Theek Photography

Theek Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Theek Photography, Photographer, Dedigama, Kegalla.

Talent : Chameera AravinthaThe images may not be reproduced, copied, transmitted or manipulated without the written perm...
04/02/2019

Talent : Chameera Aravintha
The images may not be reproduced, copied, transmitted or manipulated without the written permission of
Lahiru Theekshana ©2019
Theek Photography

@ තුන්දොල ❤Theek Photography
19/01/2019

@ තුන්දොල ❤
Theek Photography

රුකමල් ඇල්ල ❤Sony A6000watch more ---> Theek Photography
06/01/2019

රුකමල් ඇල්ල ❤
Sony A6000
watch more ---> Theek Photography

Sony a6000 ft. Theek PhotographyAll images are property of the Theek Photography which are subject to copyright. Appropr...
22/11/2018

Sony a6000 ft. Theek Photography

All images are property of the Theek Photography which are subject to copyright. Appropriate action will be taken for any misuse of the photographs by an individual or a group of people which violates the copyright law.

Lahiru Theekshana ©2018

තෙලි ඇල්ලTheek Photography
23/05/2018

තෙලි ඇල්ල
Theek Photography

Street Dog named "Doggy" Theek Photography
20/02/2018

Street Dog named "Doggy"
Theek Photography

--- Galle ---Sony a6000 ft. Theek PhotographyAll images are property of the Theek Photography which are subject to copyr...
07/02/2018

--- Galle ---

Sony a6000 ft. Theek Photography

All images are property of the Theek Photography which are subject to copyright. Appropriate action will be taken for any misuse of the photographs by an individual or a group of people which violates the copyright law.

Lahiru Theekshana ©2017

රැ‍කග‍මු ‍උ‍රු‍ම‍ය © Theek Photography | 2K18
20/01/2018

රැ‍කග‍මු ‍උ‍රු‍ම‍ය
© Theek Photography | 2K18

වැසිබර දිනකclick the photo for the full viewSony a6000 l 16-55mm
02/12/2017

වැසිබර දිනක
click the photo for the full view
Sony a6000 l 16-55mm

========ස්‍ත්‍රී‍පු‍ර‍ය ========ස්වභාවධර්මයේ ප්‍රකෘත්තිමත් බවට අලංකාරයක් එක්කල අඬවැඩියාවෙන් තොර වූ නිශ්කලංක පරිසරයක පිහි...
29/11/2017

========ස්‍ත්‍රී‍පු‍ර‍ය ========

ස්වභාවධර්මයේ ප්‍රකෘත්තිමත් බවට අලංකාරයක් එක්කල අඬවැඩියාවෙන් තොර වූ නිශ්කලංක පරිසරයක පිහිටි හොළොම්බුව ස්ත්‍රී පුරය ගල් ලෙන් විහාරය සිත් සතන් ඇඳ බැඳ ගැනීමට සමත් වෙයි. කොළඹ නුවර මාර්ගයේ 45 සැතැපුම් කණුව අසල ගලිගමුව නගරයෙන් දකුණට දිවෙන අරන්දර හරහා අවිස්සාවේල්ල මාර්ගයේ කි.මීටර් 6 ක් පමණ ගිය තැන දී පිටගල්දෙනිය මංසන්දිය හමුවෙයි.එතැනින් දකුණට හැරී තවත් සැතැපුම් 1 3/4ක් පමණ පැමිණි විට හොළොම්බුව මංසන්ධිය මුණ ගැසෙයි. එතැනින් පිටදෙණිය දැදිගම මාර්ගයේ සැතැපුම් 1/2ක් පමණ පැමිණි විට මෙම ස්ථානයට සමීප විය හැකි ය. ඉහැත්තෑවට නැඟෙන කඳු සහිත පරිසරයක වූ තැනිබිම ඉම කඳු ගැටයක් ආශ්‍රයේ ගල්ලෙන් විහාර මන්දිරය ගොඩ නැගී තිබෙයි.

