Ceylon Columbus

Ceylon Columbus Photographer + Traveler + Social Researcher

🫡😁
31/12/2025

🫡😁

20/12/2025

"වෙලාවකට ආයෙ Reset වෙන්නත්,
අපි අපි එක්කම තනි වෙන්න ඕනේ. !" 🌤

Ceylon Columbus | #විලම්බීත_කවි

17/11/2025

"ඔබ නැවත, ඔබව සොයා ගන්නා තුරු'
අතුරුදහන් වීම කමක් නැත." 🤍

Ceylon Columbus රහස් කියන කඳු සොයන්නා...

16/11/2025

සමහර විට, ඔබට විවේකයක් අත්‍යවශ්‍ය වේ.
ලස්සන ස්ථානයක, තනිවම.

ඔබට මඟහැරුණු සියල්ල සොයා ගැනීමට..! 🤍🌿

Ceylon Columbus

පටුන බලන විට      අමතක විය          පිටුව  පටුන බලලා    දුන් තීරණ     අව නඩුවපටුනේ නොවේපිටුවේ තිබුණේ         හරයපිටුව බල...
09/10/2024

පටුන බලන විට
අමතක විය
පිටුව

පටුන බලලා
දුන් තීරණ
අව නඩුව

පටුනේ නොවේ
පිටුවේ තිබුණේ
හරය

පිටුව බලාපන්
මිනිසුනි...!!

බොරු නොකර..!!

#විලම්බීත #කවී
Ceylon Columbus

තොග පිටින් පොරියල්කටු කද්දි මාවතේදුක සතුට එක වගේමේ රියල් ජිවීතේ..ගලපලා  මං ගයනමාවතේ ගීතයේ..ලැබුනේ නැහැ එක සතයපොඩිඑවුන් හ...
14/09/2024

තොග පිටින් පොරියල්
කටු කද්දි මාවතේ
දුක සතුට එක වගේ
මේ රියල් ජිවීතේ..

ගලපලා මං ගයන
මාවතේ ගීතයේ..
ලැබුනේ නැහැ එක සතය
පොඩිඑවුන් හාමතේ..

දෙයියන්ට බාර වි
දෙන පඬුරු කාසියේ...
හදයි තව පන්සලක්
කන්ද උඩ මායිමේ...

බුදුරදුන් සිටියා නම්
අද මේ.. ද්වීපයේ
සිරිපතුල ගෙවි යයි
තියලා හැම පන්සලේ...

#විලම්බීත #කවි


Ceylon Columbus

#ගෙදරයනගමන්

අමාරුව  - හමාරය ද? 🌊🌊5 වසර අසමත් දවස              - යටගිය බරණැස නුවරබ්‍රහ්මදත්ත කුමරානෝ          - සා.පෙළ ගොඩ ගිය සේකඋසස...
10/09/2024

අමාරුව - හමාරය ද? 🌊🌊

5 වසර අසමත් දවස - යටගිය බරණැස නුවර
බ්‍රහ්මදත්ත කුමරානෝ - සා.පෙළ ගොඩ ගිය සේක

උසස්පෙළ අමාරුය - අමාරුව හමාරය
නගරයේ ගුරු කුලෙන් - ඉගෙනගෙන හමාරය

වසර 4ක් ඉගෙන ගන්නට - ඉගෙන ගන්නට
ඉගෙන ගන්නට - ඉගෙන ගන්නට

ඉගෙනගෙන හමාරය - අමාරුව හමාර ද?
බෝට්ටුව දැන් හරිය - මුහුද අද හරි රළුය

අමාරුව අමාරුව - රළු මුහුදේ අමාරුව
හරි බරය හරි බරය - අනිත් වුන්ගේ බඩුය

5 වසර සුන්දරය - ඒ දවස නිදහස් ය
අද දවස අමාරුය - හෙට දවස අමාරු ද?

අමාරුය අමාරුය - මේ ගමන අමාරුය
රළු මුහුද තැනුවාය - අමාරුව හමාරය.!!!

