22/07/2022
travel note eka ❤️😁
තුන්වෙනි නයිට් මේල් ගමන ආ නැ නයිට් express නෙ දැන් යන්නෙ
⨼⨽
😻.
මේ පාර කොල්ලො ටික කතා උනේ ඇල්ලෙ සිරි නරබන්න යන්න 🌝 මන් කලින් පාර ඇල්ලෙ ගිහින් තිබ්බ ඒකනිසා මන් උන්ට ගයිඩ් කරා 😎
අපි කතා උනා වගේම 17 වෙනිද කොලබ කොටුවෙන් රාත්‍රි 8.30ට බදුල්ල බලා ගමන් ගන්න රාත්‍රි සීග්‍රගාමි train eken ගමන පටන් ගත්තා (colombo to ella =rs260).
කෝච්චියේ සීට් නම් අල්ල ගන්නව කියන්නෙ හීනයක්ම තමා කියල තේරුනේ එදා තමා 😪 අපි ඔක්කොම 10 දෙනෙක් ගියා 10දෙනාටම හම්බුනේ සීට් දෙකයි 🙂 ඉතුරු 8 ම හිටගෙන මාරුවෙන් මාරුවට තමා ඉදගෙන ගියේ මේ දවස්වල බස් වල යන්න බැරි නිසා ට්‍රේන් වල මාර සෙනග අපි ඉතින් ගමන යන්න තිබ්බ ආසාව වැඩිම නිසාමයි මේ වගේ කාලෙක ගියෙත් .
නයිට් මේල්.කියන්නෙ ජීවිතේ විදින්න ඕනෙ ගමනක් උනාට මේ දවස් වල ගියොත් නම් විදවන්න වෙන්නෙ 🙂.
හිටගෙන ගියත් අපේ ආතල්.එක අපි නැති කරගන්න හොද නෑ නැව ගිලුනත් බ්‍රෑන් චූන් කියල අපි සින්දු කිය කිය අපේ ගමනෙ මහන්සි මග ඇරගත්තා 😌 එහෙම ටික ටික සීතල වටවල හරියට එද්දි පොඩි වැස්සක් පටන් ගත්තා දොරේ එල්ලිලා මෙච්චර වෙලා ආව එකත් නෑ දැන් 😪 ට්‍රේන් එක ෆුල් පැක් දැන් හැරෙන්න ඉඩක් නෑ ඒත් අපි ආතල් එකේ සින්දු කියනව 😌 අපේ සෙට් එක.කොතනද ආතල් එතන 😎 මද වැස්ස එක්ක අපි හෙමීට අපෙ ගමනාන්තය ට ලන් වුනා කොච්චර මහන්සි තිබ්බත් ඒ ඔක්කොම අයින් වෙන වීව් එක පටන් ගන්නෙ උදේ 5.ත් 6ත් අතර කාලය නේ ඒ තමයි ඉර සේවේ 😻 අම්මො රෑ වැස්ස නිසා මීදුම නම්.අඩුවක් නෑ පට්ටම ලස්සයි රත්තරන් පාටයි අහසම අපෙ මහසිය කොහෙන් ගියාද නෑ අපි ඒකත් බලාගෙන හෙමීට අපෙ ගමනාන්තය ට ලන් උනා.
අපි කතා උනේ මුලිම්ම ඇල්ල රොක් එක හයික් කරන්න මන් කලින් පාර ඇල්ලෙ ගියාට ඇල්ල රොක් ගියෙ නෑ ඒක.නිසාම මුලිම්ම ඇල්ල.රොක් යන්න තීරනේ කරා අපි කිතල්.ඇල්ලෙන් බහිනකොට උදේ 6.40වගේ වෙලාව අපි බැහැපු ගමන් ඉදගත්තා කකුල් දෙකට පොඩි විවේකයක් දෙන්න ඕනෙ නිසා අපි එතනින්ම උදේ කෑමත් කෑව.
