මේ සැප ලෝකේ කාටද ඔනේ

මේ සැප ලෝකේ කාටද ඔනේ Me sepa loke katada one

තනිව සිටින විට හර්දයාබාදයක් ඇතිවුනොත් නොමැරී බේරෙන්නේ මෙන්න මෙහෙමයි. 👇Copiedහර්දයාබාදයන් පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින...
13/09/2023

තනිව සිටින විට හර්දයාබාදයක් ඇතිවුනොත් නොමැරී බේරෙන්නේ මෙන්න මෙහෙමයි. 👇
Copied

හර්දයාබාදයන් පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති අවස්තාවක වුනත් මෙම තත්වය ඇතිවෙන්නට පුළුවන්. එවැනි අවස්තාවකදී නොමැරී බේරීමට නම් විශාල සටනක් කිරීමට සිදුවෙනවා. හදවතේ ස්පන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහිනැති වීමට ආසන්න බවක් ඔබට දැනෙනාවානම්, සිහිය නැතිවීමට පෙර තත්පර 10ක පමණ කාලයක් ඔබට තිඛෙනවා.

එවැනි අවස්තාවකදී තමාටම පිහිට වෙන්නට පුළුවන් බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ සිහිය නැති කරගන්නේ නැතිව කලබල නොවී සිටීමයි. සිහිය නැති කරන්නේ නැතුව කලබල නොවී සිටීමට නම් ඔබ එහිදී කලයුතු වන්නේ පුළුවන් තරම් කහින්නට පටන් ගැනීමයි.

කහින්නට පටන් ගන්න සෑම අවස්ථාවකදීම ගැඹුරු හුස්මක් ගන්න. කහින විටදීද වඩාත් ගැඹුරින් සහ දිගට කහින්නට මතක තබා ගන්න. පෙනහළු වල ඇති යමක් පිටතට ගන්නට උත්සහ කරනවා සේ කහින්න.

සෑම තත්පර 2කට වරක් ගැඹුරින් හුස්ම ගන්නට සහ කහින්නටද මතක තබා ගන්න. වෛද්‍යවරයෙකු පැමිණෙන තුරු හෝ හර්දස්පන්දනය නැවත යතා තත්වයට පැමිණෙන තුරු නොනවත්වාම කහින්න.

ගැඹුරු හුස්ම ගැනීමේදී පෙනහළු තුලට හොදින් ඔක්සිජන් ගමන් කරනවා. ඒවගේම කහින විට යම් තෙරපුමක් ලැඛෙනවා.

හදවතේ ක‍්‍රියාකාරීත්වය සහ රුධිර සංසරණය නිවැරදිව සිදුවීමට ඉන් ලොකු පිටිවහලක් ලැඛෙනවා. එහිදී ලැඛෙන පීඩනය හදවතේ රිද්මය නිසියාකාරව පවත්වාගෙන යෑම සදහා උපකාරී වෙන බවයි නොදුටු ලෝකයට වැඩිදුරටත් වාර්තා වෙන්නේ. වෛද්‍යවරයා පැමිණෙන තුරු දිවි බේරාගැනීමට සහ සිදුවෙන අනතුර අවම කරගැනීම සදහා භාවිතා කරන්නට පුළුවන් ඉතාමත්ම සුවිශේෂී ක‍්‍රමවේදයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්.

මෙමගින් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරෙන්නට පුළුවන්.

හර්දරෝග විශේෂඥ වෛද්‍යවරු සහතික කර පවසනවා යම් පුද්ගලයෙකු මෙම
ක‍්‍රමවේදය පිලිබදව 10 දෙනෙක් දැනුවත් කලොත් අඩුම තරම් එක් ජීවිතයක් හෝ එයින් බේරාගැනීමට හැකියාව ලැඛෙන බව.

මුලාශ්‍ර සහ ජායාරූප අන්තර්ජාලයෙන් එකතු කරනු ලැබුවා ඔබේ දැනුම වැඩිකිරීමට සහ සංවේදී වීමට.

අනිවාර්යයෙන් කියවන්න.. දැනුවත් වෙන්න අන් අය සමග සාමූහිකිව බෙදා ගන්න....තමන්ගෙ 4ටො එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අ...
03/09/2023

අනිවාර්යයෙන් කියවන්න.. දැනුවත් වෙන්න අන් අය සමග සාමූහිකිව බෙදා ගන්න....

තමන්ගෙ 4ටො එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්යෙන්ම කියවන්න.

අද නොයෙකුත් හේතූන් මත කාගෙහරි පොටෝ එකක් තමන්ගෙ වගේ දාගෙන ගොඩාක් fb එකවුන්ට් දකින්නට ලැබෙනවා.. හුඟක්ම තරහවක් පිරිමහගන්න තමයි මේ වැඩේ කරන්නෙ..

