Travel With Buddies

Travel With Buddies Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel With Buddies, ganemulla, Colombo.

04/09/2025

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා...අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් ඇහුවොත් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ....මරණෙදිවත් අතාරින්නැති ලංකාවෙ මිනිස්සු ❤️❤️

Chariot Path♥️රාවණාගේ කරත්ත පාර සොයාගිය ගමන..ගමං මගඅපිනං ගියේ කොළඹ කොටුවේ ඉදන් ට්‍රේන් එකේ..ඕනෙනන් බස් 🚌එකේ යන්නත් පුලුව...
03/09/2025

Chariot Path♥️
රාවණාගේ කරත්ත පාර සොයාගිය ගමන..

ගමං මග
අපිනං ගියේ කොළඹ කොටුවේ ඉදන් ට්‍රේන් එකේ..ඕනෙනන් බස් 🚌එකේ යන්නත් පුලුවන්..
බස් එකේ යනවනන් කොළඹ ඉදන් ගම්පොල හරහා නුවරඑළියේ යන බස් එකක ගිහින් පුස්සැල්ලාවෙන් බහින්න ඕනේ..බැහැලා පෙරට්ටාසි කියන බස් එක අරන් ය්න්න ඕනේ..

ට්‍රේන් එකේ යන්න කැමති කෙනෙක්ට උදේ 5.55 බදුල්ල ට්‍රේන්🚂 එකේ ගිහින් ගම්පොලින් බැහැලා..ගම්පොලින් පුස්සැල්ලාවට ගිහින් එතනින් පෙරට්ටාසි බස් එක ග්න්න පුලුවන්..
මේ පෙරට්ටාසි වලට යන පාර මාරම ලස්සනයි..
පෙරට්ටාසි කියන්නෙ Tamil ගමක්..එතන තියෙන්වා පරණ හොස්පිටල් එකක් එතනින් තමා ගමන ආරම්බ වෙන්නෙ..එතනම ඔයාලට බඩු එහෙම ගන්න කඩේකුත් තියෙන්වා..
බස් යන එන වෙල්වා දැනග්න්න ඕනෙ කෙනෙක්ට අපි නම්බර් එක දාල තියන්නන්..

මේ ගමන යද්දි සීතල🥶 ගොඩක් දැනෙන නිසා ඒකට ලෑස්ති වෙලා යන්න.පිරිසිදු වතුර උඩ ඕන තරම් තියෙනවා..
ඔයාලත් ගිහින් බලන්න මාර ලස්සනයි..
ගියා වගේම ඔයාල ගෙනියන දේවල් ආයෙ අරන් එන්න අමතක කරන්න එපා..
♥️

පෙරට්ටාසි - පුස්සැල්ලාව බස්
Contact number - 076 893 9418

පෙරට්ටාසි හොස්පිටල් එක ලග කඩේ
Contact number - ප්‍රභා අයියා 077 666 8626

Travel with buddies 👣
සොබාදහම අපූර්වත්වය සොයා ♥️
fans

Address

Ganemulla
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Buddies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share