කෑම කාල එතන කඩේ මාමගෙන් පාර අහ ගත්තා කිතල්.ඇල්ල දිය ඇල්ල ලගට යන්න මාමා කිව්ව රේල් පාර දිගේ මීටර් 100ක් විතර පල්ලට ගියාම බෝ ගහක් ගාවින් බහින්න පාරක් තිය්ර් කියල අපි ඒ පාර හොයාගෙන ඒක දිගේ ගියා දිය ඇල්ල බලන්න
හොදම වැඩෙ කියන්නෙ දිය ඇල්ලට ගියට වැඩක් නෑ දිය ඇල්ලෙ.වත්ර ලෙප්ට් 😒 #කරුමෙ වතුර පොඩ්ඩක් වත් නැ
ඒක බලල වැඩක් නැතිනිසා අපි එතනින්ම අපෙ හයික් එක පටන් ගත්තා ඇල්ල.රොක් හොයාගෙන එහෙට පාර පටන් ගන්නෙ කිත්ල් ඇල්ල.දිය ඇල්ල ගාවින් පාලමක් තියෙ ඒ පාලමෙන් ගිහින් උඩට පොඩි කැලයක් එක්ක අඩි පාරක් තියේ ඒකදිගේම ගියාම තේවතු මැද්දෙන් අඩි පාරක් තිඒ ඒකෙ යන්න තියෙන්නෙ අපි ඉතින් පරිසරෙ විදින ගමන් දෙපයට වාරි දීල අපේ ගමන යනව විනාඩි 30ක් වගෙ යනකොට අපි පලවෙනි වීව් පොයින්ට් එකට ආව 😻 මහන්සියක් දැන්නෙ නෑ ඒ වීව් එකට එතන්ට පුන්චි සිරීපදේ ,වැල්ල වාය පාර ලස්සනට පේනව කට්ටිය ඉතින් හෝ ගාල වැඩ වැඩකිව්වෙ පොටො ශූට් 🤐 කොහොම හර්රි එතන පැය බාගයක් විතර පොටෝ ගහල අපි කන්දෙ ලොකුම හයික් එකට ආව ඒක නම් ටිකක් මහන්සි හැදෙනව මොකද අංශක 45ක වගේ බෑව්මක් නගින්න තියෙන්නෙ 😁 ඒත් අව්ලක් නෑ කට්ටිය සින්දු කිය කිය ගිය නිසා එච්චර මහන්සියක් නෑ කොහොම හරි බඩගාල අපි උඩට ආව 😪 .
අපි ඇල්ල.රොක් උඩ දැන් 😻 ඒ වීව් එක නම් පිස්සුවක් වටේම නිල් පාට කදු ලන්කාව මෙච්චර ලස්සනද කියල බලන්න ඕනෙ නම්.කන්දක් උඩටම බඩ ගාන්න ඕනෙ 😌 අපිට සම්පුර්ණ හයික් එකටම පැයක් විතර
(පොටෝ ගහන්න නතර උන වෙලාවල්.නැතුව ආසන්නව )ගියා මගෙ 3rd හයික් එකත් complete 😁 අපි කන්ද උඩ වීවි එක බලල පොටෝ ගහල කරන්න ඕනෙ ඔක්කොම කර ආපහු පල්ලට බැස්සෙ නාන්න යන්න
රාවනා ඇල්ලට ඒත් අතරගමදි හම්බුන කෙනෙක් කිව්ව රාවනා ඇල්ලෙ නාන්න දෙන්නෙ නෑ කියල ඒන නිසා අපි රාවනා ඇල්ලෙ නොහිහින් නාන්න වෙන තැනක් හෙව්ව 😪 එතකොට තේ කඩන කෙනෙක් කිව්ව ලග ඔයක් තියෙ කියල අපි ඉතින් ඒකහොයාගෙන ගියා කිව්ව වගේම සුපිරි තැන 🌝 අව්වත් එක්ක ගල් තලාවක් ගැබුරුත් නෑ පට්ට වතුර නම් ඉතින් අයිස් වගේ අපි අපෙ මහන්සි ඔක්කොම ඒ සීතල වතුරෙන් හෝදල යැව්ව 😴 එතන නාල ඊට උඩ තිබ්බ හොටෙල්.එකක් අපි ඒකෙන් කෑම ගත්තා කෑමත් කාල .
