දස්නි පියසිරිගෙ පොටෝ පෙට්ටිය Photo Box by Dasni Piyasiri

  • Home
  • Sri Lanka
  • Galle
  • දස්නි පියසිරිගෙ පොටෝ පෙට්ටිය Photo Box by Dasni Piyasiri

දස්නි පියසිරිගෙ පොටෝ පෙට්ටිය Photo Box by Dasni Piyasiri මගේ කැමරා ඇසින් ලංකාවෙ ලස්සන බලන්න

අලුත්ගම කන්දේ විහාරයේ චිත්‍ර සහ පිලිම සම්ප්‍රදාය ==========================මෙහි ඇති චිත්‍ර ප්‍රධාන වශයෙන් මහනුවර යුගයේ අ...
17/08/2026

අලුත්ගම කන්දේ විහාරයේ චිත්‍ර සහ පිලිම සම්ප්‍රදාය
==========================

මෙහි ඇති චිත්‍ර ප්‍රධාන වශයෙන් මහනුවර යුගයේ අවසාන භාගයේ චිත්‍ර සම්ප්‍රදාය සහ 20 වන සියවසේ මුල් භාගයේ දක්ෂිණ ලංකාවේ චිත්‍ර කලා ශෛලිය නිරූපණය කරයි.

පැරණි විහාරගෙය තුළ ඇති චිත්‍ර මහනුවර යුගයේ දක්ෂිණ ලංකාවේ පැවති චිත්‍ර සම්ප්‍රදායට (Low Country Style) අයත් වන අතර, 20 වන සියවසේ ආරම්භයේදී එම්. සාලිස් සහ අල්විස් වැනි දක්ෂිණ ලංකාවේ ප්‍රකට චිත්‍ර ශිල්පීන් අතින් ප්‍රතිසංස්කරණයට හා නව චිත්‍ර ඇඳීමට ලක් වි තිබේ.

පැරණි චිත්‍ර සඳහා මැටි, ගොම, දහයියා සහ කහඹිලියා යුෂ මුසු කර සකස් කළ කපරාදුව මත 'ටෙම්පරා' (Tempera) තාක්ෂණය භාවිත කර ඇත. පසුව සිදු කළ සංස්කරණවලදී තෙල් සායම් (Oil Paints) සහ එනමල් සායම් භාවිත කර ඇති බව පෙනේ.

මහනුවර යුගයේ සාම්ප්‍රදායික ශෛලියට අනුව රතු, කහ, සුදු සහ කළු (මැදින් දාර ඉස්මතු කිරීමට) වර්ණ ප්‍රමුඛව භාවිතා කර ඇති අතර දක්ෂිණ ලංකාවේ චිත්‍ර ශෛලියේ බලපෑම නිසා නිල්, කොළ සහ රෝස වර්ණය ද පසුකාලීනව චිත්‍ර වලට භාවිතා වී ඇත.

චිත්‍ර පැතලි ස්වභාවයක් සහිතවන අතර 20 වන සියවසේ චිත්‍රවල යුරෝපීය ආභාෂය හේතුවෙන් ත්‍රිමාන ස්වභාවයක් චිත්‍ර වලට එක්ව් ඇත.

මෙලෙස චිත්‍ර වලට නගා ඇත්තේ බුද්ධ චරිතයේ ප්‍රධාන අවස්ථා (අභිනිෂ්ක්‍රමණය, මාර පරාජය, පරිනිර්වාණය), අටවිසි බුද්ධ වන්දනාව, දහඅටමහ ස්ථාන, වෙස්සන්තර හා තෙලපත්ත ජාතක වැනි ප්‍රකට ජාතක කථාය.

අලුත්ගම කන්දේ විහාරයේ ඇති පිළිම සහ මූර්ති එකතුවද දීර්ඝ ඓතිහාසික විකාශනයක් සහ එකිනෙකට වෙනස් යුගයන් දෙකකට අයත් ශිල්පීය ලක්ෂණ පෙන්නුම් කරයි.

1734 දී කරපාගල දේවමිත්ත හිමියන් විසින් විහාරය ආරම්භ කළ වකවානුවේ සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ නිර්මාණය වූ පැරණි ප්‍රතිමා ගෘහය තුල හිඳි, හිටි සහ සැතපෙන ඉරියව්වලින් යුතු සාම්ප්‍රදායික මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා පිහිටුවා ඇති අතර මේවා දක්ෂිණ ලංකා ශෛලීකෘත මූර්ති කලාවට (Stylized Art) හොඳම නිදසුනක් ලෙස සැලකේ.

