24/09/2019
Pattipola | Ohiya | Idalgashinna Rail Hike
බදුලු කොච්චියෙ බදුල්ලෙ යනකොට කාලෙක ඉදන් තිබ්බ ආසාවක් තමා පට්ටිපොල ඉදන් ඉදල්ගස්හින්න්ට Rail Hike එකක් යන එක. ඒ අසාව වැඩි උනේ එලකිරි එකේ තරිදු අයියාලා ගිහින් ඒ තෙඩ් එක දැක්කාම. කොහොමහරි මේක යමු කිය කිය හිටියට යන්න උනේ නෑ සෑහෙන කාලයක්. මේ ගමන සෙට් උනේ එක මන් නික්න් අපේ ගෲප් එකක් කොහේහරි යන් කියලා කට්ටියව ෆෝම් කර කර ඉන්නකොට තවත් කෝච්චි පිස්සෙක් වෙච්ච රුයියා යමන් කියපු නිසා. දාගත්ත දවස තිබ්බෙ සතියකට වගේ පස්සේ . හොදම සීන් එක දැන් නයිට් මේල් එකේ ටිකට් නෑ. අපි ගිහින් බැලුවේ නෑ බලන්න දෙයක් නෑනේ ඉතින් අමුතුවෙන් ඕක ඇහුවොත් නෑනේ. වෙලාවට රුයියගේ තාත්තා Railway එකේ හිටපු Head guard කෙනෙක්. මේක අපේ වාසනාවක්. මොකද මුලු ගමනෙම රුයියාගේ තාත්තාගේ නම විකුනලා තමයි ගියේ. කොහොමහරි අන්තිමට රුයියම ටිකට් 2 ගන්නම කොලබ ගියාම මන් හිතාගත්තා මූත් කිවුවේ නැති උනාට ගමන යන්න හෙන අසාවෙන් තමා ඉන්නේ කියලා. ඔන්න ඔක්කොම සෙට් කරගෙන මාර්තු මාසේ අග සතියේ දවසක 5ට කලින් ඔෆිස් එකෙන් පැනලා නාලා කරලා ලෑස්ති වෙලා 5ට කොස්ගමට සෙට් උනා නයිට් මේල් අල්ලන්න යන්න. එතනින් කොලඹ ගිහින් කන්න බොන්න ඔක්කොම අරගෙන ස්ටේශන් එකට යනකොට ට්‍රේන් එක ලේට් විනාඩි 45ක් කාලා වරෙන්කෝ. 8.30 කන්කසන්තුරේ මේල් එකත් ගියා. 8.45ට විතර මෙන්න එනවා M2 සීයා කෙනෙක්. අවුල්ක් නෑ කියලා නැගලා නින්දක් දන්න හදනකොටම ගම්පහින් නැග්ගා රෑත් සගා දාපු පොශ් කොල්ලො සෙට් එකක්. නැගලා බොන්න ගත්තා. අම්බෝ අපි හිතුවේ සින්දු කියලා හෙන ආතල් එකක් දෙයි කියලා. මොන පිස්සුද පින්වතුනි පේරාදෙනිය පහුවෙද්දි ඔක්කොම ඩවුන්.එකෙක් ටොයිලට් එකේ කබරයා දාගෙන ඒකෙම නිදිද කොහෙද. ඒ ආතලුත් බලාලා හීතලේ පාන්දර 5 ට පට්ටිපොලින් බැස්සා. මන් නම් වෙව්ල වෙව්ල ගියේ ට්‍රේන් කිස් එක බලන්න. ඒකත් බලලා ඇවිත් රෙස්ට් රූම් එක ඇරලා ඒකේ බන්කුවක් උඩ නිදාගත්තේ පාන්දරම යන්න. පාන්දර නැගිටලා මූන කට සෝදලා ඒ ලග කඩෙන් රොටී කාලා කෝපි බීලා 8 ට ඔහියට යන්න පටන් ගත්තා. අපේ මුල් ම ටාගට් එක උනේ Summit level එක ලගදි පාන්දරම බදුල්ලෙ ඉන්ද න්කොලඹ යන පොඩ්ඩිගේ ෆොටෝ එකක් ගන්න. ඔයාලා එනවන්ම් ස්ටේශන් එකෙන් ට්‍රේන් ටයිම් ටික පොඩ්ඩක් අහගෙන ස්ටේශන් මාස්ටර්ට කියලා එන්න. නැත්න්ම් බින්ගෙයක් අස්සෙදි කොච්චියක් සෙට් උනොත් කෙල වෙනවා. ෆෝටෝ වැඩෙත් ගානට කරගෙන දෙන්නා එක්ක ෆොටෝ ගහ ගහ ඔහියට ආවා. අපිටත් මහන්සියක් දැනුනේ නෑ ලස්ස්න + සීතල නිසා. ඔහියට එනකොටම Kandy – Badulla Mix with M6 ආවා. එතන කඩෙන් රොටී කාලා තේ බිඔනකොට තමා කඩේ ඇන්ට් කිවුවේ ඔහියේ ඉදන් ඉදල්ගස්හින්න්ට