20/07/2026
ශ්රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්යය සමයේ (1592–1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592–1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්රමණිකයෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්රී වීරපරාක්රම නරේන්ද්රසිංහ (1707–1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්රවිඩ රජවරු පවා ශ්රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.