GK ICT School

Directions Website Contact the business

GK ICT School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GK ICT School, Kosgama.

ICT සරලව – පාඩම්, වීඩියෝ, Tips & Guides
🎥 YouTube Lessons | 📘 School ICT Support

💡 ජීවිතේ සාර්ථක output එකක් ලබා ගැනීමට, නිවැරදි process එකට නිවැරදි දත්ත සහ උපදෙස් input කිරීම අත්‍යාවශ්‍ය වේ.

පාසල් ළමුන්ට Computer එකක් ගන්න කොට මේවාබැලුවද ? 🖥️🤔 ඔයාගේ පාසල් වැඩ කරන පරිගණකයත් slow වෙනවනම් මේ විදිහට update කර ගන්න...
21/10/2026

පාසල් ළමුන්ට Computer එකක් ගන්න කොට මේවාබැලුවද ? 🖥️🤔 ඔයාගේ පාසල් වැඩ කරන පරිගණකයත් slow වෙනවනම් මේ විදිහට update කර ගන්න.

​පාසල් දරුවෙකුට පරිගණකයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට සහ දරුවන්ට අත්‍යවශ්‍යම මඟපෙන්වීම! 🎓💻

​Online Classes (Zoom / Teams), MS Office, පාසල් විෂය නිර්දේශයේ වැඩකටයුතු සහ Coding ඉගෙනීමට ගැළපෙන, මුදලට උපරිම වටිනාකමක් ලැබෙන පරිගණකයක් (Desktop හෝ Second-hand Laptop) තෝරාගන්නේ කොහොමද?

​බොහෝ දෙනෙකුට පරිගණකයක් මිලදී ගැනීමේදී මුදල් නාස්ති වන සහ රැවටෙන ප්‍රධාන කරුණු කීපයක් ගැනත්, ලැප්ටොප් එකක් තෝරාගැනීමේදී බැටරිය හා අනෙකුත් උපාංග නිවැරදිව පරීක්ෂා කරගන්නා ආකාරයත් මෙම වීඩියෝවෙන් සවිස්තරාත්මකව කතා කරනවා. 🔍✨

ඔබේ ආදරණීය ICTගුරුවරයා,
​ගයාන් කරුණාතිලක සර්

​පාසල් දරුවෙකුට පරිගණකයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට සහ...

ගුරු දිනයේ මට ඇසුන හොදම කතාව.2026 කොස්ගම ශ්‍රී න්‍යග්‍රෝධ මහ පිරිවෙනේ පැවති ගුරු උපහාර උලෙළේ ශිෂ්‍ය හිමිනමක් විසින් සිදු...
09/10/2026

ගුරු දිනයේ මට ඇසුන හොදම කතාව.

2026 කොස්ගම ශ්‍රී න්‍යග්‍රෝධ මහ පිරිවෙනේ පැවති ගුරු උපහාර උලෙළේ ශිෂ්‍ය හිමිනමක් විසින් සිදුකල කතාවක්.

2026 කොස්ගම ශ්‍රී න්‍යග්‍රෝධ මහ පිරිවෙනේ පැවති ගුරු උපහාර උලෙළේ ශිෂ...

අද දින මා හට ගුරු දිනය වෙනුවෙන් සුභපැතුම් එක් කල සියලු දෙනාටම ස්තූතීයි... 💐🥰
06/10/2026

අද දින මා හට ගුරු දිනය වෙනුවෙන් සුභපැතුම් එක් කල සියලු දෙනාටම ස්තූතීයි... 💐🥰

ලෝක ළමා දිනයට සමගාමීව 2026 ඔක්තොම්බර් 3 වන දින කොට්ටාව සිප්වන් අධ්‍යාපන ආයතනයේ අපේ 5 වසර ICT පාඨමාලාවේ පොඩිත්තො වෙනුවෙන්...
05/10/2026

ලෝක ළමා දිනයට සමගාමීව 2026 ඔක්තොම්බර් 3 වන දින කොට්ටාව සිප්වන් අධ්‍යාපන ආයතනයේ අපේ 5 වසර ICT පාඨමාලාවේ පොඩිත්තො වෙනුවෙන් පැවැත්වුනු චිත්‍ර තරගයේ සොදුරු දසුන්... 💐🎁🎨

ලෝක ළමා දිනය අදයි... 🌏💐චූටි ඔයාට ආදරණීය වාසනාවන්ත ලෝක ළමා දිනයක් වේවා ..! 👧🏼🧒🏼ආදරණීය ICT ගුරුවරයා, ගයාන් කරුණාතිලක සර් 💙...
01/10/2026

