DaytoDay

Directions

DaytoDay Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DaytoDay, .

හැම දවසක්ම අලුත් කතාවක්…

DaytoDay කියන්නේ දවසින් දවස අපි වටා සිදුවන රසවත් දේවල්, අලුත් තොරතුරු, Lifestyle, Food, Travel, Entertainment, Inspiration සහ අමතක නොවන සුන්දර මොහොතවල් ඔබත් සමඟ බෙදාගන්න තැනක්. ✨

Follow DaytoDay - අද කතාව හෙට මතකයක්! ❤️

❤️
12/10/2026

❤️

👑 MRS SRI LANKA WORLD 2026 MRS POPULAR 👑

Fast Track Voting Event (1 Week Only)

Contestant No. 13 - Kavisha Jayamanna

Facebook;
01 Like = 1 Point
01 Comment = 2 Points
10 Shares = 1 Point

Instagram;
01 Like = 1 Point
01 Comment = 2 Points
10 Shares = 1 Point
01 Save = 3 Points
01 Repost = 5 Points

TikTok;
01 Like = 1 Point
01 Comment = 2 Points
10 Shares = 1 Point
01 Save = 3 Points

Bonus Points: any photos exceeding 10,000 views in one platform will receive 10 points for each 10,000 views.

Total Points will be calculated from all three (3) Social Media Platforms (Facebook, Instagram & TikTok)

⏰ 17th October 2026 (12 Midnight) Deadline!

Mrs Sri Lanka World Chandimal Jayasinghe

ආදරණීය විජය මහතාගේ  81වැනි ජම්ම දිනය අද... 🙏🥰
11/10/2026

ආදරණීය විජය මහතාගේ 81වැනි ජම්ම දිනය අද... 🙏🥰

යම් කිසි නළුවෙක් ඊයේ අතිනත ගත්තා...අද ඔහුගේ මනාලිය ගැන සමාජ මාධ්‍ය පුරා අපහාස, විහිළු, උපහාස විතරමයි. ☘️ කවදාවත් ඇයව දැක...
24/09/2026

යම් කිසි නළුවෙක් ඊයේ අතිනත ගත්තා...

අද ඔහුගේ මනාලිය ගැන සමාජ මාධ්‍ය පුරා අපහාස, විහිළු, උපහාස විතරමයි.

☘️ කවදාවත් ඇයව දැකලා නැති.
☘️ කවදාවත් ඇයව ආශ්‍රය කරලා නැති.
☘️ ඇය මොන වගේ මනුස්සයෙක්ද කියලා කිසිම අදහසක් නැති මිනිස්සු…

ඒ කිසිම දෙයක් නොදැන, ඇගේ ශරීරයේ ස්වභාවය ගැන විතරක් කතා කරන්න තරම් කොයි තරම් ප්‍රාථමිකද?

☘️ ඇය කරපු හොඳ දේවල් ඔබ දන්නේ නැහැ.
☘️ ඇයගේ ගතිගුණ ඔබ දන්නේ නැහැ.
☘️ ඇය මොන වගේ බිරිඳක් වෙයිද ඔබ දන්නේ නැහැ.
☘️ ඔවුන් දෙන්නා අතර තියෙන ආදරය ඔබ දන්නේ නැහැ.

නමුත් ඇයගේ පින්තූරයක් හරහා ඇගේ ශරීරය ගැන විනිශ්චය කරන්න ඔබට හැකියාව තියෙනවා.

ඇය කාගෙන් හෝ ඇගේ ශරීරය පිළිබඳ approval එකක් ඉල්ලුවාද?
ඇය විවාහ වෙන්න කලින් ඔබෙන් permission ඉල්ලුවාද?
ඇගේ ශරීරය අපේ රුචිකත්වයට ගැළපෙන්න ඕනේ කියලා කවුද තීරණය කළේ?

මේ comment කරන බොහෝ දෙනාට ඇය මනුස්සයෙක් විදිහටවත් වැදගත් නැහැ. ඔවුන් දකින්නේ ඇගේ ශරීරය විතරයි.

ගැහැණියකගේ වටිනාකම ඇගේ බරින් මනින්න තරම් අපේ සමාජය තවමත් ගෝත්‍රිකද?

