06/05/2026
📛 New Laptops Sold in the EU Must Come With USB-C Charging Ports 🇪🇺🔌
⭕ Apple ඇතුළු සියලුම ජංගම දුරකථන සඳහා මාරු කළ හැකි බැටරි (Replaceable Batteries) තිබීම අනිවාර්ය කළ පසු, යුරෝපා සංගමය (EU) විසින් සියලුම නව Laptops සඳහා Type-C Charging Ports අනිවාර්‍ය කර තිබෙනවා. Smartphones සඳහා 2024 දී ගෙන ආ මෙම නීතිය, 2026 අප්‍රේල් 28 වන දින සිට Laptop සඳහා ද මෙලෙස නිල වශයෙන් බලාත්මක විය.
⭕ මේ අනුව 100W වලට වඩා අඩු බලයක් ලබා ගන්නා සියලුම නව Laptop මාදිලි සඳහා මෙම නීතිය අදාළ වේ. කෙසේ වෙතත්, වොට් 100 ට වඩා වැඩි බලයක් අවශ්‍ය වන අධි බලැති Gaming හෝ Workstation Laptop සඳහා ඒවායේ සාමාන්‍ය චාජරය භාවිතා කළ හැකි වුවද, හදිසියකදී ආරෝපණය කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම USB-C පෝට් එකක් ද ඇතුළත් විය යුතුය.
⭕ එසේම, නව Laptop එකක් මිලදී ගැනීමේදී Charger එක රහිතව (Device only) තරමක් අඩු මුදලකට එය මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව (Unbundled option) ලබා දීමද මේ හරහා අනිවාර්ය කර තිබෙනවා. මේ නිසා, දැනටමත් හොඳ USB-C Charger එකක් නිවසේ තිබෙන අයෙකුට, අලුත් Charger එකක් වෙනුවෙන් අමතර මුදලක් නොගෙවා Laptop එක පමණක් අඩු මිලට මිලදී ගැනීමේ වාසිය මින් ඉදිරියට හිමිවෙනවා.
⭕ පාරිභෝගිකයින්ට තම සියලුම උපකරණ එකම USB-C Charger එකකින් පහසුවෙන් ආරෝපණය කරගැනීමට අවස්ථාව සැලසීම සහ වාර්ෂිකව පරිසරයට එකතු වන ටොන් දහස් ගණනක් වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E waste) අවම කිරීම මෙම තීරණයේ ප්‍රධානතම අරමුණයි.
For More Updates, Follow Us Sky Inside