ලෝක ළමා දිනය අදයි... 🌏💐
චූටි ඔයාට ආදරණීය වාසනාවන්ත ලෝක ළමා දිනයක් වේවා ..! 👧🏼🧒🏼

ආදරණීය ICT ගුරුවරයා,
ගයාන් කරුණාතිලක සර් 💙🖥️

*RUBIK’S CUBE 🧩 | සරලව ඉගෙනගෙන Rubik Cube එක විසඳමු!* 🎯https://youtu.be/B5toHeDZoVA.🎉 Rubik’s Cube එක විසඳන්න ඉගෙන ගන්න ...
20/09/2026

*RUBIK’S CUBE 🧩 | සරලව ඉගෙනගෙන Rubik Cube එක විසඳමු!* 🎯

https://youtu.be/B5toHeDZoVA.

🎉 Rubik’s Cube එක විසඳන්න ඉගෙන ගන්න කැමතිද?
එහෙනම් මේ සම්පූර්ණ Rubik’s Cube Video එක ඔබ වෙනුවෙන්මයි! 🧩🔥

මෙම වීඩියෝ මාලාව තුළදී මුල සිට සරලව, Step by Step Rubik’s Cube එක හඳුනාගෙන, එය නිවැරදි ක්‍රමයට විසඳන ආකාරය ඉගෙන ගන්න පුළුවන්. 💡

👨‍🏫 කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ!
Beginner කෙනෙකුට වුණත් වීඩියෝ එක සමඟම Cube එක අතේ තියාගෙන පුහුණු වෙන්න පුළුවන්. 🙌

📥 *FREE PDF NOTES* 📚
ඔබගේ ඉගෙනීම තවත් පහසු කරගැනීම සඳහා PDF Notes 2ක් ලබාගන්න පුළුවන්. 👇

📘 *01. Rubik’s Cube – Introduction PDF*

🧩 Rubik’s Cube එක පිළිබඳ මූලික හැඳින්වීම, Cube එකේ කොටස් සහ මූලික සංකල්ප ඇතුළත් PDF එක.
🔗 PDF Download: https://drive.google.com/file/d/1CMj2BZa7FQyxlp97d-b-TcgRWUolOPEe/view?usp=sharing

📕 *02. Rubik’s Cube – Formula / Algorithm Notes*

🧩 මෙම Video Series එක තුළ භාවිතා කරන සූත්‍ර, Notations සහ Algorithm Notes ඇතුළත් PDF එක.
🔗 PDF Download: https://drive.google.com/file/d/1d_3HvJz47lB9s6bDsqrU96FbObZWMyc5/view?usp=sharing

🧩 RUBIK’S CUBE 🧩 | සරලව ඉගෙනගෙන Rubik Cube එක විසඳමු! 🎯🎉 Rubik’s ...

මතකද ඉස්සර රෑ වෙලා ටීවී චැනල් ඔක්කොම නැවතුණාම, නැත්නම් වහල උඩ තිබ්බ උණ බම්බු ඇන්ටනාව හුළඟට කැරකුණාම ටීවී එක පුරාම කළු සු...
14/09/2026

මතකද ඉස්සර රෑ වෙලා ටීවී චැනල් ඔක්කොම නැවතුණාම, නැත්නම් වහල උඩ තිබ්බ උණ බම්බු ඇන්ටනාව හුළඟට කැරකුණාම ටීවී එක පුරාම කළු සුදු තිත් වැටිලා "ෂූ..." ගාලා සද්දයක් ආපු හැටි? 📺📡

​එතකොට තාත්තා වහල උඩට නැගලා ඇන්ටනාව කරකවද්දී, අපි සාලේ ඉඳන් "තව පොඩ්ඩක්... තව පොඩ්ඩක්..." කියලා කෑගහපු ලස්සන අතීතයක් අපිට තිබ්බා. ❤️

​අපි පොඩි කාලේ හිතුවේ ඒක නිකන්ම සිග්නල් නැතිවුණාම වෙන අවුලක් කියලා විතරයි. හැබැයි ඇත්තම කතාව ඊට වඩා හිතාගන්නවත් බැරි තරම් ආශ්චර්යමත් එකක්! ✨

