16/06/2026
එක ඩොක්ටර් කෙනෙක් clinic එකක් දැම්මා.. ඒකට වැඩිය ලෙඩ්ඩු ආපු නැති නිසා ඩොක්ටර් උපක්‍රමයක් කල්පනා කරා.. පස්සේ clinic එක ඉස්සරහා board එකක් ගැහුවා 'ප්‍රතිකාර සඳහා රුපියල් 1000/= සුව කරන්න බැරි වුනොත් අපෙන් ඔබට රුපියල් 5000/='..
ඉතිං මේ board එක දැකපු lawyer කෙනෙක් හොඳ ගානක් හොයාගන්ඩ පුලුවන් කියල හිතලා clinic එකට ගිහිං කියනවා 'ඩොක්ටර්, මට කිසිම දේක රස දැනෙන්නෑ.. ඩොක්ටර් nurseට කිව්වා 15 වෙනි බෝතලෙන් බිංදු දෙකක් lawyerගේ කටට දාන්ඩ කියලා.. දාපු ගමන් පොර කෑ ගැහුවා 'යකෝ මේ ලාම්පුතෙල්නේ..' එතකොට ඩොක්ටර් කිව්වා 'නියමයි, ඔබේ රස දැනීම නැවත ලැබුනා.. ගාන රුපියල් 1000/=
එදා වැඩේ අල කරගත්ත ලෝයර් ආයෙත් දවසක ඇවිත් කියනවා 'ඩොක්ටර් මට කිසිම දෙයක් මතක නෑනේ.. ඩොක්ටර් නර්ස්ට කිව්වා 'නර්ස්, 15 වෙනි බෝතලේ ගේන්ඩ..' කියනකොටම ලෝයර් කෑගැහුවා 'යකෝ ඒ ලාම්පුතෙල්නේ.. ගිය පාරත් උබ මට ඕවා පෙව්වේ..' 'නියමයි ඔබේ මතකය ආපහු ආවා, ගාන රුපියල් 1000/=යි' ඩොක්ටර් කිව්වා..
පසුබට නොවුන ලෝයර් තවත් දවසක clinic එකට ආවාලු කොහොම හරි ගාන කඩාගන්ඩ හිතාගෙන 'අනේ ඩොක්ටර්, මට කිසිම දෙයක් පේන්නෑ..' ලෝයර් කිව්වා.. එතකොට ඩොක්ටර් කිව්වා 'කණගාටුයි, අපිට ඒක සුව කරන්ඩ නම් බෑ.. ආ මේ රුපියල් 5000/= ගන්ඩ.. 'යකෝ මේ දාහෙ කොලයක්නේ' ලෝයර් කෑගැහුවා.. 'අන්න ඒ විදිහට ඔබේ පෙනීම නැවත ලැබුනා.. ගාන රුපියල් 1000/=' ඩොක්ටර් කිව්වා..!
✅