20/08/2020
The True Love
අපි මුලින්ම අහන සන්ගීතය අම්මගෙ හදවතේ සද්දෙ. මුලින්ම දැනෙන සන්වේදනය අම්මගෙ උනුසුම. මුලින්ම බහ තෝරලා කියන වචනෙ ❤️ අම්මා . මේ හැම දේකදිම ❤️ තාත්තා දෙවැනි නෑ අම්මයි තාත්තයි කියන්නෙ අපෙ මුල්ම ගුරුවරුන්. අපෙ හැම දේකදිම ලග ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. අපි කරන හැමදේටම හදවතින්ම ආශිර්වාද කරන්නෙ ඒ දෙන්න විතරයි. පොඩි කාලේ තාත්තා තමයි අපෙ වීරයා එත් පහුවෙන්න පහුවෙන්න ඒක වෙනස් වෙනවා. ඉස්සර අම්ම උයන කෑම එක තමයි රසම ඒත් ඒකත් පස්සෙ පස්සෙ රස නැති වෙනව. ඇදුමක් ගන්න ගියත් හරියටම size එක දන්නෙ අම්ම.
කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන්නෙ ඉක්මනින්. දෙමව්පියෝ ලමයිනව අවුරුදු 18, 19 වෙනකන් උස් මහත් කරන්න ගොඩක් දුක් විදින්ව නොහිදින දුක් විදල උස් මහත් කරහම උන්ට වෙන වෙන එවුන්ව ලොකු වෙන්ව. එත්කොට අර අම්මයි තත්තයි උන්ට අමතකයි කොහෙව්ත් යන එවුන්ව ලොකු වෙන්ව. අම්මල තාත්තාල එපා කියදිදි ඒව කරන්ව. උන් හිතන් ඉන්නෙ උන් ලොකුයි කියල. ඒත් උන්ට අමතකයි උන් තාම කන්නෙ බොන්නෙ තාත්තා හම්බකරන සල්ලි වලින් කියල. ටික කලක් යනකොට වැරදි තේරෙන්ව ඒ හැමදෙකදිමත් ලගින් ඉන්නෙ දෙමව්පියෝ විතරයි.
කවුරු ජිවිතේට ආවත් අම්මටයි තාත්තාටයි මුල් තැන දෙන්න. ඒ මිනිස්සු දුක් විදින්නෙ ඒ ගොල්ලොන්ට සැප විදින්න නෙමේ දරුවන්ව සතුටින් තියන්න. මොන දේ කරන්නත් කලින් එ ගොල්ලොන්ව සතුටින් තියන්න. නැත්තන් ඒක ලොකු පාපයක්
අම්මල තාත්තාලගෙ අදරේට හොදම උදහරනයක් මෙන්න,
මාව ලගදි සතෙක් කෑව කරුවලේ නිසා මොකෙක්ද කියන්න දැක්කෙ නෑ මන් තාත්තේ කියල කෑ ගැහුව තාත්තා දුවගෙන එතනට ආව. මන් කෑ ගගහ අඩනව විස නිසා. මට වඩා අම්ම අඩන්ව. තාත්තා ටග්ගල van එක අරගෙන අය්යා මාවත් නග්ගගෙන ඉක්මන්ට වේගෙන් ගියා ඒ හරියෙ හිටපු සිංහල වෙද කෙනෙක් ගාවට. ඒ යන ගමනුත් මන් හොදටම කෑ ගහන්ව එත්කොට තාත්තා කියන්ව චුට්ටක් ඉවසන් ඉන්න කියල. අම්මත් බදාගෙන ඉන්න්ව. එපාර බෙහෙත් දාගෙන ආව .කරපින්ච කැද බොන්න කියල කිව්ව විස නැති වෙන්න ඒඅ බොන්න කිව්වෙ ලුනු නොදා ඒක කටේ තියන්න බෑ ලුනු නැති නිසා ඒත් බලෙන්ම පෙව්ව.
අපිට මොන දේ උනත් අපි වෙනුවෙන් අඩන්න දුක් වෙන්න ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. ඒ නිසා එ ගොල්ලොන්ටයිපන වගේ සලකන්න ඕන මුල් තැන එයාලටයි දෙන්න ඕන. හැමදෙනාම දෙමව්පියන්ට හරියට සලකනවනම් අද මහලු නිවාස ලංකවෙ නෑ.
The end...
H.K.Dilshan
The Two Zero
page :- https://www.facebook.com/pg/H.A.kasun.dilshan/posts/
Youtube channel :- https://www.youtube.com/channel/UCaKf58u8DtmKK-GrBVK6RyA