙසිනි. ඔහුගේ දියණිය වූ කපුරු, ඇගේ සැමියා විසින් පහරදී මරා දැමීමෙන් පසු, එම සැමියා ඝාතනය විය. එය තිසාහාමි විසින් නොකළ ද, ඔහු ඒ සඳහා වගඋත්තරකරු විය.
​මෙම සිදුවීමත් සමඟ නිල්ගල කෝරාල තිසාහාමි පසුපස එළවා ගියේය. අවසානයේ තිසාහාමි, නිල්ගල කෝරාලට වෙඩි තබා මරා දැමීය. ඉන්පසු ඔහු මුස්ලිම් වෙළෙන්දකු ද ඝාතනය කළේය. මෙම සිදුවීම් මාලාවෙන් පසු පොලිසිය තිසාහාමි පසුපස ලුහුබැඳ ගිය අතර, ඔහු සිය හත් හැවිරිදි දියණිය වූ කොම්බි සමඟ නිල්ගල කැලයේ තැනින් තැන සැඟවී සිටියේය.
​පුදුම සහගත කරුණ වන්නේ, වසර 16 ක පමණ කාලයක් පොලිසියට ඔහු අල්ලා ගැනීමට නොහැකි වීමයි. තිසාහාමි මෙතරම් දීර්ඝ කාලයක් නීතියෙන් සැඟවී සිටීමට සමත් විය.
​ආර්. එල්. ස්පිට්ල් සහ මිත්‍රත්වය
​තිසාහාමිගේ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය වූයේ වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් හෙවත් "සුදු හුරා" සමඟ ඇති වූ මිත්‍රත්වයයි. ඉතා දරදඬු මිනිසකු වුවද තිසාහාමි ස්පිට්ල් කෙරෙහි මහත් භක්තියක් දැක්වූ අතර ඔහුට පමණක් අවනත විය.
​කලකට පසු, තිසාහාමි බදුල්ල පොලිසියට භාර විය. ඔහුගේ වයස හා රෝගී තත්ත්වය හේතුවෙන් බදුල්ල අධිකරණය ඔහු එල්ලුම් ගසට නියම නොකර බන්ධනාගාර ගත කළේය. ස්පිට්ල් මහතා විශේෂ අවසරයක් ලබාගෙන නිතරම බන්ධනාගාරයට ගොස් තිසාහාමිගේ දුක සැප විමසා බැලුවේය.
​අවසානය
​බන්ධනාගාරයේ සිටියදී බලවත් ලෙස රෝගාතුර වූ තිසාහාමි බදුල්ල මහ රෝහලට ඇතුළත් කරන ලදී. 1952 අගෝස්තු මස 20 වන දින ඔහු රෝහල් ඇඳ මත අවසන් හුස්ම හෙලීය. තිසාහාමිගේ එකම හිතවතා වූ දොස්තර ආර්. එල්. ස්පිට්ල්, ගෞරවනීය ලෙස ඔහුගේ දේහය බදුල්ල සුසානභූමියේ මිහිදන් කරවා සොහොනක්ද බැන්දවීය.
​තිසාහාමිගේ චරිතාපදානය පදනම් කරගෙන දොස්තර ස්පිට්ල්, 'සැවේජ් සැන්චුවරි' (Savage Sanctuary) නම් වූ නවකතාව රචනා කළේය. ඒ. පී. ගුණරත්න මහතා එය 60 දශකයේදී 'වන සරණ' නමින් සිංහලයට පරිවර්තනය කළේය. වන්නකු තිසාහාමිගේ කතාව අදටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රවාද අතර ජීවමාන වන, ආදරය, දඩයම, යුක්තිය, සහ අසාමාන්‍ය මිත්‍රත්වය පිළිබඳ වූ සත්‍ය කතාවකි.

