Anuja Lavan Photography Academy ALPHA

Anuja Lavan Photography Academy  ALPHA Sri Lankan Most Popular Photography & Videography Academy ඡායාරූපකරණය හා වීඩියෝකරණය පිළිබඳ පාඨමාලාව

ගුරුවරයෙකුට ලැබිය හැකි ලොකුම සතුට සහ වටිනාම සම්මානය වන්නේ, තමන්ගෙන් ඉගෙනගත් ශිෂ්‍යයෙකු තමන්ගේම නමින් සාර්ථක ගමනක්, Brand...
28/08/2026

ගුරුවරයෙකුට ලැබිය හැකි ලොකුම සතුට සහ වටිනාම සම්මානය වන්නේ, තමන්ගෙන් ඉගෙනගත් ශිෂ්‍යයෙකු තමන්ගේම නමින් සාර්ථක ගමනක්, Brand එකක් ආරම්භ කරනවා දැකීමයි. ❤️

ඇල්පිටිය නගර මධ්‍යයේ අභිනවයෙන් විවෘත වූ චමෝද්ගේ නව Photography Studio එක විවෘත කිරීමේ ගෞරවය සහ ආරාධනාව මට ලැබීම පිළිබඳව මම ඉමහත් සතුටටත් ආඩම්බරයටත් පත්වෙමි.

ඉතා කෙටි කාලයක් තුළ කැපවීමෙන්, මහන්සියෙන් සහ නිවැරදි දැක්මකින් තම වෘත්තීය ගමනට ශක්තිමත් පදනමක් ගොඩනඟාගත් චමෝද්, දක්ෂ මෙන්ම වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙකි.

ඔහුගේ ගුරුවරයා වීමටත්, මේ ගමන ආරම්භයේදී ඔහුට මඟ පෙන්වා අත්වැලක් වීමටත් ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි. අද ඔහු තමන්ගේම නමින්, තමන්ගේම ස්ථානයක, තමන්ගේම සිහින යථාර්ථයක් බවට පත්කරගෙන සිටිනවා දැකීම ගුරුවරයෙකු ලෙස මට වචනවලින් කියා නිම කළ නොහැකි සතුටකි.

ආදරණීය චමෝද්, මේ විවෘත කළේ Studio එකක දොරටුවක් පමණක් නොවෙයි ,ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක දොරටුවයි. ඔබගේ මෙම ගමන දිනෙන් දින දියුණු වී, සෑම අතින්ම සාර්ථක වීමට හදවතින්ම සුබ පතමි!

ජය වේවා චමෝද්!
ජය වේවා ALPHA! 🤘🔥

ALPHA කියන්නේ ALPHAවරුන්ටයි…
ALPHAවරුන්ට සදා ජය! ❤️

Lovenza Weddings
Anuja Lavan Photography Academy ALPHA

https://www.facebook.com/share/19DQb8U5L3/?mibextid=wwXIfr

12/08/2026

ALPHA 8 INTERNATIONAL PHOTOGRAPHY AWARDS 2026
Register & Submit: https://alpha8awards.com/register/

Your Vision. Your Story. Your Recognition.

ඔබේ ඡායාරූපකරණ හැකියාව ජාත්‍යන්තර සම්මාන වේදිකාවක් වෙත රැගෙන යාමට දැන් ඔබට අවස්ථාව උදා වී ඇත.

ALPHA 8 INTERNATIONAL PHOTOGRAPHY AWARDS 2026 සඳහා ඔබේ විශිෂ්ටතම ඡායාරූප නිර්මාණ ඉදිරිපත් කර, ඔබේ දක්ෂතාවයට ලැබිය යුතු පිළිගැනීම ලබාගන්න.

📸 Submit Your Best Work
🏆 Compete for Prestigious Awards
🌍 Gain International Recognition
🎖️ Award Ceremony at BMICH, Colombo
📜 සුදුසුකම් සපුරා තරගයට සහභාගී වන සියලුම තරගකරුවන් සඳහා Certificate of Participation

Professional Photographer කෙනෙකු වුවත්, emerging photographer කෙනෙකු වුවත්, photography පිළිබඳ දැඩි ආශාවක් ඇති නිර්මාණශීලියෙකු වුවත් ,මේ ඔබේ නිර්මාණය ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවයි.

One Photograph Could Become Your Next Recognition.
🌐 Register Now & Submit Your Entry

ALPHA 8 INTERNATIONAL PHOTOGRAPHY AWARDS 2026
Recognizing Vision. Celebrating Excellence.

පසුගිය දින පිළියන්දල නගර මධ්‍යයේ විවෘත කෙරුණු “Camera Tek” ආයතනය, එහි හිමිකරු දිමුතු මහතාගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මාගේ ...
05/08/2026

පසුගිය දින පිළියන්දල නගර මධ්‍යයේ විවෘත කෙරුණු “Camera Tek” ආයතනය, එහි හිමිකරු දිමුතු මහතාගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මාගේ අතින් විවෘත කිරීමට ලැබීම මහත් සතුටක් හා ගෞරවයක් ලෙස සලකමි.