බුදුපිළිමවලට අමතරව අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ මූර්ති මෙන්ම, විහාරගෙයට අනුබද්ධ දේවාල කොටසේ විශාල විෂ්ණු, නාථ, ඊශ්වර , සමන් සහ අනංග යන දෙවිවරුන්ගේ පිළිම ද දැකගත හැකිය. විශේෂයෙන් හිඳි ඉරියව්වෙන් යුතු විෂ්ණු දේව ප්‍රතිමාව දුර්ලභ ගණයේ නිර්මාණයකි.

අලුත්ගම කන්දේ විහාරයේ බිත්ති අතර සැඟවුණු දක්ෂිණ ලංකා චිත්‍ර කලාවේ ශාස්ත්‍රීය රහස් මහනුවර යුගයේ සිට යුරෝපීය ආභාෂය දක්වා පැතිරෙන හෙයින් කන්දේ විහාරයට යද්දී මේවා ද අධ්‍යයනය කිරීමෙන් මනා දැනුමක් එක් කර ගත හැකිය.


​ ​

කන්දෙ විහාරය අලුත්ගම ××××××××××××××××××××දකුණු ලක කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම, බෙන්තොට ආසන්නයේ පිහිටි අලුත්ගමකන්ද රජමහා...
16/08/2026

කන්දෙ විහාරය අලුත්ගම
××××××××××××××××××××

දකුණු ලක කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම, බෙන්තොට ආසන්නයේ පිහිටි අලුත්ගමකන්ද රජමහා විහාරය (කන්ද විහාරය) යනු ගෞතම ශ්‍රීපාදස්ථානයේ මලුවේ සිට පැහැදිලි කාලගුණයක් සහිත දිනකදී දැකගත හැකි දැවැන්ත රන් පැහැති බුදු පිළිමයක් නිමවා ඇති එතිහාසික වටිනාකම් රැසක් පවතින පූජනීය විහාරස්ථානයකි.

​මෙහි තිබෙන වර්ෂ 2007 වසරේදී නිරාවරණය කරන ලද, අඩි 160ක් උසැති භූමි ස්පර්ශ මුද්‍රාවෙන්.වැඩසිටින දැවැන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ ලොව උසම වැඩසිටින පිලිමය සේ සැලකේ.

එමෙන්ම විහාර භූමියේ වැඩසිටින රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේ සියවස් ගණනාවක් පැරණි පූජනීය වස්තුවකි.

විහාරයේ පැරණි විහාරගෙය තුළ මහනුවර යුගයට අයත් මනරම් බිතුසිතුවම්, කැටයම් සහ බුද්ධ ප්‍රතිමා රැසක් දැකගත හැකිය.

වර්ෂ 1734 දී කරපතගල ජෝතියෝති හිමියන් විසින් මෙම පූජනීය භූමිය ප්‍රථමයෙන්ම පූජා නගරයක් ලෙස ආරම්භ කරන ලද බවත්, පසුව අලුත්ගම දේව රක්ෂිත මහා තෙරණුවන්ගේ මූලිකත්වයෙන් හා මහනුවර යුගයේ රජකම් කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අනුග්‍රහය ඇතිව විහාරස්ථානයක් ලෙස සංවර්ධනය වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

විහාර ගෙය සහ එහි සිතුවම් පසුවට...

​ ​
​ ​

බෝධිය වදින්න ගියෙමු​
16/08/2026

බෝධිය වදින්න ගියෙමු

09/08/2026

සමනල අඩවියේ වතුරෙන් පිරී ඉතිරෙන කැනියොන්..

special thanks to :Rohan Rohana Nishantha මහතා..