#විලම්බීත #කවි


Ceylon Columbus

රිදුම් දෙන කකුල් දෙකඉක්මනින් සඟවපන්...                              පොලිශ් ගා.. පාට ගා...                              ක...
09/09/2024

රිදුම් දෙන කකුල් දෙක
ඉක්මනින් සඟවපන්...
පොලිශ් ගා.. පාට ගා...
කකුල් දෙක පෙන්නපන්..

කකුල් දැක්කම ඇතිලු
සර්.... මිස් කියාපන්...
කක් කුස්සි බාටා දෙක
හැමදාම පාගපන්...

Ceylon Columbus
#විලම්බීත #කවි
#ගෙදරයනගමන්..🚌💨

හැමදාම හිටියාලු එනතුරා මඟ බලා..!!! ණයටගත් බැටරි දෙකේ ටෝච් එක අත තියාහන්දියට වී...  සිටියා මගේ පුතා එන තුරාගිහින් උඹ හුඟක...
04/09/2024

හැමදාම හිටියාලු එනතුරා මඟ බලා..!!!

ණයටගත් බැටරි දෙකේ ටෝච් එක අත තියා
හන්දියට වී... සිටියා මගේ පුතා එන තුරා
ගිහින් උඹ හුඟක් කල් ඉක්මනින් එයි කියා
පුතේ...හනිකට වරෙං..!! කළුවරත් වැටෙනවා

උඹ ගිහින් හුඟක් කල් නාවේ ඇයි මගේ පුතා
අම්මාගේ තුන් මාසේ.. දානේ - බණ සිදු වුනා
ඇගේ.... කන්ථක පපුව පැලිලා යද්දි... පවා
පුතේ... උඹ හෙව්වා ඈ..., මාව අල්ලන් හඩා

පුතේ... උඹ අද එතැයි කියලා හිතලා මෙමා
හැමදාම හන්දියේ නැවතුමට ගොඩ වුණා
පුතේ... උඹ එනතුරා මඟ බලන් ඉන්නවා
තාත්තගේ නමට දැන් නැවතුමක් තියෙනවා

(“ පරලොව සැපත් ... මහතාට පිං පිණිස ගම්වෑසියන් විසින් සාදන ලද බස් නැවතුමකි” . එය සුරකින්න.)

Ceylon Columbus
#විලම්බීත #කවී

හෙට මෙන් අද නැතඅද මෙන් හෙට නැතඅට ලෝ දහමෙන්කම්පා වනු ඇත..ජිවිතේ දුක් බරහවසට සව්බරඅත පා අයදිමිකුසගිනි නිව්මට...කේතු ද රාහු...
04/09/2024

හෙට මෙන් අද නැත
අද මෙන් හෙට නැත
අට ලෝ දහමෙන්
කම්පා වනු ඇත..

ජිවිතේ දුක් බර
හවසට සව්බර
අත පා අයදිමි
කුසගිනි නිව්මට...

කේතු ද රාහු ද
පැනයයි කොටුවෙත
රැකුමට සුරයක්
තාමත් ඇත ලඟ...

නැදෑ සනුහර
පෙන්නූ කුජ හත
සෙනසුරු මාරුව
හමුවුණි මා හට....

හැදුවැඩු දරුපෙම
ලොකු වී ඇත තව
වසයට යන විට
කරදර වී ඇත....

ණය වි හැදුවට
ඉන්නට පින නැත
වැස්සට අව්වට
ගේ දොර දැන් නැත...

තරඟෙට දුවලා
හොදටම හතිමට
බස් නැවතුම ලඟ
නවතිමි අද මම....

දිනුමක් කෝ තව
දිව්වේ බොරුවට
හිතෙනා විට මට
පෙරහැර ගොස් ඇත...
..........

තනි ව ඉපදෙනා අපි වැනි සත්තු
හොයන්නේ මොකටද? “හොද බෝසත්තු”
ජිවිත කුඩුවේ “ දෙහිවල සත්තු “
වාගෙයි... මිනිසුනි, මනුලොව සත්තු..

Ceylon Columbus
#විලම්බීත #කවී

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Ceylon Columbus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Columbus:

Share

Category