09/10/2024
අද මාස පහකට පස්සේ Husma Foundation එකේ පිලිකා රෝගී දරුවන්ට පෝශන අතිරේක දෙන වැඩසටහනට මම ගියා.
ඇත්තන්ම මම දැන් නොයන්නේ ඡායාරූපශිල්පියෙක් විදියට මගේ ඇස් ආස ලස්සන දකින්න. ඒත් එතනට ගියාම දකින්නේ අහන්න ලැබෙන දේවල් දරාගන්නේ බොහොම අමාරුවෙන්.
පොඩි සතුටක් තියනවා මට ඒ මම හුස්ම පදනම පටං ගන්න කලිං
පිලිකාව නිසා කන්න බොන්න බැරිව පෝශන ඌනතා තිබ්බ දරුවෝ ගොඩක් හිටියා. ඒත් අද එහෙම දරුවෙක් ගැන අහන්න වත් නෑ. මාසෙකට පිලිකාව නිසා දුක් විදින දරුවෝ 800කට. පෝශන අතිරේක 1600 ක් බෙදලා දෙන්න හුස්මට පුලුවන් වෙලා.
පුලුවන් නම් පුලුවන් වෙලාවක , උපන්දිනයක් දානයක් දවසට මේ ලමයින්ට පිටි ටිකක් අරන් දෙන්න එක ලොකු පිනක්
Husma Foundation - හුස්ම පදනම
Husma foundation
106914030823
Sampath bank
Homagama
හුස්ම පදනම පිලිකාරෝගි දරුවන්ගේ බෙහෙත් හා පෝශන අවශ්‍යතා වෙනුවෙන් රජයේ ලියාපදිංචි කල විගනනය වන ගිනුමකි. හුස්ම අරමුදල වෙනුවෙන් ඔබ කරන මූල්‍යමය පරිත්‍යාග කිසිදු පුත්ගලයෙකුට හෝ වෙනත් ගිනුමකට තැම්පත් කිරීමෙන් වලකින්න
වැඩි විස්තර 0777348822 / 0774222232