Photography Club of SKDS

Photography Club of SKDS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Photography Club of SKDS, Photographer, Sri Kalyani Dhamma School, Kelaniya.

ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය උදැසන සම්බුද්ධ පූජාව
15/03/2026

ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය උදැසන සම්බුද්ධ පූජාව

16/02/2026
ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරස්ථානයේ අ.පොස සාමාන්‍ය පෙළ විභාගයට සමගාමීව පැවැත්වූ මහා ආශිර්වාදාත්මක බෝධි පූජාව හා පිරිත් දේ...
16/02/2026

ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරස්ථානයේ අ.පොස සාමාන්‍ය පෙළ විභාගයට සමගාමීව පැවැත්වූ මහා ආශිර්වාදාත්මක බෝධි පූජාව හා පිරිත් දේශනා පිංකම 2026 !! 🤍🙏🏼




2026 නව වසර සඳහා නවක සිසු දරු දැරියන් පිළිගැනීමේ නම්නීකරණ උත්සවය 2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා දින,විජිත ධම්මරක්ඛිත නාහ...
01/02/2026

2026 නව වසර සඳහා නවක සිසු දරු දැරියන් පිළිගැනීමේ නම්නීකරණ උත්සවය
2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා දින,
විජිත ධම්මරක්ඛිත නාහිමි අනුස්මරණ ශාලාවේදී,
විදුහල්පති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
හා
ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ගේ ගෞරවණීය සහභාගිත්වයෙන්
මෙම නවක සිසු දරු දැරියන් පිළිගැනීමේ නම්නීකරණ උත්සවය
අතිශය සාර්ථක ලෙස පැවැත්විය.
මෙම පුණ්‍යමය උත්සවය තුළින්
නවක සිසු දරු දැරියන් දහම් මඟට කැඳවා,
බුදුගුණ, දහම්ගුණ, සංඝගුණයෙන් යුතු
ශීලයෙන් හා ගුණයෙන් පිරි
යහපත් පුතුන් හා දියණියන් බවට පත් කිරීමේ
මුල් පියවරක් ලෙස මෙම අවස්ථාව අර්ථවත් විය.
නවක සියලුම සිසු දරු දැරියන්ට
දහම් අධ්‍යාපනයෙන් සාර්ථක,
ගුණධර්මයෙන් පිරි,
ශීලයෙන් යුත්,
යහපත් අනාගතයක් උදා වේවායි
හදවතින් ප්‍රාර්ථනා කරමු.



දුරුතු මහා පෙරහැර මංගල්‍ය  2026 කැලණිය රජමහ විහාරය
22/01/2026

දුරුතු මහා පෙරහැර මංගල්‍ය 2026
කැලණිය රජමහ විහාරය



රුසියානු සමූහාණ්ඩුවේ ගරු ජනාධිපති විලැද්මිර් පුටින් මැතිතුමා විසින් රුසියානු රාජ්‍යයෙන් පිරිනමන ඉහළම පුරවැසි සම්මානය වන ...
19/01/2026

රුසියානු සමූහාණ්ඩුවේ ගරු ජනාධිපති විලැද්මිර් පුටින් මැතිතුමා විසින් රුසියානු රාජ්‍යයෙන් පිරිනමන ඉහළම පුරවැසි සම්මානය වන මිත්‍රත්වයේ රුසියානු රාජ්‍ය සම්මානය (Order of Friendship), දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් ලංකාපුත්‍ර, ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථ දායක සභාවේ ගරු සභාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මැතිතුමන්ට 2025 නොවැම්බර් මස 04 වන දින පිරිනමන ලදී.

මෙම ඓතිහාසික ගෞරවනීය අවස්ථාව සැමරීමක් ලෙස විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ ගරු කුලපති, උපාධ්‍යාය ධුරන්ධර, අග්ග මහා පණ්ඩිත, සම්මානිත මහාචාර්ය, අතිගෞරවාර්හ පූජ්‍ය ‍කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථ දායක සභාව විසින් සංවිධානය කරනු ලබන පිළිගැනීමේ සහ ආශීර්වාද කිරීමේ උත්සවය 2026 ජනවාරි මස 18 වන ඉරුදින පස්වරු 3.00ට විහාරස්ථ අති පූජ්‍ය තලේවල විජිත ධම්මරක්ඛිත නාහිමි අනුස්මරණ ශාලාවේදී ත්‍රෛනිකායික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහ රුසියානු සමූහාණ්ඩුවේ ගරු තානාපතිතුමා වන ගරු Levan S. Dzhagaryan මැතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

The Order of Friendship, the highest civilian honor awarded by the Russian Federation, was conferred by His Excellency President Vladimir Putin on Dr. Saman Ranjith Weerasinghe, Honorable Chairman of the Dayaka Sabha of the historic Sri Kalyani Raja Maha Viharaya, in recognition of his decades-long service in strengthening diplomatic, cultural, and economic relations between Sri Lanka and Russia. The award was officially presented on November 4, 2025.

To commemorate this prestigious and historic honor, a reception and blessing ceremony was organized by the Dayaka Sabha of the historic Sri Kalyani Raja Maha Viharaya, in accordance with the guidance of the Viharadhipathi, Chancellor of the University of Kelaniya, Upadhyaya, Agga Maha Pandita, award-winning Professor, and Most Venerable Kollupitiye Mahinda Sangharakkhitha Nayaka Thero.

The ceremony was held on Sunday, January 18, 2026 (Today), at 3.00 p.m. at the Most Venerable Thalewala Vijitha Dhammarakkhitha Nayake Thero Memorial Hall within the temple premises, with the participation of the Chief Prelates of the three Nikayas, His Excellency Mr. Levan S. Dzhagaryan, Ambassador of the Russian Federation and other distinguished guests.

මාධ්‍ය කාර්යංශය | The Media Bureau



පහත මළුව පෙරහැර 2026 කැලණිය රජමහ විහාරය
18/01/2026

පහත මළුව පෙරහැර 2026
කැලණිය රජමහ විහාරය



උඩමළුව පෙරහැර 2026 කැලණිය රජමහ විහාරය
11/01/2026

උඩමළුව පෙරහැර 2026
කැලණිය රජමහ විහාරය



දේවදූත පෙරහැර 2026 කැලණිය රජමහ විහාරය
11/01/2026

දේවදූත පෙරහැර 2026
කැලණිය රජමහ විහාරය



11/01/2026

ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැර මංගල්‍යය 2026



Address

Sri Kalyani Dhamma School
Kelaniya

Telephone

+94774007794

Website

Alerts

Be the first to know and let us send you an email when Photography Club of SKDS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Photography Club of SKDS:

Share

Category