𝐀𝐦𝐦𝐚𝐫

𝐀𝐦𝐦𝐚𝐫 කෙනෙක්ට ලේසියෙන් හමුවෙන්නෙ නැති කෙනෙක් වෙන්න🍃❤️ 

ඉර හැරෙන හවසටඉන්නවා කෙනෙක් ,මගේ පුතේ හොදින්ද ?කෑවද දවල්ට ?එක දිගට ප්‍රශ්න ! හුස්මක සද්දෙත් දන්නදුරින් එන ළගම කටහඩ ඒ මගේ ...
29/01/2025

ඉර හැරෙන හවසට
ඉන්නවා කෙනෙක් ,
මගේ පුතේ හොදින්ද ?
කෑවද දවල්ට ?
එක දිගට ප්‍රශ්න !

හුස්මක සද්දෙත් දන්න
දුරින් එන ළගම කටහඩ

ඒ මගේ අම්මා ! 🥺

🐱 මාවත් එක්කන් යනවද.?🐶 කොහේටද..?🐱 ඔයා ඉන්න් දිහාවකට..🐶 මටත් ඉන්න තැනක් නෑනේ ඉතින් මං චූටි කාලෙම අම්මව වාහනයක් හැප්පුවා ඉ...
10/12/2024

🐱 මාවත් එක්කන් යනවද.?

🐶 කොහේටද..?

🐱 ඔයා ඉන්න් දිහාවකට..

🐶 මටත් ඉන්න තැනක් නෑනේ ඉතින් මං චූටි කාලෙම අම්මව වාහනයක් හැප්පුවා ඉතින් ලොකු වෙනකන් මාත් හිටියේ මේ අහල පහළම තමයි..

🐱 අම්මා..

🐶 ඔව් ඇයි කෝ ඔයාගේ අම්මා?

🐱 අපේ අම්මට මාත් එක්ක තව නංගි බබාල තුන් දෙනෙක් හම්බුනා ඒ තුන් දෙනාම මට වැඩිය ලස්සනයි ඒ හින්දා ඇන්ටිලා තුන් දෙනෙක් එයාලව අරන් ගියා මං කැත හින්දා හැමෝම මාව එපා කිව්වා..අම්මට ආයි බබාල එපා කියල අපි දෙන්නව ගෙනල්ල දැම්මා පාරට..

🐶 දැන් කෝ අම්මා?

🐱 අම්ම කාලයක් හිටියේ ගෙදරක හින්දා එයාට පාර පුරුදු නැතුව ඇති කෑමක් අරන් එන්න කියල පාර පනිනකොටම ඔයාගෙ අම්ම වගේම මගෙ අම්මත් වාහනයක් හැප්පුවා..

🐶 දැන් ඔයා තනියම ද ඉන්නේ.?

🐱 ඔව් ඔයාට යාලුවො නැත්නම් මාව ඔයාගෙ යාලුවෙක් කරගන්නවද? මිනිස්සු හිතන්නේ අපි දෙගොල්ලන්ට එකට ඉන්න බෑ කියලනේ..

🐶 යාලුවෙක් නෙමේ අද ඉඳන් ඔයා මගේ නංගි වෙන්න මං පුලුවන් කාලයක් ඔයාව පරිස්සමින් බලාගන්නම්..

*************

ඉතින් ... තනිවුන කෙනෙක් ගේ වේදනාව දන්නේ තවත් තනිවුන කෙනෙක් ම විතරයි ...

විවාහයේදි තනතුරු බලන්න තරම්මෝඩයෙක් වෙන්න එපා...බැන්දෙ ටීච කෙනෙක් උනත්,ඩොක්ට කෙනෙක් උනත්,කෝකියෙක් උනත්,ලෝයර් කෙනෙක් උනත්,...
06/12/2024

විවාහයේදි තනතුරු බලන්න තරම්
මෝඩයෙක් වෙන්න එපා...

බැන්දෙ ටීච කෙනෙක් උනත්,
ඩොක්ට කෙනෙක් උනත්,
කෝකියෙක් උනත්,
ලෝයර් කෙනෙක් උනත්,
කවියෙක් උනත්,
බිස්නස්මන් කෙනෙක් උනත්,
අපි තුරුල් වෙන්නෙ ඒ තනතුරට නෙමේ,
ඒ මනුස්සයගෙ පපුවට...