මෙම ලෙන පුරාවෘත්තයන් රාශියකට ප්‍රබල නිමිත්තක් වී ඇත. එම අපූරු පසුබිම් කථනය සේම මෙම ලෙනෙහි පිහිටීම ද අපූර්වත්වයක් උසුලයි.
මෙහි ඓතිහාසික පසුබිම ඉතා නිරවුල් ලෙස සනාථ කර ගැනීමේ කාර්ය අප වෙත තවමත් ඉතිරි කර තිබෙන සෙයකි. පිහිටීමේ ස්වභාවය නම් ඉතා අසිරිමත්ය.ජනශ්‍රැතියෙන් පැණ නැගෙන විශ්වාස කළ නොහැකි ආකාරයේ සමහර කතන්දර කන්දරාව ගොඩ නැගෙන්නට තරම් ප්‍රභල පසුබිමක් නිර්මාණය කිරීමට මෙම ලෙනෙහි ස්වභාවය සමත් වී තිබෙයි.
ලෙනෙහි මුවදොර විහාර මන්දිරයක් වෙනුවෙන් සිමෙන්ති දමා බිත්ති බැඳ කෘතිමව සකසා තිබුණ ද පුරාතනයේදි ලෙන් මුදුනතෙහි කටාරම් කෙටූ ලකුණූ පෙනෙයි. ලෙන තුළ කුඩා චෛත්‍යයක් ද ඉදිකර ඇත.ඒවා මෑත භාගයේ නිමැවුම් ය. සාදා ඇති පියස මුදුනේ ඇති ගල් ආරුක්කුව ස්වභාව ධර්මයේ පෙදරේරුවා කළ ඉතා දුර්ලභ ගණයේ විචිත්‍රවත් වූ ද පුදුම සහගත වූ ද නිර්මාණයකි. එය උසින් අඩි 32 ක් වන අතර කවාකාර ආරුක්කුවේ පළල අඩි 40 ක් වෙයි. බුද්ධ මන්දිරය දොරටුවෙන් ඇතුල් වූ විට ඉදිරි පස සැතපෙන පිළිම වහන්සේ නෙලා ඇත.

අනෙක් පස හිඳි පිළිමයකි. නාථ මෙන්ම විෂ්ණු දේව ප්‍රතිමාද මේ අතර දක්නට ලැබෙයි. මෙම පිළිම නිර්මාණය කර ඇත්තේ ද පසු කාලීනව ය. එම නිර්මාණයන් පසු කර දිවෙන ලෙන් කුහරය අඩි 180 ක් පමණ දිග ය. අඳුරු ගුහාවක් තුළට රිංගන විට දැනෙන බියත් විශ්මයත් සමනය කිරීමට මෙම පිළිම වහන්සේලාගේ දසුන සමත් වුවද ඝන අන්ධකාරය නිවාලන්නට දැල්වෙන විදුලි බුබුළු පිහිට වුවද මෙම දිගුලෙන් කුටීරයේ ස්වභාවය නුහුරු හැඟීම් සමුදායක් ජනනය කරවන සෙයකි.
උස්ව නැගෙන ලෙන් කුහරයේ ඉම තෙක් අපව රැගෙන යාමට ධෛර්ය උපදවනනේ සිතේ බිය පහ කරවන සම්මා සම්බුදු පහසත්, විදුලි ආලෝකයත් විසිනි. ඉම තෙක් යන විට හෑරී ගිය ගල්ලෙනෙහි උස ක්‍රමයෙන් පටු වෙයි.
ඉමේ කුහරය යටට හෑරී එතැන පිරිසුදු දිය රැගත් හිරු කිරණෙක පහස නොලත් අඳුරු ආගාදයත් බඳුවූ පොකුණකි.
මේ සියල්ල වටා ගෙතෙන පුරාවෘත්තය ද, පුරාවිද්‍යාත්මක සාක්‍ෂී කීපයක් වටා ගොඩනැගුණු, ජනශ්‍රැති කථා රාශියකින් රසවත් වුණූ, තෝරා බේරා සත්‍ය හෙළිකර ගැනීමට තවමත් ඉතිරි කර තබා ඇති, ගුප්ත පසුබිමක රහස් සඟවා තබා සිටින, අහුමුළු අඳුරු වූ ගබඩා කාමරයක් වැනි ය.

එහෙත් මෙම බිමට පිවිසෙන විට පරිසරය හා බැඳුණු දසුනෙන් සිත් බැඳගත් නිසාවෙන්ම විමසීමට බඳුන් නොවුණු එහෙත් ගුහාවේ සැරිසාරා නැවත පැමිණෙන සිත කුහුලෙන් පිරී වට පිට සැරිසරණ විට මළුවේ පසෙක ඇති විස්තර පුවරුව ලඟ නෙත නැවතෙයි.
එහි මෙසේ සඳහන් ව තිබේ.

