17/06/2026
තෙමෙන වැහි කඩිති මත.
දැවෙන පපුවක රස්නය....
සීත මීදුම් සිපවැළඳ..
නිවා දැමුයෙමි දැවෙන හද..
දකිමි තනිවම සැලෙන නුඹ...
සිතමි පාවී යන්න..
නමුදු දුරබැව් දනිමි මේ හිත...
වැස්ස වැඩි නෑ දැවුන කතරට...
ඉඳින් ප්‍රිය මා ඇසෙන දුරකම..
තවත් හිත නෑ තනිව රැදුමට..
නුඹම නුඹවම සොයන රෑකම...
වැස්ස නුඹ ඇයි නාවෙ තනියට..🍃
-ChX🌧️