21/07/2024
ජීවිතේ එක පාරක් හරි කොන් වෙලා නැද්ද,
පවුලෙ අයගෙන් හරි,
නෑදෑයොන්ගෙන් හරි,
යාලුවන්ගෙන් හරි,
උබව බල්ලා මාක් එකටම දාලා,
උබට මුකුත් කරගන්න බැරිගානට දාලා උන් ඔක්කොම එක පැත්තක් අරන් උබව තනි කරලා නැද්ද...?
තියෙනවා නේද...
ඔව් මම හිතන්නෙ 50% වැඩිය එහෙම උන අය ඇති...
ඒවා ගැන හිතපන්...
හොදට හිතපන් ඇයි උබව කොන් කරන්න හේතුව,
ඇයි උබව කපලා දාන්න හේතුව කියලා හිතපන්,
එතකොට උබට උබේ ලෙවල් එක තේරුම් ගන්න ලේසි වෙනවා...
සමහරවිට උබට වඩා උඩ ලෙවල් එකක උන් ඉන්න පුලුවන්
හැබැයි උන් උබව කපන්නෙ ඒක නිසා නෙමෙයි,
උන් උබව කපන්නෙ උබ උන් ළඟ වැඳ වැටෙන්න නොගිය නිසා...
උබේ ඒ attitude එකට respect 🫡
ඉතින් අන්න එතන ඉදන් නැගිටින්න පුරුදු වෙයන්
උබව හලපු උන් කපපු උන් දවසක උබේ profile එක search කරලා හොයන තැනට නැගිටපන්,
උබට නොදුන්න දේවල් දවසක උබෙන් උන්ට ඉල්ලන්න වෙන තරමට නැගිටපන්...
උබව කොන් කරන තරමට උබේ උත්සාහය වැඩි කරගනින්...
කරන්න බෑ කිව්ව උන්ට කරලා පෙන්නපන්,
උබ කවුද උබේ චරිතෙ උන් හැමෝටම වඩා quality කියලා...
උබට බැරි නෑ...
බෑ කියලා දේකුත් නෑ ඒ නිසා මතක තියාගනින් උබ උබවම විශ්වාස කරන්න පටන් ගත්ත දවසට උබට උබේ ගමන හරිම ලේසියෙන් යන්න පුලුවන් වෙනවා...
එච්චරයි...🫡
🧸🤍✍🏼
-ශානා-