වළගම්බා රජු (ක්‍රි.පූ. 103) තම සේනාව සංවිධානය කරමින් යන අතුරතුර මෙම ස්ථානය තාවකාලික වාසස්ථානයක් ලෙසත් පුර ස්ත්‍රීන් සඟවා තබාගත් ස්ථානයක් ලෙසත් භාවිතා කර ඇති අතර මෙය ස්ත්‍රී පුර යැයි ජනප්‍රවාදයේ ඇත. එකල පුර ස්ත්‍රීන් ස්නානය කළා යැයි සැළකෙන දිය පොකුණ ද මෙම ලෙන තුළ ඇත. මෙම ලෙන සිට යට්ටෝරුව යටහලෙන දක්වා උමංමාර්ගයක් තිබූ බව සාධක සොයාගෙන ඇති අතර රජු උමං මාර්ගය ඔස්සේ යටහ ලෙන දක්වා ගොස් සේනා සංවිධානය කර නැවතත් ස්ත්‍රි පුරයට සැපත් වූ බව ද මෙතැනදි රජු දුනුශිල්පය ප්‍රගුණ කළ බව ද කියැවෙයි.

පළමුවෙනි ගජබා රජු (ක්‍රි.ව.113-135) ප්‍රමුඛ ආර්යයන් යක්‍ෂ ගෝත්‍රිකයන් සමඟ අවසන් සටන කළ ස්ථානය ලෙස සැළකෙන බවත් යක්‍ෂගෝත්‍රික ස්ත්‍රින් මෙම ස්ථානය තුළ සිරකර නීල මහා යෝධයාගේ උදව් ඇතිව ලෙන් දොර වසා විනාශ කළ බව කුරුණෑගල විස්තරය නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. මෙම ස්ථානය ආසන්නයේ ඇති කුඩා ලෙන් දෙක ක්‍රි.පූ. 3 වන සියවසට අයත් බ්‍රාහ්මීය අක්‍ෂර සටහන් වලින් මෙම ප්‍රදේශයේ රහතන් වහන්සේලා වැඩ සිට ඇති බව කුරුණෑගල විස්තර ග්‍රනථයේ සටහන්ව ඇත.
වළගම්බා රජතුමා කොලොම්බුවට නුදුරු සල්ගල දී සේනා සංවිධානය කල බව මහාවංශයේ කියැවෙයි. සල්ගලට නුදුරු මෙම ස්ථානය රජතුමා තාවකාලික වාසස්ථානයක් ගොඩනගා තම බිසෝවරුන්ට ආරක්‍ෂිත ස්ථානය වශයෙන් මෙතැන භාවිතා කළ බව ජනප්‍රවාසයේ සඳහන් වෙයි.
එක් දහස් නවසිය විසිගණන්වල එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී.පී. බෙල් මහතා විසින් ලෙන තුළ වු දිගින් අඩි 15 ක් සහ පළලින් අඩි 6 ක් වූ පැරණි බ්‍රාහ්මීය අක්‍ෂරයෙන් ලියැවණූ විශාල සෙල් ලිපියක් සොයාගත් බව කියැවෙයි.

බෙල් මහතා කළ කැණීම් පිළිබඳ අවබෝධයක් නොදත් ගම්වැසියන් සිතා ඇත්තේ මෙහි වන වටිනා දේ විනාශ කිරීමට මොවුන් පැමිණි බව ය. යටත්විජිත සමයේදී සිංහලයන්ට වූ බොහෝ අකටයුතුකම් නිසා ගම්මුන් එසේ සිතීම අරුමයක්ද නොවේ.අවසානයේ එම සෙල්ලිපිය බෝර දමා විනාශ කර එතැන වූ උමගය ද වසා දැමීමට ගම්වැසියෝ පෙළඹෙති. මෙසේ අස්ථානයේ ඇති වූ සැක බිය නිසා ස්ථානයෙන් මතු කර ගැනීමට හැකියාව තිබු ඉතිහාසයේ සත්‍ය ද වැළලී යන්නට ඇත.
මෙතැනදී හමුවූ අඩි 6 ක් දිග අඩි 3 ක් වූ ඉතා පැරැණි අනුරාධපුර සම්ප්‍රදායේ කැසිකිලි ගල එවැනි යුගයක අරණ්‍යවාසී භික්‍ෂූ ආවාසයන්හි භාවිතා වූ කැසිකිළි ගලක් බව අනුමාන කළ හැක.

