4වටේwith DILA සංචාරකයකුගේ දින පොත -Diary Of Traveler

4වටේwith DILA සංචාරකයකුගේ දින පොත -Diary Of Traveler Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 4වටේwith DILA සංචාරකයකුගේ දින පොත -Diary Of Traveler, Photographer, Nuwara Eliya.

22/12/2023
මන්දාරම් අඳුර සොයා          ලංකාව පුංචි දූපතක් වුනත් ලස්සනෙන් නම් පුංචි නෑ . පොඩි වෙලාවක් තුල වෙනස් වන පරිසරයන් , කාලගුණ...
13/12/2018

මන්දාරම් අඳුර සොයා

ලංකාව පුංචි දූපතක් වුනත් ලස්සනෙන්
නම් පුංචි නෑ . පොඩි වෙලාවක් තුල වෙනස් වන
පරිසරයන් , කාලගුණයන් , දේශගුණයන් අපේ
රටේ අත් විඳින්න පුළුවන් .
අපි හැමෝම කැමතියි නේ අව්වත්
නැති වැස්සත් නැති කාලගුණයට . දවසෙන්
වැඩි හරියක් අන්න ඒ මන්දාරම පවතින ගමක්
හොයාගෙන මම ගියා .
මධ්‍යම කඳුකර⁣ය කියන්නෙ කොහොමත්
කඳු අස්සෙ ලස්සන රහස් හංඟගෙන ඉන්න
පළාතක්..මිනිස් ඇහැ අඩුවෙන් ම ගැටිච්ච
හුදකලා බිම් වල සමහරවිට අපි කවුරුවත්
නොදන්න සුන්දර දේවල් තියෙන්න පුළුවන්..

මං මේ කියන්න යන ගමත් අන්න ඒ වගේ
යෝධ පිදුරුතලාගල , දුම්බර මිටියාවත ,
බලගොල්ල කැලය, තැම්මිටිය කැලය ,
මීරිය කැලය , කබරගල හා ගෝනපිටිය යන
කඳු ගණනාවකින් වට වූ පුංචි ගමක් තියනවා .
දවසෙන් වැඩි හරියක් මන්දාරමෙන් පවතින
නිසා මේ ගමට මන්දාරම්නුවර කියලා තමා
කියන්නේ . වෙලාවකට වැස්ස තවත් වෙලාවකට මන්දාරම පවතින මේ ගම බලන්න
යනවා නම් වැස්සට පෙර සූදානමෙන් යන්න
ඕන . Rain coat එකක් එහෙම ගෙනියන්න
පුළුවන් නම් හොඳයි ඉතින් .
කොළඹින් පාන්දරම පිටත් උනාට
මන්දාරම් නුවරට අපි යද්දි දවල් 12 විතර වුණා .
210km කින්, පැය 6කට පස්සෙ අපි ආවේ
තනිකරම මීදුමෙන් වැසුනු සුන්දර ලෝකයකට .
නුවරඑළිය පාරේ ඇවිත් රාගල , වලපනේ ,
කඳපොල හරහා මන්දාරම්නුවරට යන්නත්
පුළුවන් . අපි ආවේ නුවරට ඇවිල්ලා
රිකිල්ලගස්කඩ පදියපැලැල්ල හරහා .

