14/06/2020
අද මුලු ලෝකෙම කතා කරනව ඇයි එහෙම වුනේ කියල...
මානසික පීඩනයක් තියෙන්නෙ ඇති ඒත් මේ තරන් ලොකු මනුස්සයෙක් වෙලත් දරා ගන්න බැරි වුනාද කියන්න කෙනෙක් හිටියෙ නැද්ද?මොනවගෙන් අඩුවක්ද?කෝටියක් කතා....
නිකමට හිතපන් depression කියන්නෙ මැරෙන්න හේතු වෙන තත්වයක් ඒත් ඒකට පාර හැදෙන්න හරිම සරල තැනකින්..
එකම විහිලුව ආයෙ ආයෙ කරල උඹේම යාලුව දවසට කී පාරක් සෙට් එක ඇතුලෙ බයිට් එක කරල ඇත්ද,
මහත් වෙලා
කැත වෙලා
කලු වෙලා
වයසට ගිහින්
ජොබ් නැද්ද
බදින්නෙ නැද්ද
බබාල නැද්ද
අපෝ තාම කුලියටද
ගෙයක් හදන්නකො
වාහනයක් ගත්තෙ නැද්ද
ඕව තමයි හොදට ඉන්න වුන් හීනෙනුත් බය වෙලා නින්ද නැති කරන තරමට වද දීල මැරෙන්න හේතු වෙන ප්‍රශ්ණ... සරලයි ඒත් ප්‍රතිඵලය භයානකයි..
තනි වෙලා ඉන්න යාලුවෙක් ලගම ඉන්න යාලුවෙක් වෙනස් වෙද්දි ඒකට දෙන එකම වචනෙ උඹේ ලොකුකම, හරි ගිහින්, නෑ සමහරවිට වූට වැරදිලා වෙන්න පුලුවන් සමහර විට වටේම හිටපු උඹලගෙ කතාවලින් වූ වරද්දගන්න තැනට ගෙනත් ඇති. Sushan මැරුනට හේතු හොයන උඹ කී දෙනෙකුට මැරෙන්න හේතු දීල තියනවද කියල හිතපන්...මිනිස්සු මරන්න කැති පිහි වස මේව ඕනම නෑ එකම එක වචනෙකුත් ඇති..
❤පුලුවන් නම් මැරෙන්න හේතු නොදී ජීවත් වෙන්න හුස්ම දියන්,උගන්නල තර්ක කරල වැරදිකාරය කරන්න කලින් පිච්චිලා ඉන්න එකා නිවෙනකන් අහන් ඉදපන් එහෙමත් බැරි නම් වද නොදී ඉදපන් අද නැතත් දවසක ඒ පිනම ආශිර්වාදයක් වේවි උඹටම❤.රාධාවනී..🖋️