Rasmi Vibes

Rasmi Vibes ආයුබෝවන්! 🙏

✨ Welcome to Rasmi Vibes, where everyday moments turn into beautiful memories. 🌼

Follow and smile with the little things 💛

25/05/2026

Iceland 🍃

17/05/2026
17/05/2026

My Fairytale Birthday Came True ✨🎂 | Cinderella Theme Birthday 🦋

My fairytale birthday finally came true ✨🎂🦋
Celebrating my special day with a beautiful Cinderella theme birthday, dreamy princess vibes, elegant dress, and magical birthday moments 👑💙

Don’t forget to like & follow for more aesthetic and princess style content 💫

13/04/2026

Sri Lanka Beach Night Vibes 😍✨ | Luxury Hotel Look at Night | The Palms Beruwala 🇱🇰

This is how beautiful The Palms Beruwala looks at night 😍✨
Calm beach vibes, lights, and relaxing atmosphere in Sri Lanka 🌊

👉 Want full hotel tour + buffet + price details + review?
Watch the full video on my YouTube channel !

https://youtube.com/?si=bT1DDEPhDs2YlKRP

Don’t forget to Like & Follow for more travel videos!

11/02/2026
මම මේ කියන්නේ මගේ ක්‍රීම් journey එක ගැන. මෙතැනදි මට මොනම brand එකකටවත් අපහාසයක් කරන්න ඕන නෑ කියන එක මම මුලින්ම කියන්නෝන...
10/02/2026

මම මේ කියන්නේ මගේ ක්‍රීම් journey එක ගැන. මෙතැනදි මට මොනම brand එකකටවත් අපහාසයක් කරන්න ඕන නෑ කියන එක මම මුලින්ම කියන්නෝනි සහ කිසිම බොරුවක් මේ පෝස්ට් එකේ නෑ. මගේ අරමුණ මම වගේ ගෑනු ළමයි මේ වගේ ක්‍රීම් පාවිච්චි කරලා මම වගේ රෝගියෙක් නොවෙනවා දකින්නයි.