The story of Vannaku Tissahamy of the Wild Refuge.
​Among the tales of hunting and jungle life, the story of "Vannaku Tissahamy of the Wild Refuge" is a very prominent character in the history of Sri Lanka. His tomb near the main entrance of the Badulla Public Cemetery holds the memories of this astonishing man's life.
​The Inscription at Badulla Cemetery
​An inscription on a plaque visible to anyone entering the Badulla Public Cemetery reads:
​"We hereby record that the mortal remains of the common man named 'Vannaku Tissahamy', who was born a Vedda, freed himself from traditional Vedda life, yet lived wildly, spreading his authority over the Nilgala Green Forest, bravely and fearlessly challenging the security forces, enjoying all the pleasures of life, befriending the physician named Spittel after meeting him, later imprisoned, aged, and eventually falling sick according to the way of the world and dying at the Badulla Hospital, were respectfully interred by Dr. Spittel at the Badulla Public Cemetery on August 20, 1952."
​This inscription confirms Vannaku Tissahamy's extraordinary life journey and his special friendship with the famous physician Dr. R. L. Spittel. He was a Vedda leader who, for a time, challenged the security forces of Ceylon.
​Rebellious Youth
​Tissahamy, born in Holike in Bintenna Pattu, was raised by the Chief Incumbent of the Mullegama Temple in his childhood. However, due to his rebellious nature, the monk removed him from the temple after about five years.
​His personal life was equally controversial. Tissahamy married Doorakumbure Sudu Bandi against her parents' wishes and later lived with the Veddas of Ambilinna. Two years later, he also forcefully took a young woman named Valli as his wife. He had three wives and five children: Sudubanda, Kapuru, Balawanniya, Tikiri, and Kombi.
​Murders and Life in the Jungle
​Tissahamy became known as a dangerous murderer. After his daughter Kapuru was beaten and killed by her husband, the husband was also killed. Although Tissahamy did not commit the act, he was held responsible for it.
​Following this incident, the Korala (chief) of Nilgala pursued Tissahamy. Tissahamy eventually shot and killed the Nilgala Korala. Subsequently, he also killed a Muslim trader. After this series of events, the police pursued Tissahamy, and he hid from place to place in the Nilgala forest with his seven-year-old daughter, Kombi.
​The astonishing fact is that the police were unable to catch him for about 16 years. Tissahamy managed to evade the law for such a long period.
​R. L. Spittel and the Friendship
​The turning point in Tissahamy's life was his friendship with Dr. R. L. Spittel, or "Sudu Hura" (White Brother-in-Law). Although Tissahamy was a very stubborn man, he showed great devotion to Spittel and obeyed only him.
​After some time, Tissahamy surrendered to the Badulla police. Due to his age and poor health, the Badulla court sentenced him to imprisonment instead of the death penalty. Dr. Spittel obtained special permission and frequently visited Tissahamy in prison to check on his well-being.
​The End
​While in prison, Tissahamy became seriously ill and was admitted to the Badulla General Hospital. He breathed his last on his hospital bed on August 20, 1952. Dr. R. L. Spittel, Tissahamy's only friend, honorably interred his body at the Badulla Public Cemetery and erected a tomb for him.
​Based on Tissahamy's biography, Dr. Spittel wrote the novel Savage Sanctuary. A. P. Gunaratne translated it into Sinhala as Wana Sarana (Wild Refuge) in the 1960s. The story of Vannaku Tissahamy is a true story of love, hunting, justice, and an extraordinary friendship that remains alive in the folklore of Sri Lanka today.