කලින් book කරලා තිබ්බ නිසා
අපිව පිළිගන්න hiking sri lanka එකේ
කොල්ලො 2න්නෙක් හිටියා ගමේ. එවෙලේ
ඉදලා අපිව guide කරේ ඒ brotherලා දෙන්නා.
මේ ගමට පය ගහපු ගමන් දැක්කත් බය
හිතෙන තරම් උස කන්දක් පේනවා . ඒ
කොඩියාර කන්ද . මේක නැගල බහින්න
සම්පූර්ණ දවසක් යනවා . කොඩියාර කන්ද
නගින්න බැරි උනත් ගමේ තියෙන කන්දක්
නගින්න අපි මුලින්ම පටන් ගත්තා . කුඹුරු
,එළවලු කොටු, අල කොටු මැදින් කන්ද
උඩටම නැග්ගම කඳු වළල්ලකින් වට වුණු මේ
පුංචි ගම කොච්චර ලස්සනද කියල බලා ගන්න
පුළුවන් . ඒ hike එකෙන් පස්සෙ අපි ගියේ
අලකොටු එළවලු කොටු බලන්න . අමුතුම
ආකාරයට වගා කරලා තියෙන ඒ කොටු
දැක්කත් ආස හිතෙන තරම් ලස්සනයි. එක
පෙලට ති⁣යන ලීක්ස් ,ගෝවා ,කැරට් ,රාබු
පාත්ති ..... ඒක කියල වැඩක් නෑ ගිහිල්ලම
බලන්න ඕන .
මේ වගේ ගමකට ගිහිල්ලා tap
එහෙකින් නාලා වැඩක් නෑනේ . ඉතින් අපිත්
ගියා සීතල දොළපාරකින් නා ගන්න කියලා
හිතාගෙන . වතුරට බැස්සම අපේ මුලු ඇඟම
ගල් වෙලා ගියා . ඒ තරම් සීතලයි . නිකන් ice
කුට්ටි ගොඩක් මැද්දට පැන්න වගේ . ඒ වගේ
පළාතක රෑ වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඒ
වගේ වතුර පාරක නානවා කියන එක
කොහොමද කියලා හිතාගන්න පුළුවන් ද?
මතක් වෙද්දිත් ආසයි.
ලංකාවේ අනිත් පළාත් වලට රෑ වෙන්න
පටන් ගන්නේ 6ට 7ට උනාට මන්දාරම්නුවරට 4
5 වෙද්දි රෑ වේගෙන එනවා.
අපේ මිනිස්සුන්⁣ගෙම වැඩ නිසා
මන්දාරම්නුවර රක්ෂිතයට අයිති කිසිම තැනක
camp කරන එක තහනම් කරලා තිබුනත්
hiking sri lanka එ⁣කේ කොල්ලො 2න්නගේ
උදව්වෙන් කන්දක් මැද කොටුවක camping
කරන්න අපිට පුළුවන් වුනා. camping කරනවා
නම් ගිනිමැලයකුත් ඕනෙමයිනේ. ඉතින් tent
එක ලඟින්ම ගිනි මැලයකුත් ගහගත්තා .
"මීඳුම් බඳින කන්දක් මැද camping කරනවා
කියන්නේ .....ඒක අපේ බාසාවෙන් කියනවා
නම් පට්ට." මගේ ජීවිතේ ලබපු මාරම
අත්දැකීමක් ඒක .
ඉතින් එදා රෑ අපේ අපි tent එකට
ආවා අමුත්තෙක්. ඒ මේ ගමේ වයසක මාමා
කෙනෙක්. ඉතින් මේ මාමාගෙන් මන්දාරම්නුවර
ගැන ගම්මු කියන කතා ගොඩක් දැනගත්තා
අපි.
#ඒ කාලේ අගෝස්තු මාසේ විතරයිලු ඉර
පායන්නේ
#ඉස්සර මේ ගමේ ඉඳලා තියෙනවලු මනු
කියලා පුද්ගලයෙක් . ඒ කිව්වේ රාවණාටත්
කලින්. මෙයාලු මනුස්ස වර්ගයාගේ ආරම්භය.
ඒ කියන්නේ මනුස්ස වර්ගයාගේ ආරම්භය
සිද්ධ වෙලා තියෙන්නෙ මේ ගමේලු. ඒක නිසා ඒ
දවස්වල මනුපුරය කියලත් කියනවලු මේ ගමට
#රාවණා රජ්ජුරුවන්ගෙ නිධාන තියෙනවලු .
#ගම ආරක්ෂා කරන්න හතර වටේට කඳු වල
වානර රූප හතරක් තියෙනවාලු .

මන්දාරම්නුවර ගැන ලිඛිත විස්තර හම්බවෙන
එකම පොත මන්දාරම්පුවත ග්‍රන්ථය. ඒ පොතට
අනුව නම් ජනප්‍රවාදයේ එන ගොඩක් අැත්තලු.

එදා රෑ ඒ විදියට ගෙවපු අපි පහුවදා
උදේම ගියේ කොලපතන ඇල්ලේ⁣ සීතල වතුරට
තෙමෙන්න . මන්දාරම්නුවර දියඇලි ගොඩක්
තියෙනවා . ඒ වගෙන් ප්‍රසිද්ධම කොලපතන
ඇල්ල . ඉතිං අයිමත් අපිට කඳු නගිමින්
බහිමින් අල කොටු එළවලු කොටු මැදින් 1km
ක් විතර පයින් යන්න වුනා ඇල්ලට. මේ කොළපතන ඇල්ලත් ලංකා⁣වේ තියෙන
ගොඩාක් ලස්සන ඇල්ලක් . මේ ඇල්ලට මේ
නම වැටිලා තියෙන්නෙ කොහොමද කියලා
දන්නවද ?
ඒකත් හරි ලස්සන කතාවක් . අපි කවුරුත්
දන්නවනේ මල්සරාව . ඉතින් මේ මල්සරා ඉඳලා
තියෙන්නෙත් මන්දාරම්නුවර ළඟ මල්සරානුවර
කියලා ගමකලු. මේ මල්සරයි එයාගේ දේවියයි
දවසක් කොළපතක බතුත් බෙදාගෙන මේ
ඇල්ල බලන්න ආවලු . කාලා කොළ පත එතන
දාලා ගියාලු . කොළපත දාලා ගියපු ඇල්ල
කොළපතන ඇල්ල උනාලු .

