Tharindu Madhusanka Photography

Tharindu Madhusanka Photography Welcome to my Photographic Journey! Join me in celebrating the beauty of the world through my lens.

Horton Plains 🌿
22/07/2025

Horton Plains 🌿

B A D U L L A  🩷🧡බදුල්ල
21/07/2025

B A D U L L A 🩷🧡
බදුල්ල

හෑලි ලිලිය වැලලුනාට ඇත්ත මේකයි...
21/07/2025

හෑලි ලිලිය වැලලුනාට ඇත්ත මේකයි...

පාළුවට ගිය Grid එක
21/07/2025

පාළුවට ගිය Grid එක

20/07/2025

ලංකාවේ සුන්දරම තැනක තියෙන ඉස්කෝලයක්

Happy Father’s Day 🖤
15/06/2025

Happy Father’s Day 🖤

ජීවිතයේ අපට හමුවන විවිධ අවස්ථා, ඉදල්ගස්හින්න දී දැකපු විදිහ 📷𝐼𝒹𝒶𝓁𝑔𝒶𝓈𝒽𝒾𝓃𝓃𝒶These photos were taken with no intention to ha...
10/05/2025

ජීවිතයේ අපට හමුවන විවිධ අවස්ථා, ඉදල්ගස්හින්න දී දැකපු විදිහ 📷
𝐼𝒹𝒶𝓁𝑔𝒶𝓈𝒽𝒾𝓃𝓃𝒶
These photos were taken with no intention to harm or misrepresent any individual. They are purely for artistic and documentary purposes.

ඒකවර්ණ වැලිමඩ 🖤🤍
03/04/2025

ඒකවර්ණ වැලිමඩ 🖤🤍




සිනමාවේ තියෙන ෆොටෝග්‍රැෆි. [2] 🎥📷Photography වලදී still picture එකකින් කියන දේ සිනමාවේදී motion picture එකකින් කියනවානේ....
02/04/2025

සිනමාවේ තියෙන ෆොටෝග්‍රැෆි. [2] 🎥📷

Photography වලදී still picture එකකින් කියන දේ සිනමාවේදී motion picture එකකින් කියනවානේ. ඒ නිසා මේ දෙකේ ගොඩක් සමානකම් තියෙනවා. මට ගිය අවුරුද්දේ අග බලන්න පුළුවන් වුන ෆිල්ම් එකක් ගැන පල කරන්න හිතුනා. ඒ තමයි "Conclave (2024)". මොකද මේක photography පැත්තෙන් ඇත්තටම 'වැඩ කිඩ' දාලා කරපු එකක්.

මේක කතාවේ තියෙන්නේ පාප් වහන්සේ කෙනෙක් තෝරගන්න වතිකානුවේ පැවැත්වෙන රහසිගත කතිකාවත (conclave) ගැන කතාවක්. ඇස් පිල්ලම් ගහන්නේ නැතුව බලන්න හිතෙන ගානට විසුඅල් ආර්ට් එක කරලා තියෙනවා.
අධ්‍යක්ෂණය Edward Berger සහ කැමරා අධ්‍යක්ෂණය (Director of Photography) Stéphane Fontaine කරලා තියෙන්නේ.

මේ ෆිල්ම් එකේ photography වලින් දාල තියෙන වැඩ මොනාද. මම දැක්ක ඒවා කිහිපයක්,

Light & Shadow:
ආලෝකය සහ සෙවනැලි වලින් මාර ගේමක් ගහල තියෙන්නේ.
ටිකක් අඳුරු වගේ scene ගොඩක් තියෙන්නේ. ඒ ගුප්ත බව, පාලු කම , මුස්පේන්තු කම, මිනිසුන්ගේ අදුරු ගති, පීඩනය, සැකය වගේ දේවල් පෙන්නන්න කියල මට හිතෙනවා. low key light, rim light වගේ ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. විශේෂම දේ, ගොඩක් තැන්වල ආලෝකයම composition එකේ ප්‍රධාන අංගයක් කරගෙන තියෙනවා.