ඒකත් වැඩිපුරම කෙල්ලන්ගෙ පොටෝ තමයි උස්සලා දාගන්නෙ.. එහෙම දෙයක් වුනොත් හුඟාක්ම අය කරන්නෙ කලබල වෙන එක සහ බයවෙන එක විතරයි.. කොච්චර බයවෙනවද කිව්වොත් තමන් fb ප්‍රොෆයිල් එකේ දාගෙන තියෙන හැම රියල් පොටෝ එකක්ම ඩිලීට් කරනවා.. තමන්ගෙ බය නිසා එතන කරන්නෙ සම්පූර්ණම මෝඩ වැඩක්..

තමන්ගෙ පොටෝ එකක් අවසරයකින් තොරව කාගෙහරි ප්‍රොෆයිල් එකක ප්‍රොෆයිල් පික්චර්, කවර් පොටෝ, වෝල් එකේ හෝ කමෙන්ට් එකකට යන ඕනෑම විදිහට දාලා තිබුණහොත් අපිට ඒ එකවුන්ට් එක එක රිපෝට් එකකින් පැය 24ක් ඇතුලත ඩිසේබල් කරලා දාන්න පුලුවන් බව ඔබ දන්නවාද..?

මෙහෙමයි තමන්ගෙ නම චායාරූප විස්තර යොදාගෙන කවුරුහරි ෆේක් එකවුන්ට් හැදුවොත් මුලින්ම කලබල නොවී ඉන්න, බය වුනොත් මුකුත්ම කරගන්න බෑ.. තමන්ගෙ පොටෝ කිසිසේත්ම ඩිලීට් කරන්න එපා මොකද ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක සාර්ථක ඉක්මණින් සාර්ථක වෙන්න පොටෝ එකක් තිබිය යුතුයි.. එහෙනම් මං ප්‍රිටෙන්ඩින්ග් රිපෝට් එකක් ගහන විදිහ කියලා දෙන්නම්...

මුලින්ම fb එකට ලොග් වෙන්න. (UC බ්‍රවුසරයකින් ලොග් වුනොත් වඩාත්ම සාර්ථකයි.) අදාල ෆේක් එකවුන්ට් එක සර්ච් කරන්න.. ඒ එකවුන්ට් එක විව් වුනාට පස්සෙ දකුණු පසින් ඩොට් 3ක් පෙන්නනවා ඒ ඩොට් 3 ක්ලික් කරන්න.. ඊටපස්සෙ එතන එන ඔප්ෂන් වලින් Give a feedback or report ඔප්ෂන් එක කිලික් කරන්න..

ඊටපස්සෙත් අපිට ඔප්ෂන් ටිකක් දෙනවා එතනින් pretending to be කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න.. ඊට පස්සෙ අපෙන් අහනවා කාටද මෙයාගෙන් හිරිහැරයක් වුනේ කියලා එතන ඔප්ෂන් 3ක් දෙනවා, Me , A friend and Celebrity කියලා එතනින් Me කියන ඔප්ෂන් එක දෙන්න ඊටපස්සෙ submit to report කියන එක ක්ලික් කරලා ඊටපස්සෙ එන ඔප්ෂන් එකේ තියෙන පුංචි කොටුවට ටික් එකක් දාලා Done කරන්න.

ඔන්න දැන් ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක වැදිල ඉවරයි එතනින් නවතින්න එපා.

ආයෙ පස්සට ගිහින් රිපෝට් ඔප්ෂන් එකට ගිහිල්ලා This is a fake එකවුන්ට් කියන ඔප්ෂන් එකෙනුත් රිපෝට් එක සබ්මිට් කරන්න.. ඊට පස්සෙ ඒ එක්වුන්ට් එකේ තමන්ගෙ පොටෝ දාලා තියෙනව නම් ඒ පොටෝ එකෙ දකුණු පැත්තෙ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Give a feedback or report කියන ඔප්ෂන් එක ක්ලික් කරලා එන ඔප්ෂන් වලින් Harrasment කියයන ඔප්ෂන් එක ක්ලික් කරන්න..

ඊටපස්සෙ සබ්මිට් කරාම ඔප්ෂන් 5ක් දෙනවා එතනින් this shouldn't be on facebook කියන ඔප්ෂන් එක ක්ලික් කරාම තවත් ඔප්ෂන් 5ක් දෙනවා එතනින් 4වෙනි එක ක්ලික් කරන්න ඊටපස්සෙ Me , A friend and celebrity කියලා ඔප්ෂන් 3ක් දෙනවා එතනින් Me කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ෆේස් බුක් සබ්මිට් කරන්න.. එච්චරයි වචන ගොඩකින් පැහැදිලි කරාට කරද්දි හරිම ලේසියි..

