04/01/2026
එන්න වින්ටේජ් පාට සුරංගනා කතාවක වින්ටේජ් පාට කුමරියක් වෙන්න....👸🏻🍁👸🏻
ගෑණු ළමයෙක්ගේ හීන වල පිරිලා තියන්නෙම පුංචි කාලේ කතා පොත් වල කියවපු ලස්සනම ලස්සන වින්ටේජ් පාට ලෝක, ලැවැන්ඩර් පාට මල්, ලිලී මල් මිටියාවත්, උසම උස ගල් බැමි වලින් වටවුනු වින්ටේජ් පාට මාළිගා, ඒවගේ ජීවත්වෙන දිග සුන්දර කෙස් කළඹක් හිමි වූ ලස්සන අලුත් ලෝකයක් හොයන රපුන්සල් වගේ.... ඉතා ඈත කඳු හරහා වලාකුළු අතරින් පාවී එන, දුඹුරු හේසල් ඇස්, තඹ පාට කෙහෙරැලි ඇති කුමාරයෙකු හොයන සින්ඩරෙල්ලා වගේ.... ආදරය, කරුණාවත් එක්ක එන වචනවලින් පාලනය කළ නොහැකි බලයක් ඇති එල්සා වගේ.... අලුත් ලෝකයක් සොයා යන, මිනිසත් බවට ආදරේ කරන The Little Mermaid කතාවේ ත්‍යාගශීලී ඇරියෙල් වගේ සුරංගනා කතා පොත් වල එන කුමරියන්ගේ ලෝක....
පුංචි කාලේ ඉදලා ඒ එක එක චරිත වලට යන්න කොයිතරම් නං අපි හීන දකින්න ඇත්ද... වින්ටේජ් පාට උස් ගල් බැමි වලින් වටවූ, නිල්වන් තැනිතලාවන් මතින් දිවෙන සිහිලැල් සුළං ධාරාවලින් නැහැවීයන, ඒ හුළගේ තාලයටම නැටවෙන වයිවර්ණ ලිලී මල් යායවල් වලින් හැඩවුනු, කෝපි පැහැ මාලිගාවක කුමරියක් වෙන්න....
ලැවැන්ඩර් සුවද මුසූවූ සේද සළු පිළි, මැණික් ගල් ඔබ්බවා කැටයම් කළ ආභරණ, රනින් රිදියෙන් ඔප දැමූ ඔටුන්නකට හිමිකම් කියන, ඉතා ඈත කඳු හරහා වලාකුළු අතරින් පාවී එන, දුඹුරු හේසල් ඇස්, තඹ පාට කෙහෙරැලි ඇති කුමාරයෙකු එනතුරු මග බලන් ඉන්න සිහින ලෝකයේ කුමරියක් වෙන්න....
ගහ කොළට, ඇළ දොළට, පාට පාට දේදුන්නට කතා කරන, නිදහසේ පාවී යන වළාකුලට පෙම් බදින, සඳ එළියේ රන් පාටින් දිළිසෙන පිනිබිදු එක්ක රහස් මුමුණන, කුරුළු පිහාටුවක සැහැල්ලුව සොයන, ලිලැක් මල් පිපුණු මිටියාවතක සූරියකාන්ත මල් පාට සමනලුන් පසුපස ලුහුබදින වින්ටේජ් පැහැ මාලිගයේ කෝපි පාට කුමරියක් වෙන්න.....
ඉතිං මොහොතකට හෝ ඒ වින්ටේජ් හීන වල ජීවත් වෙන්න...ඔය හිතේ හැංගුනු පුංචි ගැහැණු ළමයගේ හිතේ ඉන්න සින්ඩරෙල්ලාව අවදි කරන්න...පුංච් පුංචි හීන ලෝක හැබැහින් විදගන්න...ඔබත් එන්න මේ වින්ටේජ් ලෝකයේ සැරිසරන්න..….👸🏻🍁🍂👸🏻❤️
✍️…..Ivy stories.....✍️