ඉතිම්,
ආදරණීය පපුවක් තෝරනවා වෙනුවට
කෝටි ගණ්නන් හම්බ කරන තනතුරක් හොයන්න එපා🥺

දවසක....!

ඔයාට පුලුවන් වෙන්න ඕන
එයාට හැමදේම නැති වුණොත්
එදාට එයා එක්ක
පැදුරෙ හරි නිදාගන්න...
ඒකයි කියන්නෙ එදාට ඉතුරු වෙන්නෙ
ඒ ආදරණීය පපුව විතරයි...!

හැකිනම්,
හැමදේම වෙනස් වෙන ලෝකෙ
නොවෙනස්වන චරිතයක් වෙන්න...

🥺🌻🌿

රස්තියාදු කාරජීවිතේකට හුරුවුන මට ජීවිතේ බරක් පතලක්තිබුනෙම නෑ....ඔහොම හැදෙන්න එපාඅම්මගෙ අවවාදතාත්තගෙ තරවටු කිරීම්මට හිස ර...
04/12/2024

රස්තියාදු කාර
ජීවිතේකට හුරුවුන මට
ජීවිතේ බරක් පතලක්
තිබුනෙම නෑ....

ඔහොම හැදෙන්න එපා
අම්මගෙ අවවාද
තාත්තගෙ තරවටු කිරීම්
මට හිස රදයක් වෙලා තිබුනා...

කොල්ලො එක්ක
ආතල් ගන්න එක
සිගරැට් එකක දුම් පාරක් දාන එක
මගේ ලෝකේ වෙලා තිබුනා...

ඇ/ක්සිඩන්ට් එකක් මචං
ඉක්මනින් වරෙන්
කොල්ලො කතා කරද්දි
කවදත් වගේ
මං ගියේ වීඩියෝ ඔන් කරන්...

උ/ඹලට ඕන නම්
අරන් ප/ලයන්
මට බෑ කුණු ගොඩවල් වලට
කර ග/හන්න..

එහෙම කියපු මං
එතන සිද්දි වීඩියෝ කරලා
ෆ්බ් එකේ දැම්මා.. .

උ/ඹලා දැක්කද
ඒ වීඩියෝ එක
ශෙයා වෙන තරම
පේජ් එකේ රීච් සුපිරියටම හැදුනා...

අපේ උන්
හිනා උනේ
උනුත් මං වගේම අය නිසා ....

නුවරඑළියේ යනවා
ඔයත් එනවද
තාත්තා කතා කරත්
මං වැඩි උනන්දුවක් දැක්වුවේ නෑ...

මට බෑ එන්න
එයාලා යන්නෙ
පුංචි ලාගේ ගෙදර
පොත් ගුල්ලො දෙන්නා මතක් වෙලා
මං එක පාරම කිව්වා...

රස්තියාදුවේ නොයා
ගෙදර හිටපන්
අම්මා වෑන් එකට නැගලත්
මට කිව්වම
මං හිනාවෙලා ඔලුව වැනුවා...

අම්මලා ගිය සැනින්
මාත් කොල්ලො එක්ක
රස්තියාවේ ගියා ....

මචං වීඩියෝ එකක් තියනවා
ඇ/ක්සිඩන්ට් එකක්
දාපන් පේජ් එකේ
රීච් ගන්න පුළුවන් ...

කොල්ලා එවපු
වීඩියෝ එක
මාත් ෆ්බ් එකේ දැම්මා...

මල වදේ ඔය කෝල් එක
ආන්සර් කරපන්කො
නාදුනන ඇමතුමට
මං සම්බන්ධ වුනේ
කොල්ලොන්ගෙ වදේ ට...

විදූෂ ද
ඔව් කිව්වාම
කියපු දෙයින් ඇගම හිරිවැටුනා..

මේ නුවරඑළිය පොලීසියෙන්
ඔයාගේ දෙමාපියන්
ගිය වාහනය ඇක්සිඩන්ට් වෙලා ...