ඉතින් මම ගැන කිව්වොත් මට ස්කෝලෙ යන කාලේ 6 වසරේ ඉඳන්ම මොනාමහරි ක්‍රීම් එකක් ගාලා තව ලස්සන වෙන්න ආසාවක් තිබ්බා. මම ඒ කාලේ වැඩියෙන්ම පාවිච්චි කළේ චන්දනාලේප මට මතක විදිහට. ඊට පස්සෙ පාසල් කාලේ ඉවර වෙලා මම හොඳ brandවල cream එහෙම ගාන්න ගත්තා. මගේ අම්මා මට doctor කෙනෙක්ගෙනුත් සම පැහැපත් වෙන්න ක්‍රීම්, face wash වගේ දේවල් අරන් දුන්නා. ඒත් මට ඒවගෙන් මගේ හම පැහැපත් වෙනවා නම් පෙනුණේ නෑ. ඊට පස්සේ මට යාළුවෙක් කියලා මම ගාන්න ගත්තා Cosmo By Dill New එකේ cream. අම්බෝ සුදු නම් වුණා ඒකට සතියෙන්. හැබැයි ගෑවයින් පස්සේ මදි නොකියන්න මට දහඩිය දැම්මා. මට තේරුණා මේකේ bleaching කන්දක් තමා තියෙන්නේ කියලා. මේකෙන් ආවෙත් bleaching සුදක්. ඊටපස්සේ මම 2024 අගෝස්තු වගේ ඉඳන් Cameeliya Beauty ගාන්න ගත්තා. ඒකෙන් මගේ හමට ලස්සන රන්වන් පාටක් ආවා. Cosmo By Dill New එකේ වගේ bleaching සුදක් ආවේ නැති නිසා මම හිතුවා මේකේ bleaching නැතුව ඇති කියලා. ඒත් පස්සේ මට මේ cream එක recommend කරපු යාළුවට මුහුණේ කළු ලප වගේ ඇවිත් තිබුණා. එයා ඒක කිව්වම මට බය හිතිලා මම cameeliya beauty එකේ ඒ අක්කාගෙන් ඇහුවා. එයාලා මට ඒ වෙලාවේ Industrial Technology Institute එකේ කෙනෙක් certify කරපු certificate වගයක් පෙන්නුවා. Ayurewedic Certificate කියලද කොහිද කිව්වේ මට මතක නෑ. මට එයාලා whatsapp එකෙන් ඒ certificate එව්වේ එක පාරක් විතරක් බලන්න පුළුවන් විදිහට. ඒකට හේතුව විදිහට එයාලා කිව්වේ වෙන අය ඒවා අරන් එයාලගෙ වගේ පෙන්නනවා කියලා නැත්නම්. ඒ certificate ටික දැකලා ඇත්තටම මට මේ cream එක ගැන විශ්වාසයක් ආවා. ඒකේ හැම product එකක්ම හොඳයි කියලා හිතලා මම lip balm, underarm cream, hair butter පවා ගත්තා. මගේ යාළුවගේ skin එක oily නිසා එහෙම කළු ලප එන්න ඇති කියලා හිතලා මගේ skin එකේ pimple එහෙමත් එන්නේ නැති නිසා මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා හිතුවා. ඒත් මට ගිය අවුරුද්දේ අගෝස්තු වගේ ඉඳන් බෙල්ලේ දුඹුරු ලප වගේ එන්න ගත්තා. ඒක බෙල්ලෙ විතරයි තිබ්බේ. වෙන කොහිටවත් බෝ වුණේ නෑ. ඒක නිසා මම වැඩිය ඒ ගැන හිතුවෙත් නෑ. පස්සේ මම ජනවාරි 12 සඳුදා Dermologist doctor කෙනෙක් Channel කරා. Doctor මට කිව්වා මට මේක ආවේ මම පාවිච්චි කරපු creamවලින් කිව්වා. ඒ වෙලාවේ මම හිතින් සෑහෙන්න වැටුණා. මම හිතුවේ නෑ මට කවදාවත් මේ වගේ දෙයක් කරගන්න... මට මං ගැනම කළකිරීමක් වගේම මේ රට, රටේ බොරුකාර මිනිස්සු ගැන තරහකුත් ආවා. මම cameeliya beauty page එකෙන් දාපු ad එකකට comment එකක් මේ අද දැම්මා මේවා use කරන්නෙපා කියලා. දැන් page එකෙන් මාව block කරලා. මට තේරුණා හැම page එකකම හොඳ reviews විතරක් තියාගෙන ඉන්නේ කොහොමද කියලා.😂

මම තවමත් ඉන්නේ මේක හොඳ කරන්න පුළුවන් මට්ටමේ. ඒත් මම කල්පනා කළේ මම වගේ මේ ලප ගණන් නොගෙන ගොඩ කාලයක් ඉඳපු කෙනෙක්ට කොයිතරම් හානියක්ද වෙන්නේ කියලා. 🥺 මම ඇත්තටම විශ්වාස කළේ එදා පෙන්නපු certificates. ඇත්තටම රටක් විදිහට අපි කොයිතරම් අන්ත තැනකද ඉන්නේ මේ වගේ මිනිස්සුන්ට හොඳ නැති cream certify කරන්න තරම්. ලංකාවේ තරම් වස විස කන වෙන රටකුත් නෑ කොහොමත්. ඒත් මම හිතුවේ නෑ certify කරපු දේකින් කවදාවත් මට මේ වගේ දෙයක් වෙයි කියලා. 🥺🥺

