12/10/2021
(Captured by ‘Travel & Click’)
The Green Bridge of wales … 🌿🌊🪨
The Green Bridge of Wales is a natural arch formed from Carboniferous Limestone within the Pembrokeshire Coast National Park, Pembrokeshire, Wales. It is located in the Castlemartin military training area just beyond the car park at Stack Rocks and beside the Pembrokeshire Coast Path. It is a popular visitor attraction and can be accessed by walkers from the Pembrokeshire Coast Path. With a height of around 80 ft and with a span of more than 66 ft, the Natural Arch and Bridge Society describe it as 'probably the most spectacular arch in the United Kingdom'.
Geological explanation:
The geology of the area in which the Green Bridge of Wales is located is composed of a very thick layer of Carboniferous Limestone, including a certain amount of chert. Erosion has occurred over time as storm winds have battered the coast, pebbles have been dashed against the rocks, sand particles have worn away the surface, and chemical erosion has dissolved the limestone. The weakest parts of the cliff are the first to be worn away, usually the folds and small faults that are present in the rocks. This has resulted over many millennia in the creation of many unusual landforms. In the case of the Green Bridge of Wales, erosion has taken place on both sides of a small headland, caves have been formed which extended further and further until they met, forming the arch that can be seen today. Its outer edge rests on a more durable rock pedestal and its upper surface is clad in vegetation. The Green Bridge lost a considerable amount of rock to damage during Storm Ophelia in October 2017.
වේල්සයේ හරිත පාලම … 🌿🌊🪨
වේල්සයේ හරිත පාලම යනු වේල්සයේ පෙම්බ්‍රොකෂයර්හි, පෙම්බ්‍රොක්ෂයර් වෙරළ ජාතික වනෝද්‍යානය තුළ කාබොනිෆරස් හුණුගල් වලින් සැදුනු ස්වාභාවික ආරුක්කුවකි. එය පිහිටා තිබෙන්නේ කාසල්මාටින් හමුදා පුහුණු ප්‍රදේශයේ ස්ටැක් රොක්ස් හි වාහන නැවතුම්පලට තරමක් නුදුරින් සහ පෙම්බ්‍රෝකේෂයර් වෙරළ තීරය අසල ය. එය ජනප්‍රිය සංචාරක ආකර්‍ෂණයක් වන අතර පෙම්බ්‍රෝකේෂයර් වෙරළ තීරයේ සංචාරය කරමින් ප්‍රවේශ විය හැකිය. අඩි 80 ක් පමණ උසකින් සහ අඩි 66 කට වඩා වැඩි දිගකින් යුත් මෙය “ස්වාභාවික ආරුක්කු සහ පාලම් සංගමය” විසින් විස්තර කරන්නේ 'එක්සත් රාජධානියේ ඇති ඉතාමත් දර්ශනීය ස්වභාවික ආරුක්කුවක්’ ලෙස ය.
භූ විද්‍යාත්මක පැහැදිලි කිරීම:
වේල්සයේ හරිත පාලම පිහිටා ඇති ප්‍රදේශයේ භූමිය සෑදී ඇත්තේ ඉතා ඝන කාබනිෆරස් හුණුගල් ස්ථරයකින් වන අතර එයට යම් චර්ට් (මුළුමනින්ම පාහේ සිලිකා වලින් සමන්විත අවසාදිත පාෂාණයකි) ප්‍රමාණයක් ද ඇතුළත් ය. කාලයාගේ ඇවෑමෙන් ඛාදනය සිදුවී ඇත්තේ වෙරළට කුණාටු සුළං හමන නිසාත්, ගල් කැට ගල් වලට කඩා වැටී ඇති නිසාත්, වැලි අංශු මතුපිටින් ගෙවී ගිය නිසාත්, රසායනික ඛාදනයෙන් හුණුගල් දිය වී ගොස් ඇති බවත් නිසාය ය. ගල්පර වල ඇති දුර්වලම කොටස් මුලින්ම අහෝසි වන අතර සාමාන්‍යයෙන් පාෂාණ වල ඇති නැමීම් දෝශ සහිත ස්ථාන වේ. මෙය වසර දහස් ගණනක් තිස්සේ බොහෝ අසාමාන්‍ය ගොඩබිම් නිර්මාණය කිරීමට හේතු වී ඇත. වේල්සයේ හරිත පාලම සම්බන්ධයෙන් ගත් කල, කුඩා හිස් බිමක දෙපස ඛාදනය සිදුවී ඇති අතර, පසුව දෙපස ගුහා සෑදී එම ගුහා හමුවන තුරු ඇතුලත ඛාදනය වීමෙන් අද දක්නට ලැබෙන ආරුක්කුව සෑදී ඇත. එහි පිටත මායිම වඩා කල් පවතින පාෂාණ පීඨයක් මත රැඳී ඇති අතර එහි ඉහළ මතුපිට පැළෑටි වලින් වැසී ඇත. 2017 ඔක්තෝම්බර් මාසයේදී ඔෆීලියා කුණාටුවෙන් හානි වීම නිසා හරිත පාලමට සෑහෙන පාෂාණ ප්‍රමාණයක් අහිමි විය.