Studio 3D Lens

Studio 3D Lens Camera Sale, rent, repair

🎞️ සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන NIEPCE PHOTO AWARDS 2026 - ගම්පහ ඡායාරූප තරඟ...
28/06/2026

🎞️ සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන NIEPCE PHOTO AWARDS 2026 - ගම්පහ ඡායාරූප තරඟය හා ප්‍රදර්ශනය සඳහා නිර්මාණ භාරගැනීම…..
🔴 මෙම තරගයේ පැවැත්වීමටත් තව ඇත්තේ දින 02 යි. ඒ සඳහා තිබෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කර ඡායාරූප ඉදිරිපත් කිරීමේ ලේසි ක්‍රමවේදය අද හවස පැවැත්වේ…
🙏🏻 ඔබ සැමට ආරාධනා කරමු…

Sanka Sammana is inviting you to a scheduled Zoom meeting.

Topic: Sanka Sammana's Zoom Meeting
Time: Jun 28, 2026 08:30 PM Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/89231438273?pwd=aKmLNioP6ieYmmu14f45DEIhY3Zmd0.1

Meeting chat link
https://us05web.zoom.us/launch/jc/89231438273

Meeting ID: 892 3143 8273
Passcode: 5UUn4L

-GAMPAHA


20/05/2026

සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන *NIEPCE PHOTO AWARDS 2026 - ගම්පහ* ඡායාරූප තරඟය හා ප්‍රදර්ශනය සඳහා නිර්මාණ භාරගැනීම, මේ වන විට ආරම්භ කර ඇත.

📸 දිවයිනේ ඕනෑම ඡායාරූප ශිල්පියෙකුට (වෘත්තීය හා ආධුනික) මේ සඳහා ඉදිරිපත් විය හැක.

🔷 නිර්මාණ ඉදිරිපත් කළ හැකි තරග අංශ
1. විවෘත වර්ණ
2. විවෘත ඒක වර්ණ
3. සොබාදහම් සහ වනජීවී (විවෘත)
4. සංචරණ (විවෘත)
5. ආලේඛ්‍ය සහ නග්න ඡායාරූප(විවෘත)
6. චිත්‍රාගාර ආලේඛ්‍ය ඡායාරූප (AIPPSOA සාමාජිකයන්ට පමණි)
7. පාසැල් අංශය

🕚 නිර්මාණ ඉදිරිපත් කළහැකි අවසන් දිනය:
30 / 06 / 2026

📥 නිර්මාණ ඉදිරිපත් කළ යුතු වෙබ් අඩවිය :
https://gampahastudioassociation.lk/

විමසීම්:
✉️[email protected]
📞 Exhibition Chairman
Sanka Sammana - 0777 76 80 15
📞 Exhibition Secretary
Niranga K. Peiris - 077 789 3898

-GAMPAHA




22/12/2025

ඡායාරූප ශිල්ප ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම!

ඡායාරූප කලා මාධ්‍යය පිළිබඳ ඉගෙනුමට ඇලුම් කරන සැමට,

පාඨමාලා කාලය: වසර 01
දේශන පැවැත්වීම : සති අන්තයේ ඉරිදා දින
මාධ්‍යය : සිංහල

*අයදුම් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම්

මෙම පාඨමාලාවට අයදුම් කිරීම සඳහා අවම සුදුසුකම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වීම හෝ ඒ හා සමාන සුදුසුකම් හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම සහ වසර 5ක සේවා පළපුරුද්දක් තිබීමයි.

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් විය යුතු වන අතර සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් පාඨමාලාව සඳහා තෝරා ගැනීමේ අවසාන තීරණය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සතු වේ.

පාඨමාලා ගාස්තු: රු. 130,000.00
ගෙවීම් ක්‍රමය: රු 80,000 සහ රු 50,000 ලෙස වාරික දෙකකින් ගෙවිය හැක.

*කවුරුන් සඳහා ද?

■ ඡායාරූප කලා මාධ්‍යය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට.
■ වෘත්තීමය ලෙස ඡායාරූප මාධ්‍යයෙන් ඉදිරි පියවර තැබීමට බලාපොරොත්තුවන්නන්ට,
■ ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තිකයෙකු වුවද, ශිල්පීය දැනුම සහ කුසලතා වර්ධනය කර ගැනීමට අවැසි අයට,
■ ඡායාරූප කලා මාධ්‍යය මූලික දෘශ්‍ය මාධ්‍යය ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලෙස,
■ වෘත්තීයවේදියෙකු ලෙස විදේශගත වීමට අවශ්‍ය සුදුසුකම් සඳහා,

*ඉගැන්වීම්

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම යටතේ,කලාව සහ ඡායාරූප කලා මාධ්‍යය සිට සංස්කරණය ආදී අධ්‍යයනයේ මූලික විෂය පරාසයන් ආවරණය වන පරිදි ඉගෙනුම් කටයුතු සිදු වේ.

*ඉල්ලුම් කළ යුතු ආකාරය

මාර්ගගත අයදුම්පත සඳහා වෙබ් අඩවිය: https://coursereg.kln.ac.lk/reg/PHG

*සම්මුඛ පරීක්ෂණය

පහත සඳහන් සහතික වල පිටපත් සමඟ 2026 මාර්තු 07 හා 14 දින අප අධ්‍යයන අංශයෙහි පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතුයි.
මාර්ගගතව සම්පූර්ණ කළ අයදුම්පත , ගෙවීම් සිදුකළ ලදුපත (ලියාපදිංචි ගාස්තු) , උප්පැන්න සහතිකය , අධ්‍යාපන සහතික - අ.පො.ස. (සා/පෙළ) , අ.පො.ස. (උ/පෙළ) සහ වසර 05 පළපුරුද්ද සනාථ කළ හැකි සහතික (උසස් පෙළ අසමත් නම් පමණි)

ලිපිනය: සම්බන්ධීකාරක, ඡායාරූප ශිල්ප ඩිප්ලෝමා පාඨමාලාව, නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
වැඩිදුර තොරතුරු: 011 2903762 (සතියේ දිනවල පෙ.ව. 9.00 - 3.00 ප.ව)
WhatsApp: 077 0213120
WhatsApp Group link (Applicants)
https://chat.whatsapp.com/EVh8k7DPBTtFsEOSuq5dlF

දැන්ම අයදුම් කර ඡායාරූප ක්ෂේත්‍රයේ න්‍යායික දැනුම සහ කුසලතා පූර්ණ වෘත්තිකයකු වීමට සම්බන්ධ වන්න.

Address

50/06/02, Polhena Road
Nittambuwa

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 17:00

Telephone

+94718469081

Website

Alerts

Be the first to know and let us send you an email when Studio 3D Lens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category