මම පස්සේ මට ආව රෝගය හොයලා බැලුවා. මේ Acanthosis Nigricans රෝගය. ඔයාලත් මේ රෝගය ගැන හොයලා බලන්න. මොකද ඔයත් cream ජාති use කරන කෙනෙක් නම් ඔයාටත් තියෙන්න පුළුවන්. Doctor මට කිව්වා දවසකට 15ක් විතර මේ රෝගය හැදුණු රෝගින් එනවා කියලා එයාව හම්බ වෙන්න. ඒ වගේම, doctor මට සෑහෙන්න බැන්නා, අවවාද කළා මේ වගේ products use කළාට. ඉතින්, මම ලංකාවේ ඉන්න ගෑනු ළමයින්ට කියන්නේ ඔය කිසිම side effect එකක් නෑ කියන cream එකක්වත් use කරන්නෙපා doctor කෙනෙක්ගේ recommendation එකක් නැතුව. මම Cameeliya Beauty ගත්තෙත් එයාලා side effects නෑ කිව්ව නිසයි. ඒත් මට වෙන්න පුළුවන් ලොකුම effect එක වුණා. මට එතැන වැරදුණා. මම මේ cream එක ගොඩක් අයටත් recommend කළා. ඒක නිසාත් මට දුකයි. ඉතින්, මම මගෙන් වෙන්නෝනි යුතුකම කළා. මම මේ ගැන recommend කරපු අයව දැනුවත් කරන්නයි මට ඕන වුණේ. ඒ වගේම මේ දේවල් පාවිච්චි කරන අහිංසක ගෑනු ළමයින්වත්. ඔයාලා මේ cream ගන්න වියදම් කරපු ගාණට වඩා වියදමක් ඔයාලට යනවා මේ ලෙඩ හැදුණාම බෙහෙත් ගන්න. ඉතින් ගෑනු ළමයිනේ, මේ රැවටිලිකාර සමාජයෙන් පරිස්සම් වෙලා ඉන්න. කවුරු අත තියලා දිවුරුලා side effect නෑ කිවුවත් ලෙඩක් හැදුණාම ඒ කවුරුත් නෑ. තමුන්ට දුක් විඳින්නේ වෙන්නේ තනියම. මම දන්නවා දැන් මේ එක product brand එකකවත් කට්ටිය තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නෑ වගේම ඒක වහගන්න ලොකු ගේමක් දෙනවා කියලා. ගෑනු ළමයි ඔයාලා පරිස්සම් වෙන්න. කිසිම වෛද්‍ය නිර්දේෂයක් නැතුව cream පාවිච්චි කරන්නෙපා!

සැ.යු. - මම, මම පාවිච්චි කරපු cameeliya beauty එකේ cream, face wash දැකලා තරහා ගිහින් විසි කරලා දැම්මා. ඔය පහළ photo එකේ තියෙන්නේ දැනට මං ගාව තියෙන ටිකක් විතරයි.
ඒ වගේම මගේ රෝගය දැන් සෑහෙන දුරට ගොඩක් හොඳයි.
මේ නිෂ්පාදන පිළිබඳ රාජ්‍ය අංශය දැනුවත් කරලා වෙළඳපොලෙන් ඉවත් කරන්න විදිහක් දන්නවා නම්, පුළුවන් නම් කියාගෙන යන්න.
ඒ වගේම මේ වගේ business නිසා මිනිස්සු අමාරුවේ වැටෙන එක නවත්තන්න පුළුවන් නම් මේ pageවලට report ගහගෙන යන්න. Comment දාන්නෙපා. දැම්ම ගමන් page එකෙන් block කළාම ඔයාගේ comments කාටවත් පේන්නේ නෑ. ඒක නිසා report කළා නම් හරි කියලයි මට හිතෙන්නේ.

අපි එකතු වුණොත් මේ මිනීමරුවන්ව නවත්තන්න කරන්න බැරි දෙයක් නෑ!

#ගෑනුළමයින්ටපණිවිඩයක් #ස්කින්කේයාර්සත්‍යය

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when Rasmi Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category