දැන් යන්න දෙන්නෙ නෑ කියලා. යන්න කලින් මටත් ටිකක් ඕක ආරන්චි උනා ඒත් මන් හිතුවේ නෑ ඒක ඇත්ත කියලා. දැන් ඉතින් ආපහු හැරිලා යන්න බෑනේ. කියන්න සතුටුයි එතනත් IPW ඔෆිස් එකට ගිහින් රුයියාගේ තාත්තාගේ නම විකුනාලා තාත්තලා පුතාලා ඕන මගුලක් කරගන්න කියලා අහගෙන ඉදල්ගස්හින්න්ට යන්න පිටත් උනා. මේ ඔහිය - ඉදල්ගස්හින්න කොටස තමයි දුමරිය ස්තාන 2ක් අතර වැඩිම බින්ගෙවල් පිහිටන්නේ ඉතින් අපි පරිස්සමට යන්න ඕනිනේ. අපේ ටයිම් වල හැටියට පලවෙනි බින්ගෙ ලගදි ට්‍රේන් එකක් එන්න තියනවා. එත්න වැඩ කරපු අයගේ කතන්දර ටිකත අහලා ඉන්කොට ට්‍රේන් එක ආවා. ඊට පස්සෙ දිගට්ම එකක් ඉවර වෙනකොට එකක් ගානේ බින්ගෙවල් පහු කරගෙන ෆොටෝ ගහගෙන ඉස්සරහට ආවා. ඔන්න මිත්‍රවරුනි කතාවේ හොදම කොටස බින්ගෙයක් ඉවර වෙලා එනකොටම මගේ අතේ ඇවිත් මොකෙක්ද මන්දා එකෙක් වැහුවා මැස්සෙක් වගේ පැන්නුවට ගියෙත් නෑ. අතින් ඇදලා දානකොට තමයි දැක්කේ ඌ නිකන්ම නිකන් මැස්සෙක් නෙමෙයි මීමැස්සෙක් කියලා, මන් යාලුවට “ රුයියා මීමැස්සො ඉන්නවා “ කියලා විතරයි කිව්වේ. අර ගියා මීමැස්සා උගේ මුලු සෙට් එකම අරන් ආවා අපිට ගහන්න. අපිත් අත ඇරියේ නෑ දිව්වා. දෙන්නගෙම ඇග වට කරලා මීමැස්සෝ. පොඩි වතුර පාරක් තිබ්බා ඒකෙන් වතුර ගැහුවා ඒත මුන් එනවා ඊට පස්සේ එත්නම තිබ්බ තව බින්ගෙයක් ඒකට ගියාම තමයි උන් එන එක නැවතුනේ. අපි පසු නොබලා වේගෙන් පලා ගියා. ටික දුරක් ඇවිත් බැලුවා Damage Report එක . මගෙ කකුලෙයි , අත් 2 බෙල්ලෙයි මීමැස්සෝ විදලා යාලුවගේ පිටෙයි කකලුයි බෙල්ලෙයි. ඉදිමිලා. දැන් ඉතින් මොනා කරන්නද යම්න් කියලා වේගෙන් ඉදල්ගස්හින්න්ට ගියා. ඔන්න ඉදල්ගස්හින්න්ට එනකොටම මීදුමක් ඇවිත් අපිව පිලිගත්තා. ඊට කලින් 1008 හම්බුනා ඒකෙත් ෆොටෝ ගහලා ආවේ. ඇවිත් ස්ටේශන් එකෙන් මූන අතපය හෝදගත්තා. එත්න ඉටේශන් මාස්ටර් එක්කයි , තව වැඩ කරන කෙනෙක් එක්කයි කතා කලා. එත්කොට අපිට වෙච්ච සිද්දිය කිවුවාම තමා එයාලා කිවුවේ මීමැසි කූඩු කඩලා ඒකයි දැන් යන එන අයට ගහනවා කියලා. ඊට පස්සෙ කොලබ ඉදන් 8.30 ට ආපු චීන නිල් මකරාගෙ නැගලා හපුතලේට ආවා. එතනින් හොදට කාලා බදුල්ල - කොලඹ 99 බස් එකකට නැග්ගේ පහුවදා ඉදන් ආයේ වැඩනේ කියලා මතක් කර කර.. මේකෙ විශේශ ස්තූතිය රුවින්දුගේ තාත්තාට.
ඔයාලාත් යනවන්ම් මේ ටික මතක තියාගෙන යන්න.
කොච්චි ටයිමින් අහලා ස්ටේශන් මාස්ටර්ට කියලා යන්න
අනිවාර්‍යෙන් හොද එලියක් තියන ටෝච් අරන් යන්න බිගෙවල් වල පේන්නේ නෑ නැත්න්ම්
මීමැස්සෝ බඹරු ඉන්නවා ඒ තැන් වලදි සද්ද නොකර යන්න.
එහෙන්ම් තවත් අපි ගිය විස්ත්‍ර තියනවා. එකකින් ආයෙ හම්බෙනක්න් ජය ...!!!
ෆොටෝ ගන්න පාවිච්චි කරේ Canon 700D 18-55mm , Go Pro Hero 5