වේලාව මදි වුණ හින්දා අපිට මේ දේවල්
කරන්න බැරි වුණා එදා.
#කැලේ ඇතුළෙ තියෙන්නෙ බෙරගල ඇල්ල
බලන්න යන්න
#අවසර අරගෙන පිදුරුතලාගල කන්ද නගින්න
#නම්වලින් ප්‍රසිද්ධ නැති උනත් තව ඇලි කීපයක්
තියෙනවා බලන්න
ඒ දේවල් බැරිවුනත් කලුවලේ
water adventure කරන්න නම් අමතක කලේ
නෑ අපි .
විශේෂයෙන් කියන්න ඕනේ මන්දාරම්
නුවර හැමෝම බීමට පවා ගන්නේ ගලාගෙන
එන ස්වාභාවික ජලය . ඒ නිසා ඒ ගමට ගලාගෙන එන ජලයට කිසිම ආකාරයකින්
හානියක් නම් කරන්න එපා . අපේ රටේ නියම
ආගන්තුක සත්කාර තියෙන ගමක්
මන්දාරම්නුවර . ඒ තරම් හොඳ අහිංසක
මිනිස්සු ඉන්න පුංචි ලස්සන ගමක්.

මුළු පළාතටම පේන්න තියෙන විශාල සමාධි
පිළිමෙත් වැඳගෙන මන්දාරම්නුවරට එදා අපි
සමුදුන්නා .
යන්න ගිහිල්ලා බලලා එන්න. බලලා
ඔයාලගෙ පා සටහන් විතරක් ඉතුරු කරල එන්න . මන්දාරම්නුවර ජීවිතේ එක පාරක් හරි
යන්නම ඕන තැනක්.
මන්දාරම් අඳුර සොයාගෙන ගිය
සංචාරකයගේ දිනපොතේ මන්දාරම්නුවර
කතාව මෙසේ නිමා විය.

Dilan Gunawardana

ලංකාව 4 වටේ යන ගමනේදි මීළඟ මගේ නැවතුම වුණේ ⁣ඌව පළාතේ සුන්දර නගරයක්....ඒ තමයි මේ දවස්වල බොහෝ දෙනාගෙ කතාබහට ලක්වුණ " ඇල්...
13/12/2018

ලංකාව 4 වටේ යන ගමනේදි මීළඟ මගේ
නැවතුම වුණේ ⁣ඌව පළාතේ සුන්දර
නගරයක්....ඒ තමයි මේ දවස්වල බොහෝ
දෙනාගෙ කතාබහට ලක්වුණ " ඇල්ල "
නගරය...
හරියටම කිව්වොත් මුහුදු මට්ටමේ
ඉඳලා අඩි3400ක් උසින් තියන ඇල්ල නගරය
කොළඹ ඉඳලා 200kmක් පමණ දුරින් තමා
තියෙන්නේ .
කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00ට
පිටත් වෙන night mail train එකෙන් (උඩරට
මැණිකේ) හරි , පාන්දර 5ට පිටත් වෙන පොඩි
මැණිකේ train හරි අපිට ඇල්ලට යන්න
පුළුවන් . පැය 11 ක් කෝච්චියක් ඇතුලෙ වාඩි
වෙලා බිංගෙවල් පාලම් උඩින් යන ගමනේත්
අමුතුම අත්දැකීමක් තියෙනවා . නැත්තං අපිට
normal පාරේ යන්නත් පුලුවන් . මම නම් මේ 2
විදියටම 3පාරක් එකම අවුරුද්දේ ඇල්ල
ගිහිල්ලා තියෙනවා . ඉතින් මගේ කතාවේ මේ
තුනේම අත්දැකීම් ඇතුළත් කරල තමා මං
කියන්නේ .
කොළඹ බදුල්ල පාරේ ගිහින්
බණ්ඩාරවෙල පහු කරලා කුඹල්වෙල
හන්දියෙන් දකුණට හැරිලා 5km පමණ ගියාම
සුන්දර ඇල්ල නගරයට සමීපවෙන්න අපේ
පිරිසට පුළුවන් වුණා...
අපේ ගමන ආරම්භ වෙන්නෙ
"දෙමෝදර පාලමෙන් " ...

