20/08/2023
1979 අප්‍රේල් මාසයේදී, ධවල මන්දිර ඡායාරූප ශිල්පියෙක් ජෝර්ජියා විලකදී ජනාධිපති ජිමී කාටර් තම බෝට්ටුවෙන් හාවෙකු පලවා හරින ආකාරය ඡායාරූපයක් ගත්තේය. මෙහි බැලූ බැල්මට ගත යුත්තක් පෙනෙන්නට නොතිබුණත්, මෙම ඡායාරූපය ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ නොසිතූ අභියෝගයක් බවට පත්විය.
ඔහු එවකටත් රටේ උද්ධමනය, ඉරාන ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදය සහ සිය ජනප්‍රියත්වය පහත වැටීම වැනි ගැටළු වලට මුහුණ දෙමින් සිටියේය. ජෝර්ජියා නිවස අසල කෙටි නිවාඩුවක් අතරතුර, කාටර් විල මත මසුන් ඇල්ලීමට ගියේ ඔය අල්ල පනල්ලේ ය.
ඔරු පැදීමේදී "මැර හාවෙක්" ඔහුගේ බෝට්ටුව දෙසට පිහිනා ආවේය. කාටර් එය වැලැක්වීමට ඔහුගේ පැඩලය භාවිතා කළේය. ධවල මන්දිරයේ ඡායාරූප ශිල්පියා මෙම හාස්‍යජනක අවස්ථාව සිය කාචයේ සටහන් කර ගත්තේය.
නමුත් මාධ්‍ය එය මහා පුවතක් ලෙස ප්‍රතිනිර්මාණය කලේ ඊට සිය මතවාද ද මුසු කරමින්. අමෙරිකානු Late Night Shows වල සහ Gossip සඟරා කාටර් දුර්වලයෙකු ලෙස නිරූපණය කළේ " හාවෙකු හසුරුවා ගැනීමට නොහැකි ජනාධිපති රට ආරක්ෂා කරන්නේ කෙසේදැයි " ප්‍රශ්න කරමිනි.
1980 නැවත මැතිවරණය ළං වන විට, මෙම සිදුවීම කාටර්ගේ ප්‍රතිරූපය තවත් දුර්වල කළේය. එම වසරේ අගභාගයේදී ඉරාන විප්ලවවාදීන් ග්‍රහණයේ සිටි ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම අසාර්ථක විය. මෙම අසාර්ථකත්වය ඔහුගේ දුර්වලකම පිළිබඳ සමස්ථ අමෙරිකානුවන්ගේ අදහස් යලි ශක්තිමත් කලේය.
1980 මැතිවරණය පැමිණි විට, කාටර්ගේ බිඳුණු ප්‍රතිරූපය රොනල්ඩ් රේගන් විසින් පහසුවෙන් පරාජයට පත් කලේය. රේගන් කාටර්ගේ බොහෝ ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමත් සමඟ එය ඇමරිකානු දේශපාලනයේ වෙනසක් සනිටුහන් කළේය.
පසුකාලීන සම්මුඛ සාකච්ඡාවකදී කාටර් පැහැදිලි කළේ ඡායාරූපයේ කතාව අතිශයෝක්තියක් බවයි. හාවා දඩයම් සතුන්ගෙන් පලා යමින් සිටි අතර උගෙ පිහිනීමේ හැකියාව තමාව පුදුමයට පත් කළ බව ඔහු පැවසීය.
කෙසේ හෝ ජනප්‍රියත්වය ගිලිහෙමින් පවතින නායකයකු බලයෙන් පහ කිරීමට මාධ්‍යයට හාවෙකු වුවද ප්‍රමාණවත් බව මින් පැහැදිළි විය.
උපුටාගැනීම Historic Vids X අඩවිය