Jayanath Illangakoon

Jayanath Illangakoon AFIAP, ANPAS

State and international award winning photographer. Photography instructor and writer.
(1)

INAUGURATION DAY of Talent Image Association of Photographers.
02/04/2025

INAUGURATION DAY of Talent Image Association of Photographers.

කොළඹ විශාකා විද්‍යාලයේ ඡායාරූප කලා සංගමය මගින් සංවිධානය කරන ලද "රිවීවෝ '24" අන්තර්පාඨශාලීය ඡායාරූප වැඩමුළුව (REVIVO '24 ...
30/03/2025

කොළඹ විශාකා විද්‍යාලයේ ඡායාරූප කලා සංගමය මගින් සංවිධානය කරන ලද "රිවීවෝ '24" අන්තර්පාඨශාලීය ඡායාරූප වැඩමුළුව (REVIVO '24 - Inter-school Photography Workshop) මාර්තු මස 12 වෙනි දින එම විද්‍යාලීය පරිශ්‍රයේ දී සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩමුළුව ප්‍රධාන අදියර දෙකකින් සමන්විත විය. පළමු අදියර ආලේඛ්‍ය ඡායාරූපකරණය (Portrait photography) පිළිබඳ දේශනයකින් සමන්විත වූ අතර එම දේශනය පාසලේ ආරාධනය මත මා විසින් පවත්වන ලදී. දෙවන අදියර ප්‍රශ්න විචාරාත්මක තරඟයකින් සහ ආලේඛ්‍ය ඡායාරූප ගැනීමේ තරඟයකින් සමන්විත විය. ප්‍රශ්න විචාරාත්මක තරඟය අන්තර්ජාතික සම්මානලාභී ප්‍රවීණ ඡායාරූපශිල්පී කලාභූෂණ බන්දු ගුණරත්න මහත්මා විසින් මෙහෙයවන ලදී. ආලේඛ්‍ය ඡායාරූප තරඟයේ තරඟ විනිශ්චය සඳහා මා සමග දේශීය සහ ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූප ශිල්පීන් වන සුරේෂ් සුවිරසිංහ මහතා සහ අයේශා බුලත්ගම මහත්මිය සහභාගි විය.

ප්‍රශ්න විචාරාත්මක තරඟයේ ජයග්‍රහණය කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුන් විසින් දිනා ගන්නා ලද අතර ආලේඛ්‍ය ඡායාරූප තරඟයේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් දිනා ගන්නා ලදී.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ගණනාවක සිසුන් සහභාගි වූ මෙම ඡායාරූප වැඩමුළුව සඳහා ප්‍රධාන අනුග්‍රහය Canon Canon Image Square by Metropolitan Photohub Sri Lanka විසින් ලබාදී තිබුණි.

මෙම වැඩමුළුව සඳහා ආලෝකකරණ උපාංග සැපයීමෙන් සහාය දැක්වූ සුරන් බෝපිටිය මහතාට සහ මාධ්‍ය ආවරණය සඳහා එක් වූ ඉරෝෂ් ලියනගේ, ධනංජය තිලකරත්න , ඉසුල ලියනගේ සහ මහේෂ් යන මහත්වරුන්ට බොහොමත්ම ස්තූතියි.!

Photo credits - Irosh Liyanage, Tharanga Heshan.

CHAYAMANA-2024Photography competition and exhibition organized by the Mahanama College Photographic Art Society.
27/03/2025

CHAYAMANA-2024
Photography competition and exhibition organized by the Mahanama College Photographic Art Society.

We are honored to introduce our distinguished panel of judges,

• Mr. Suresh S. Weerasinghe
• Ms. Ayesha Bulathgama
• Mr. Jayanath Illangakoon

Their extensive expertise and dedication to the art of photography will play a pivotal role in selecting the most exceptional talent from this all-island competition.




26/03/2025

Video Record of the Mobile Phone Photography Workshop On 23rd Feb.2025 @ Kandy.

රාජ්‍ය සහ ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූපශිල්පී සුරේෂ් වීරසිංහ මහතා විසින් සංවිධානය කරන ලද ජංගම දුරකථන ඡායාරූපකරණ වැඩමුළු ...
26/03/2025

රාජ්‍ය සහ ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූපශිල්පී සුරේෂ් වීරසිංහ මහතා විසින් සංවිධානය කරන ලද ජංගම දුරකථන ඡායාරූපකරණ වැඩමුළු මාලාවේ දෙවැන්න 2025.02. 23 දින මහනුවර නගරයේදී අති සාර්ථකව පවත්වන ලදී. සුරේෂ් වීරසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම වැඩමුළුවට ආරාධිත දේශකයා ලෙස මමද සහභාගී විය. මීට පෙර කොළඹ දී පවත්වන ලද ජංගම දුරකථන ඡායාරූප වැඩමුළුවට සමගාමීව පවත්වන ලද ඡායාරූප තරඟයේ ජයග්‍රාහකයන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කරන ලදී.