අපි කෙනෙක්ගේ මුහුණ, ශරීරය, සමේ පාට, උස, බර වගේ දේවල් අරගෙන විහිළු කරනකොට, ඒක “just a joke” කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් ඒ joke එකේ අනිත් පැත්තේ ඉන්නේ හිතක් තියෙන මනුස්සයෙක්.

තමන්ගේ ජීවිතයේ වැදගත්ම දවසක් සමරපු ගැහැණියක්, පසුදා උදේ social media එකට ඇවිත් තමන්ගේ ශරීරය ගැන සිය ගණනක් මිනිස්සු කතා කරනවා දකිනවා නම්, ඒක ඇයට කොච්චර වේදනාකාරී අත්දැකීමක් වෙයිද කියලා ඔබ මොහොතකටවත් හිතනවාද?

ඒ නිසා ප්‍රශ්නය ඇගේ ශරීරයේ ප්‍රමාණය ගැන නෙවෙයි.
ප්‍රශ්නය අපේ මනසෙහි ප්‍රමාණය ගැනයි.

කෙනෙක්ගේ ශරීරය දැකලා ඔහුව හෝ ඇයව පහත් කරන්න ඔබට අවශ්‍ය වෙන්නේ ඇයි? කෙනෙක්ගේ සතුට දැකලා ඔබට ඒක විනාශ කරන්න ඕනේ වෙන්නේ ඇයි? අපි නොදන්න මනුස්සයෙක්ගේ පෙනුම ගැන අපේ මතය ප්‍රකාශ කිරීම, අපේ නිදහසක් කියලා හිතන තැනට ඔබ කොච්චර අසංවේදී වෙලාද? ඒ නිදහසට අපි කියන්නෙ වල් බූරු නිදහස කියලා.

Body shaming කරන මිනිස්සුන්ගේ ප්‍රශ්නය අනිත් කෙනාගේ ශරීරය නෙවෙයි… ඔවුන්ගේම මානසිකත්වයයි.
අවසානයේ...

🩸ඇය ඔබේ බිරිඳ නෙවෙයි.
🩸ඇය ඔබේ සහකාරිය නෙවෙයි.
🩸ඇය ඔබේ approval එක ඉල්ලලා නැහැ.
🩸ඇගේ ශරීරය ඔබේ විනෝදයට හෝ විනිශ්චයට අයිති දෙයක් නෙවෙයි.

ඔවුන් දෙන්නා සතුටින් ඉන්නවා නම්,
අපිට කරන්න තියෙන්නේ ඒ සතුටට ඉඩ දෙන එක විතරයි.
ඒ නිසා කල යුත්තේ මිනිස්සුන්ගේ ශරීර ප්‍රමාණය වෙනස් කරන්න කලින්, ඔබේ හදවත්වල ප්‍රමාණය ටිකක් ලොකු කර ගැනීම නේද?

✍🏼 උපුටාගැනීමකි.

✨ DaytoDay වෙත සාදරයෙන් පිළිගනිමු!  ✨එකම දවසක්… ඒත් හැමෝටම තියෙන්නේ වෙනස් කතාවක්. ❤️DaytoDay කියන්නේ අපේ දවසින් දවස ජීවි...
24/09/2026

✨ DaytoDay වෙත සාදරයෙන් පිළිගනිමු! ✨

එකම දවසක්… ඒත් හැමෝටම තියෙන්නේ වෙනස් කතාවක්. ❤️

DaytoDay කියන්නේ අපේ දවසින් දවස ජීවිතයේ හමුවන සුන්දර මොහොතවල්, අලුත් අත්දැකීම්, රසවත් දේවල්, ගමන් බිමන්, විනෝදාස්වාදය සහ මතක හිටින කතා ඔබත් සමඟ බෙදාගන්න අපේ අලුත්ම අවකාශයයි.

Same Days, New Stories. ✨

අපිත් එක්ක එකතු වෙලා,
❤️ Like කරන්න
💬 Comment කරන්න
🔄 Share කරන්න
📲 DaytoDay Follow කරන්න!

අදින් පටන් ගන්න මේ ගමනේ…
ඔබේ කතාවත් අපේ කතාවක් ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when DaytoDay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed photography service?

Share