Osada Ruwantha - The Travel Photographer

Osada Ruwantha - The Travel Photographer Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Osada Ruwantha - The Travel Photographer, Photographer, Pattipola.

03/09/2024

කොච්චර වෙලාවක් හිටියත් ඉන්න එපා නොවෙන තැන් 🌿🍃😍

පට්ටිපොළ - Pattipola 🇱🇰

මීදුමෙන් පිරුණු රිවස්ටන් කුලුන 🌿රිවස්ටන් කුලුන මාතලේ - Riverston Tower Mathale මේ ගමන මාතල් රිවස්ටන් කුලුන ගැන. බඹරකිරිඇ...
24/02/2023

මීදුමෙන් පිරුණු රිවස්ටන් කුලුන 🌿

රිවස්ටන් කුලුන මාතලේ - Riverston Tower Mathale

මේ ගමන මාතල් රිවස්ටන් කුලුන ගැන. බඹරකිරිඇල්ල, පිටවලපතන, සේරා ඇල්ල ගැන වෙන වෙන දාන්නම්....

මාතලේ ඉදල රත්තොට හරහා මුලින්ම බඹරකිරිඇල්ලට ගිහින් ඒ පාරෙම ඉස්සරහට යනකොට රිවස්ටන් කුලුන බලන්න යන පාර හම්බවෙනවා. එතන ඉදල පයින් තමා යන්නෙ වෙන්නේ . වාහනේ එතන පාර්ක් කරන්න පුළුවන්.
එතන ඉදල පයින් පැයක විතර කන්න නැගල කුලුන ලඟට යන්න පුළුවන්. කුලුන ළඟට වෙනකම් යන්න පාර හදල තියෙනනේ. නකල්ස් වනාන්තරයට තමා මේ තැන අයත් වෙන්නේ.

මම කන්ද නගින්න පටන් ගත්තේ උදේම ඒ හින්දා හැම තැනම මීදුමෙන් පිරිල සීතල නිස්කලංක පරිසරයක් මාරම ලස්සනයි.
යන අතරමඟදි හුලං කපොල්ලෙන් මාරම අත්දැකීමක් ලබා ගන්නත් පුළුවන්. හැබැයි හුලං තියෙන කාලෙට විතරයි.

Instagram - https://www.instagram.com/osada_ruwantha
Youtube - https://youtube.com/channel/UC0_URCdgmX8PNyBlufSiqjg

Samsung Galaxy A7 (2018) 📱

ඇතුගල - Athugala 🐘🇱🇰 ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරය තුළ පිහිටා තිබෙන ඉතා ආකර්ෂණීය පර්වතයක් තමයි ඇතුගල කියලා කියන්නේ. මෙය සමහ...
16/01/2023

ඇතුගල - Athugala 🐘🇱🇰

ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරය තුළ පිහිටා තිබෙන ඉතා ආකර්ෂණීය පර්වතයක් තමයි ඇතුගල කියලා කියන්නේ. මෙය සමහරු ඇතාගල යන නමිනුත් හඳුන්වනවා. කුරුණෑගල නගරයෙන් 1 km ක් පමණ දුරින් තමයි ඇතාගල පිහිටා තිබෙන්නේ. මෙම පර්වතයට මෙම නම ලැබිලා තියෙන්නේ එහි පිහිටීමේ ස්වභාවය ඇතෙක් ආකාරයට ගන්නා නිසායි. මෙය කුරුණෑගල පිහිටි සුවිශේෂී සන්ධිස්ථානයක්.

Athugala also called as ethagala is a very splendid rock that overlooks the Kurunegala town in Sri Lanka. Athugala is situated just around 1km away from Kurunegala town. The rock gets the name “athugala” due to its shape of an elephant. This is "the" iconic landmark of Kurunegala.

Instagram - https://www.instagram.com/osada_ruwantha

Youtube - https://youtube.com/channel/UC0_URCdgmX8PNyBlufSiqjg

Canon 6D mii + 70-200mm 📷

ගාලු කොටුව ඔරලෝසු කණුව 🇱🇰 Galle Fort Clock Tower 🇱🇰 ගාල්ලේ සංකේතයක් වන මෙම ඔරලෝසු කණුව දිවයිනේ උසම ඔරලෝසු කණුව ලෙස හඳුනා...
30/12/2022

ගාලු කොටුව ඔරලෝසු කණුව 🇱🇰
Galle Fort Clock Tower 🇱🇰

ගාල්ලේ සංකේතයක් වන මෙම ඔරලෝසු කණුව දිවයිනේ උසම ඔරලෝසු කණුව ලෙස හඳුනාගත හැකිය. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් (1822-1903) F.R.C.P වෛද්‍ය උපාධිය ලබාගත් ප්‍රථම ලාංකිකයා Dr. P.D. Anthonisz සිහිවීම පිණිස John Henry Gues Landon නම් ඉංජිනේරුවරයා විසින් කරන ලද සැලැස්මකට අනුව මෙය 1883 වර්ෂයේදී ඉදිකරන ලද්දකි. මෙහි ඔරලෝසුව පරිත්‍යාග කළේ කොස්ගොඩ ප්‍රදේශයේ විසූ මහා පරිත්‍යාගශීලියෙකු මෙන්ම මුදලිවරයෙකු වූ සැම්සන් ද ආබෲ රාජපක්ෂ මහතායි. මීට පෙර මෙම ස්ථානයේ ගල් යොදා ඉදිකරන ලද ඝණ්ඨාරාගාරයක් තිබී එය 1879 දී ඉවත් කර මීටර් 25.3 ක උසකින් යුත් ඔරලෝසු කණුව ඉදිකර ඇත.

