Photographic Society - Rangiri Dambulu College

Photographic  Society - Rangiri Dambulu College The Official page Of Rangiri Dambulu Photographic Society

2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට මුහුණ දෙන රංගිරි දඹුලු විද්‍යාලයේ අපේ ආදරණීය දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 💐✨වසර ගණනාවක...
10/08/2026

2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට මුහුණ දෙන රංගිරි දඹුලු විද්‍යාලයේ අපේ ආදරණීය දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 💐✨

වසර ගණනාවක් පුරා අප විද්‍යාලයේ සෙවණේ හැදී වැඩෙමින්, ඔබ ලද දැනුම සහ අධ්‍යාපනය වෙනුවෙන් කළ අප්‍රමාණ කැපවීම මල්ඵල ගැන්වෙන අවස්ථාව දැන් උදා වී ඇත.

කිසිදු බියකින් හෝ සැකයකින් තොරව, ඉහළම ආත්ම විශ්වාසයෙන් සහ නිරවුල් මනසින් යුතුව මෙම කඩඉමට සාර්ථකව මුහුණ දීමට ඔබට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවා යැයි විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 📚✍️

විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් ඔබේත්, ඔබට අකුරු කළ ගුරු පරපුරේත්, ආදරණීය මවුපියන්ගේත් සිහින සැබෑ කරමින් රංගිරි දඹුලු මාතාවගේ අභිමානය දේශයටම රැගෙන යන්නට ඔබට හැකි වේවා! 🎓🏆

අපේ දූ දරුවන් සියලු දෙනාටම ජය වේවා! තෙරුවන් සරණයි! 🙏

මීට,
විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය,
රංගිරි දඹුලු විද්‍යාලය.

#රංගිරිදඹුලුවිද්‍යාලය

🎓 නවක සිසු දූ පුතුන් පිළිගැනීමේ උත්සවය - රංගිරි දඹුලු විද්‍යාලය 🎓2025 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මතින්, අප පාසලේ 2028 අ.පො.ස....
26/07/2026

🎓 නවක සිසු දූ පුතුන් පිළිගැනීමේ උත්සවය - රංගිරි දඹුලු විද්‍යාලය 🎓

2025 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මතින්, අප පාසලේ 2028 අ.පො.ස. උසස් පෙළ (තාක්ෂණ, විද්‍යා, වාණිජ්‍ය හා කලා) විෂය ධාරාවන් සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබූ සිසු දූ පුතුන් පාසල වෙත නිල වශයෙන් ඇතුළත් කර ගැනීමේ උත්සවය සහ නව පන්ති ආරම්භය පසුගිය ජූලි 13 වන දින විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත්විණි. ✨

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් සැලසුම් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිසංසලා විජේරත්න මැතිණිය සහභාගී වූ අතර, විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ නවක සිසු දූ පුතුන්ගේ ආදරණීය දෙමාපියන් ද මීට එක්විය. 💐

එමෙන්ම, ඉහත විෂය ධාරාවන් හදාරා අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගත් අප පාසලේ දූ පුතුන් සිය සාර්ථකත්වයේ අත්දැකීම් නවක සිසුන් සමග බෙදාගැනීම මෙහිදී කැපී පෙනෙන අංගයක් විය. 🌟

රංගිරි දඹුලු විද්‍යාලයේ 2028 උසස් පෙළ සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය හැදෑරීමට එක්වූ සියලුම දූ පුතුන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි අපි හදවතින්ම සුභාශිංසන එක් කරන්නෙමු! ❤️📚

🎓 Welcome Ceremony for New Students - Rangiri Dambulu College 🎓

On July 13th, we successfully held the official enrollment ceremony and the commencement of new classes for students who qualified to study in the 2028 A/L subject streams: Technology, Science, Commerce, and Arts, as well as for the 13 Years of Continuous Education Programme. This event took place in the school auditorium. ✨

The Chief Guest for this special occasion was Mrs. Nisansala Wijerathne, the Provincial Planning Director of Education at the Provincial Department of Education. The Honorable Principal, academic staff, and proud parents of the new students also attended the event. 💐

A highlight of the day was the inspiring speeches from our outstanding past students, who shared their success stories and experiences in these very subject streams. 🌟

We extend our heartfelt best wishes to all students joining Rangiri Dambulu College for their 2028 Advanced Level studies and the 13 Years of Continuous Education Programme. May your future be filled with great success! ❤️📚

19/07/2026
රංගිරි දඹුලු විද්‍යාලීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ හා දිවුරුම් දීමේ උත්සවය - 2026අනාගත සමාජයේ නායකයින් වීමට අවශ්‍ය ව...
08/07/2026

රංගිරි දඹුලු විද්‍යාලීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ හා දිවුරුම් දීමේ උත්සවය - 2026

අනාගත සමාජයේ නායකයින් වීමට අවශ්‍ය වන්නා වූ නායකත්ව ගුණාංග පාසල් පරිසරය තුළින්ම සිසු දූ පුතුන්ට පුහුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ සහ දිවුරුම් දීමේ මහෝත්සවය 2026 ජූනි මස 26 වන දින රංගිරි දඹුලු විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි.