04/02/2026

නිට්ටෑවෝ සහ "හොබිට්" (Homo floresiensis): සැඟවුණු මානව ඉතිහාසයේ අභිරහස
ලෝකයේ විවිධ රටවල මිටි මිනිස් කොට්ඨාස ගැන ජනප්‍රවාද තිබුණත්, ලංකාවේ නිට්ටෑවෝ ගැන තියෙන කතාව සහ ඉන්දුනීසියාවේ හෝමෝ ෆ්ලොරෙන්සියස් අතර තියෙන්නේ පුදුම සහගත සමානකමක්.
කවුද මේ නිට්ටෑවෝ?
ලංකාවේ වැදි ජනප්‍රවාදවලට අනුව, නිට්ටෑවෝ කියන්නේ මීට වසර සිය ගණනකට පෙර නැගෙනහිර සහ ගිනිකොනදිග (විශේෂයෙන් ලේනම ප්‍රදේශයේ) ජීවත් වුණු මිටි මිනිස් කොට්ඨාසයක්.
පෙනුම: අඩි 3ක් විතර උසයි. ඇඟ පුරා කෙඳි වැනි රතු පැහැති රෝම තිබුණා.
හැසිරීම: උන් කතා කළේ කුරුල්ලන්ගේ කිචිබිචිය වගේ ශබ්දයකින්. ගස් නැගීමේ දක්ෂයි.
ආහාර: කුඩා සතුන්.
අවසානය: වැද්දන් පවසන පරිදි, නිට්ටෑවන් ඉතා සැර පිරිසක්. නිට්ටෑවන්ගේ කරදර ඉවසාගත නොහැකි වූ තැන, වැද්දන් ඔවුන්ව ගල් ගුහාවකට කොටු කර ගිනි තබා විනාශ කර තිබෙනවා. මෙය සිදු වූයේ 18 වැනි සියවසේ අගභාගයේදී බව පැවසෙනවා.
හෝමෝ ෆ්ලොරෙන්සියස් (The Hobbit)
2003 වසරේදී ඉන්දුනීසියාවේ ෆ්ලොරස් (Flores) දූපතේ "ලියෑං බුවා" ගුහාවෙන් විද්‍යාඥයින්ට අපූරු ඇටසැකිල්ලක් හමු වුණා. මේක ලෝක ඉතිහාසයම උඩුයටිකුරු කළ සොයාගැනීමක්.
විද්‍යාත්මක නාමය: Homo floresiensis.
උස: අඩි 3යි අඟල් 6ක් පමණ (හරියටම නිට්ටෑවෙක් වගේ).
මොළය: සාමාන්‍ය මිනිසෙකුගේ මොළයෙන් තුනෙන් එකක් පමණයි.
කාලය: මොවුන් මීට වසර 50,000කට පෙර ජීවත් වූ බවට සාක්ෂි තිබෙනවා.
විශේෂත්වය: මොවුන් "හොබිට්" (The Hobbit) යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනවා.
මෙන්න මේ කරුණු ටික බැලුවම මේ දෙගොල්ලම නෑදෑයෝ නේද කියලා හිතෙනවා:
විද්‍යාඥයින් පවසන්නේ "Island Dwarfism" (දූපත් මිටි බව) කියන සංසිද්ධිය නිසා මෙහෙම වෙන්න පුළුවන් කියලා. සීමිත සම්පත් තියෙන දූපත්වල ජීවත් වන සතුන් සහ මිනිසුන් කාලයත් එක්ක ශරීරයෙන් කුඩා වෙනවා.
සමහර මානව විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, ඉන්දුනීසියාවේ හිටපු මේ මිටි මානව විශේෂයම ලංකාවටත් පැමිණෙන්නට ඇති බවයි.
හෝමෝ ෆ්ලොරෙන්සියස් වඳ වුණේ වසර 50,000කට කලින් නම්, වසර 200කට කලින් ලංකාවේ නිට්ටෑවෝ හිටියේ කොහොමද? මේක තමයි තවමත් විසඳී නැති ලොකුම අභිරහස.