අපි කතා උනේ 9 arch යන්න ඒකට අපි 5km විතර දැන් රේල්.පාර දිගේ යන්න ඕනෙ මොකද අපි ඉන්නෙ කිතල් ඇල්ල ස්ටේසන් එක ගාවනෙ ඉතින් ආයෙ back to rail road ගියා හෙමීට කයියක් දාගෙන රේල්.පාර දිගේ පල්ලට ගියා ඇල්ලෙ ප්‍රදාන ස්තානයක් වෙන ආරුක්කු 9 පාලම බලන්න 🌝 අපි විනාඩි 45ක් විතර හෙමීට රේල් පාර දිගේ ආව එතකොට වෙලාව දවල් 3ට විතර ඇති අපිට ආයෙ ගෙදර යන්න ට්‍රේන් එක තිබ්බෙ රෑ 7ට ඒ බදුල්ලෙ ඉදන් කොටුවට යන නයිට් express eka ඉතින් තව පැයක් 4ක් අපිට තියේ ඒක නිසා 9 ආර්ච් එකත් හොදට බලාගත්තා ඒක බලල අපි පුන්චි සිරීපාදෙ යන්න ලෑස්ති වෙද්දිම බදුලු පුරේට එක පාරම එන වැහි දෙයියෝ අපිට පිහිට උනා 😑😑
මුලින් පොද වැස්ස ටික වෙලාවකින් මහ වැස්සක් උනා පුන්චි සිර්රිපාදෙ යන ගමනත් ඒකනිසා කැන්සල්.මොකද තෙමෙන්න බෑ ඊට පඩ්සෙ ලෙඩ වෙනව අනික කදුනුඩට යන්න බයයි අකුනු ගහම්ම පුලුවන් නිසා ඒක නිසා වැස්ස පායනකන් අපි 9 ආර්ච් ලග තිබ්බ කඩේකට වෙලා හිටිය 😣 එහෙම ඉදල වැස්ස පායල ආයෙ අපි ඇල්ල ස්ටේසන් එකට එනකොට වෙලාව 5.30ට විතර කිට්ටුයි ආයෙ කොහ්වත් යන්නත් බෑ ඒක නිසා අපි රෑට කෑම ගන්න ගියා ඇල්ල ටව්න් එකට 😻 අම්මො ඇල්ල ටව්න් එක තනිකරම පාරාදීසයක් බලන බලන තැන හෝටල් 😻 අපිට ඒවගෙන් කන්න නම් බෑ ඉතින් ඒක වෙනම දෙයක් 🙂ඒත් ලස්සනයි අපි ඒ ලස්සනත් බලල රෑට කාල ආයෙ back to elle staiton .
වෙලාව හවස 6.30ට විතර එතකොට අපිට ආපහු යන ට්‍රේන් එකට ටිකට් දෙන්න පටන් අරන් අපි ගියපු ගමන් ටිකට් ගත්තා අපේ ගමන අවසන් කරන්න දැන් නම්.කට්ටියටන මහන්සි වැස්සටට් තෙමිලා නිසා 😴 කෝච්චියේ නිදහසෙ යන්න පුලුවන් වෙයි කියල හිතුව 🙂 .
බදුල්ලෙන් 5.5ට එන ට්‍රේන් එක බදුල්ලෙම්ම ලෝඩ් වෙයි කියල හිතුවෙවත් නෑ 😒 ට්‍රේන් එක ඇල්ලට එද්දිම ෆුල් මොකක් කරන්නද බිම හරි ඉදගන්නව කියල හිතාගෙන නැග්ග ඉතින් 😒.
ටික දුරක් බිම ඉදන් යනකොට හපුතලෙන් තව සෙනග නැග්ග දැන් බිම ඉදගන්නත් බෑ ආයෙ ඉතින් හිටගෙන #ආ ශැප ශැප 🙂
අපි හිටගෙනම නුවරට එනකන් ආව නුවරින් අපි බැස්ස ඒ බැස්සෙ පැය දෙකක් වත් නිදාගෙන ඉදගෙන යන්න ඕනෙ නිසා නුවරින් බහ්ද්දි උදේ 3යි වෙලාව අපි බැහැල නුවර ඉදන් මාතරට යන කෝච්චියක් තියෙ උදේ 5ට අන්න ඒ ට්ර්රේන් එකේ නිදා ගත්තා උදේ 5 වෙනකන් 😴 අපි ට්‍රේන් එකෙ එක පෙට්ටියක්ම බදු ගත්තා වගේ නිදා ගත්තා උදේ 5ට ට්‍රේන් එක ගමන ආරම්බ කලා අපි වේයන්ගොඩින් බහින්න ඔනෙ 😪 වේයන්ගොඩින් බහිද්දි උදේ 7.30ට වගේ ඇති අම්මො දැනෙන සතුට ගෙදරට ලන් උනා කියල 🤤
අන්න එහෙමයි අපි අපේ ඇල්ලෙ චාරිකාව ඉවර කරේ ඇත්තම කිව්වොත් අපිට බලාපොරොත්තු උන ආතල් එකක් ව්ත් ගන්න බැරි උනා ට්‍රේන් වල.සෙනග නිසා 😒 ගමන් මහන්සිය නම් අසීමිත විදියට හම්බුනා 😑 ඒත් ඇල්ල කියන්නෙ සංචාරක පාරාදීසයක් හැමෝම යන්න ඕනෙ එහෙට 😻❤️
ගමන් වියදම් = ticket ගනන් නම් දැන් වැඩි උනා නේ ඒකනිසා දැන් කීයද දන්නැ
කෑමට ඔයාල කන බොන විදියට වියදම් කරන්න
අපිට නම් එක්කෙනෙක්ට 2000ක් වගේ ගියේ වියදම 😁