29/03/2025
දෙයක් කියන්නද...
ඔය කවි ලියන උන් ඉන්නවා නේද
උන් දක්ශයි වචන වලින් මනුස්සයෙක් නම්ම ගන්න ,
ආන් එ හින්ද ඔයලාගෙ පෙම්වතිය ,
පෙම්වතා ඔවුන්ට ආකාර්ශනය වෙන්න තියන ඉඩ
ගොඩක් වැඩි..
මොකද,
කවියො කියන්නෙ වචන වලින් හිත් සනසන ජාතියක්,
ගුප්ත මානුශික කොට්ටාසයක්..
උන්ට රිදුනාමත් උන් එ හැගීම වචන කලා,
උන්ට ආදරෙ දැනුනාම ත් උන් එක වචන කලා,
කවියො කියන්නෙම
ආදරෙ හොඩියම හදාරපු උන්..
උන්ට පුලුවන් අඩ ,අඩා තියන හිතක් හදන්නත්,
හොදින් තියන හිතක් අඩවන්නත්..
වැඩියෙන්ම ලියන, කියවන මනුස්සයෙක් ට ආදරෙ හිතුනොත්
ඔයාලා ගොඩක් පරිස්සමින් ආදරෙ කරන්න,
මොකද උන්ගෙ ආදරෙ හෙනම බරයි,
දරාගන්න අමාරුයි..
ආදරෙ වැඩියෙන්ම දැනෙද්දි
උන් එ හැගීම ලස්සන ට වචන කරනවා වගේම
උන්ට රිද්දුනොත් උන්ගෙ වචන තනිකරම පිහිතුඩු වගෙ..
ඉතින් එහෙම උන්ට ආදරෙ කරන්න,
ඒ ආදරෙ දරාගන්න පුලුවන් නම් විතරක්...
හැබැයි ඔයා එයලගෙ කවියක නිමිත්ත වෙනවනම් ඔයා වාසනාවන්තයි,
මොකද කවියෙක්ගෙ නිමිත්තක් වෙන්නත් හැමෝටම බෑ..
හැබැයි එක දවසක කවියෙක් ඔයාට ආදරෙ කරන්න ගත්තොත්,
ඔයා කවදාවත් මැරෙන්නෙනම් නැ..
මොකද,
කවියො කියන්නෙ විරහවත් රහට ලියපු උන් ඒ නිසා උන් විරහව අස්සෙ ආදරෙ හෙව්වා,
ඉතින් කවියො කියන්නෙ කවදාවත් තමන්ගෙ ආදරෙ මරපු උන් නෙමෙ,
උන් තමන්ගෙ ආදරෙ ට කවියකින් හරි පන දුන්න ජාතියක්.
ඉතින්
කවියෝ කියන්නෙම ඇබ්බැහි වෙන සුලු ජාතියක් ඒ නිසා පරිස්සමින්......🙂❤️
Copied