නිට්ටෑවෝ කියන්නේ නිකම්ම ගොතපු කතාවක් වෙන්න බැහැ. වැද්දන්ගේ මුතුන් මිත්තෝ ඇසින් දැකපු දෙයක් තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආවේ. සමහරවිට හෝමෝ ෆ්ලොරෙන්සියස්ලාගේ කුඩා කණ්ඩායමක් ලංකාවේ වනාන්තරවල මෑතක් වෙනකම්ම ජීවත් වෙන්න ඇති.
අදටත් පානම, කුමන වගේ කැලෑ ඇතුළේ නිට්ටෑවන්ගේ ඇටකටු තියෙන ගුහාවක් හමු වුණොත්, ඒක ලෝකයම හොල්ලන සොයාගැනීමක් වේවි!
නිට්ටෑවෝ" යන නමේ තේරුම
මේ නම හැදුණු හැටි ගැන මත දෙකක් තියෙනවා:
නිෂ්ඨාවෝ (Nishta-ayo): "නිෂ්ඨා" කියන්නේ කෙළවර හෝ අවසානයට. වැද්දන් විශ්වාස කළේ මුන් ලෝකයේ කෙළවරක ඉන්න පිරිසක් කියලා. ඒකෙන් "නිට්ටෑවෝ" වුණා කියලා එක මතයක් තියෙනවා.
නිය-ඇත්තෝ: නිට්ටෑවන්ට දිග නියපොතු තිබුණු නිසා "නිය-ඇත්තෝ" යන්න නිට්ටෑවෝ වුණා කියලත් කියනවා.
ඉන්දුනීසියාවේ "හොබිට්" (Homo floresiensis) ගේ ඇටසැකිලි හමුවුණාට, ලංකාවේ නිට්ටෑවන්ගේ එකම ඇටසැකිල්ලක්වත් තවම හමු වෙලා නැහැ. ඒකට හේතුව ලංකාවේ පසෙහි තියෙන ආම්ලික ගතිය නිසා ඇටකටු ඉක්මනින් දිරාපත් වීම වෙන්න පුළුවන්.
අදටත් යාල, කුමන සහ ලේනාම වනාන්තරවල හුදෙකලා ප්‍රදේශවල මිනිස් පෙනුමක් ඇති කුඩා සත්වයන් දුටු බවට කලාතුරකින් වාර්තා ලැබෙනවා. හැබැයි මේවාට විද්‍යාත්මක තහවුරු කිරීමක් නැහැ.
නිට්ටෑවෝ කියන්නේ වලස් විශේෂයක්ද? (Sloth Bear Theory)
තවත් මතයක් තියෙන්නේ නිට්ටෑවෝ කියන්නේ වලසුන් විශේෂයක් කියන එකයි. ලංකාවේ ඉතිහාසයේ "රාහු" කියලා හඳුන්වන වලසුන් විශේෂයක් ගැනත් කතා වෙනවා.
සමහර විද්‍යාඥයින් (උදාහරණයක් විදිහට W.C. Osman Hill) කියනවා නිට්ටෑවෝ කියන්නේ ඇත්තටම මිනිස් කොට්ඨාසයක් නෙවෙයි, දැන් වඳ වී ගිය හෝ දුර්ලභ වලස් විශේෂයක් වෙන්න පුළුවන් කියලා.
හේතුව: වලසුන් පසුපස ගාත්වලින් කෙළින් හිටගත්තම මිනිසෙකුගේ පෙනුම ලැබෙනවා.
නියපොතු: නිට්ටෑවන්ට දිගු නියපොතු තිබුණු බව වැද්දන් කියනවා. වලසුන්ටත් ඒ වගේම නියපොතු තියෙනවා.
ශබ්දය: වලසුන් නගන සමහර ශබ්ද කුරුල්ලන්ගේ ශබ්දවලට සමාන වෙන්න පුළුවන්.
වැද්දන් සහ නිට්ටෑවන් අතර ගැටුම
නිට්ටෑවන් සහ වැද්දන් අතර පැවතියේ දැඩි වෛරයකි. මෙයට ප්‍රධාන හේතු කිහිපයක් විය:
