22/08/2026
© My Arts
By : Sameera Karunarathna
🌸 සුවඳ විහිදෙන පිච්චමල් කැපකළ පිංබර පෙරහැර මංගල්‍යය... ✨
මල් අස්න පුරාණ විහාරස්ථානයේ 31 වන වරටත් සංවිධානය වූ පූජනීය පිච්චමල් පූජාව නිමිත්තෙන් වීථි සංචාරය කළ මනරම් මල් පෙරහැරේ සුන්දර සහ ශ්‍රද්ධාජනක මතක සටහන් කිහිපයක්.
මුළු පරිසරයම පිච්චමල් සුවඳින් සුවඳවත් කරමින්, සැදැහැවතුන්ගේ සාධුකාර හඬ මැද සංස්කෘතික අංගයන්ගෙන් අලංකාරවත් වූ මේ මල් පෙරහැර සැබවින්ම නෙතටත් සිතටත් ගෙන දුන්නේ අසීමිත ශාන්තියක් සහ සැනසීමක්.
"පූජේමි බුද්ධං කුසුමේන නේන..." 🪷
මෙම පිංකම දැකබලා ගනිමින් සිතින් අනුමෝදන් වන ඔබ සැමටත්, සංසාරිකව රැස්කරගත් සියලු පින් මහිමයන් ආශීර්වාදයක් වේවා! කරන කියන සියලු යහපත් වැඩකටයුතු සාර්ථක වී නිදුක් නිරෝගී සුවය හිමිවේවා! 🙏✨