17/09/2026
මාර්කෝ ග්රෝසි (Marco Grossi) කියන්නේ අපේ ජීවිතේ සෑහෙන්න ලේසි කරපු වෙබ් අඩවියක් අහම්බෙන් වගේ නිර්මාණය කරපු කෙනෙක්.
2010 අවුරුද්දේදී එයාට PDF ෆයිල් එකක් එක්ක වැඩ කරන්න ලේසි ක්රමයක් අවශ්ය වුණා.
ඉතින් එයා තමන්ගේම කියලා පොඩි ටූල් එකක් හදාගත්තා.
අන්න ඒ පුද්ගලික නිර්මාණය තමයි පස්සේ කාලෙක "iLovePDF" බවට පත්වුණේ.
අද වෙනකොට ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව PDF ෆයිල් එකතු කරන්න, වෙන් කරන්න, සයිස් එක අඩු කරන්න සහ වෙනත් ෆෝමැට් වලට වෙනස් කරන්න මේ වෙබ් අඩවිය පාවිච්චි කරනවා.
හැබැයි මේ තරම් ජනප්රිය වුණත්, මාර්කෝ මේ ආයතනය වෙනත් කාටවත් යටත් නැති ස්වාධීන තැනක් විදිහටම තියාගන්න තීරණය කළා.
එයා කියන විදිහට මේකට පිටස්තර ආයෝජකයෝ කවුරුත් නැහැ, වගේම මේක විකුණන්න එයාගේ කිසිම අදහසකුත් නැහැ.
මේ වෙබ් සයිට් එක සල්ලි වලට ගන්න එන එක එක ප්රපෝසල් දිහා එයා බලන්නේවත් නැහැ.
iLovePDF එකේ සල්ලි දීලා ගන්න පුළුවන් Premium පහසුකම් තිබුණත්, ගොඩක් අයට වැදගත් වෙන ප්රධාන ටූල්ස් තාමත් සෙතේකටම නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්.
එක්කෙනෙක් තමන්ගේ ප්රශ්නයක් විසඳගන්න හදපු පුංචි දෙයක්, අද මුළු ලෝකෙම පාවිච්චි කරන ලොකුම සේවාවක් වෙලා.
ගොඩක් වෙලාවට හොඳම ව්යාපාර පටන් ගන්නේ "ඇයි මේක කරන්න මීට වඩා ලේසි ක්රමයක් නැත්තේ?" කියලා හිතන එක පුංචි ප්රශ්නයෙන්. ❤️