බ්‍රාහ්මී අක්‍ෂර, කටාරම් ලකුණූ, මෙවන් කැසිකිලි ගල් ආදියෙන් ක්‍රි.පූර්ව යුගයේදී මෙම ස්ථානයේ රහතන් වහන්සේලා වැඩ සිටි බවට හේතු සාධක මතුවෙයි.
ආශි‍්‍රත ගම්බිම් හි නාමයන්ද එහා බැඳුණූ කථා ප්‍රවෘත්තීන් ද රාශියක් එකට ඈදී මේ වටා විශාල ජනශ්‍රැතියක් ගොඩ නැඟී තිබේ.
මෙසේ සුවිශේෂී ස්වභාවික පරිසරයක ගුප්ත බවත් සොඳුරුබවත් ඒකසේ කැටිකරගත් මෙම අඳුරු දිගුලෙන ඉතිහාසයේ දිගු කතන්දරයක රහස් තවමත් අඳුරේ සඟවා ගෙන සිටිනවා විය හැක.
(‍‍ ලි‍පි‍ය උ‍පු‍ටා ‍ගැ‍නී‍ම‍කි )

Sony a6000 ft. Theek Photography

All images are property of the Theek Photography which are subject to copyright. Appropriate action will be taken for any misuse of the photographs by an individual or a group of people which violates the copyright law.

Lahiru Theekshana ©2017

***දැදිගම කොටවෙහෙර (සූතිඝර චෛත්‍යය)***දැදිගම කොටවෙහෙර නමින් ප්‍රකට මෙම ස්තූපය, සූතිඝර චෛත්‍ය වශයෙන් ද හඳුන්වනු ලැබේ. කොට...
21/11/2017

***දැදිගම කොටවෙහෙර (සූතිඝර චෛත්‍යය)***

දැදිගම කොටවෙහෙර නමින් ප්‍රකට මෙම ස්තූපය, සූතිඝර චෛත්‍ය වශයෙන් ද හඳුන්වනු ලැබේ. කොටවෙහෙර වෙත ළඟා විය හැක්කේ කොළඹ නුවර මාර්ගයේ නෙළුන්දෙනිය හන්දියෙන් ගලපිටමඩ මාර්ගයේ කි.මීටර් 3 ක් පමණ ගමන් කිරීමෙනි. අවිස්සාවේල්ල කෑගල්ල මගෙහි පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා ද මෙතැනට පැමිණිය හැකි වෙයි.

දැදිගම යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගරයකි. අවම වශයෙන් මධ්‍ය ශිලා යුගයේ දී මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව නිශ්චය කර ගැනීමට හැකි සාධක ප්‍රදේශයෙන් හමු වී තිබේ. පුරාතනයේ මෙම ග්‍රාමය හඳුන්වා ඇත්තේ ‘පුංඛගාම’ යනුවෙන් ය. එසේම ජාතගාම, දැතිගම, පිලගම ආදී නම් වලින් පැරැණි ලේඛනයන්හි මෙන්ම වංශ කතාවන්හි දී ද හැඳින්වෙන්නේ අද අපට හමුවන මේ දැදි- ගම නම් ග්‍රාමය ය. පාලි භාෂාවෙන් ‘පුංඛ’ යන්නෙහි අර්ථය ඊතලයෙහි පිටුපස නොහොත් පිහාටුව නම් කොටස ය. එය දැත්ත ලෙසින් ද සිංහලෙන් හඳුන්වන අතර ‘පුංඛගාම’ නොහොත් දැතිගම දිගු ගමනක් ආ කට වහර විසින් දැදිගම බවට පත්කර තිබෙයි.
මානාභරණ නම් යුවරජතුමා දොළොස්වන ශත වර්ෂයේ දී දක්‍ෂිණ දේශයේ පාලකයා ලෙස දැදිගම කේන්ද්‍රස්ථානය කර ගනිමින් ප්‍රදේශය පාලනය කළේ ය. එතුමාගේ බිසව වූයේ රත්නාවලී නම් කුමරියයි. රත්නාවලී බිසව දැදිගම, යම් ස්ථානයකදී පින්වත් කුමරකු බිහි කළා ය. දරුවකු බිහිකරන තැනට අප වහරන්නේ ‘තිඹිරිගෙය’ වශයෙනි. මෙසේ මෙම තිඹිරිගෙය තුළ දී බිහිවන කුමරා, එසේ මෙසේ කෙනකු නොවන බව පසක් වන්නේ කාලයාගේ ඇවෑමෙනි.
ලංකා රාජ වංශයේ ශ්‍රේෂ්ඨ රජවරයකු වශයෙන් ත්‍රි සිංහලයම එක්සේසත් කරමින් මහත් කීර්තියක් ඉසිලූ මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 – 1186 ) ලෙස රාජාභිෂේක ලබන්නේ මෙසේ උපදින පුත් කුමරුවා ය.

