29/01/2026
පෙරලන්න එපා යැයි සටහන් තැබූ දින පොතක්අහම්බෙන් දැක පෙරලුවෙමි.පෙරලනවා නම් මොනා කරන්නදතවත් පිටුවක තිබුනි.හැමදාම ලියවුනු පිටු අතරහිස් කොල කීපයල් දුටිමි.එක පිටුවක කෙළවරක පැන්සලෙන්"ගින්දර හොයන්න එපා,පිච්චෙන්න වෙනවා."සමාවෙන්න!මම පොත වසා තැබුවෙමි."ඇයි ඉතින් පැන්සලෙන් ලිව්වෙ."වසන්නට පෙර මාත් පෑනකින් පැත්තකින් ලිව්වෙමි. Copied