හොඳට මතක තියාගන්න කිසිම විටෙකත් ඒ එකවුන්ට් එක බ්ලොක් කරන්න එපා.. දැන් පැය 24ක් ඇතුලත ඩිසේබල් එක වැඩ කරනවා.. වැඩේ ඊටත් වඩා ඉක්මණ් කරගන්න නම් තමන්ගෙ ලිස්ට් එකේ ඉන්න තව යාලුවො දෙන්නෙකු ලව්වා උඩ කියපු පිලිවෙලටම අර Me කියලා දෙන්න ඕනි තැන්වල A friend කියන ඔප්ෂන් එක දීලා එතන එන සර්ච් බාර් එකේ තමන්ගෙ ඔරිජිනල් එකවුන්ට් එක සර්ච් කරලා රිපෝට් එක සබ්මිට් කරන්න කියන්න..

එතකොට ෆේස්බුක් හෙල්ප් සෙන්ටර් සිස්ටම් එකෙන් ඉක්මණින්ම රිපෝට් එක රිවිව් වෙනවා.. සපෝට් ඉන්බොක්ස් එකට නොටිෆිකේෂන් එකක් එනවා ඉන් අ රිවිව් කියලා.. එකවුන්ට් එක ඩිසේබක් කරාමත් නොටිෆිකේෂන් එකක් එනවා ඔයාලට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි...

(උපුටා ගැනීමකි.)

යමෙකු නිරුවත් ඡායාරූපයක් නිර්මාණය කිරීම සඳහා AI හෝ Photoshop සමඟ ඔබේ ඡායාරූපය සංස්කරණය කර ඇත්නම් ඔබ https://www.stopncii...
01/09/2023

යමෙකු නිරුවත් ඡායාරූපයක් නිර්මාණය කිරීම සඳහා AI හෝ Photoshop සමඟ ඔබේ ඡායාරූපය සංස්කරණය කර ඇත්නම් ඔබ https://www.stopncii.org/ වෙත ගොස් මුල් ඡායාරූපය සහ සංස්කරණය කළ ඡායාරූපය ඉදිරිපත් කරන්න,

එවිට ඔවුන් සංස්කරණය කළ ඡායාරූපය සියලුම ස්ථානවලින් ඉවත් කරනු ඇත. මේ සඳහා ඔබ කිසිවෙකු සමඟ කෙලින්ම කතා කිරීමට අවශ්‍ය නැත. ඔබගේ අනන්‍යතාවය රහසිගතව පවතිනු ඇත.

කවුරුන් හෝ ඔබේ පින්තූරය මෙලෙස ප්‍රසිද්ධ කර ඇත්නම් වහාම සයිබර් ආරක්ෂක අංශයට දන්වා ඔවුන් සමඟ නඩු පවරා වහාම පියවර ගන්න.

උපුටා ගැනුමකි .

පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විටෙක ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග ============================ශ්‍රී ලංකාව ...
17/08/2023

පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විටෙක ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග
============================

ශ්‍රී ලංකාව පුරා පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් නිසා අසාධාරණයට ලක් වන පිරිස සුළුපටු නොවන බව එදිනෙදා පුවත් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යයි.පුද්ගලයන් නීතිවිරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව අසත්‍ය කරුණු මත නඩු පැවරීම පිළිබඳව එල්ල වන චෝදනා මේ අතරින් සමාජයේ වැඩි කතාබහට ලක්වී ඇත.විශේෂයෙන් හෙරොයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවලදී එම මත්ද්‍රව්‍ය පොලීසිය විසින් තමන්ට හදුන්වා දුන් බව පවසන සැකකරුවන් සහ විත්‍තිකරුවන් සුලභව නීතීඥ වෘත්තියේ දී මුණ ගැසේ.සැබෑ ලෙසට මෙවන් අසාධාරණයක් පොලිස් නිලධාරින්ගෙන් සිදු වූ විටෙක ඊට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද යන්න සමාජය නිසි ලෙස දැනුවත් වී නැත.එහෙයින් එවන් ක්‍රියාමාර්ග එකින් එක පෙළගස්වා පැහැදිලි කිරීමට මෙම ලිපිය මගින් මා උත්සාහ කරමි.

01.මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.

මානව හිමිකම් කොමිෂන් සභාවට මෙවන් සිදුවීමක් සිදු වී මාසයක් ඇතුලත පැමිණිලි කළ යුතුය.මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් පැමිණිලි කිරීමට මෙන්ම මාර්ගගත ක්‍රමයට (Online ) www.hrcsl.lk වෙබ් අඩවිය හරහා ද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.එසේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක 1996 හොට්ලයින් එකට හෝ 0112505580,0112505581 හෝ 0112505582 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදීමෙන් ද තොරතුරු විමසීම් කළ හැකිය.