උඩරට දුම්රිය මාර්ගයේ (69 වෙනි නැවතුම )
අවසාන තෙවැනි ⁣නැවතුම වෙන්නෙත් මේ
ස්ටේෂන් එක..,දෙමෝදර ස්ටේෂන් ගැන කියද්දි
හරි ලස්සන කතාවක් මතක් වුණා ඒ කාලේ
වෙච්ච ... ඒ කිව්වෙ සුද්දගෙ කාලෙ.. සුද්දා
කල්පනා කර කර ඉන්න කොට දැක්කලු අපේ
ගොයියෙක් ජටාව ගහනවා, ඒක දැකලා තමයිලු දෙ⁣මෝදර පාලමේ පිහිටලා තියෙන
කන්දෙ බෑවුමට ( දෙමෝදර රේල් ගැටේ )
ජටාවෙ හැඩේට රේල් පීලි ටික හදන්න තීරණය
කරලා තියෙන්නෙ..
දෙමෝදර station එකේ ඉඳලා ආරුක්කු
නමයේ පාලම ළඟට තියෙන්නේ 3km කටත්
අඩු දුරක් , ඉතින් මීළඟට අපි ගියේ ආරුක්කු
9 පාලම (nine arch) බලන්න .
ජනප්‍රවාදයේ එන විදියට මේ පාලම
හදලා තියෙන්න ලංකාවේ ඉදපු 'අප්පුහාමි'
කියලා කට්ටඩියෙක්ලු ...විශ්වාස කරන්නත්
අමාරුයි නේද? ගුරුකම වගේම මේ මනුස්සයට
හොඳට කලාවත් පිහිටලා තියෙන්න ඇති.
නැත්නම් අපට මේ වගේ විස්මිත නිර්මාණයක්
වර්තමානයේ බලාගන්න ලැබෙන්නෙ
නැහැනෙ. සුද්දා මේ පාලම හදන එක අත
ඇරලා දාපු කාලෙක තමයි අප්පුහාමි වැඩේට
බැහැලා තියෙන්නෙ..දෙවනි ලෝක යුද්ධ
කාලෙදි යකඩ හිඟ නිසා පාලම හදන්න
සුද්දන්ගෙන් එක යකඩ කම්බියකවත් ලැ⁣බුණෙත් නැහැලු..ඒ නිසා හෙළ තාක්ෂණය උපයෝගී කරගෙන තනිකරම ගලින් නිමවලා
තියෙන්නේ ⁣මේ පාලම. ඒ අතින් බලද්දි
පුදුමාකාරයි නේද ? ජනප්‍රවාද වලට අනුව නම්
සුද්දො ටික මේ පාලමේ ශක්තිය ගැන ප්‍රශ්න
කරද්දි අප්පුහාමි කිව්වලු ' කිසි ගැටලුවක් නෑ
පාලම උඩින් කෝච්චිය යවන්න මං පාලම යට
නිදාගන්නම් ' කියලා.. ඉතින් ඒකෙන් ම
තේරුණා නේ ද කට්ටියට මේ පාලම හැදුවෙ
සාමාන්‍ය කට්ටඩියෙක් වුණත් එයාගෙ
හැකියාව ගැන..
ඊටත් පස්සෙ අපි ගියේ " ඇල්ල රොක් " ..
පූනාගල කඳුවැටියෙ අවසාන බාගයට වෙන්න
තමයි මේ " ella rock " ... එහෙමත් නැත්නම් "
ඇල්ල ගල " පිහිටලා තියෙන්නේ . ella rock
බලන්න යන කෙනෙක් යන්න ඕනි 'කිතල්
ඇල්ල ' දුම්රිය ස්ථානය පහලින් තියෙන
පාරෙ..ඇල්ලෙ ඉඳලා රේල් පාර දිගේ එන්නත්
පුළුවන්..මුලින් මුලින් පුංචි පුංචි ⁣තේ පඳුරු
මැද්දෙන් යන්න වුණාට ටිකක් දුර යද්දි හම්බ
වෙන්නෙ ෆයිනස් කැලයක්.. මේ ෆයිනස් ගස්
අතරින් තමා එතැන් සිට ඉදිරියට ඇල්ල ගලට
පාර හැදිලා තියෙන්නෙ..ඉතින් අතරමං වෙන්
තියෙන ඉඩකඩත් බොහොම වැඩියි..
ඒ නිසා පරිස්සමින් !
කන්ද මුදුනට ම ගිහින් අවට වටපිටාව
රස විඳලා එහෙම, නැම්මක් එක්ක පිහිටලා
තියෙන අයිනට බැස්සම ත්‍රාසය මුසු පුළුල්
දර්ශන පථයක් බලාගන්න පුළුවන් ..Ella rock
මුදුනේ සිරිය විඳගත්ත කෙනෙක් නම් " පුංචි
සිරීපාදයත්" ( Little adam's peak) දැකලා ඇති
අනිවා . මොකද හරියටම කිව්වොත් ඇල්ල ගල
කන්දට ඉස්සරහින් පේන කන්දට තමයි මේ
පුංචි සිරීපාදය' කියන්නෙ...
වට පිටාව අඳුරු කර ගෙන රෑ වේගෙන ආපු
නිසාත් , ella rock නැගපු කන්ද බහින්න තිබුනු
