23/11/2022
රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම යනු ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රදේශ කිහිපයක පමණක් අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික මසුන් ඇල්ලීමේ ක්‍රමයක් වේ.
විශේෂයෙන් ගාල්ල, කොග්ගල, කතළුව, අහංගම, වැලිපැන්න, මිදිගම සහ දිවයිනේ ඒ ආශ්රිත වෙනත් දකුණු හා නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවලදී මෙම රිටිපන්න ක්‍රමයට ධීවර වෘත්තියේ යෙදෙන්නවුන් දැකගත හැකිවේ.
මසුන් ඇල්ලීම සඳහා ධීවරයෝ විසින් මෙහිදී නොගැඹුරු මුහුදු පතුලේ ස්ථාවරව සිටුවන ලද කණුවක් හා ඊට තිරස්ව ගැටගසන ලද දණ්ඩක් භාවිතා කරනු ලබන අතර එය රිටිපන්නය ලෙස හඳුන්වනු ලබයි. කණුවට සම්බන්ධව තිරස්ව ජල මතුපිට සිට මීටර 2ක් පමණ උසින් පිහිටි දණ්ඩ නැතහොත් පෙත්ත ධීවරයාට රිටිපන්නයේ සමතුලිතව සිටීමට වැදගත් වේ. රිටිපන්නය බොහෝ විට කදුරු, කඩොල්, ඇට්ටෝනියා වැනි මුහුදු ජලයට ඔරොත්තු ලෙස ලී වර්ගයකින් සාදාගනු ලබනු අතර බිලී පිත්ත කිතුල් ලීයෙන් නිර්මාණය කර ගනු ලබයි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේදී බහුල වශයෙන් යොදා ගන්නා දේශයේ අනන්‍ය වූ සංඛේතාත්මක නිරූපකයක් ලෙසද වැදගත් වේ.
- wikipedia
💚
Photoghrapy by:- unknown owner
Edited by :- PicMate.lk