02.ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමටද හැකියාව ඇත.ඔබට අවශ්‍ය සහන ලබා දෙන විශ්වාසවන්තම ක්‍රමවේදය ලෙස මෙය හැඳින්වීම වඩා නිවැරදි ය.මූලික අයිතිවාසිකම් පෙත්සමක් සිදුවීමේ දින සිට මසක් ඇතුලත පැවරිය යුතුය.නමුත් ඔබ මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කර ඇත්නම් එම කාලය ගණනය කරනු ලබන්නේ කොමිසමේ තීන්දුවේ දින සිටය.එසේම අධිකරණය විසින් ඔබ රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් ඇප ලැබී බන්ධනාගාරයෙන් පැමිණි දින සිට මාසයක කාලය ගණනය කරනු ලැබේ.නීතිවිරෝධී ලෙස අත් අඩංගුවට ගැනීමක් සම්බන්ධව ගොනු කරන ලද චන්න පීරිස් එරෙහිව නීතිපති (1994 (1) SLR 1) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ හුදු සැකයක් මත පුද්ගලයෙකු අත් අඩංගුවට ගත නොහැකි බවත් එසේ කිරීමට නම් සාධාරණ සැකයක් තිබිය යුතු බවයි.සැකය අවිනිශ්චිත සහ අනුමාන වශයෙන් කරනු ලැබූ එකක් නොව පැහැදිලි එකක් විය යුතු බවත් තවදුරටත් සදහන් කරන ලදි.මින් පැහැදිලි වන්නේ පොලිස් නිලධාරින් විසින් හේතු රහිතව අත් අඩංගුවට ගැනීම පමණක් නොව හුදු සැකය මත වුවද පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම නීතිවිරෝධී හා මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන බවයි.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුට එරෙහිව අසත්‍ය චෝදනා මත නඩු පැවරීම සම්බන්ධව සාකච්ඡා කරන ලද නඩුවක් ලෙස 2016.02.17 වන දින තීරණය කරන ලද මුතුවා හැන්නදි රොෂාන් කොයිටෙක්ස් සහ තවත් අයෙක් එරෙහිව නීතිපති (SCFR 58/2008) දැක්විය හැක.මීට පදනම් වූ කාරණය නම් පුද්ගලයන් දෙදෙනකු හික්කඩුව පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ගංජා සන්තකයේ තබාගැනීම සහ බීමත්ව අශෝභන ලෙස හැසිරීම යන අසත්‍ය චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමයි.මෙම චෝදනාවලින් මහේස්ත්‍රත් අධිකරණය පෙත්සම්කරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කළේය.මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ පොලිස් නිලධාරියෙකු කරනු ලැබූ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක් සාධාරණීකරණය ගැනීමට අසත්‍ය නඩු පැවරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.මෙම නඩුවේ පළමු පෙත්සම්කරුට රුපියල් 250,000 ක වන්දියක් ද දෙවන පෙත්සම්කරුට රුපියල් 150,000 ක වන්දියක් ද ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදි.

ඉහත නඩු තීන්දු අනූව පොලිස් නිලධාරිනගෙන් සිදු වන අකටයුතුකම්වලදී පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන විශ්වාසවන්තම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය බව අපට පෙනේ.

03.ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.

පොලිස් නිලධාරිනට හෝ පොලිස් සේවයට එරෙහි පැමිණිලි භාරගෙන විභාග කර ඊට අදාල වන නීතීන් යටතේ සහන සැලසීම මෙම කොමිසමේ අරමුණයි.මෙම කොමිසමට ද ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.මෙහි වෙබ් අඩවිය වන npc.gov.lk හරහා මාර්ගගත ක්‍රමයට නාමිකව හෝ නිර්නාමිකව වුවද පැමිණිලි කිරීමට අවස්ථාව සලසා ඇත.එසේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක 1960 හොට්ලයින් එකට හෝ 0112166500 දරණ දුරකථන අංකයට ඇමතුමක් ලබා දී මෙම ආයතනය සම්බන්ධ කරගැනීමට ඔබට අවස්ථාව ඇත.

04.පොලිස්පතිතුමාට පැමිණිලි කිරීම.

ඔබට සෘජුවම පොලිසපතිතුමාට පැමිණිලි කිරීමට හැකියාව ඇත.ඒ සදහා www.police.lk වෙබ් අඩවියේ "මහජන පැමිණිලි පොලිසපතිට කියන්න" දිගුව හරහා මාර්ගගත ක්‍රමයට පැමිණිලි කළ හැකි ය.ඊට අමතරව "පොලිස්පති සහන මැදිරිය" ගොස් වුව ද පැමිණිලි කළ හැකි ය.

05.දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩු පැවරීම.