එච්චරයි මතක
මං අසිහියෙන් වගේ
යාලුවො එක්ක නුවරඑළිය යන්න පිටත් වුනා..

මේ බලපන්
අපි දවල් දාපු වීඩියෝ එක
ඒ උ/ඹලාගේ වෑන් එක ...

එහෙම කිව්වම
මං ඉක්මනින් පෝන් එක බැලුවේ
දෙයියනේ
ඇත්තම තමයි ...

අම්මා ,තාත්තා ,නංගි
තුන් දෙනාම
ඇ/ක්සිඩන්ට් එකෙන් නැති වෙලා තිබුනා...

වටේ ඉන්න අය
වීඩියෝ නොකර
අරන් යන්න උදව් කරා නම්
එක්කෙනෙක් හරි
බේරෙන්න තිබුනා...

වීඩියෝ එකට දාපු
කමෙන්ට් එකක් මං ආය ආය
කියෙව්වේ
සිහියෙන් නොවන බව තේරුනා
මට මාවම එතන ඉන්නවා මැවුනා.....

අයියා මාවගෙදර එක්ක ආවමමං අහගෙනඅම්මා බැන්නා අයියට....බල්ලවත් අරන්උ/ඹත් පලයන් ගෙදරින් අම්මා කිව්වෙඑහෙමයි අයියට...බැනුම් අහ...
03/12/2024

අයියා මාව
ගෙදර එක්ක ආවම
මං අහගෙන
අම්මා බැන්නා අයියට....

බල්ලවත් අරන්
උ/ඹත් පලයන් ගෙදරින්
අම්මා කිව්වෙ
එහෙමයි අයියට...

බැනුම් අහන්
අයියා මාව තියා ගත්තා
කාමරේ පැත්තක...

එයා මට නමක් තිබ්බා
රොකී
ඒ නමට මං හුරුවුනා.....

රොකී එන්න කිරි බොන්න
අයියා තාම නිදි
ඒ හඬ අම්මගෙ
මං දිව්වේ පිම්මේ ....

ඔක්කොම බොන්න ඕන
අම්මා කිව්වම
මං කිරි බිව්වා ඔක්කොම..

කලවැන්නො
වෙනම ගෙනාවා
රොකීට තම්බලා දෙන්න ඕන
අම්මා කාත් එක්කද කියනවා
මාත් අහගෙන...

කෝ මගෙ පුතා කන්න.
මට කම්මැලි හිතිලා
නොකා හිටපු දවසට
අම්මා මට කැව්වා...

අත තියන්නෑ
මගෙ පුතාට
අයියගෙ සපත්තුව කෑවා කියලා
ග/හන්නයි මට හැදුවේ
මං දුවලා ගිහින්
අම්මගෙ ඇඟ අස්සෙයි හැංගුනේ...

දැන් අපි කැලේ
ගේනකොට කිව්වෙ කොහොම ද
අයියා මොන මොනවද කිය කිය
යනවා මං දැක්කා..

හිටපු ගමන්
අම්මා අසනීප වුනා
ඇයි අම්මා කතා කරන්නෙ නැත්තෙ
මට අහන්න ඕන උනත්
මට අහන්න බැරි නිසා දුකින් හිටියා..

අයියලා අක්කලා
අඬනවා දැකලා
මට තේරුනා
එයා අපිව දාලා ගිහින් කියලා ...

හැමෝම එකතුවෙලා
මගෙ අම්මව
වලක් ක/පලා ඒකට දැම්මා...

හැමෝම ආපහු
ගෙදර ගියත්
මට යන්න ඕන නෑ කියලා හිතුනා...

අම්මේ මං ඔයාට
ගොඩක් ආදරය කරනවා
මං අම්මගෙ සොහොනට කිව්වා...

මට කතා කරන්න බැරි උනත්
මං දන්නවා
මං හිතන දේ අම්මට දැනෙනවා..

ඔව්
අම්මලා එහෙමයි
දරුවන්ව හොඳට දැනෙනවා....