කුමරා උස් මහත් වී කලක් මායා රටේ ප්‍රාදේශීය පාලකයා බවට පත් වෙයි. එතුමා යුව රජු වශයෙන් සිටි කාලයේ දී තමා උපන් ස්ථානය සිහිවීම පිණිස තිඹිරිගෙය තිබූ තැන කුඩා ස්තූපයක් ගොඩනඟයි. පසුව මුළු රටම එක්සේසත් කරන මෙම මහීන්ද්‍රයාණන් ඉන් අනතුරුව එම කුඩා ස්තූපය මැදිකොට මහා ස්තූපයක් ගොඩනංවනු ලබන අතර දැදිගම කොටවෙහෙර නොහොත් සූතිඝර චෛත්‍ය වශයෙන් ප්‍රකට වන්නේ එයයි. කොටවෙහෙර යනුවෙන් වහරන්නේ කොත් කැරැල්ලක් රහිත විශේෂ දාගැබ් ආකෘතියක් බව ඇතැම් පුරා විද්‍යාඥයෝ හඳුන්වනු ලබති.
1947 වසරේ සිට ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා විසින් කළ කැණීම්හිදී කොටවෙහෙර සම්බන්ධව තොරතුරු රාශියක් අනාවරණය කරගනී. දැනට චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි 804 ක් ද උස අඩි 47 ක් ද වෙයි. 1951 වසරේ දී චෛත්‍ය තුළ වූ ධාතු ගර්භ 10 ක් තහවුරු කර ගන්නා ලදී. මෙම පුරාවිද්‍යාත්මක ගවේෂණයන්හිදී රජතුමා ප්‍රථමයෙන් ගොඩනැඟූ ස්තූපයත් ඒ තුළ මෙන්ම මහා ස්තූපයේ වූ ධාතු ගර්භ කීපයක් නිරාවරණය කර ගැනීමට හැකියාව ලැබේ.