වාද්දූව මධ්‍ය  විද්‍යාලයේ ඡායාරූප කලා සංගමය මගින් සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත ඡායාරූප තරගයේ සම්මාන ප්‍රධානෝත්සවය සහ එම ...
18/02/2025

වාද්දූව මධ්‍ය විද්‍යාලයේ ඡායාරූප කලා සංගමය මගින් සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත ඡායාරූප තරගයේ සම්මාන ප්‍රධානෝත්සවය සහ එම විද්‍යාලයේ ඡායාරූප දිනය " IMAGICA'24 " සැමරීම 2025 පෙබරවාරි 10 වන දින විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. එම විද්‍යාලයේ ආරාධනය මත ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීම සහ ආලේඛ්‍ය ඡායාරූපකරණය යන මාතෘකාව යටතේ එදින ප්‍රධාන දේශනය පැවැත්වීම මවිසින් සිදු කරන ලදී.

ඡායාරූප නිසල් සචින්තක ( Nisal Sachinthaka ) විසිනි.

Keynote speach at "Imagica '24" -  Photography Day Celebration organized by Wadduwa Central College Photographic Society...
10/02/2025

Keynote speach at "Imagica '24" - Photography Day Celebration organized by Wadduwa Central College Photographic Society to be held on February 10, 2025.

2025 පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිත වාද්දූව මධ්‍ය මහා විද්‍යාලීය ඡායාරූප සංගමය මගින් සංවිධානය කරන, "IMAGICA '24" - ඡායාරූප දින සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය.

"Introducing the Photography Mastermind! 📸✨

We are honored to have State & International Award-winning photographer Jayanath Illangakoon (AFIAP, ANPAS, Dip. Photography) as our Guest Speaker for IMAGICA '24! 🌍🏆

Join us to gain insights, inspiration, and knowledge from a true

expert. Don't miss this incredible experience!

SHUTTERBUG PHOTOGRAPHY COMPETITION
12/11/2024

SHUTTERBUG PHOTOGRAPHY COMPETITION

Who will decide the fate of your masterpiece?
Meet the incredible judges of the Shutterbug Photography Competition.

Rules and Regulations: https://bit.ly/rules-regulations-spc

Now you can pay the registration fee using below methods.
*Online payment (Card Payment): https://bit.ly/pay4shutterbug

*Bank Deposit or Bank Transfer:
Account Details:
009410007948
Secret Marketings Holdings (Pvt) LTD
Sampath Bank
Kohuwala

*You can choose maximum 3 categories.

Don't be late to register as the promptitude is comfort!

කෑගලු විද්‍යාලීය ඡායාරූප කලා සංගමය සංවිධානය කළ, ප්‍රභා -24' ඡායාරූප දින සැමරුම සහ සංගමයේ සමාජික සිසුන්ගේ බැජ් පැළඳවීමේ උ...
12/11/2024

කෑගලු විද්‍යාලීය ඡායාරූප කලා සංගමය සංවිධානය කළ, ප්‍රභා -24' ඡායාරූප දින සැමරුම සහ සංගමයේ සමාජික සිසුන්ගේ බැජ් පැළඳවීමේ උත්සවය 2024 නොවැම්බර් 08 වෙනි දින එම විද්‍යාලයේ ජිනදාස පෙරේරා අනුස්මරණ ශාලාවේ දී පවත්වන ලදී.

එම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස මා වෙත කරන ලද ආරාධනය මත, ආලේඛ්‍ය ඡායාරූපකරණය (Portrait Photography) පිළිබඳ දේශනයක් මා විසින් පවත්වන ලදී. මෙම දේශනය සඳහා කෑගලු විද්‍යාලයේ සිසුන්ට අමතරව කෑගල්ල නගරයේ පාසල් කිහිපයක ඡායාරූප ශිල්පය හදාරන සිසු සිසුවියන් රැසක් සහභාගී විය.

සංගමය භාර මංගලා පතිරණ ගුරුමහත්මිය සහ, සහකාර ගුරුමහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම මත ඡායාරූප සංගමයේ සමාජික සිසුන් විසින් මෙම උත්සවය මනා ලෙස සංවිධානය කර තිබුණි.

ඡායාරූප : සනිතු කෙත්මික විසිනි.

ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ට්‍රින්කොග්‍රැෆර්ස් ඡායාරූප සංගමය (Trincographers - Society Of Photograph...
01/10/2024

ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ට්‍රින්කොග්‍රැෆර්ස් ඡායාරූප සංගමය (Trincographers - Society Of Photography) මගින් සංවිධානය කරන ලද Mesmerizing Trincomalee 2024 ඡායාරූප තරඟයේ සම්මාන ප්‍රධානෝත්සවය සහ ඡායාරූප ප්‍රදර්ශනය 2024 සැප්තැම්බර් 28 වන දින ත්‍රිකුණාමල නගර ශාලා පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මෙම ඡායාරූප තරඟයේ විවෘත අංශයේ ඡායරූප විනිශ්චය මණ්ඩලයේ සමාජිකයෙක් ලෙස කටයුතු කළ මම ද මෙම උත්සවයට ආරාධනා ලැබ සහභාගී වුනෙමි.

(ඡායාරූප Trincographers - Society Of Photography ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

Address

Studio Talent Image, No. 05, Karandupana Junction
Kegalle
71000

Telephone

+94776290597

Website

Alerts

Be the first to know and let us send you an email when Jayanath Illangakoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jayanath Illangakoon:

Share

Category