වැද්දන් දඩයම් කරන සතුන් නිට්ටෑවන් විසින් රංචු පිටින් පැමිණ පැහැර ගැනීම.
තනිවන වැදි දරුවන් සහ කාන්තාවන් තම තියුණු නියපොතු වලින් සූරා ඝාතනය කිරීමට නිට්ටෑවන් පෙළඹීම.
ලේනම මහා සංහාරය
නිට්ටෑවන්ගේ අවසානය සනිටුහන් වූයේ මීට වසර 200-300කට පෙරය.
වැද්දන් නිට්ටෑවන්ව වට කරලා ඔවුන්ව පන්නගෙන ගිහින් විශාල ගල් ගුහාවකට ඇතුළු වෙන්න සැලැස්සුවා.
ගුහාව ඉදිරිපිට විශාල දර තොගයක් ගොඩගසා සති කිහිපයක් යනතුරු ගිනි තබාගෙන සිටියා.
ගින්නෙන් සහ දුමෙන් හුස්ම හිර වී නිට්ටෑවන් සියලු දෙනාම මියගිය බව වැද්දන් විශ්වාස කරනවා.
මේ කතාව 1887 දී විතර බ්‍රිතාන්‍ය ජාතික හියු නෙවිල් (Hugh Nevill) විසින් වාර්තා කළා. ඔහුට මේ තොරතුරු ලැබුණේ ඒ කාලේ ජීවත් වුණු වයසක වැද්දන්ගෙන්. ඔවුන් කිව්වේ තමන්ගේ සීයලා මේ සංහාරයට හවුල් වුණු බවයි.
විද්‍යාත්මක පසුබිම
නිට්ටෑවන් පිළිබඳ කතාව හුදු මිථ්‍යාවක් නොවන බවට සාක්ෂි ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් ද හමුවේ.
Homo floresiensis (Hobbit): ඉන්දුනීසියාවෙන් හමු වූ මෙම කුරු මානව අස්ථි පද්ධතිය නිට්ටෑවන්ගේ විස්තරයට අතිශයින්ම සමාන වේ.
ගවේෂක වාර්තා: හියූ නෙවිල් සහ ඔස්මන්ඩ් හිල් වැනි බ්‍රිතාන්‍ය ගවේෂකයන් 19 වන සියවසේදී නිට්ටෑවන් පිළිබඳව වැද්දන්ගෙන් ලබාගත් තොරතුරු ලිඛිතව තහවුරු කර ඇත.
ලංකාවේ සුප්‍රකට පුරාවිද්‍යාඥයෙකු වන P.E.P. දැරණියගල මහතා: ඔහු 1940-50 කාලවල්වල මේ ගැන දැඩි උනන්දුවක් දැක්වූවා. ඔහු ලේනාම ප්‍රදේශයේ කළ කැණීම්වලදී අසාමාන්‍ය සතුන්ගේ ඇටකටු කිහිපයක් හමුවුණත්, ඒවා නිට්ටෑවන්ගේම බව ස්ථිරවම කියන්න සාක්ෂි මදි වුණා.
නිගමනය
නිට්ටෑවන් යනු ශ්‍රී ලංකාවේ හුදකලාව පරිණාමය වී වඳ වී ගිය ප්‍රාග් මානව විශේෂයක් වීමට වැඩි ඉඩක් ඇත. ඔවුන්ගේ අස්ථි කොටස් සොයා විධිමත් DNA පරීක්ෂණයක් සිදු කරන තුරු ඔවුන් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සැඟවුණු අභිරහසක් ලෙස පවතිනු ඇත.
නිට්ටෑවෝ ගැන ලියවුණු පොත්පත්
The Nittaewo: The Lost Tribe of Ceylon" - නන්දදේව විජේසේකර මහතා විසින් ලියන ලද්දක්.
"Ancient Ceylon" - හියු නෙවිල් (Hugh Nevill) ගේ සටහන් ඇතුළත් කෘතිය.
Nittaewo: The Hobbits of Sri Lanka -Pradeep A. Jayatunga.

