Elvi Madushanka

Directions Website Contact the business

Elvi Madushanka Dananja Madushanka Elvitigala

මීට කලින් කිහිප වතාවක්ම මාපලාන ඇල්ලට ගිහින් තිබුනට වැඩිය ප්‍රසිද්ද නැති කූනිස්සන් ඇල්ල ගිහින් තිබ්බේ නැ, මේ ගමනේ ප්‍රදාන...
22/10/2026

මීට කලින් කිහිප වතාවක්ම මාපලාන ඇල්ලට ගිහින් තිබුනට වැඩිය ප්‍රසිද්ද නැති කූනිස්සන් ඇල්ල ගිහින් තිබ්බේ නැ, මේ ගමනේ ප්‍රදාන අරමුණ උනේ කූනිස්සන් ඇල්ල බලන්න යන්න තමයි

සමනල රක්ෂිතයේ දකුණු බෑවුමෙන් ගලා හැලෙන කූනිස්සන් ඇල්ල සහ මාපලාන ඇල්ල සොයා ගිය ගමන 😍💚

19/09/2026

සමහරවිට… Travel කරනවා කියන්නේ, අලුත් තැන් බලන එක නෙමෙයි 🥺

දියඇලි ගොඩක් බලාගෙන, බලන්ගොඩ ඉදන් බොගවන්තලාව හරහා Gartmore වලට යමු 😍🍃අපි කලින් ගමනේදී ගියේ බලන්ගොඩ ඉදන් කල්තොටට පැත්තට ඒ...
26/08/2026

දියඇලි ගොඩක් බලාගෙන, බලන්ගොඩ ඉදන් බොගවන්තලාව හරහා Gartmore වලට යමු 😍🍃

අපි කලින් ගමනේදී ගියේ බලන්ගොඩ ඉදන් කල්තොටට පැත්තට ඒ කියන්නේ පහලට, මේ ගමනේදී යන්නේ බලන්ගොඩ ඉදන් උඩ පැත්තට බොගවන්තලාව. මේ ගමන පටන් ගන්නේ තයිපොංගල් දවසේ හොදටම වැස්සේ, කොලබින් පාන්දර 4ට වගේ පිටත් උනේ කෙලින්ම ගියේ අපි බලංගොඩටට එතැනින් කළා පිටත් උනේ බොගවන්තලාව කියන පුංචි ගමට. 🥰

බොගවන්තලාව යද්දී ලස්සනම ලස්සන පාරක් තියෙන්නේ ෆයිනස් ගස් වලින්, වට උන, ඉස්සර සූරිය කන්දේ වංගු 10 වගේ පාරක් තමයි මේකත්, කැලැවෙන් වට වෙලා, මේ පාරේ යද්දී ලස්සන තේ වතු, එහමත් ගොඩක් හම්බෙනවා,

බොගවන්තලාව කිව්වම ඉතින් මතක් වෙන්නේ හැමෝටම තේ නේ, බලන්ගොඩ ඉදන් කිලෝමීටර් 20ක් වගේ තමයි පලවෙනි දිය ඇල්ල හම්බෙන්නේ බොල්තුඹේ ඇල්ල (Bolthumbe Waterfall) 🌊 පොඩි දිය ඇල්ලක් හැබැයි ගොඩක් ලස්සන නාන්න එහම පුළුවන් තැනක්.

බොල්තුඹේ ඇල්ල බලන්න තැන් කියපයක්ම තියෙනවා, ටිකක් උඩට පයින් යන්න වෙනවා අල්ලේ ලස්සනම තැනට, බොල්තුඹේ ඇල්ලත් බලලා අපි කෙලින්ම ගියේ පිදලිගන්නවෙල ඇල්ලට (Pidaligannawela Waterfall) 🌊 මේකට යද්දී මාරතැන්න කියලා ගම්මානයක් පහු කරගෙන යන්න තියෙන්නේ ඒ හරියෙත් මාරතන්න viewpoint එක කියලා එකකුත් තියෙනවා බලාගෙන යන්න. පිදලිගන්නවෙල ඇල්ල නම් පාර අයිනෙමයි තියෙන්නේ. එකත් හරිම පොඩි ඇල්ලක්. 💚