නිසාත් පුංචි සිරිපාද ගමන අපි පහුවදාට කල්
දැම්මා .
ඉතිං අපි කට්ටිය රෑට නතර
වෙන guest house එකට ගිහින් දවසම ඇවිදපු
මහන්සිය යන්න wash එකක් දාගෙන බඩට
මොනා හරි දාගන්න හිතාගෙන ella town එකට
ආවා . නිකන් පිටරටකට ආවා වගේ හැඟීමක්
එවෙලේ අපිට දැනුනේ .
" උස් කඳු මුදුන් වලින් වටවුණ මේ
දර්ශනීය නගරය රාත්‍රී කාලයට මවන්නේ
අමුතුම අත්දැකීමක් ...කඳු මුදුන් වලින් හෙමි
හෙමිහිට පාරවල් වලට ඇදෙන සුදු මීදුම් කුට්ටි
අතරින් ඇල්ල නගරයෙ නොයෙක් තැන් වැහිලා
යනවා.. ඒ අස්සෙන් දිස්වෙන පුංචි පුංචි
අවන්හල් විදෙස් සංචාරකයන්ගෙන් පිරිලා
යන්නෙ බලාගෙන ඉද්දි ...පාට පාට විදුලි බුබුළු
වලින් විචිත්‍රවත් වුණ මේ අවන්හල් වල පසුබිම්
සංගීතයට කන්දෙමින් සීතලට වයින් වීදුරුවක් , උණු උණු කෝපි කෝප්පයක්
එහෙම හිස් කරන්න තිබ්බා නම් ඉතින් කියල
වැඩක් නෑ "
ජීවිතේ එක පාරක් හරි විදින්න ඕන අත්දැකීමක් තමා ella town එකේ රෑට
ඇවිදින එක .
ඉතින් අපේ පළවෙනි දවස මේ විදිහට ඉවර උනා .
පහුවදා උදේම නැගිටපු අපි මුලින්ම ගියේ
පුංචි සිරිපාදෙ බලන්න .
කට්ටියට "උදෑසන ඉර සේවය " බලන්න
ඕනි නම් මේක තමයි කියාපු තැන...ඒ තරම්ම
මනස්කාන්ත දර්ශනයක් හිමිදිරි
පාන්දරට මෙතනට දිස් වෙනවා...ඒ වගේ ම
රාවණා ඇල්ලත් ඈතින් කඩා හැළෙන නිසා ඒ
ලස්සන දෙගුණ තෙගුණ වෙනවා..උස අඩි 400
ක් විතර වුණාට ඇල්ල ටවුන් එකේ ඉඳන් මේ
කන්ද මුදුනට 3km ක් තියනවා .යන්න අඩු
තරමෙ පැයක්වත් ගත වේවි..
ඉතින් මේ පුංචි සිරිපාදේ යද්දී අපිට
හම්බවෙන තවත් තැනක් තමා 98 acres
නැතහොත් අක්කර 98 hotel එක. මේක
ලංකාවේ වගේම ලෝකෙම ප්‍රසිද්ධ හොටෙල්
එකක් . අමුතුම ආකාරයෙන් නිමවලා තියෙන
කබානා එහෙක රැයක් ගත කරන්න නම්
ඉතාමත් විශාල මුදලක් යනවා ඉතින් . ඒත්
යන්න පුළුවන් නම් ඒක සුපිරිම අත්දැකීමක්
තමා . රැයක් ගත කළේ නැතත් මේකේ ඇවිදලා
photo ගහන්න මට chance එකක් හම්බුනා .
අක්කර 98 hotel එකත් පහුකරගෙන
තවත් උඩට ගියාම අංශක 360°කට ආසන්න
මනස්කාන්ත දර්ශන පථයක් අපිට පේනවා . ඒත් එක්කම ඇල්ල වැල්ලවාය පාරේ අපූරු
දර්ශනයකුත් අපිට බලා ගන්න පුළුවන් . මේ
පුංචි සිරිපාදේ යන හැම කෙනෙක්ගෙම
ආසාවක් තියෙනවා . ඒ තමා හෙළට වෙන්න
තියෙන ගල්පතේ උඩ photo ගැනීම .
Little adams peak නොහොත් පුංචි
සිරිපාදෙ පොඩි ඓතිහාසික වැදගත්කමක්
තියනවා කියලා මීට කලින් කට්ටිය දැනගෙන
හිටිය ද ? සිංහලයො හැටියට අපි ඒ දේවල්
දැනගෙන ඉන්න එකත් ⁣වැදගත්. පුරාතන කතා
වලට අනුව අපේ රාවණා රජ්ජුරුවො ' සූර්ය
නමස්කාරය' සිද්ධ කරලා තියෙන්නෙ මෙන්න
මේ කිව්ව පුංචි සිරීපාදෙ ඉඳලලු...
රාවණා රජ්ජුරුවො ගැන කියද්දි මට
මේ ඇල්ල නගරයෙ තවත් ස්ථාන දෙකක් මතක් වුණා..අපි ඊළඟට ගියේ ඒවා බලන්න .