05/08/2026
2011 දී මෙහෙම තිබුනෙ කොතන ස්ටේෂන් එකද කියන්න පුලුවන් කාටද?🤭🚉 fans
02/08/2026

2011 දී මෙහෙම තිබුනෙ කොතන ස්ටේෂන් එකද කියන්න පුලුවන් කාටද?🤭🚉

fans

එයාලත් අපි වගේම තමා
29/07/2026

එයාලත් අපි වගේම තමා

දික්ඇල්ලකන්දෙන් සිරිපා කරුණාව 20262026.05.07/08
27/07/2026

දික්ඇල්ලකන්දෙන් සිරිපා කරුණාව 2026

2026.05.07/08

සිරීපාදෙදී දුටු කටුනායකින් ගුවන්ගත වුනු ප්ලේන් එක========ආං පේනව...😃අපෝ ඒ..පේනවයැ...නෑ පේන්නෑ....🙄නෑ නෑ ටිකකින් ක්ලියර් ...
24/07/2026

සිරීපාදෙදී දුටු කටුනායකින් ගුවන්ගත වුනු ප්ලේන් එක
========

ආං පේනව...😃
අපෝ ඒ..පේනවයැ...නෑ පේන්නෑ....🙄
නෑ නෑ ටිකකින් ක්ලියර් වෙයි🤩
මං නං හිතන්නෑ ....😒
...🥺.....🧐🤔( මා කල්පනා කරයි)

උඩට යද්දී මේ පේන ටිකත් නැති වෙයිද දන්නෑනෙ..කෝකටත් මේ පේන ටිකේ පොටෝ දෙකක් ගහගමු...අනික ඇහැල කණුවෙ ඉදල පේන්න ගන්නෙ වෙනම ඈන්ගල් එකක්නේ..මෙතන ඉදන් ගහමු. මෙතන හොදයි...

මෙතන?? මෙතන පාරනෙ. ඔය කැමරා අටවගත්තම මිනිස්සුන්ට යන්න ඉඩ මදි. ඉඩ තියෙන තැනකට යං...

බෑ ඔය උඩ වංගුවෙන් හැරුනම අර පැත්ත පේන්නෙ නැතුව යනවා..ඒ නිසා සෙනග එන වෙලාවට මං අකුල ගන්නං..මෙතන ඉදන් පොටෞ දෙකක් ටක් ගාල ගහ ගන්නං...

අනේ මන්දා. ඔය පොටෝ දෙකක් කිව්වට ඉතින් පැය දෙකක් විතර ඉඳී ඔය පොටෝ දෙක ගන්න..🤭 ...
පැයයි..🤭
පැය එකයි වි 30..🥲

ඒ අතරේ..
අර එලිය මොකද්ද.. මේ එලිය මොකද්ද...අර කහ පාට එලිය මොකද්ද...අර පටියක් වගේ පේන එලිය මොකද්ද..අතන කන්ද පිටිපස්සෙ එලිය මොකද්ද..

එක පාරටම...

අර උඩ යන්නෙ මොකද්ද..අන්න ප්ලේන් එකක් නග්ගනවා...(හුරේ දමයි) වීඩියෝ එකක් දාගන්න //.. ඉක්මනට.. !! කෝ හරිද..හරියට වීඩියෝ උනාද. අය්යෝ නැද්ද...😤 ඒ කටුනායකින් උඩ ගියේ කොහේ යන එකක්ද...ආ ඒ මෙල්බන් යන එකද?? කොහොමද හරියටම දැනගත්තේ.. ?? 😬😤😤

( පින්තූර දෙකක් ගහගන්න එතන පැය දෙකක් ඉන්න උනේ, මම නිසාම නෙවේ කියලයි මම මේ කියන්නෙ!!)

එතන කියන්නෙ, සිරීපාදේ මෑල්ලමළකඳුරට ටිකක් උඩින් තැනක..රෑ 12යි දෙකයි අතරේ...පූදූම සනීප හුලඟක් එක්ක😅 කියල වැඩක් නෑ...😂
...

කෝ දෙකයි කියල පටන් ගත්තට , මං පින්තූර ගන්නව ගන්නව ඉවරයක් නෑනෙ..බැරිම තැන ඔය පේනවනෙ,ඕන තරම් ගහලා ඇති වෙලා එනකල් උඩ පඩියක වාඩි වෙලා වටේම බල බලා ඉන්න හැටි. මරු සහායිකාව හැබැයි..

2026.05.08

ප.ලි. සිඩ්නි ලෙස සටහන් වී ඇත්තේ වැරදීමකිනි. එය මෙල්බන් විය යුතුය

During the evening walk
15/07/2026

During the evening walk

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when දස්නි පියසිරිගෙ පොටෝ පෙට්ටිය Photo Box by Dasni Piyasiri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category