මං හරි පාඩුවේ ඉන්න ආස චරිතයක්.❤වෙලාවකට මට මන් ගැනම හරිම පුදුමයි.මන් හෙනම Social, ඉක්මණට යාලුවෝ ඇති කරගන්න උන් එක්ක සතුටි...
03/12/2024

මං හරි පාඩුවේ ඉන්න ආස චරිතයක්.❤

වෙලාවකට මට මන් ගැනම හරිම පුදුමයි.
මන් හෙනම Social, ඉක්මණට යාලුවෝ ඇති කරගන්න උන් එක්ක සතුටින් ඉන්නවා.පට්ටම open චරිතයක්.

හැබැයි ඉදලා හිටලා mood අවුල් ගියාම මන් මාර විදියට තනි වෙනවා.
තනිකම උපරිමයෙන් හොයනවා.
Social media වලින් ඈත් වෙනවා ,යාලුවෝ මග හැරලා මගේ පාඩුවේ ඉන්න උපරිමයෙන් try කරනවා ඒ දවස් වලට,

සමහර ප්‍රශ්න ආවම මන්ම තනියම දරා ගෙන ඒවාට Solution හොයනවා.
ජීවිතේ කොච්චර අමාරු උනත් මන් දැන් එකක් දන්නවා මම තමයි තනියම ගේම ගහන්න ඕනේ.
ඒකට උත්තරේ ප්‍රශ්න වලින් පැණලා යන එක නෙමේ කියලා හොදටම දැන් දන්නවා.🥰
ඒ නිසා ඉවසීමෙන් ඒවා ලිහා ගන්නවා.

මේ ලෝකේ කොච්චර හිටියත් මාව වටින්නේ මට..ලොකු ලොකු හීන තිබ්බත් මට ඕනේ හරිම සමාන්‍ය විදියට ජීවත් වෙන්න හැමෝම එක්ක සතුටින්.. කාගේවත් හිතක් රිද්දන්නේ නැතුව මන් මගේ chill එකේ ජීවත් වෙනවා.

මට ඕනේ මගේ vibe එකේ ජීවත් වෙන්න ඒ නිසා මිනිස්සු කියන කතා හිස් වචන වගේ මන් අහක දාල මගේ ජීවිතේ මන් ආස විදියට ගෙනියනවා ඒක තමයි මගේ එකම සතුට.🍃
ඒවගේම මන් හොයන්නෙත් මගේ vibe එකට සෙට් වෙන හරි ලස්සන මිනිස්සු,
උන් එක්ක ඉද්දි මාර නිදහසක් දැනෙන්නේ. මොකද උන් අපිව තේරුම් ගන්නවා 🥺
සෙට් නැති උන් දෙපාරක් හිතන්නේ නෑ අතහරිනවා, රණ්ඩු කර කර ඉන්න තරම් මේ කාලේ දිග නෑ බන්.🙂

මට පණ දුන්න අම්මටයි අප්පච්චියි ළගින්ම හිටියම හොදටම ඇති.
යාලුවෝ කෝටියක් හිටයත් අන්තිම මොහොතේ ළගින් ඉන්නේ මේ දෙන්නා ,ඒ නිසා මගේ මෝළේ හැම වෙලේම දුවන්නේ "ගහපන් පුතේ මේ ගේම, කාපන් පුතේ මේ කට්ට මේ දෙන්නට උපරිම සැප දීලා මැරෙන්න සලස්වපන් කියන වචන ටික විතරයි...❤

හැම දේම ඇතුළේ දැන් මන් හොයන්නේ සැනසීම විතරයි.ඒ මගේ හීන කප්පරයක් බලන් ඉන්න මගේ රත්තරන් දෙමාපියෝ වෙනුවෙන්.❤

" ප්‍රේමය යනු සිගමනක් නොව.එබැවින් , ප්‍රේමය ඉල්ලා බැගෑපත් නොවන්න ! නුඹව වටින මිනිසුන් හේතු විරහිතව නුඹ ලග රැදෙනු නොඅනුමා...
30/11/2024

" ප්‍රේමය යනු සිගමනක් නොව.

එබැවින් , ප්‍රේමය ඉල්ලා බැගෑපත් නොවන්න !
නුඹව වටින මිනිසුන් හේතු විරහිතව නුඹ ලග රැදෙනු නොඅනුමානය !

