27/10/2026
🌀 **කාලගුණ විශේෂ නිවේදනය: 'ඔර්නබ්' (ORNAB) ඉතා ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙයි!**
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති 'ඔර්නබ්' සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී **'ඉතා ප්‍රබල සුළි කුණාටුවක්'** බවට පත්ව තිබේ.
අද (27) අලුයම 02.30 වන විට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති මෙම පද්ධතිය, හෙට (28) පෙරවරු 11.30 වන විට ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
🇱🇰 **දිවයිනට ඇතිවන බලපෑම:**
මෙම පද්ධතියේ **සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද**, එය වෙත ඇදීයන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි සහ තද සුළං තත්ත්වය අද දිනයේත් තවදුරටත් බලාපොරොත්තු විය හැක.
🌧️ **වැසි තත්ත්වය:**
* **බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්** විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
* මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට **මි.මී. 75ට වැඩි තරමක තද වැසි** ඇති විය හැක.
* නැගෙනහිර පළාතේ පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
💨 **තද සුළං අවවාදයයි:**
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට **පැ.කි.මී. 40-50ක පමණ තද සුළං** ඇතිවිය හැක.
⚠️ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.