31/01/2026

කෙන්යානු පාෂාණ මානව විද්‍යාඥයෙකු වූ ලුවී ලීකී (Louis Leakey) විසින් ප්‍රයිමේටාවන් (වඳුරු විශේෂ) පිළිබඳ අධ්‍යයනය සඳහා තෝරාගත් ඔහුගේ පර්යේෂිකාවන් තිදෙනා හඳුන්වනු ලැබුවේ ‘ට්‍රයිමේට්ස්’ (Trimates) යන නාමයෙනි. ඔවුන් තිදෙනා වන්නේ:
වසර 18ක් පුරා රුවන්ඩාවේ කඳුකර ගෝරිල්ලන් පිළිබඳ අධ්‍යයනය කළ ඩයන් ෆොසී (Dian Fossey).
චිම්පන්සීන් පිළිබඳ ලොව ප්‍රමුඛතම විශේෂඥවරිය ලෙස කටයුතු කරපු ජේන් ගුඩෝල් (Jane Goodall).
ඔරංඔටන් සතුන් පිළිබඳ ප්‍රධානතම වාර්තාකාරිනිය වන බිරූටේ ගැල්ඩිකාස් (Birute Galdikas) ය.

ලුවී ලීකී විසින් තෝරාගත් මෙම සුවිශේෂී කාන්තාවන් තිදෙනාම වනජීවී සංරක්ෂණය සහ ප්‍රයිමේටාවන් පිළිබඳ අපගේ අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් කළ පිරිසක්.
1. ජේන් ගුඩෝල් (Jane Goodall) – චිම්පන්සීන්ගේ මිතුරිය
ජේන් ගුඩෝල් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ටැන්සානියාවේ ගොම්බේ (Gombe) ප්‍රදේශයේ චිම්පන්සීන් පිළිබඳ කළ අධ්‍යයනයන් නිසාය.
ප්‍රධාන සොයාගැනීම: චිම්පන්සීන් ආහාර ලබාගැනීම සඳහා ආයුධ/උපකරණ භාවිතා කරන බව ඇය මුලින්ම ලොවට අනාවරණය කළාය. (එතෙක් සිතා සිටියේ මිනිසා පමණක් ආයුධ භාවිතා කරන බවයි).
විශේෂත්වය: ඇය සතුන්ට අංක වෙනුවට නම් ලබා දුන් අතර, ඔවුන්ටත් මිනිසුන්ට මෙන් හැඟීම් සහ පෞරුෂත්වයක් ඇති බව පෙන්වා දුන්නාය.

2. ඩයන් ෆොසී (Dian Fossey) – ගෝරිල්ලන්ගේ ආරක්ෂකයා
ඩයන් ෆොසී රුවන්ඩාවේ විරුංගා (Virunga) කඳුකරයේ වෙසෙන කඳුකර ගෝරිල්ලන් (Mountain Gorillas) පිළිබඳ පර්යේෂණ කළාය.
ප්‍රධාන මෙහෙවර: දඩයම්කරුවන්ගෙන් ගෝරිල්ලන් බේරාගැනීම සඳහා ඇය දැඩි සටනක නිරත විය. ඇයගේ උත්සාහය නිසා වඳවීමේ තර්ජනයට ලක්ව සිටි කඳුකර ගෝරිල්ලන් ආරක්ෂා විය.
අභාවය: 1985 වසරේදී ඇයව අභිරහස් ලෙස ඝාතනය කරන ලද අතර, ඇයගේ ජීවිත කතාව ඇසුරින් 'Gorillas in the Mist' නමින් ප්‍රසිද්ධ චිත්‍රපටයක් ද නිර්මාණය විය.

3. බිරූටේ ගැල්ඩිකාස් (Birutė Galdikas) – ඔරංඔටන්වරුන්ගේ හඬ
බිරූටේ ගැල්ඩිකාස් ඉන්දුනීසියාවේ බෝර්නියෝ (Borneo) දූපත්වල ඔරංඔටන් සතුන් පිළිබඳ අධ්‍යයනය කිරීමට කැපවිය.
ප්‍රධාන මෙහෙවර: වනාන්තර විනාශය සහ නීතිවිරෝධී සත්ව වෙළඳාම නිසා අවදානමට ලක්ව සිටි ඔරංඔටන්වරුන් බේරාගැනීමට ඇය කටයුතු කළාය.
විශේෂත්වය: ඇය වසර 50කට වැඩි කාලයක් මෙම සතුන් සමඟ ගත කර ඇති අතර, ලොව ඔරංඔටන්වරුන් පිළිබඳ වැඩිම තොරතුරු ප්‍රමාණයක් රැස් කළ පර්යේෂිකාව ඇයයි.
මෙම ශ්‍රේෂ්ඨ පර්යේෂිකාවන් තිදෙනා ඔවුන්ගේ අත්දැකීම් ඇසුරින් ලොව සුප්‍රසිද්ධ ග්‍රන්ථ රැසක් රචනා කර තිබෙනවා. එමෙන්ම ඔවුන් පර්යේෂණ සඳහා භාවිතා කළ ක්‍රමවේදයන් එවකට පැවති සාම්ප්‍රදායික විද්‍යාත්මක ක්‍රමවලට වඩා බෙහෙවින් වෙනස් වුණා.