ඔබට එරෙහිව අසත්‍ය චෝදනා මත පවරන ලද නඩුව අවසානයේ ඔබ නිදොස් කොට නිදහස් කරනු ලැබුවහොත් පොලිස් නිලධාරින්ගෙන් වන්දි ලබා ගැනීම සදහා දිසා අධිකරණයේ නඩු පැවරිය හැකි ය.මෙයට පදනම් වන්නේ "ද්වේෂ සහගත නඩු පැවරීම"(Malicious Prosecution ) නම් දීලික්ත නීති සංකල්පයයි.මෙවන් නඩුවකදී ඔබ පහත සදහන් කාරණා ඔප්පු කළ යුතු බව ජයවික්‍රම එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලය සහ තවත් අයෙක් (2007(2) SLR 406) නඩුවේ දී දක්වා ඇත.එනම්,

(1)විත්තිකරවන් පැමිණිලිකරුට එරෙහිව නඩුවක් පවරා තිබීම.
(2)එම නඩුව පැමිණිලිකරුගේ වාසියට තීන්දු වී තිබීම
(3)විත්තිකරවන් සාධාරණ හෝ යුක්තිසහගත හේතුවක් නොමැතිව නඩු පවරා තිබීම.
(4)ද්වේශ සහගතව නඩු පවරා තිබීම
(5)නඩු පැවරීම නිසා පැමිණිලකරුට හානියක් සිදු වී තිබීම

යන ඒවාය.පොලිස් ආඥාපනතේ 88 වගන්තිය අනූව මෙවැනි නඩුවක් ,ඔබට එරෙහිව අසත්‍ය චෝදනා මත පවරන ලද නඩුව අවසන් වී මාස 03ක් තුළ පැවරිය යුතු අතර මාස 02 ක් තුළ නීතිපතිවරයාට ද දැන්වීමක් යැවිය යුතුය.

ඔබට පොලිස් නිලධාරියෙකු අසත්‍ය නඩුවක් පවරා පැවරීමට එරෙහිව ගත හැකි ඉහත ක්‍රියාමාර්ග අතරින් ප්‍රධානම ක්‍රියාමාර්ගය නම් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම යි.ඊට පෙර මානව හිමිකම් කොමිෂන් සභාවට ,පොලිස්පතිවරයාට සහ පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම හරහා නිලධාරීන්ට එරෙහි ආයතන මට්ටමින් විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වේ.එම නිසා ඉහත සාකච්ඡා කරන ලද සියලු ක්‍රියාමාර්ග නීතීඥවරයෙකගේ උපදෙස් ලබා ගෙන අනුගමනය කිරීම ඔබට සහනයක් ලබා ගැනීම සදහා ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමි.

~ නීතීඥ සාරංග වාදසිංහ ~

28/07/2023
තුන්කුලුදුල් පිල්ලුව  😱            පිල්ලුයැවීම මන්ත්‍ර ශාස්ත්‍රයෙඉතාමත් භයානක වූ කොටසකි පෙලූ ක්‍රම දහ අටක් පිළිබඳව සඳහන්...
10/06/2023

තුන්කුලුදුල් පිල්ලුව 😱

පිල්ලුයැවීම මන්ත්‍ර ශාස්ත්‍රයෙඉතාමත් භයානක වූ කොටසකි පෙලූ ක්‍රම දහ අටක් පිළිබඳව සඳහන් වෙති.