දිමුතු මහතා ඉතාමත් සාධාරණ, ගුණවත් සහ උත්සාහශීලී ව්‍යාපාරිකයෙකි. අද සිට කැමරා, ඡායාරූපකරණ උපකරණ සහ අවශ්‍ය උපාංග රැසක් සාධාරණ හා පහසු මිල ගණන් යටතේ Camera Tek (071 766 0576) – පිළියන්දල ආයතනයෙන් මිලදී ගැනීමට ඔබ සැමට අවස්ථාව ලැබේ.

දිමුතු මහතාගේ නව ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්ව, ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත්වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

Camera Tek ආයතනයට ජය හා සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමි! 📷❤️

අනූජ ලවන් සෝමරත්න සිල්වා

28/06/2026
26/06/2026

All the flavor. All the fizz. All Orange Crush

​ ​

25/06/2026

හැඩතල කියන්නේ ඡායාරූපයේ භාෂාවයි. ඒ භාෂාව කියවන්නා දක්ශ ඡායාරූප ශිල්පියෙකි. මුල ඉදන්ම ඉගෙන ගන්න එන්න ALPHA Campus - Anuja Lavan Photography Academy ALPHA

24/06/2026

ඡායාරූපකරණය යනු කැමරාවකින් දර්ශනයක් සටහන් කරගැනීමක් පමණක් නොවේ. එය ලෝකය දැකීමේ, තේරුම්ගැනීමේ සහ අර්ථවත් කිරීමේ ශාස්ත්‍රයකි.

කැමරාවකින් අපට ලෝකයේ යථාර්ථය පෙන්විය හැක නමුත් සත්‍ය ඡායාරූපයක් යනු, අප ඉදිරියේ පෙනෙන යථාර්ථය පමණක් නොව, එය තුළ සැඟවී ඇති ගැඹුරු අර්ථය, හැඟීම සහ නිහඬතාවයේ සත්‍යය ප්‍රේක්ෂකයාගේ හදවතේ තැම්පත් කිරීමක්ය.

ඡායාරූපයක් තුළ ආලෝකය, සෙවණැල්ල, වර්ණය, සංයුතිය, ත්‍රිමාණ බව, ද්විමාන බව, තාක්ෂණික දැනුම සහ නිර්මාණාත්මක සිතුවිලි වැනිදෑ එකිනෙකට බැඳී පවතී. එම බැඳීම තේරුම්ගත් විටයි, ඡායාරූපකරණය බට්න් එකක් ඔබන ක්‍රියාවකින් ඔබ්බට, ලෝකය සමඟ කරන සංවාදයක් බවට පත්වන්නේ.

දැනුම ලෝකයේ සෑම තැනකම ඇත. ඔබට එය ඕනෑම තැනකින් ලබාගත හැක. නමුත් ගුරුවරයෙකුගේ වටිනාකම වන්නේ, නොදන්නා ලෝකයක් ඔබට පෙන්වා දී, එය නිවැරදිව තේරුම්ගැනීමට මඟ සකසා දීම මගිනුයි !

ALPHA Campus එකේදී අපි Photography කියලා උගන්වන්නේ camera settings පමණක් නොවේ. අපි ඔබට පෙන්වන්නේ ඡායාරූපකරණය තුළ සැඟවුණු අලුත් ලෝකයක්.

Photography ඉගෙනගන්න කැමති අය — follow කරලා තියාගන්න.
හැමදේම මුල සිට සරලව, නිවැරදිව ඉගෙනගන්න.

ලංකාවේ Photography ඉගෙනගන්න නම් — ALPHA Campus තමයි.
071 9 729 729

Anuja Lavan Photography Academy | ALPHA

23/06/2026

Photography වලදී reverse engineering කියන්නේ, හොඳ photo එකක් දැකලා ඒක නිර්මාණය වුණේ කොහොමද කියලා ,ආලෝකය, composition, camera angle, lens, exposure, සහ editing අනුව ආපස්සට විශ්ලේෂණය කරලා ඉගෙනගන්න ක්‍රමයයි. Photography ඉගෙනගන්න කැමති අය, follow කරලා තියාගන්න.

හැමදේම මුල සිට සරලව, නිවැරදිව ඉගෙනගන්න.මේක Share කරන්න ❤️
ලංකාවේ Photography ඉගෙනගන්න නම් — ALPHA Campus තමයි. Anuja Lavan Photography Academy ALPHA

21/06/2026

Photography ඉගෙනගන්න කැමති අය, follow කරලා තියාගන්න.
හැමදේම මුල සිට සරලව, නිවැරදිව ඉගෙනගන්න.
ලංකාවේ Photography ඉගෙනගන්න නම් — ALPHA Campus තමයි. Anuja Lavan Photography Academy ALPHA

ALPHA කියන්නේ ඇල්ෆාවරුන්ටයි ❤️
21/06/2026

ALPHA කියන්නේ ඇල්ෆාවරුන්ටයි ❤️

Address

31/3 Stanly Thilakarathne Mw
Nugegoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94717333357

Website

Alerts

Be the first to know and let us send you an email when Anuja Lavan Photography Academy ALPHA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anuja Lavan Photography Academy ALPHA:

Shortcuts

Share