ජේන් ගුඩෝල්: ඇයගේ වඩාත් ප්‍රසිද්ධ කෘතිය වන්නේ "In the Shadow of Man" ය. චිම්පන්සීන්ගේ සමාජ ජීවිතය සහ ඔවුන් මිනිසාට කෙතරම් සමානද යන්න මෙහි ඉතා අපූරුවට විස්තර කර ඇත.
ඩයන් ෆොසී: ඇය රචනා කළ "Gorillas in the Mist" ග්‍රන්ථය ලොව පුරා අතිශය ජනප්‍රිය වූ අතර, පසුව එය එම නමින්ම සිනමාවට ද නැගුණි. ගෝරිල්ලන් සමඟ ඇය ගත කළ දුෂ්කර ජීවිතය මෙහි ඇතුළත් වේ.
බිරූටේ ගැල්ඩිකාස්: ඇයගේ ජීවිත කතාව සහ ඔරංඔටන් පර්යේෂණ ඇතුළත් කර "Reflections of Eden" නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළාය.
ඔවුන්ගේ සුවිශේෂී පර්යේෂණ ක්‍රමවේදය
ලුවී ලීකී මෙම කාන්තාවන් තිදෙනාම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණි. ඔහු විශ්වාස කළේ පිරිමින්ට වඩා කාන්තාවන්ට ඉවසීමෙන් යුතුව සතුන් නිරීක්ෂණය කිරීමේ සහ ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමේ සහජ හැකියාවක් ඇති බවයි.
සතුන් සමඟ සමීප වීම: ඔවුන් සතුන් දෙස බැලුවේ පරීක්ෂණාගාරයක සිටින වස්තූන් ලෙස නොව, හැඟීම් දැනීම් ඇති ජීවීන් ලෙසයි. ඔවුන් සතුන්ගේ ලෝකයටම ගොස්, සතුන් කරන දේම කරමින් (උදාහරණයක් ලෙස ඩයන් ෆොසී ගෝරිල්ලන් මෙන් කොළ වර්ග හැපීම සහ ශබ්ද නැගීම කළාය) ඔවුන්ගේ විශ්වාසය දිනා ගත්හ.
සාමාන්‍යයෙන් විද්‍යාඥයන් සතුන්ව අංක මගින් හඳුනා ගත්තද, මොවුන් තිදෙනාම සතුන්ට නම් තැබූහ. මෙය එකල විද්‍යා ලෝකයේ දැඩි විවේචනයට ලක් වුවත්, පසුව එය සතුන්ගේ පෞරුෂත්වය තේරුම් ගැනීමට වඩාත් සාර්ථක ක්‍රමයක් බව ඔප්පු විය.
දිගුකාලීන නිරීක්ෂණය: මොවුන් සති කිහිපයකට සීමා නොවී, දශක ගණනාවක් තිස්සේ එකම සත්ව කණ්ඩායම් නිරීක්ෂණය කළහ. සතුන්ගේ පරම්පරා කිහිපයක උපත සහ මරණය දක්වා තොරතුරු රැස් කිරීමට මෙය උපකාරී විය.
මෙම පර්යේෂිකාවන්ගේ සැබෑ දර්ශන සහ ඔවුන් සතුන් සමඟ ගත කළ ආකාරය දැකබලා ගත හැකි විශිෂ්ට වාර්තාමය චිත්‍රපට සහ වැඩසටහන් කිහිපයක් පහතින් දැක්වේ:
1. ජේන් ගුඩෝල් (Jane Goodall) සම්බන්ධ නිර්මාණ
Jane (2017): මෙය National Geographic ආයතනය මගින් නිපදවූවකි. වසර 50කට පෙර ජේන් ගුඩෝල් චිම්පන්සීන් සමඟ ගත කළ මුල්ම කාලයේ පටිගත කළ, මෙතෙක් ලොවට විවෘත නොවූ දර්ශන මෙහි ඇතුළත් වේ. මෙය ඉතාමත් මනරම් ලෙස නිපදවා ඇති වාර්තා චිත්‍රපටයකි.
Jane Goodall: The Hope (2020): ඇයගේ වර්තමාන සංරක්ෂණ කටයුතු සහ තරුණ පරපුර දැනුවත් කරන ආකාරය මෙහි දැක්වේ.
2. ඩයන් ෆොසී (Dian Fossey) සම්බන්ධ නිර්මාණ
Gorillas in the Mist (1988): මෙය වාර්තාමය චිත්‍රපටයක් නොව ඇයගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ සිනමාපටයකි (Biopic). එහි ඩයන් ෆොසී ලෙස රංගනයෙන් දායක වන්නේ සිගෝර්නි වීවර් (Sigourney Weaver) ය.
Dian Fossey: Secrets in the Mist (2017): මෙය කොටස් 3කින් යුත් වාර්තාමය වැඩසටහනකි. ඇයගේ පර්යේෂණ මෙන්ම ඇයගේ අභිරහස් ඝාතනය පිළිබඳවද මෙහි ගැඹුරින් සාකච්ඡා කෙරේ.
3. බිරූටේ ගැල්ඩිකාස් (Birutė Galdikas) සම්බන්ධ නිර්මාණ
Born to be Wild (2011): මෙය IMAX වාර්තා චිත්‍රපටයකි. මෙහි බිරූටේ ගැල්ඩිකාස් සහ ඇයගේ කණ්ඩායම අනාථ වූ ඔරංඔටන් පැටවුන්ව නැවත වනයට හුරු කරන ආකාරය ඉතා පැහැදිලිව දැකගත හැකිය.
She Walks with Apes (2019): මෙම වාර්තා වැඩසටහන මගින් 'Leakey’s Angels' තිදෙනා ගැනම සහ ඔවුන්ගෙන් පසු පරපුරේ පර්යේෂිකාවන් ගැනත් විස්තර කෙරේ.
මෙම පර්යේෂිකාවන් තිදෙනා ඔවුන්ගේ පර්යේෂණ සඳහා තෝරාගත් ප්‍රදේශ ලෝකයේ ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත්, නමුත් අතිශය දුෂ්කර භූමි ප්‍රදේශ වේ.