එකක් තමයි "රාවණා ගුහාව
" ... ඇල්ලගල කන්දෙ මැදක් හරියට
වෙන්න..,ටවුමෙ ඉඳන් කිලෝමීටර් 3.5 ක දුරකින් තමයි රාවණා ගුහාව පිහිටලා
තියෙන්නෙ..
ඊළඟට ella town එකට ආපු අපි
වැල්ලවාය පැත්තට යන බස් එකක එල්ලුනා.
ඉතින් විනාඩි 15කින් 20කින් විතර අපිට පුළුවන් වුණා පාර අයිනෙම කඩන් හැලෙන
රාවණා ඇල්ල බලා ගන්න . රාවණ ඇල්ල
බලන්න යන කෙනෙක් ට නම් ඉතින් ඇඟේ
පතේ දාඩිය නිවා ගන්න.., සීතල වතුර ටිකකින්
නාගෙන ගිමන් හරින්න.. ඉඩහසර
ලැබෙනවා...උස අඩි 82ක් වන මේ රාවණා
ඇල්ලෙත් තියනවා පොඩි ඓතිහාසික
වැදගත්කමක්..රාවණා කතා පුවතට අනුව
රාවණා රජ්ජුරුවො සීතා දේවිය ව පැහැරගෙන ගෙනත් හංඟලා තියෙන්නෙ මේ රාවණා ඇල්ල
පිටිපස්සෙ තියෙන වන ලැහැබෙ
ගුහාවකුලු..දැන් ඒක " රාවණා ඇල්ල ලෙන "
විදිහට හඳුන්වනවා.. ඉස්සර සීතා
දේවි ස්නානය කරලා තියෙන්නෙත් මේ ඇල්ලෙන් කියලා තමයි කියවෙන්නෙ..මෙන්න
මේ හේතු නිසා තමා මේ දිය ඇල්ලට රාවණා
ඇල්ල නම ලැබිලා තියෙන්නෙ .
ඉතින් දකුණු ආසියාවෙ වැඩිම
ඔක්සිජන් ප්‍රතිශතයක් ඇති , සංචාරකයන්ගෙ
දැඩි ආකර්ශනයට පාත්‍ර වුණ' ඇල්ල ' නගරයෙ
නරඹන්න තවත් ස්ථාන බොහෝමයි..