මෙම සුවිශේෂී උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.එස්. රංජිත් සිරිවර්ධන මහතා සහභාගි වූ අතර, විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහකාර පොලිස් අධිකාරී ඩබ්.ජී.එම්.එම්. චන්ද්‍රසිරි මහතා සහභාගි විය. මීට අමතරව, සෙසු ආරාධිත අමුත්තන් ලෙස දඹුල්ල පොලිස් ස්ථානය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා ඇතුළු අවට පාසල්වල ගරු විදුහල්පතිතුමන්ලා රැසක් ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම උත්සවය සඳහා එදින නිල ලාංඡන පැළඳි සහ දිවුරුම් දුන් සියලුම ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ආදරණීය දෙමාපියන් ද සහභාගි වූහ.

නිල ලාංඡනයෙන් පිදුම් ලැබූ නව ශිෂ්‍ය නායක මණ්ඩලයට විද්‍යාලයේ මෙන්ම රටේ ද අභිවෘද්ධිය උදෙසා කැපවීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි හදවතින්ම සුබ පැතුම් එක් කරමු.

**Rangiri Dambulu College Prefect Investiture and Oath-Taking Ceremony - 2026**

The Prefect Investiture and Oath-Taking Ceremony, which aims to nurture essential leadership qualities within the school environment, was held proudly on June 26, 2026, at the Rangiri Dambulu College Auditorium. This event prepares students to become the future leaders of society.

The ceremony was honored by the presence of the Chief Guest, Mr. A.S. Ranjith Siriwardhana, the Zonal Director of Education for Galewela. The Special Guest, Mr. W.G.M.M. Chandrasiri, Assistant Superintendent of Police, also attended. Additionally, the Chief Inspector of the Dambulla Police Station( OIC ), Mr. Sugath Wijesundara, along with several principals from nearby schools, were present as honored guests.

Under the guidance and mentorship of the respected Principal and the academic staff, the ceremony was warmly attended by the proud parents of all the student leaders who received their official insignia and took their solemn oaths on this day.

We extend our heartfelt congratulations to the newly appointed prefect board, wishing them strength and courage as they dedicate themselves to the betterment and progress of both the college and the nation.





02/07/2026

වාර්ෂික පොසොන් කොමඩු දන්සල - 2026.06.30

🎉 ප්‍රථම වරට පැවැත්වූ රංගිරි දඹුලු සමස්ත ලංකා අන්තර් සමාජ හොකී තරගාවලිය 🏑🔥රංගිරි දඹුලු හොකී සංගමය මගින් ප්‍රථම වරට සංවිධ...
02/07/2026

🎉 ප්‍රථම වරට පැවැත්වූ රංගිරි දඹුලු සමස්ත ලංකා අන්තර් සමාජ හොකී තරගාවලිය 🏑🔥

රංගිරි දඹුලු හොකී සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කළ "සමස්ත ලංකා අන්තර් සමාජ හොකී තරගාවලිය 2026", පසුගිය ජූනි මස 20 වැනිදා රංගිරි දඹුලු පාසල් ක්‍රීඩාංගණයේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.

දිවයින පුරා විසිරී සිටින ප්‍රබල හොකී ක්‍රීඩා සමාජ සහ ත්‍රිවිධ හමුදා කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය වර්ණවත් වූ අතර, තරගාවලිය පුරාවටම තියුණු තරගකාරීත්වයක් දැකගත හැකි විය. 🌟

ජයග්‍රහණය කළ සියලුම කණ්ඩායම් වලට අපගේ උණුසුම් සුබපැතුම්! 🏆

ජයග්‍රාහී සටහන පහතින්:

👩 කාන්තා අංශය (Girls):

🏆 Cup Champion: Navy
🥈 Cup Runner-up: Sky Hawks
🏅 Plate Champion: CCHC Club
🥈 Plate Runner-up: Rangiri A Team
🎖️ Bowl Champion: Rangiri B Team

👨 පිරිමි අංශය (Boys):