එයිනුත් තුන්කුලුදුල් පිල්ලිය විශේෂ තැනක් ගනී. තුන්කුලුදුල් ඊ යන්නෙහි අර්ථය කුමක්දැයි පළමුව අප දැනගත යුතුය.
කුළුඳුල් යනලුඳුල් යන වචනයේ අර්ථය පළමුවැනි යන්නය පවුලක වැඩිම ලකුණු දුන් දරුවා ය ඔහු හෝ ඇය තවත් මෙවැනිම පවුලක වැඩිමහල් තරුණයකු තරුණයෙකු හෝ තරුණියක සමඟ විවාහ වීමෙන් වීමෙන් කුළුදුලේ ලබන දරුවා තුන් කුළුදුල් දරුවෙක් ඒ දරුවා ද මව ද පියා ද යන තිදෙනාම කුලුදුල් දරුවන් වීමෙන් එය සිදුවේ.
මෙම පිල්ලුව සාදා ගැනීම සඳහා ලබාගන්නෙ තුන් කුළුඳුල් දරුවෙකි.
පවුල් දෙකක වැඩිමල් තරුණයකු සහ තරුණියක අතර විවාහය සිදු වන්නේ බොහෝ කලාතුරකිනි.
එය අසුබ විවාහයක් යැයි සමාජය තුළ සම්මතයක් තිබේ. මෙවැනි විවාහයක් කොතනක හෝ සිදු වූ විට කුලුදුල් පිල්ලියක් සදා ගැනීමට භූත වෛද්‍ය වරයා බොහෝ අවධානයෙන් සහ විමසිල්ලෙන් පසු වෙති.විමසිල්ලෙන් බලා සිටින්නේ විවාහ වූ කාන්තාව ගැබ් ගන්නා තුරු ය.
ඇය ගැබිනියක වූ බව දැනගත් විට මාන්ත්‍රිකයා "ගැබ්භිර බන්ධනය" නම් වු කොඩිවිනය ගැබිනියට කරයි එහි ප්‍රතිඵලයක් ලෙස එම ගැබිනි කාන්තාව දරු ප්‍රසූතියේදී ප්‍රසූතියේදී අපමණ දුක් වේදනාවට පත් වී මරු තුරුලට යයි..
ඇදුරා ලහි ලහියේ වැඩ ආරම්භ කරන්නේ එතැන් සිට ය.ඔහු අවශ්‍ය දේ සූදානම් කර ගනී. මේ භයානක ගුරුකම කරන්නේ මියගියකාන්තාමාලන් සිරුර වළදැමූ රාත්‍රියේදීය.ඇදුරා තමාට ඉතාමත් විශ්වාසවන්ත ගෝලය සමග මිනී කනත්තක යයි. අවශ්‍ය සියලු අඩුම කුඩුම ඔවුහු ගෙන යති ඉන්පසු වල වළ හාරා මළකඳ ගොඩ ගනී ඉන්පසු කෙරෙන්නේ මළ කඳ බඩ පැලීම ය.කන් දෙන්න සූදානම් කරගත් පිදේනි තටු ව මළ කඳ මත තබා ජීවම් කිරීමට පටන් ගනී ක්‍රමානුකූලව නියමිත වාර ගණන ජීවම් ඒ වන විට ළදරුවාගේ මළ සිරුරෙ මුඛයෙන් දිව පිටතට ඇදී එන විට අලු කෙසෙල් කොළයක් යටින් අල්ලා ඒ මතට තියුණු ආයුධයකින් දිව කපා සුරක්ෂිතව තබා ගනු ලබයි. ළදරු මළ සිරුරෙන් දිවකපා ගත් පසු කාන්තාවගේ මළ කඳ යළිත් වලට දමා වසනු ලැබේ.
ඇදුරා ලදරු දිව ගෙදර ගෙන ගොස් දුමට දමා වෙලා ගනු ලැබේ කරවල කෑල්ලක් මෙන් වේලුණු පසු එය බෙහෙත් හෙප්පුවක දමා ප්‍රවේශම් සහිතව තබා ගනී .සතුරෙකු විනාස කිරීමට අවශ්‍ය වූ විට දී එම කාර්යය කාර්යය සිදු කරන්නේ මෙසේ ය අවශ්‍ය පුද පූජා සහිත ව මල් බුලත් පුටුව සකසා නැට්ටුවෙකු ට සරිලන ඇඳුම් ආයිත්තම් ගෙජ්ජි ගිගිරි ආදිය තමා ඇදුරා ජීව ම පටන් ගනී වාර ගණන ජීවම් වෙද්දි මල් බුලත් තටුව මත කුඩා ළමයෙකු දර්ශනය වේ එකි දරුවා මල් බුලත් තටුවේ ඇති ඇඳුම් ආයිත්තම් සියල්ල ඇඳ ගනී ගෙජ්ජි ගිගිරි වළලු ආදියපැළඳ ගනී එවිට ඇඳුරා තමන්ගේ ඉදිරියේ මල් බුලත් තටුව මත පෙනී සිටින පුංචි දරුවාට හෙවත් පිල්ලි යකාට යකා ට ඉතා ආදරයෙන් කතාකර අවශ්‍ය කාර්යය පවරයි,
අසවල් ගමේ අසුවල් පුද්ගලයා වෙනස් විනාස කරපන් ප්රිධාන ලද සැනෙන් පිල්ලුව බිමට පැන පවරන ලද කාර්යය
ඉටුකිරීමට ගේට්ගෙ හඬ නැංවෙන අයුරින් ගමන් කරයි ,සතුරා ඝාතනයකර එනතුරු ඇඳුරා ආරක්ෂා සහිතව දැඩි අවධානයකින් සිටි ,
ඇදුරා ජීවම් කර ගත් වේවැල් ක්අතේ තබාගෙන නොනිදා බලා සිටීම අත්‍යවශ්‍ය ය ,පිල්ලුව තමා ළඟට එන විට ඇඳුරා වේවැල් පහර දෙයි එවිට ඉල්ලුවා අතුරුදහන් වේ අතුරුදහන්වෙයි දිව කෑල්ල සහ ඇඳුම් ආයෙත් නම් සියල්ල පෙනෙන්නට පටන් ගනී ,මෙම මන්ත්‍ර කර්මය අතිශය භයානක බව අමුතුවෙන් කිව යුතු නොවේ
සතුරා ද කිසියම් මන්ත්‍ර ගුරුකම කින් ආරක්ෂාවක් යොදා ගෙන සිටින්නේ නම් වැඩේ තවත් භයානක ය කොයි මොහොතේ හෝ එම ආරක්ෂාව බිඳෙන තුරු පිරුව වටපිටාවේ බලා සිටි ඇතැම් විට මේ සඳහා දින ගණනාවක් ගත විය හැකිය කෙසේවෙතත් මෙම මන්ත්‍ර කර්මය ජීවිතය පරදුවට තබා කරනා එකකි.....