Instagram - https://www.instagram.com/osada_ruwantha

Youtube - https://youtube.com/channel/UC0_URCdgmX8PNyBlufSiqjg

Samsung Galaxy A7 (2018) 📱

17/12/2022

කොටුවට වහින වැස්ස 🌧️

වෙලාව රෑ හතට විතර ඇති. හිටි හැටියෙම හයියෙන් ලොකු වැස්සක් වහිනවා. තියෙන විදුලි පහන්වල එළියත් එක්ක, ඈතින් පේන නෙලුම් කුළුණුත් එක්ක මේ වැස්ස මාර ලස්සනයි 😍 ලාවට එන සීතල හුලඟ එක්ක වැස්ස දිහා කොච්චර වෙලා බලාගෙන හිටියත් එපා වෙන්නෙ නෑ...😍

Instagram - https://www.instagram.com/osada_ruwantha

Youtube - https://youtube.com/channel/UC0_URCdgmX8PNyBlufSiqjg

Samsung Galaxy A7 (2018) 📱

සෙම්බුවත්ත  🌿🇱🇰 Sembuwaththa  🌿🇱🇰     සෙම්බුවත්ත වැව මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටා ඇති මනරම් හා දේශීය වි...
04/12/2022

සෙම්බුවත්ත 🌿🇱🇰
Sembuwaththa 🌿🇱🇰

සෙම්බුවත්ත වැව මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටා ඇති මනරම් හා දේශීය විදේශීය සංචාරක ආකර්ෂණීය ස්ථානයකි. මාතලේ සිට 25Km සහ මහනුවර සිට 30Km පමණ දුරින් මෙම ස්ථානය පිහිටා ඇත.
ඇල්කඩුව වැවිලි සමාගම යටතේ නඩත්තු වෙන මේ වැව ස්වාභාවික උල්පත් ජලයෙන් නිර්මාණය වූවකි. සෙම්බුවත්ත වැව විශාල තේ වතුයායක් මැද කදුවලින් වටවී ඇත.

Instagram - https://www.instagram.com/osada_ruwantha

Youtube - https://youtube.com/channel/UC0_URCdgmX8PNyBlufSiqjg

Gopro HERO 6 Black 📷

හුලංගල  🌿🇱🇰 Hulangala 🌿🇱🇰 හුලංගල පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සේලගම වතුයායේ නකල්ස් කඳුවැටියේ දකුණු කොටසේ ය. හුලං...
18/11/2022

හුලංගල 🌿🇱🇰
Hulangala 🌿🇱🇰

හුලංගල පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සේලගම වතුයායේ නකල්ස් කඳුවැටියේ දකුණු කොටසේ ය. හුලංගල කඳු මුදුන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා තිබුණද බෑවුමේ පහළ කොටස මාතලේ දිස්ත්‍රික්කයට අයත් වේ. එබැවින් මෙම සුන්දර ස්ථානයට කුරුණෑගලින් හෝ මාතලේ සිට ළඟා විය හැකිය.

Instagram - https://www.instagram.com/osada_ruwantha

Youtube - https://youtube.com/channel/UC0_URCdgmX8PNyBlufSiqjg

Gopro HERO 6 Black 📷

06/11/2022

ආදරණීය වැස්ස 🌿🌧️🥰

දවස පුරාම චුරු චුරු වැස්ස හරියට මලයාලම් ෆිල්ම් එකක වගේ 😍 එහෙම වහිද්දිත් එපා වෙනවා වෙලාවකට. ඒත් සැර ඉඟුරු ප්ලේන්ටියක් එක්ක වැස්ස දිහා බලාගෙන ඉද්දී දැනෙන ෆීලින් එක ගැන වචනයෙන් කියන්න තේරෙන්නෙ නෑ... 🥰

Instagram - https://www.instagram.com/osada_ruwantha

Youtube - https://youtube.com/channel/UC0_URCdgmX8PNyBlufSiqjg

Canon 6D + 35+105mm 📷

රුහුණු මහා කතරගම දේවාලය 🦚 🇱🇰 දුක් විපත්                            විඳිනාහැම සත දුකින්                  මුදනාරෝදුක්     ...
14/10/2022

රුහුණු මහා කතරගම දේවාලය 🦚 🇱🇰

දුක් විපත් විඳිනා
හැම සත දුකින් මුදනා
රෝදුක් දුරලනා
කතරගම දෙවි වදිම් බැතිනා

Ruhunu Maha Kataragama Dewalaya

Address

Pattipola

Website

Alerts

Be the first to know and let us send you an email when Osada Ruwantha - The Travel Photographer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Osada Ruwantha - The Travel Photographer:

Share

Category