*අපේ වළගම්බා රජ්ජුරුවො පැනලා ඇවිත්
හැංගිලා හිටියයි කියන දෝවෙ පන්සල..
*බෝ ගොඩ පාලම
*නිල්දිය පොකුණ
*ඇල්ලවල ඇල්ල
එහෙනම් හැමෝටම ආයෙමත්
කියනවා ලංකාවෙ දර්ශනීයම නගරයක් වන "
ඇල්ල " බලන්න එක පාරක් හරි යන්න කියලා .

බලලා විනෝද⁣ වෙන ගමන් අවට පරිසරය
පිරිසිදුව තියා ගන්නත් අමතක කරන්න එපා.
ගිහින් අපේ පා සටහන් පමණක් ඉතුරු කරලා
එන්න .
ඉතින් සංචාරකයාගෙ දිනපොතේ පිටු
අතර ඇල්ල ගැන ලියන්න තවත් සුන්දර මතක සටහන් බොහෝ දේ තිබුණත් ඉතිරිය
පහල photos වලින් දැක බලා ගන්නට
ඉඩහසර විවිර කරමින් නවතිනවා..

Dilan Gunawardana

මෙදා සැරේ අපි හිතුවෙ ටිකක් වෙනස් විදියක ගමනක් යන්න. බොහොම අමාරුවෙන් set එක ඇහිඳ ගත්තු වෙලේ මතක හිටින ගමනක් නොගිහින් කොහො...
13/12/2018