පිදලිගන්නවෙල ඇල්ලත් බලලා එතනින් කිලෝමීටරයක් වගේ යද්දී තමයි බලන්ගොඩ viewpoint එක තියෙන්නේ, මේ ටික ඔක්කම පහල ඉදන් බලාගෙන එද්දී තව ගොඩක් දිය ඇලි දුරින් බලාගන්න පුළුවන්, ඒවටත් යන්න පුළුවන් පාරවල් ඇති එත් දවසෙන් මේ ඔක්කමට යන්න වෙලාව මදි, අපි මේ ගමන ගියේ දවසෙන්.😌

බලන්ගොඩ viewpoint එක කියන්නේ මාරම ලස්සන තැනක් බලන්ගොඩ ටවුන් එක දුරින් පේනවා, වෙනම වයිබ් එකක් එතන තියෙන්නේ, වැස්සයි මිදුමයි සීතලයි ඒ තැනයි අපි ගිය වෙලාවේ නම් කියන්න වචන නැ. 😍

බලන්ගොඩ viewpoint එකේ ඉදන් අපි ඊට පස්සේ ගියේ බොගවන්තලාව හරහා norwood කියන ගමට, ඒ පාරත් තේ වතු වලින් වට වෙලා තියෙන ලස්සන පාරක්, 🔥

norwood කියන ගමේ ඉදන් අපි upcot කියන ගමේ තියෙන Fairlawn Fall දිය අල්ලා බලන්න ගියේ, මේ දිය අල්ලට බොගවන්තලාව ඉදන් කිලෝමීටර් 27ක් තියෙනවා, එත් බයික් එකක යනවා ලේසි පාරක් තියෙනවා බොගවන්තලාව ටවුන් එකේ ඉදන්, ඒ පාරේ කිලෝමීටර් 17ක් වගේ පෙන්වන්නේ එත්, මම ගූගල් මැප් එකේ බයික් එක නෙවෙයි select කරලා තිබ්බේ ඒ නිසා මම ගියේ දුර පාරෙන් නැත්තම්, කිලෝමීටර් 17 තියෙන පාරෙන් ගියා නම් norwood කියන ගමට යන්නේ නැතුව මේ ඇල්ලට යන්න පුළුවන්. 😌

norwood town ඉදන් upcot වලට කිලෝමීටර් 10ක් වගේ තියෙනවා, upcot town එකේ ඉදන් Fairlawn Fall ඇල්ලට 3KM වගේ, Fairlawn Fall දිය ඇල්ල කියන්නේ මම දැකපු ලස්සනම දීය ඇල්ලක්, Fairlawn Fall ඇල්ල වැටෙන තැන ඉදන් තව ටිකක් උඩට ගියාම Fairlawn ඇල්ලේ උඩ කොටසට යන්න පුළුවන් ගල් තලාවක් තියෙන්නේ වෙනස්ම ලස්සනක් එතැන තියෙන්නේ, හොදටම වැස්ස නිසා මට ඇල්ල ලගට යන්න බැරි උනා ගල් හොදටම ලිස්සනවා. 😰

Fairlawn ඇල්ලත් බලලා අපි පිටත් උනේ Gartmore ඇල්ල බලන්න, upcot වල ඉදන් Gartmore වලට 10KM වගේ තියෙනවා, මේ පාර නම් ඔයාල ගොඩක් දෙනෙක් ගිහින් ඇති මම ලස්සන තේ වතු වලින් වට උන වෙනස්ම ලස්සනක් තියෙන පාරක්. හවස 2.30 වගේ වෙද්දී Gartmore ඇල්ලේ උඩ කොටසත් බලලා අපි පිටත් උනේ Gartmore අල්ලේ පහලට යන්න ඒ ලගින්ම තමයි යන්නේ තියෙන්නේ හැබැයි ඒ පාර නම් ගොඩක් අවුල්. කොහම හරි අල්ලේ පහළටත් ගියා, මේ හරියේ තමයි ගවරවිල ඇල්ලත් තියෙන්නේ, එත් එකට යන්න වෙලාව අපිට හොදටම මදි නිසා අපි හවසට 4ට විතර කොලබට එන්න පිටත් උනා. 💚