💛🌻
_______

ඔයාවත් මාව වගේපාරට ගෙනත් දැම්මද....දුකයිද ඔයාට ඉස්සර වගේඑයාලා දැන්ඔයාට ආදරේ නැතුව ඇති ...ඔයාව ආදරතිළිණයක් විදිහට ඉස්සර ග...
28/11/2024

ඔයාවත් මාව වගේ
පාරට ගෙනත් දැම්මද....

දුකයිද ඔයාට
ඉස්සර වගේ
එයාලා දැන්
ඔයාට ආදරේ නැතුව ඇති ...

ඔයාව ආදර
තිළිණයක් විදිහට
ඉස්සර ගෙනත් දුන්නට
දැන් ඔයාගෙ වටිනාකමක් නැතුව ඇති ...

ගණන් ගන්න එපා යාලුවා
මිනිස්සු එහෙමයි
කාලෙකට කලින්
ආදරේ කරන අයවත්
අත හැරලා දානවා....

ඉතිං අපි යාලුවො වෙමු
අතෑරලා දැම්මාමත්
අපිට පුළුවන්
වටිනාකමක් හදාගන්න ...

මිනිස්සුන්ට ඕන බොරු ලෙංගතු කම් නෙමෙයි අවංක හදවත්..වැටෙන වෙලාවටවචනෙකින් හරිශක්තියක් වෙන හදවත්..සතුටෙදි ඉන්න දුකේදි පිටුපා...
28/11/2024

මිනිස්සුන්ට ඕන
බොරු ලෙංගතු කම් නෙමෙයි
අවංක හදවත්..

වැටෙන වෙලාවට
වචනෙකින් හරි
ශක්තියක් වෙන හදවත්..

සතුටෙදි ඉන්න
දුකේදි පිටුපාන
එහෙම අය ඕන තරම්...

ඒ දහස් ගානකට වඩා
දුකේදි ඉන්න
එක්කෙනාද දෙන්නද
මට ගොඩක් වැදගත්...

අපි වපුරන දේ අනුව තමයි ලැබෙන අස්වැන්නත් ඒ නිසා මුං වපුරලාතල බලාපොරොත්තු වෙන්න නම් එපා...සමාජෙට හොඳම දේ දෙනකොට ඒ හොඳමපෙරල...
23/11/2024

අපි වපුරන දේ අනුව තමයි
ලැබෙන අස්වැන්නත්
ඒ නිසා මුං වපුරලා
තල බලාපොරොත්තු
වෙන්න නම් එපා...

සමාජෙට
හොඳම දේ දෙනකොට
ඒ හොඳම
පෙරලා අපි කරා එනවා...

ඒ වගේම තමයි
සමාජෙට
විශබිජ මුදා හැරියොත්
එයින් තමුනුත් විනාශ වෙනවා...

කාගෙවත් දෙයක්
ඇල්ම බැල්ම දැම්මොත්
තමන්ටත් ඊට වඩා දේවල් අහිමි වෙනවා..

අනුන්ගෙ දේ සොරා ගත්තොත්
තමන්ටත් ඒ වගෙම
වටිනා දේවල් නැති වෙලා යනවා...

හොඳම දේ
තමන්ට වෙනවාට අකමැති
කිසිම දෙයක්
අනුන්ට නොකර ඉන්න එක වටිනවා......

හොඳ දේම මුදා හරින්න
විස්වාසෙන් කියනවා
සොබාදහම ඔබව
අනිවාර්යයෙන් රකිනවා...

මහාන්සි නේද....හිතේ හයියට කරනවා මිසක් ...ගොඩක් මිනිස්සුට මහා ගොඩක් මහාන්සි.....නොකියා ඉන්නේ වගකීම වැඩි නිසා ජිවිතේ ....?...
23/10/2024

මහාන්සි නේද....
හිතේ හයියට කරනවා මිසක් ...
ගොඩක් මිනිස්සුට මහා ගොඩක් මහාන්සි.....නොකියා ඉන්නේ වගකීම වැඩි නිසා ජිවිතේ ....?..

සමහාර වෙිලාවට...
ඔහේ කල්පනා කරනවා..මොනවද....දන්නැ...

මිනිස්සු එක එක ලෝක වල තනිවෙලා...
වගකීම එක්ක....