එක් ධාතු ගර්භයක තිබී හමු වූ දැදිගම ලෝකඩ ඇත්පහන අද ලෝක ප්‍රසිද්ධ වී තිබෙයි. මෙම බුහුටි පහන හෙළ කලාකරුවාගේ අභිමානයේ ආලෝකය දියත පුරා විහිදුවීමට සමත් වූ විශිෂ්ට නිර්මාණයකි. විශ්මිත නූතන තාක්‍ෂණික ලෝකය පවා මවිත කරවන සුළු මෙම ඇත් පහන කොළඹ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත. එය දම් වැලකින් එල්ලා තැබිය හැකිසේ නිමවූවකි. තෙල් පුරවනු ලබන්නේ ඇතාගේ කුසටය. ඇතා සිටගෙන සිටින වෘත්තාකාර තැටිය වටේට තිර යොදනු ලැබෙයි. තෙල් ගලාගෙන එන්නේ එහි දැවෙන තෙල් ප්‍රමාණය අනුවය. තැටියේ තෙල් පිරෙන විට වැඩිපුර තෙල් ගලා ඒම ස්වයංක්‍රීයව නවතියි. එය එසේ වීමට උපයෝගී කරගෙන ඇත්තේ වායු පීඩනය නම් න්‍යායයි. මේ නිසා පහනේ තෙල් උතුරා යාමක් සිදු නොවේ. පහන එල්ලා තැබීමට යොදා ගත් දම්වැල පවා නැට්ටුවන්ගේ සහ බෙරවාදකයන්ගේ රූප දම්වැල් පුරුක් සේ සාදා ඇතා පිටෙහි ඇත්ගොව්වකු හිඳවා සම්පූර්ණ ඇතා මැදි- වන සේ මකර තොරණක් ද යොදා පහනට ඉතා විචිත්‍රවත් පෙනුමක් ලබා දී තිබෙයි. මෙවන් සුළු දෙයක් පවා ඉතාමත් ආකර්ෂණීය ලෙස නිර්මාණය කිරීමට පෙළඹීමෙන් එදා ශිල්පියා සතු විද්‍යාත්මක ඥානය මෙන්ම කලාත්මක නිමැවුම් ගුණය එකසේ සංකලනය වී ඇති බව මෙවන් පුරාවස්තූන් තුළින් කදිමට සනාථ වෙයි.
එසේම රන් තහඩුවෙන් කළ බුද්ධ ප්‍රතිමාව පොළොන්නරු යුගයේ කාසි, පද්මාකාර දා ගැබේ ආකෘතිය, මැණික් ගිල් වූ ධාතු කරඬුවක්, ලෝකඩ සහ මැටි පහන්, වටිනා පාෂාණ ආදී නිධන් වස්තූන් ද ධාතු ගර්භයෙන් හමු වී තිබේ. මේ සියල්ල පරයන අපූරුම දෙය වන්නේ කුඩා ස්තූපයේ දා ගැබ තුළ තිබී හමු වූ තරමක් විශාල මැටි කොරහ ය. පුරා විද්‍යාඥයන් අනුමාන කරන්නේ කිරිකැටි කුමරු නෑවීම සඳහා මෙම කොරහ උපයෝගී කර ගන්නට ඇති බවය. කුමරා උපන් තිඹිරිගෙය මත මෙවන් මහා ස්තූපයක් ගොඩනංවා ඒ තුළ මැටි කොරහද නිධන් කරමින් රජතුමා තිඹිරිගෙයත් නෑවූ කොරහත් පූජනීය ස්මාරකයන් වශයෙන් සලකා ඇති බව පෙනෙයි.
පරාක්‍රමබාහු යුගයේ දී මෙම චෛත්‍යය කළ බවට සාධක තහවුරු කරගත හැකි පොළොන්නරු යුගයේ රේඛාමය ලක්‍ෂණ සහිත සිතුවම් දොළොස්වන සියවසට අයත් අක්‍ෂර සහිත ගල් පුවරුව ආදි දෑ ඉතිහාසයේ නිශ්චිත සලකුණු වෙනුවෙන් සාක්‍ෂි සපයනු ලබයි.
මෙසේ කිරිසුවඳැති මතකයට පූජනීයත්වයක් එක් කළ මිනිසා බෞද්ධ සංස්කෘතිකාංගයන්ගෙන් පෝෂණය ලබමින් සුන්දර නිර්මාණයන්ගෙන් ශිෂ්ටාචාර ගමන් මඟ සරසමින් ශ්‍රේෂ්ඨත්වයත් විශිෂ්ටත්වයත් දැදිගම කොටවෙහෙර තුළ සදානුස්මරණීය ලෙස තැන්පත් කර තිබේ.
(‍උ‍පු‍ටා ‍ගැ‍නී‍ම‍කි )

Sony a6000 ft. Theek Photography
All images are property of the Theek Photography which are subject to copyright. Appropriate action will be taken for any misuse of the photographs by an individual or a group of people which violates the copyright law.

Lahiru Theekshana ©2017

- හ‍රි‍ග‍ල -Sony a6000 ft. Theek PhotographyAll images are property of the Theek Photography which are subject to copyri...
02/11/2017

- හ‍රි‍ග‍ල -

Sony a6000 ft. Theek Photography

All images are property of the Theek Photography which are subject to copyright. Appropriate action will be taken for any misuse of the photographs by an individual or a group of people which violates the copyright law.

Lahiru Theekshana ©2017

Address

Dedigama
Kegalla

Telephone

+94712933387

Website

Alerts

Be the first to know and let us send you an email when Theek Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Theek Photography:

Share

Category