1. ගොම්බේ ජාතික උද්‍යානය, ටැන්සානියාව (ජේන් ගුඩෝල්)
අප්‍රිකාවේ ටැන්සානියාවේ, ටැන්ගානිකා විලෙහි (Lake Tanganyika) නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇත.
මෙය ටැන්සානියාවේ කුඩාම ජාතික උද්‍යානයකි. කඳු බෑවුම්, තෘණ භූමි සහ ඝන නිවර්තන වනාන්තරවලින් සමන්විත වේ.
විශේෂත්වය: චිම්පන්සීන්ගේ නිවහන වන මෙම ප්‍රදේශය ඉතා හුදකලා වූත්, පර්යේෂණ සඳහා ඉතා යෝග්‍ය වූත් ස්ථානයකි.

2. විරුංගා කඳුකරය, රුවන්ඩාව (ඩයන් ෆොසී) මධ්‍යම අප්‍රිකාවේ රුවන්ඩාව, උගන්ඩාව සහ කොංගෝ රාජ්‍යය මායිම් වන කලාපයේ පිහිටි ගිනිකඳු සහිත කඳු පන්තියකි.
ඉතා සීතල, මීදුමෙන් පිරුණු සහ අධික වර්ෂාව සහිත උස් කඳුකර ප්‍රදේශයකි. ඩයන් ෆොසී ජීවත් වූයේ මුහුදු මට්ටමේ සිට අඩි 10,000ක් පමණ උසින් පිහිටි 'කරිසෝකේ' (Karisoke) පර්යේෂණ මධ්‍යස්ථානයේය.
විශේෂත්වය: ලොව දැනට ඉතිරිව සිටින සීමිත 'කඳුකර ගෝරිල්ලන්' ප්‍රමාණය ජීවත් වන්නේ මෙම අසීරු භූමියේය.

3. ටැන්ජුන් පූටින් ජාතික උද්‍යානය, බෝර්නියෝ (බිරූටේ ගැල්ඩිකාස්)
ඉන්දුනීසියාවට අයත් බෝර්නියෝ දූපතේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇත.
මෙය ප්‍රධාන වශයෙන් මඩ වගුරු සහිත වනාන්තර (Swamp Forests) සහ වැසි වනාන්තරවලින් සමන්විත වේ. ගමනාගමනය සඳහා බොහෝ විට භාවිතා කරන්නේ ගංගා මාර්ගයි.
විශේෂත්වය: ඔරංඔටන් සතුන් ගස් මතුපිට ජීවත් වන බැවින්, මෙම ඝන වනාන්තර පියස ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ.

Address

Colombo
*94

Website

Alerts

Be the first to know and let us send you an email when Echoes of the wild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share