​අපේ සාලේ මැද තිබ්බ ඒ මැජික් එක මොකක්ද? 🌌
​ඒ පරණ CRT ඇනලොග් ටීවී වල ඇන්ටනාවෙන් කළේ වාතයේ තිබ්බ ඕනෑම රේඩියෝ තරංගයක් අල්ලගන්න එක. නිශ්චිත චැනල් එකක් නැතිවුණු වෙලාවට, තිරයේ පෙනුණු ඒ කළු සුදු තිත් සහ ඇසුණු "ෂූ..." සද්දෙන් 1% ක්ම කෙළින්ම ආවේ අභ්‍යවකාශයෙන්! 🪐

​ඒ කියන්නේ මොකක්ද දන්නවද? මීට අවුරුදු බිලියන 13.8 කට කලින් මුළු විශ්වයම බිහිවුණු මහා පිපිරුමේ (Big Bang) අවසාන දෝංකාරය තමයි ඒ! විද්‍යාවේදී මේකට කියන්නේ Cosmic Microwave Background (CMB) කියලා. 💥🔭

​1965 දී Arno Penzias සහ Robert Wilson කියන විද්‍යාඥයෝ දෙන්නා අහඹු විදිහට හොයාගත්තු, නොබෙල් ත්‍යාගය පවා දිනාගත්තු ඒ විශ්වයේ පළමු ආලෝකයේ නෂ්ටාවශේෂ තමයි අපේ ටීවී එකේ වැටුණු හැම තිත් 100 න් එකක් ඇතුළෙම දිලිසුණේ! 🤯

​සරලවම කිව්වොත්:
​🌍 පෘථිවිය හැදෙන්නත් කලින් තිබ්බ ශක්තියක් අපි සාලේ ඉඳන් ඇස් දෙකෙන් දැක්කා.
​⏳ අපි නොදැනුවත්වම බලාගෙන හිටියේ කාලය හරහා ආපු විශ්වයේ මුල්ම ළදරු පින්තූරය දිහා.
​🎙️ කැඩිච්ච රූප පෙට්ටියකින් අපි ඇහුවේ මේ විශ්වයේ පළමු හුස්ම පොද.

​අද අපේ ගෙවල්වල තියෙන්නේ අති නවීන Smart LED ටීවී. සිග්නල් නැතිවුණාම කෙළින්ම "No Signal" කියලා නිල් පාට තිරයක් පෙන්නනවා මිසක්, කිසිම රේඩියෝ ශබ්දයක් එන්නේ නෑ. තාක්ෂණය දියුණු වෙලා පින්තූර පැහැදිලි වුණා තමයි, හැබැයි විශ්වයත් එක්ක අපේ සාලේ තිබ්බ ඒ අමුතුම සජීවී බැඳීම අපිට නොදැනිම නැතිවෙලා ගියා. 🔌✨

​තාක්ෂණයෙන් කොච්චර ඉස්සරහට ගියත්, අපි හැමෝම මේ මහා විශ්වයේම කොටස්කරුවෝ නේද කියලා හිතෙනකොට පුදුම හැඟීමක් දැනෙන්නේ! 🚀🌠

© 2026 GK ICT School. All Rights Reserved.

2026- ICT Junior Starter Course🖥️👩‍🎓 | 4.0 Batchමෙවර හය වසරට එන පොඩ්ඩන්ව වෙනස්ම විදිහකට 2027 නව ICT විෂය නිර්දේශයට  හුරු...
31/08/2026

2026- ICT Junior Starter Course🖥️👩‍🎓 | 4.0 Batch
මෙවර හය වසරට එන පොඩ්ඩන්ව වෙනස්ම විදිහකට 2027 නව ICT විෂය නිර්දේශයට හුරු කරවන නොමිලේ පැවැත්වෙන ගයාන් සර්ගේ ICT Course එක 😍💻

🔰 පාඨමාලාවෙන් ඔබේ දරුවාට,

රජයේ ලියාපදිංචි ආයතනයකින් පිරිනැමෙන ඉතා වටිනා සහතික පත්‍රයක් ලබා ගැනීමේ හැකියාව.📃👑️