එදා තයිපොංගල් දවස නිසා එකම එක කඩයක් වත් උදේ වරුවේ ඇරලා තිබ්බේ නැ කෑම ගන්න, හවස එද්දී අපිට Gartmore හරියෙම කන්න කඩයක් හම්බුනේ දවල්ට එතනින් කළා, අපි හැටන් වලට පිටත් උනා, මොකද ආයෙත් බලංගොඩට ගිහින් එන එක ලොකු දුරක්. හැටන් වලට කාපට් කරපු හොද පාරක් තියෙනවා විනාඩි 45ක් වගේ යද්දී හැටන් වලට යන්න පුළුවන් Gartmore වල ඉදන්. 😌

හැටන් වල ඉදන් කොලබ අවා රෑ8.30 වෙද්දී, මේ ගමනේ තව තැන් ගොඩක් තිබ්බා ලිස්ට් එකේ එත් වැස්ස, අපිට ගොඩක් වෙලාව ගියා යන්න එන්න පාරවල් ගොඩක් හේදිලා ගිහින් ඒ නිසා ගොඩක් හෙමින් යන්න සිද්ද උනේ, ෆොටෝ එහමත් හිතෙන හිතෙන විදිහට ගහන්න විදිහක් තිබ්බේ නැ හොදටම වහින නිසා. 🥶

⭕කතාවේ ඉතුරු ටික ෆොටෝස් ටිකේ, අනිවාර්යෙන්ම ෆොටෝස් ටික බලන්න තැන් ටික යන පාර ඔක්කම mention කරලා තියෙනවා ෆොටෝස් වල, මේ ගමනේ වීඩියෝ එකකුත් ඉක්ක්මනට අරන් එන්නම්. ⭕

⭕ තවත් මේ වගේ පොස්ට් බලන්න අනිවාර්යෙන්ම Elvi Madushanka Page එකත් Follow කරන්න 😘

⭕ මේ ගමන 2024 ගියපු ගමනක්, මේ පොස්ට් එක නැවත පළකිරීමක්

රත්නපුරේ ඇළපාත ඉදන් කලාවන හරහා අත්වැල්තොටට යමු දිය ඇලි ගොඩක් බලන්නමුලින්ම කියන්න මේ ගමන ගියේ දැනට මාස තුනකට විතර කලින් ඒ...
23/08/2026

රත්නපුරේ ඇළපාත ඉදන් කලාවන හරහා අත්වැල්තොටට යමු දිය ඇලි ගොඩක් බලන්න

මුලින්ම කියන්න මේ ගමන ගියේ දැනට මාස තුනකට විතර කලින් ඒ නිසා මේ දිය ඇලි වල මේ දවස් වල මේ විදිහටම වතුර තියෙන්න විදිහක් නැහැ අපි යන දවස් වල ඇලපාත යට වෙලා තිබ්බේ හොදටම. ෆොටෝස් ටික අනිවාර්යෙන්ම බලන්න සම්පුර්ණ ලොකේෂන් එක්ක දාලා ඇති කතාව.

මුලින්ම අපි ගියේ හත්බඹ ඇල්ලට මේක පොඩි උනත් උඩට උඩට නගිද්දී ඇල්ල දිගේ තවත් ලස්සන ඇලි ටිකක් බලාගන්න පුළුවන්. මේක තියෙන්නේ ප්‍රදාන පාරේ ඉදන් පොඩි දුරක, ඒ නිසා මේ වගේ ඇල්ලක් ඒ වගේ තැනක තියෙනවා කියලා හිතන්න බැහැ යද්දී ප්‍රදාන පාරෙන්.

ඊට පස්සේ අපි පිටත් උනේ බල්ලා මල ඇල්ලට මේක තමයි මේ ගමනේදී මම දැකපු ලස්සනම ඇල්ල වතුර වැඩි කාලේට ඇල්ල උඩින් පහලට යන්න විදිහක් නැහැ, වතුර වැඩි කාලේට ඇල්ලේ පහලට වෙන පාරකින් එන්න ඕනේ, එත් අපි පොඩි Risk එකක් අරගෙන උඩින්ම පහලට බැස්සා පහලටම යන්න බැරි උනා. අනිවාර්යෙන්ම බලන්න යන්න දිය ඇල්ලක් තමයි බල්ලා මල ඇල්ල.