සටහන ලොකුගේ වෙද මහතා විසිනි ✍️✍️✍️✍️✍️✍️

꧁━━━━━ •⊰🛞⊱• ━━━━━꧂         මෛත්‍රී බුදුන් දක්නෝ꧁━━━━━ •⊰🛞⊱• ━━━━━꧂🔷 මෙයින් පිටත් අවශේෂ සත්ත්‍වයන්ගෙන් දුගී-මගී සත්ත්‍වය...
07/06/2023

꧁━━━━━ •⊰🛞⊱• ━━━━━꧂
මෛත්‍රී බුදුන් දක්නෝ
꧁━━━━━ •⊰🛞⊱• ━━━━━꧂

🔷 මෙයින් පිටත් අවශේෂ සත්ත්‍වයන්ගෙන් දුගී-මගී සත්ත්‍වයන් හා මහණ බමුණන්ට දන්දුන්නෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දකිත්මය.

🔷 පන්සිල් රක්‍ෂාකළෝ දකිත්මය.

🔷 පෙහෙවස් රක්‍ෂාකළෝ දකිත්මය.

🔷 බඹසර රක්‍ෂාකළෝත් දකිත්මය.

🔷 දාගැප් කරවූවෝ දකිත්මය.

🔷 බෝධි පිහිටුවූවෝ දකිත්මය.

🔷 පුෂ්පාරාම, ඵලාරාම කැරැවූවෝ දකිත්මය.

🔷 උයන්-පොකුණු කැරැවූවෝ දකිත්මය.

🔷 ඒදඬු ලැව්වෝ දකිති.

🔷 ගොනටු කැරැවූවෝ දකිති.

🔷 අම්බලම් කැරැවූවෝ දකිති.

🔷 මං හෙලිකැරැවූවෝ දකිති.

🔷 ධර්මශාලා-භෝජනශාලා කැරැවූවෝ දකිති.

🔷 ලිං කැණැවූවෝ දකිති.

🔷 පිනපැන තුබුවෝ දකිති.

🔷 බුදු සසුන ඇතිකරනට ඉවහල්වුවෝ දකිති.

🔷 ධර්මකථිකයන්ට මණ්ඩප කරවා පිළිගැන්වූවෝ දකිති.

🔷 ධර්මාසන සැරහුවෝ දකිති.

🔷 දණ්ඩාසන-කබලි-බණවසුන් දුන්නෝ දකිති.

🔷 විජිනිපත්‍ර අතට ඔසවා දුන්නෝ දකිති.

🔷 බණ කියනා ගෙයි වියන් බැන්දෝ දකිති.

🔷 වියනේ මලලොඹු දුන්නෝ දකිති.

🔷 රන්මල්-රිදීමල් ආදිය පිදුවෝ දකිති.

🔷 සුවඳමල්-සුවඳසුණු පිදුවෝ දකිති.

🔷 සුවඳදුම්ලූවෝ දකිති.

🔷 බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිති.

🔷 බණට අඬගෑවෝ දකිති.

🔷 බණ කියන කල සාධුකාර දුන්නෝ දකිති.

🔷 බණ කියන්නන් පය සේදූවෝ දකිති.

🔷 මේ සියලු වතාවත් කොට නිමවා බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩාගෙනවුත් ධර්මාසනයේ හිඳුවා සකස්කොට බණ පැවැත්වූවෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දකිත්මය.

🔷 තවද ආමිසදාන, ධර්මදානාදීන් සඞ්ඝයා වහන්සේට පූජාසත්කාර කළෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් දකිත්මය.

🔷 මවුන්ට උපස්ථාන කළෝ දකිති.

🔷 පියන්ට උපස්ථාන කළෝ දකිති.

🔷 කුලදෙටුවන්ට උපස්ථාන කළෝ දකිති.

🔷 ලාබත්-පොහෝබත්-අවදිබත් දුන්නෝ දකිති.

🔷 දසපින් කිරියවත් පිරුවෝ දකිති.

🔷 සඞ්ඝාරාම කැරැවූවෝ දකිති.

🔷 පිළිමගෙවල් කැරැවූවෝ දකිති.

🔷 පිළිම කරවා ඇස් තැබ්බවූවෝ දකිති.

🔷 බණපොත් ලියවා දුන්නෝ දකිති.

🔷 තවද ඒ මෛත්‍රෙය සර්වඥයන් දකුම්හයි පතා යටත්පිරිසෙයින් එක මල් මිටක්, එක පහනක්, එක බත් ආලෝපයක් පමණ දන් දුන්නෝද ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දකිත්මය.