මෙදා සැරේ අපි හිතුවෙ ටිකක් වෙනස් විදියක ගමනක් යන්න. බොහොම අමාරුවෙන් set එක ඇහිඳ ගත්තු වෙලේ මතක හිටින ගමනක් නොගිහින් කොහොමද ?
ලෝකාන්තය කියන්නේ අපි කවුරුත් හොඳින් දන්න සංචාරක ප්‍රදේශයක්නෙ. සංචාරය කරන්න කැමතියි වැඩි දෙනෙක් ලෝකාන්තය බලන්න ගිහින් ඇතුවාට සැකයක් නෑ . හෝව් හෝව් මං මේ කියන්න යන්නේ ලෝකාන්තය ගැන නෙමෙයි . ඊට ටිකක් ලඟින් තියෙන තැනක් ලඟින් කිව්වට ගොඩක් පහලින් .
ලෝකාන්තයේ ඉහළ සිට පහළ බැලුවාම අපිට පේන්නෙ කොහෙද? ලෝකාන්තයේ ඉහළ කොටස නුවරඑළිය දිස්ත්‍රික්කයටත් පහල පාමුල කොටස රත්නපුර දිස්ත්‍රික්කයටත් තමයි අයිති වෙන්නේ. ලෝකාන්තයේ ඉහළ සිට බැලුවම අපිට පේන්නේ තේ වතුයායක්. හරියටම කිව්වොත් ඒ nonpareil estate එක. සංචාරක ඇසට ලක් නොවුණු, සොබා දහමේ අතිශය අලංකාර පාරාදීසයක් කියලා නන්පේරියල් වතුයාය හඳුන්වන්න පුළුවන් .
ඉතින් අපේ චාරිකාව වුණෙත් මේ අමුතු නන්පේරියල් වතුයායයි . වතු යායක් නම් බංගලාවක් අනිවාර්යයි කියලා ඔයාලා දන්නවනේ්. ඉතින් මේ වතුයායටත් තියෙනවා බංගලාවක්. ඒ තමයි nagrak bungalow හෙවත් නැග්රැක් බංගලාව. අපේ මේ කාණ්ඩෙට රාත්‍රි නවාතැන් පහසුකම් සැපයුනෙ මේ බංගලාවේ. නැග්රැක් බංගලාවට මීට කලින් ගිහින් තියෙනවද?වරක් ගියොත් ආපහු යන්න හිතෙන අතිශය සුන්දර පරිසරය, අපි විඳපු ඒ සුන්දර අත්දැකීමකට පාර කියන්නයි මේ හදන්නේ.
කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පහු කරලා ටිකක් විතර ඉස්සරහට යද්දි පඹහින්න කියලා හන්දියක් තියෙනවා .මේ හන්දියෙන් වමට හැරිලා 22km කන්ද උඩට ගියාම තමා ලෝකයෙන් වසන් වූ මේ සුන්දර බංගලාව පිහිටලා තියෙන්නේ. හැබැයි මේක එසේ මෙසේ ලේසි ගමනක් නම් නෙමෙයි. පඹහින්න හන්දියේ ඉඳලා ඉහලට නගින්න තියෙන්නේ අපිට ලෝකාන්තයට පේන පල්ලම. ඒ වගේම මේක ගොඩක් අබලන් දුෂ්කර මාර්ගයක්. තව අතිදුෂ්කර වැලමිට වංගු 33ක් සහ විශාල වංගු ප්‍රමාණයක් පහු කරන්න අපිට සිද්ධ වෙනවා. හිතාගන්න පුළුවන් නේද ගමනේ තියෙන දුෂ්කර බව. මේ අබලන් පාරේ සාමාන්‍ය වාහනයකට නම් යන්න බෑ . ඒකට අපිට 4wd jeep එකක් හරි bike හරි ඕනේ වෙනවා අනිවාර්යෙන්. මේ ගමනේ පොඩි adventure ගතියකුත් නැත්තෙමත් නෑ.
අහ් තව ටිකෙන් අමතක වෙනවා. මේ ගමනේ දී අපට හමුවන තවත් සුවිශේෂී සුන්දර ස්ථානයක් තමා bakers bend එක කියන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000ක් පමණ උසින් තියෙන bakers bend එකෙ බැම්මට නැගලා selfyක් ගහන් නැතුව මෙතනින් ගිහිල්ලා වැඩකුත් නැහැ. ඒ ෆොටෝ එක ඒතරම් ලස්සනයි .
රාත්‍රියේ හිසට සෙවනක් වුනු සීතලට උණුසුමක් වුනු බංගලාව ගැන විස්තර ටිකක් කියන්නම් දැන් මං. මේ බංගලාව හදලා තියෙනවා කියලා විශ්වාස කරන්නෙ 1936. ඒකට සාධක විදියට නම් ලැබෙන්නේ බංගලාව පිටුපස තියෙන වතුර ටැංකියේ සඳහන් කරලා තියන වර්ෂය තමා. බංගලාවෙන් එළියට බැහැලා බැලුවම වට පිටාවේ පෙනෙන දර්ශනය wow කියලා තමා කියන්න වෙන්නේ. ඒක ඒ තරම් පුදුම හිතෙන ලස්සන දර්ශනයක්. බංගලාවේ මිදුලේ අයිනට වෙන්න summer hut එකක් නැතහොත් බැලුම් හලක් තියෙනවා මේ සුන්දරත්වය වඩාත් හොඳින් දැක බලා ගන්න. එතනට සමනල වැව එක්ක දකුණු පළාතේ හරි අපූරු දර්ශනයක් අපිට බලාගන්න පුළුවන්. ඒක හරියට අපූරු සිත්තරකුගේ හරි අපූරු සිතුවමක් වගේ. බංගලාවෙ ඇතුළත ගැන කතා කරනවා නම් ගිනි උදුන් සහිත සුවපහසු කාමර 5කින් සමන්විත මෙම බංගලාව අවශ්‍ය කරන සියලු පහසුකම් වලින් පරිපූර්ණයි. මේ බංගලාව වෙන්කරවා ගන්න අපිට රු25000ක මුදලක් වැය වුවත් අපිට විඳින්න, දකින්න ලැබෙන අත්දැකීම ඊට වඩා වටිනවා. අනිත් විශේෂම කාරණාව මෙතැනට phone වැඩ කරන්නේ නැහැ. ඉතින් තමන්ගේ නිදහස උපරිමෙන්ම ගත ගතකරන්න කියාපු නියම තැනක් මේක. nagrak bungalow කියන්නේ කඳු මුදුනක සැඟවුණු පාරාදීසයක්.මෙහි, තිබෙන දර්ශන ජීවිතයේ එක් වතාවක් හෝ දක්නට ලැබීමත් එක්තරා විදියක වාසනාවක්.
මොහොතකට හිතලා බලන්න ඒ අත්දැකීම.... ''හිමිදිරි උදෑසනක පිනි වැටිලා තියෙන තණ බිස්සක නිරුවත් දෙපයින් ඇවිදින ගමන්, උණුම උණු කෝපි කෝප්පයක් බිබී ඈත අහසෙ ඉර නැගෙන දර්ශනයක් බලන්න තියෙනවානම්"
මේ ගමනේ දී හමුවන තවත් නොකියාම බැරි තැනක් තමා ගලගම අැල්ල. ගලගම කැලේ මැදින් 2kmක් දුරින් හැංඟිලා තියන ගලගම අැල්ල නිර්මාණය කරන්නේ බෙලිහුල්ඔයයි. මෙම ඇල්ල නරඹන්න යනවා නම් අපිට වතු කම්කරුවන්ගේ සහය ලබාගැනීම අවශ්‍යයි. නැත්තං ගලගම අැල්ල කෙසේ වෙතත් ගලගම කැලේ මැද අතරමං වෙන්නයි වෙන්නේ. අඩි 70ක් පමණ උස මෙම ඇල්ල බලන්න නම් කැලේ මැදින් දුෂ්කර ගමනක් යා යුතුයි. ලංකාවේ තියන දියඇලි විශාල ප්‍රමාණයක් බලන්න ගිහින් තියෙන මම දියඇල්ලක් බලන්න ගිය අමාරුම මාර්ගයද මෙයයි. සමහර තැන් වල පය ලිස්සුවොත් කැලේ පල්ලමට පෙරලිලා යන්න උනත් පුලුවන්. ගමනේ දුෂ්කර බව වගේම දිය ඇල්ලේ සුන්දර බවේද කිසිදු අඩුවක් නැත. කොයි තරම් අමාරුවෙන් ගියත් ගලගම ඇල්ල දැක්ක ගමන් ඒ සියලු අමාරුකම් අමතක වෙනවා. තවද non parial estate එකේ දිය ඇලි 15කට වඩා අපට හමු වෙනවා .
මම කිව්වනේ nagrak bungalow එක පිහිටලා තියෙන්නේ ලෝකාන්තෙ පහළට පේන දර්ශනය ඇතුලේ කියලා. ඉතින් bunglow එකේ ඉඳලා මහා ලෝකාන්තයට තියෙන්නේ 2km දුරක්. ඉස්සරනම් මේ පාරෙන් ගිහින් මහා ලෝකාන්තයට යන්න අවසර තිබුණත් දැන් නම් ඒක තහනම් කරලා තියෙන්නේ. එ්ත් වනජීවී දෙපාර්තමේන්තුවට හොරෙන් මේ ගමන යන්න පුළුවන් කියලා කියනවා. හැබැයි එහෙම ගිහින් වනජීවී දෙපාර්තුමේන්තුවේ අයට අහුවුනොත් එයාලා කොහොම සලකයිද කියලා නම් දන්නෙ නෑ .
ඉතින් ලෝකාන්තයේ පාමුල කියන්නේ non parial estate එක නොහොත් නැග්රැක් බංගලාව. ඇත්තටම මේක කඳු මුදුනක සැඟවුණු පාරාදීසයක්.....
Dilan Gunawardana

Address

Nuwara Eliya

Telephone

0713406404

Website

Alerts

Be the first to know and let us send you an email when 4වටේwith DILA සංචාරකයකුගේ දින පොත -Diary Of Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category