ඊට පස්සේ අපි පිටත් උනේ මේ වටවල ඇල්ලට මේකත් තියෙන්නේ බල්ලා මල ඇල්ලට කිලෝමීටර් 4-5ක් විතර දුරින්. මේකත් ලස්සනම ඇල්ලක් එත් අපි ගිය දවසේ අපිට වෙලාව මදි වෙයි කියලා හිතලා අපි මේ ඇල්ලේ උඩට ගියේ නැහැ, පහල ඉදන් බලලා අවා.

අපි ඊට පස්සේ කලවාන පැත්තට ආව කලවානෙන් කාලා බිලා අපි පිටත් අත්වැල්තොට පැත්තට මේ හරියේ තමයි අපි බලන්න ඉදපු අනිත් දිය ඇලි ටික තිබුනේ,

මුලින්ම අපි ගියේ කබරගොයි දොල ඇල්ලට මේක නම් වතුර තියෙද්දී මාරම ලස්සන ඇල්ලක්, අනිවාර්යෙන්ම වතුර තියෙන කාලේට යන්න මම පහලින් ෆොටෝස් වල මේ ඇලි වල හැම විස්තරයක්ම ලියලා තියෙනවා.

මේ ඇල්ලත් අපි පිටත් උනේ දිගන්න ඇල්ලට එත් අපිට මේකට යන විදිහක් හරියටම හොයා ගන්න බැරි උනා ඒ නිසා අපි ඒ පාරේම රූණකන්ද රක්ශිතේ ඇතුලට ගියා සිංහරාජෙම කලවාන පැත්ත, මේ රක්ශිතේ ඇතුලේ තියෙනවා මෝහිනී ඇල්ල කියලා ඇල්ලක් මේ ඇල්ලත් පොඩි උනාට අපි යන දවස් වල වතුර තිබ්බ නිසා මාරම ලස්සනක් තිබුනේ. ඊට පස්සේ අපි මේ ඇල්ලත් බලලා 5ට විතර ආයෙත් පිටත් උනේ දිගන්න ඇල්ල බලන්න.

පාර හොයාගෙන දිගන්න ඇල්ලේ පහල කොටසට ගිහින් බැලුවා එත් ඇල්ල දිගේ උඩට යන්න බැ වතුර වැඩි ඒ නිසා එතන ඉදපු අයියා කෙනෙක් කිව්වා වටෙන් පාරක් තියෙනවා යන්න පුළුවන් කියලා කොහම හරි එකත් හොයාගෙන හවස 6ට විතර දිගන්න ඇල්ලේ මැද කොටසට අපි ගියා. එතැන තමයි මම දැකපු ලොකුම වතුර පාර තිබ්බේ.මාරම පළලයි ඇල්ල අනිවාර්යෙන්ම යන්න ඕනේ ඇල්ලක් තමයි දිගන්න ඇල්ල.

ඊට පස්සේ අපි කැලේ ඇතුලෙන් 7ට විතර ඇවිත් කොලබට එන්න පිටත් උනා, අයෙත් බුලත්කොහුපිටිය හරහා එන්න හදපු නිසා හොදටම යට වෙලා බුලත්කොහුපිටිය, පස්සේ මැප් එක බලලා අපි කොහම කොහම හරි අවා කොලබට එද්දී 10 විතර උනා.

ෆොටෝස් ටික ඔක්කම බලන්න ඔක්කම කතාව ඒවගේ ලියලා ඇති. එහනම් තවත් අලුත් ගමනකින් ආයෙත් හමු වෙමු!

07/08/2026

උදේ හවස දකින දියඇලි 😍

23/07/2026

සිංදුවක් අහගෙන පැය ගනම් බලන් ඉන්න පුළුවන් තැන් 😍

18/07/2026

රත්නපුරේ දිය ඇලි මේ විදිහට දැකලා තියෙනවද 😍

11/07/2026

බුලත්කොහුපිටියේ ලස්සනම ඇල්ල 😍

09/07/2026

රත්නපුරේ උසම එව්වා 😍

05/07/2026

හැංගිලා තියෙන තරමට හොද දේවල්, දැන් බනින්න එපා තැන කිව්වේ නැ කියලා 😍

Address

Talawatugoda

Alerts

Be the first to know and let us send you an email when Elvi Madushanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elvi Madushanka:

Shortcuts

Share

Nearby photography services