පසුගිය පාඩම් අධ්‍යයනය කිරීමට ඇප් එකක් නොමිලේ හිමි වේ. 📱 ඊට අමතරව,

💿️ අලුතෙන්ම 6 වසරට අපේ පොඩ්ඩන්ට තියන ICT කියන විශයට හුරුකරවීම.
💿️ Ai තාක්ශණය යොදා ගනිමින් අනෙකුත් පාසල් වැඩ පහසුකරන අන්දම කියාදීම.
💿️ පරිගණකයක් නැතත් පරිගණක ක්‍රියාකාරකම් කරන්නෙ කොහොමද?
💿️ පන්ති කාමරයේදීම පරිගණකය ඇතුළත ඔයා නොදැකපු කොටස් ගලවලත් බලනවා, අල්ලන්නත් දීම.
💿️ මෙවරත් පන්ති කාමරයක අතිශය ප්‍රථම වතාවට 3D Film අත්දැකීම දරුවන්ට ලබාදීම.
💿️ ලේසියෙන් විෂය කරුණු පාඩම් කරන මනෝවිද්‍යා ක්‍රම කියාදීම,
වගේ ගොඩක් දේවල් මේ පාඨමාලාවේදී මම අපේ පොඩ්ඩන්ට නවීන Multimedia සහ Ai පරිගණක තාක්ෂණයත් භාවිතා කරලා ලස්සනට කියලා දෙනවා

💻 ඒ වගේම මේපාර ඔයාට,

⭕ Ai වලින් හරියට වැඩගන්න කියලාදෙන ලස්සන වටින ටියුට් එකක් නොමිලේ
⭕ පාඩමට අදාල වර්ණවත්‍ රූප කොලයක් නොමිලේ
⭕ තවද පාඨමාලා කාලය තුල ඉගැන්වීමද සම්පූර්ණ නොමිලේ.... 😲😍
📍 අදාලවන්නේ මාස 3ටම සහතික පත්‍ර ගාස්තුවන රු. 1500ක මුදලක් පමණි. වෙනත් සැගවුනු ගාස්තු කිසිවක් නැත.

⚠️️ සැ.යු : සහතික පත්‍රයේ ගුණාත්මකභාවය සහ පාඨමාලාවේ අවසානය තෙක් ඔබගේ දරුවාගේ පැමිනීම තහවුරු කරගැනීම සදහා පමණක් මෙම මුදල ලබාගන්නා බව කරුණාවෙන් සලකන්න 😊

🔰 තවත් බොහෝ දේ පාඨමාලාව ආරම්භයේ ඔබව දැනුවත් කරනු ඇත.
පාඨමාලාව පැවැත්වෙන ස්ථාන සහ පාඨමාලාව ආරම්භ වන දින සහ වේලාවන් 👇

📌️ සිප්වන් - කොට්ටාව
🗓️ සැප්: 05 සෙනසුරාදා පෙ.ව 12.30 සිට
📞 විමසීම් - 071 511 6748
📌️ සජීවා - කොස්ගම
🗓️ සැප්: 07 සදුදා ප.ව 3.00ට
📞 විමසීම් - 076 681 1252
📌️ ඉරැස්මා - පාදුක්ක
🗓️ සැප්: 04 සිකුරාදා ප.ව 5:30ට
📞 විමසීම් - 077 706 0732

ඔබට පහසු ස්ථානයකට අදාල දිනයට සහ වේලාවට පැමින සිටින්න. 💪

☎️ 071 327 6655 - ගයාන් සර්

2026.08.15 කොට්ටාව සිප්වන් අධ්‍යාපන ආයතනයේදී පැවති තෑගි පිට තෑගි ලබාදීමේ උත්සවය මෙසේ පැවැත්විණි. 🎁🪁
20/08/2026

2026.08.15 කොට්ටාව සිප්වන් අධ්‍යාපන ආයතනයේදී පැවති තෑගි පිට තෑගි ලබාදීමේ උත්සවය මෙසේ පැවැත්විණි. 🎁🪁

Good Morning ලස්සන ලමයෝ...! 💐🥰අද ඔයා මහන්සිවෙලා වැඩ කරන්න හෙට ඔයාගෙ දියුනුව වෙනුවෙන්. අද ඔයා පොඩි පැලයක් උනාට හෙට ඔයා රූ...
07/07/2026

Good Morning ලස්සන ලමයෝ...! 💐🥰

අද ඔයා මහන්සිවෙලා වැඩ කරන්න හෙට ඔයාගෙ දියුනුව වෙනුවෙන්. අද ඔයා පොඩි පැලයක් උනාට හෙට ඔයා රූස්ස ගහක් වෙනවා. මේ අමාරු කාලෙ තව ටික දවසයි.

ඔයාට පුලුවන්.... 💪🏆️🥰

Address

Kosgama
10730

Alerts

Be the first to know and let us send you an email when GK ICT School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GK ICT School:

Shortcuts

Share