Composition සහ Framing
Frames:
බලන බලන තැන ලස්සන frames හදල තියෙනවා. light contrast, color contrast වලින් වගේම දොර ජනෙල්, ආරුක්කු වගේ දේවල් පාවිච්චි කරලා 'Frame within a Frame' ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.

Negative Space:
negative spaceත් frame වල දකින්න පුළුවන්. හිස් බව, හුදකලාව, බල රහිත බව, වගේ හැඟීම් ප්‍රබලව මතු කරන්න වෙන්න ඇති කියල තියෙනවා.

Scaling:
තව scaling හොදට පේන්න තියෙනවා, ලොකු පල්ලි, කණු , ගොඩනැඟිලි, පිළිම එක්ක ගොඩක් පොඩියට පේන මිනිස් චරිත frame එකට අරන් තියෙනවා දකින්න පුළුවන්. මේකෙන් ඒ පරිසරයේ තියෙන බලය සහ ඒවා එක්ක සසඳද්දී මිනිසාගේ කුඩා බව, සමහර විට නොවැදගත්කම වගේ අදහස් දෙනවා.

Lines & Symmetry:
Composition හදන්න Leading Lines, Diagonal Lines, Curves වගේම Symmetry සහ Patterns ගොඩක් තැන්වල දක්ෂ විදිහට පාවිච්චි කරලා තියෙනවා.

Angles:
බලය පෙන්වන්න/අඩු කරන්න High Angle සහ Low Angle shots පැහැදිලිවම යොදාගෙන තියෙනවා.

Color Palette:
color grade එක ගත්තොත් muted වර්ණ පරාසයක් තියෙන්නේ. එත් එක්කම තද රතු, ලා නිල් වගේ ප්‍රධානව බාවිතා කරලා තියෙනවා. තීරණාත්මක තැන් වලදී, බලය, සම්ප්‍රදාය, ආගමිකත්වය වගේ දේවල් පිළිඹිබු කරන්න තද රතු යොදාගෙන තියෙනවා කියල හිතෙනවා. ලා නිල් වලින් මොකක්ද අදහස් කරන්නේ කියලත් හිතල බලන්න 😋

අඩුවෙන් දැක්ක දේවල්:
මේකේ මට focusing, Haze වගේ දේවල් වලින් කරපු වැඩ ගොඩක් දකින්න තිබුනේ නෑ. හිතලම එහෙම කළා වෙන්නත් පුළුවන්.

වචනෙන් නොකියන රූපෙන් කියන ගොඩක් දේවල් මේ visual ආර්ට් එකේ තියෙනවා කියල තමයි මට නම් හිතෙන්නේ.

මේ ෆිල්ම් එක Best Cinematography සඳහා BAFTA ඇතුළු ප්‍රධාන සම්මාන උළෙලවල් ගණනාවකටම නිර්දේශ වෙලා තියෙනවා.

ඔයත් මේක බලල නැති නම් සහ Photography, Cinematography වලට ආස, උනන්දු කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න. ලස්සන frames හොයන, lighting, composition ගැන ඉගෙනගන්න වගේම දෘශ්‍ය භාෂාව කියවන්න ඉගෙනගන්න ආස අයටත් මේක නියම අත්දැකීමක් වෙයි.

කතාව බලාගෙන යද්දී ගත්තු screen shots ටිකක් නිකන් දාන්නම් පහලින්.

ෆිල්ම් එක බලපු අය ඉන්නවා නම් ඔයාලගෙ අදහසුත් එකතු කරන්න. ගිහින් එන්නම්. ජය .

ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් 💚🌿
26/03/2025

ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් 💚🌿

Address

Horton Plains

Alerts

Be the first to know and let us send you an email when Tharindu Madhusanka Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category