🔷 අනුන්කළ පින් සමසිතින් සතුටුව අනුමෝදන් වූවෝත් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දකිත්මය.

🔷 තවද ඒ බුද්ධොත්පාදයෙහි උපදමෝවයි පතා කුසල් කළ දිව්‍යමනුෂ්‍යයෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දකිත්මය.

ඒ දිව්‍යමනුෂ්‍යයෝද, මෛත්‍රෙය සර්වඥයන්ගෙන් ධර්මය අසා මාර්ගඵලයට පැමිණෙන්නාහුය. මාර්ගඵලයට පැමිණෙන්ට අසමර්ථ කෙනෙක් ස්වර්ගයෙහි උපදනාහ.

එසේ හෙයින් නුවණැත්තාවූ සියලු සත්ත්‍වයෙනි! පඤ්චශීල-දශශීල-කෝටියක් සංවරශීලාදි වශයෙන් ශීලසංරක්‍ෂණය කෙරෙමින් උතුම්වූ බඹසරවස් රක්‍ෂාකරව.

දන්දෙන්නාවූ සත්ත්‍වයෝ බොහෝ ජනයාට ප්‍රියවන්නෝය. ඔවුන් බොහෝ ජනයෝ භජනය කෙරෙති. කීර්තියටත් පැමිණෙන්නෝය. ඔහුගේ යසස් වැඩෙන්නෝය. මකුත් නොවී කරත් නොබා සිව්වණක් පර්ෂද් මධ්‍යයට වදනාහ. විසාරද වන්නාහ. මසුරු නො වන්නාහ. බුහුටි වන්නෝය යන මෙතෙක් ගුණ ඇති ඓහලෞකික-පාරලෞකික සැපත් එළවන්නාවූ කෙළවර අමෘතමහානිර්වාණය සාදා දෙන්නා වූ මහාර්ඝ වූ අන්න-පාන-වස්ත්‍ර-යාන-මාලා-ගන්‍ධ-විලෙපන-ශය්‍යාවසථ-ප්‍රදීපෙයසඞ්ඛ්‍යාත දශවිධ දානවස්තූන් ශ්‍රමණබ්‍රාහ්මණාදීන් විෂයෙහි පිහිටි වී මෙන් මහදන් පවත්වව.

අටවක-තුදුස්වක-පසළොස්වක සමාදන්ව රැක්කයුත් උපොෂිතශීලය සමාදන්ව පෙහෙවස් රක්‍ෂා කරව.

තමාය-තමාට හියෝය-මධ්‍යස්ථයෝය-වෛරීය යන චතුර්විධ සත්ත්‍වයන් කෙරෙහි සියලු සත්හු සුවපත් වෙත්වයි, නිදුක් වෙත්වයි, නීරෝගී වෙත්වයි, තමන් තමන්ගේ ධනධාන්‍ය සම්පත්තියෙන් නො පිරිහී සැපසේ ආත්මපෝෂ්‍යය කෙරෙත්වයි යන මේ ආදි ක්‍රමයෙන් මෛත්‍රීභාවනා කරව.

අප්‍රමාදව ප්‍රතිපත්තියෙහි ඇලී වාසය කරව.

හැමකලම කුසල්කිරීමෙහි පසු නො බැස බලවත් ඇලුම් ඇතිව කුසල් කරව.

තවද කුශලක්‍රියාවට ආකරවූ බුද්ධොත්පාදකාලයෙහි දාන-ශීල-භාවනාදි අනෙකප්‍රකාර කුසල් රැස්කරව. ඒ කළාවූ කුසලයෙන් අනෙකප්‍රකාරවූ දුක්කෙළවර කොට අමෘතමහා නිර්වාණයට පැමිණෙවයි, අවවාද අනුශාසනා කොට දේශනාව නිමවා වදාළසේක. ඒ ධර්මදේශනාවසානයෙහි කෙළලක්‍ෂයක් දිව්‍යමනුෂ්‍යයෝ දීපඞ්කරසර්වඥයන්වහන්සේ ආදිකොට ඇති මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ කෙළවරකොට ඇති සවිස්සක් පමණ සර්වඥවරයන් වහන්සේගේ බුද්ධවංශය අසා අර්හත්ඵලයෙහි පිහිටියාහ. අසඞ්ඛ්‍යයක් දිව්‍යමනුෂ්‍යයෝ සෝවාන් සෙදගැමි අනගැමි යන තුන්මඟ තුන්ඵලයට පැමිණියාහුය.

(උපුටා ගැනීමක් බව කාරුණිකව සළකන්න)

Ballo nannada epada
05/06/2023

Ballo nannada epada

Address

Pitakotte
Nugeoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when මේ සැප ලෝකේ කාටද ඔනේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මේ සැප ලෝකේ කාටද ඔනේ:

Share

Category