හැබැයි ඔයාට...කවදාවත් වරදින්න නැ ....මට විශ්වාසයි එහෙම මිනිස්සු ඉක්මනින් ජිවිතේ දිනිනවා..♥️

උබටත් ඇති කොල්ලෙක්.. ,උබත් එක්ක මැසෙජ් කර කර ඉන්න ගමන්එක මැසෙජ් එකක් හරි චුට්ටක් පරක්කු උන ගමන් කෑගහන..දවසට එක පාරක් උබේ...
18/10/2024

උබටත් ඇති කොල්ලෙක්.. ,

උබත් එක්ක මැසෙජ් කර කර
ඉන්න ගමන්
එක මැසෙජ් එකක් හරි
චුට්ටක් පරක්කු උන ගමන් කෑගහන..

දවසට එක පාරක් උබේ කටහඬ අහන්න බැරුව
උබට කෝල් එකක් ගනින් කිය කිය වද දෙන..

එයා මොන වැඩක බිසී වෙලා හිටියත්
උබ වෙනුවෙන් පුංචි හරි වෙලාවකට
උබ ගැන හොයලා බලන..

උබ කොහෙ හරි ගමනක් යන්න හැදුවම..
උබ ගෙදරින් එලියට බැහැපු වෙලේ ඉදන්
උබ ආයෙ ගෙදර එනකම්
උගෙ ලේ පුච්චගෙන උබ ගැන හිත හිත ඉන්න..

උබ තව කොල්ලෙක් එක්ක කතා කරනවා දැක්කත්
මුලු මූනම බුම්මගෙන ඉරිසියාව හංගලා කේන්තිය ඉස්සරහට දාන..

උබ කරන හැම දෙයකම හොද නරක තේරුන් අරන්
උබට හිමින් සැරේ ඒ හැමදෙම තේරුන් කරලා දෙන..

උබට අසනීපයක් උනත්
කොච්චර දුරක හිටියත්
උබ ලගම ඉන්නවා කියලා දැනෙන්න දෙන..

උබට පුංචි හරි වේදනාවක් දැනුනොත්
උබටත් වඩා ඌට ඒ වේදනාව දැනෙන..

උබ වෙනුවෙන්
ඌ ආසම දේවල් අයින් කරලා
කීයක් හරි එකතු කරගෙන පුළුවන් විදියට උබ ආසම දෙයක් ගෙනත් දෙන..

නියම පිරිමියෙක්
නියම තාත්තා කෙනෙක්
තමන්ගෙ දුවව ආරක්ශා කරනව
වගෙ උබවත් ආරක්ශා කරන...

ඔව්!
ඉන්නවා එහෙම කොල්ලො..

හැබයි උබලට හම්බෙලා නෑ
ඔය වගෙ හිත් තියෙන්නෙ
හරිම ටික දෙනාටයි..

ඒ වගෙ හිතක් ලබාගන්න
ආදරේට වැරද්දක් නොකර ඉන්න ඕන..
පිං කරන්නත් ඕන..

හැබයි ඔය වගෙ හිත්
උබලා හොයනවා වගේ
මූන ලස්සන නෑ..🙂❤️
සල්ලි නෑ..🙂🖤
උබ හොයනවා වගෙ හැන්ඩියෙක් නොවෙන්නත් පුළුවන්..

ඒත්
ඔය හැමදේම සමානව තිබිලත්
ඔය ආදරේ හදවතින්ම දෙන අය ඉන්නවා..

තමන්ගෙ ආසාවන්ට මුල් නොදී
එහෙම කෙනෙක් හොයාගනින්❤️😍

හැබයි එදාට
මුලින්ම ඒ ආදරේ තේරුන් ගන්න බලපන්💔
මොකද ඒ හිත ඇතුලේ
මේ ලෝකේ කාටවත්ම ලේසියෙන් ලබන්න බැරි
ලස්සනම ආදරේ තියෙන්න පුළුවන් 🙏

ඒ ආදරේ ලැබෙනවනම්
මේ ලෝකේ ඉන්න
පිංවන්තම කෙල්ල උබ වේවී.🥺🌹☘

Address

Kegalle

Telephone

+94778443305

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐀𝐦𝐦𝐚𝐫 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category