01/06/2026
ඉසුරු අංජුල පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන A Scar Called Love චිත්‍රපටයේ රූගත කිරීම් කොළඹ ප්‍රදේශයේදී සාර්ථකව අවසන් කරනු ලැබුවා.
සමස්ත ලෝකයේම මිනිසුන්ගේ, සතුන්ගේ සහ පරිසරයේ සෞඛ්‍යය එකිනෙකට සම්බන්ධ බව අවධාරණය කරන නවීන One Health සංකල්පය අනුසාරයෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය සමාජයට වැදගත් සෞඛ්‍ය පණිවිඩයක් ගෙන එන නිර්මාණයක් ලෙස සැලකිය හැකියි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා සුලෝචනා වීරසිංහ , නිරෝෂන් විජේසිංහ සහ කෞෂල්‍යා ප්‍රනාන්දු දායක වන අතර, කැමරා අධ්‍යක්ෂණය කාංචන උඩුගම විසින් සිදු කරනු ලැබීය.
සෞඛ්‍ය අධ්‍යාපනය සහ සිනමා කලා මාධ්‍යය ඒකාබද්ධ කරමින් නිර්මාණය වන A Scar Called Love චිත්‍රපටය ඉදිරියේදී ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට නියමිත අතර, One Health සංකල්පය පිළිබඳ මහජන දැනුවත්භාවය වර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණක් වනු ඇත.