locomotive driver cab view

locomotive driver cab view � Experience the railway through the driver’s eyes. Real cab views, journeys, and the passion of locomotives
(3)

17/08/2026

අනුරාධපුරෙන් පිටත් වෙන යාල් රාණි.. 🚂💨
හැමදාම පිටිපස්සෙන් දකින දුම්රිය, අද එන්ජිම ඇතුලෙන්!
මේක තමයි රියදුරා දකින පාර ❤️
ඔයා කවදාහරි එන්ජිම ඇතුලට ගිහින් තියෙනවද?

මාතොටම් වල තේ එක නොබී යන්න බැරිවුණු දවස - රම්පාල මහතාගේ කතාවක්මේ කතාව මට කිව්වේ අනුරාධපුරේ සේවය කරලා විශ්‍රාම ගියපු දුම්...
16/08/2026

මාතොටම් වල තේ එක නොබී යන්න බැරිවුණු දවස
- රම්පාල මහතාගේ කතාවක්

මේ කතාව මට කිව්වේ අනුරාධපුරේ සේවය කරලා විශ්‍රාම ගියපු දුම්රිය රියදුරු මහතෙක්.

මේක සිදුවුණේ බී.ඩී. රම්පාල මහතා දුම්රිය සාමාන්‍යාධිකාරීව හිටපු ස්වර්ණමය යුගයේදීය.

ඒ දවස්වල මන්නාරම මාර්ගයේ ධාවනය වුණේ දුම්රිය දෙකක් පමණයි. දවල් කාලයේ මිශ්‍ර දුම්රියත්, රාත්‍රී කාලයේ තැපැල් දුම්රියත්. තලෙයිමන්නාරමේ බෝට්ටු සේවාව නිසා ඉන්දියාවට යන එන සියලු දෙනාම වගේ ගියේ මේ දුම්රියේ.

මිශ්‍ර දුම්රිය පටන් ගත්තේ අනුරාධපුරෙන්. හැම නැවතුමකම නවත්තන නිසා වෙලාවක් තිබුණේ නෑ. ඒත් ඒක හැමෝටම හුරු ජීවිතයක් වෙලා තිබුණා.

මේ පාරේ මාතොටම් කියලා පොඩි නැවතුමක් තියෙනවා. එතන පොඩි තේ කඩයක් තිබුණා. අදටත් ඒක තියෙනවා.

ඒ කාලේ පුරුද්ද වෙලා තිබුණා මේ දුම්රියේ යන මගීන්, රියදුරු මහතා, ගාඩ් මහතා සියල්ලෝම මාතොටම් වල විනාඩි 20-30ක් නවත්තලා තේ එකක් බීලා යන එක.

දවසක් අනුරාධපුරෙන් පිටත් වෙන්න හදද්දි ප්‍රධාන නියාමක මහතෙක් ඇවිත් රියදුරු මහතාට රහසින් කියලා තියෙනවා, "අද තේ බීලා හමාරයි, කෝච්චියේ රම්පාල මහත්තයා ඉන්නවා" කියලා.දුම්රියානුරාධපුරෙන් පිටත් වුනාලු

රියදුරු මහතා බයවෙලා දුම්රිය මාතොටම් වල නවත්තපු ගමන් සෙනග නැගලා බැහැලා ඉවර වෙනකොටම දුම්රිය ඇදලා තියෙනවා.

ටික දුරක් යද්දිම තදින් බ්‍රේක් වැදිලා කෝච්චිය නතර වෙලා. පිටිපස්සෙන් බැහැලා එන්ජිම ගාවට ඇවිත් තියෙන්නේ රම්පාල මහතාමයි.

"අද විතරක් ඇයි තේ නොබී යන්නේ? නවත්තලා තේ බීලා යමු" කියලා එතුමාම කට්ටියත් එක්ක ගිහින් තේ බීලා දුම්රිය පිටත් කරවලා තියෙනවා.

ඒ තමයි රම්පාල මහතා. නීතියට වඩා මිනිස්කමට ගරු කරපු නායකයා.



15/08/2026

අවසානයේ... යාල් දේවි යාපනයට ළඟා වුණා! ❤️🚂
පැය ගාණක ගමනක අවසානය කොච්චර ලස්සනද කියලා දැක්කම තමයි තේරෙන්නේ.
ඔයා යාපනේ ගිහින් තියෙනවද යාල් දේවියෙන්?



උදේක හිරු එලියේ හමුවීමක් ☀️🐒ජීවිතේ සමහර වෙලාවට කතා නැතුවත් ගොඩක් දේවල් කියවෙනවා...📍 දුම්රිය ස්ථානයක උදෑසනක්
14/08/2026

උදේක හිරු එලියේ හමුවීමක් ☀️🐒
ජීවිතේ සමහර වෙලාවට කතා නැතුවත් ගොඩක් දේවල් කියවෙනවා...
📍 දුම්රිය ස්ථානයක උදෑසනක්



13/08/2026
ඇල්ලේ ආරුක්කු නවයේ පාලම මතින් මතක සටහනක් 🚂❤️ජීවිතේ එක පාරක් හරි යන්න ඕන ගමනක්! 🇱🇰ආරුක්කු නමය පාලම උඩින් යන වීඩියෝ එකක් ඕ...
13/08/2026

ඇල්ලේ ආරුක්කු නවයේ පාලම මතින් මතක සටහනක් 🚂❤️

ජීවිතේ එක පාරක් හරි යන්න ඕන ගමනක්! 🇱🇰

ආරුක්කු නමය පාලම උඩින් යන වීඩියෝ එකක් ඕන්නං කමෙන්ට් එකක් දාන්න


12/08/2026

මීදුමෙන් වැසුණු දිවියන්ගේ කන්ද උඩ 😍🏔️

මහන්සිය නිවුන තැනක්! 🥾🇱🇰

Great Western Mountain Range (2,216m)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ලංකාවේ හත්වන උසම කඳුවැටිය.

මෙම කඳු මුදුන වලාකුළු වනාන්තරයකින් සහ දිවියන්ගේ වාසභූමියක් ලෙසද ප්‍රසිද්ධයි. Great Western දුම්රිය ස්ථානයේ සිට ආරම්භ වන මෙම මාර්ගය දුෂ්කර ගණයේ Hike එකක් ලෙස සැලකේ.

මුදුනේ සිට ශ්‍රී පාදය, කිරිගල්පොත්ත, තොටුපොලකන්ද ඇතුළු කඳු රැසක් දැකගත හැකියි.

තොරතුරු දැනගෙන, ආරක්ෂිතව ගමන් කරන්න.




10/08/2026

දිවා කාලයේ කිසිම දුම්රියක් දාවනය නොවන රාත්‍රී කාලයේ පමනක් දුම්රියක් දාවනය වන ලංකාවේ එකම දුම්රිය මාර්ගය කුමක්ද

10/08/2026

Kalaoya


10/08/2026

Elephantpass


Address

Moragollagama

Website

Alerts

Be the first to know and let us send you an email when locomotive driver cab view posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share