11/08/2022
මහවැලියට විසිකර දමන්න තරම්
තිබුණත් මතකය හිත් යට ගුලිකරන්
වැටෙන මහ වැස්සට තුරුළු කරන්
හිනහුනෙ කෝමද ? පුදුමයි නුඹ තරම්
කවි දහස් ගණන්
පොත්වල නොලිව්වට
තියෙනැති පිටු ගණන්
ඉරහද එක්ක
ඔට්ටු අල්ලපු ප්‍රේමයන්
ස්නේහයේ රසම තැන්
කාටත් නොකිව්වට,
තියෙන්නැති හිරකරන්
හන්තානටත් වඩා සුන්දර
සන්තාන ස්නේහයන්
කවුරුත් නෑ තාම ලස්සන
ඒ තරම්
අග නගරෙ අහස යට කෝමලිය ,
ප්‍රේමයේ බිම ජපුර තරම් ...
Words - Yasiru Jayashantha 💛
Shot on Mobile device 📱