🏆 Cup Champion: Sky Hawks
🥈 Cup Runner-up: Police White
🏅 Plate Champion: Navy
🥈 Plate Runner-up: Sea Guardian
🎖️ Bowl Champion: Police Blue Team
🥈 Bowl Runner-up: Hindu Team

මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට සහය දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, විනිසුරුවරුන්, ප්‍රේක්ෂකයින් සහ අනුග්‍රාහක භවතුන් ඇතුළු සියලු දෙනාටම අපගේ ස්තුතිය! 🙏

🎉 The Inaugural Rangiri Dambulu All-Island Inter-Club Hockey Tournament! 🏑🔥

The first-ever "All-Island Inter-Club Hockey Tournament 2026," organized by the Rangiri Dambulu Hockey Association, concluded on June 20th at the Rangiri Dambulla School Grounds with great success.

The tournament featured intense competition and excitement, showcasing top-tier hockey clubs from across the island, including teams representing the tri-forces. 🌟

Congratulations to all the winning teams! 🏆

🏆 Winners' Circle:

👩 **Women's Division:**
- **Cup Champion:** Navy
- **Cup Runner-up:** Sky Hawks
- **Plate Champion:** CCHC Club
- **Plate Runner-up:** Rangiri A Team
- **Bowl Champion:** Rangiri B Team

👨 **Men's Division:**
- **Cup Champion:** Sky Hawks
- **Cup Runner-up:** Police White
- **Plate Champion:** Navy
- **Plate Runner-up:** Sea Guardian
- **Bowl Champion:** Police Blue Team
- **Bowl Runner-up:** Hindu Team

Our heartfelt gratitude goes out to all the players, referees, spectators, and sponsors who contributed to making this tournament a resounding success! 🙏

29/06/2026

Prefects Investiture 2026

🌸 රංගිරි දඹුලු විද්‍යාලීය වාර්ෂික පිරිත් දේශනාව - 2026 🌸රංගිරි දඹුලු විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයටත්, සිසු දරුවන් ඇතුළු පාසල...
05/06/2026

🌸 රංගිරි දඹුලු විද්‍යාලීය වාර්ෂික පිරිත් දේශනාව - 2026 🌸

රංගිරි දඹුලු විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයටත්, සිසු දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවටත්, සමස්ත රටවැසියන්ටත් සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිරිත් දේශනාමය පින්කම 2026 මැයි මස 27 වන දින විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වා අවසන් කෙරිණි.
ආචාර්ය මණ්ඩලය, සිසු දරුදැරියන්, දෙමාපියන් සහ ආදි සිසුන්ගේ සහභාගීත්වයෙන් තුන්යම පුරා පැවති මෙම උතුම් පිරිත් දේශනාව අවසන් වූයේ පසුදා උදෑසන පවත්වනු ලැබූ සංඝගත දක්ෂිණාවෙනි.

මෙම පින්කම සාර්ථක කර ගැනීම පිණිස වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නය වෙත අපගේ නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව පිරිනමන අතර, ආචාර්ය මණ්ඩලය, සිසු දරුදැරියන්, දෙමාපියන් සහ ආදි සිසුන් ඇතුළු මේ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ සැමටත් අපගේ පුණ්‍යානුමෝදනාපූර්වක ස්තූතිය පළ කර සිටිමු! 🙏✨

🌸 Annual Pirith Chanting Ceremony of Rangiri Dambulu College - 2026 🌸

The annual Pirith chanting ceremony, held to invoke blessings upon the academic staff, students, the entire school community, and all citizens of the country, successfully took place on May 27, 2026, at the school auditorium.

With participation from the academic staff, students, parents, and alumni, this noble all-night Pirith chanting ceremony concluded with an almsgiving (Sanghagatha Dakshinawa) the following morning.

We extend our respectful homage and share the merit (Punyanumodana) with the venerable Maha Sangha who graced the occasion, contributing to the success of this meritorious event. We also express our heartfelt gratitude and share the merit with everyone who supported this endeavor in various ways, including the academic staff, students, parents, and alumni! 🙏✨

#2026

🌸 සම්බුදු තෙමඟුල වෙනුවෙන් රංගිරි දඹුලු විද්‍යාලයේ සිසු දරුවන්ගෙන් උතුම් ප්‍රතිපත්ති පූජාවක්! 🌸උතුම් වෙසක් පසළොස්වක පොහොය...
02/06/2026

🌸 සම්බුදු තෙමඟුල වෙනුවෙන් රංගිරි දඹුලු විද්‍යාලයේ සිසු දරුවන්ගෙන් උතුම් ප්‍රතිපත්ති පූජාවක්! 🌸

උතුම් වෙසක් පසළොස්වක පොහොය නිමිත්තෙන් රංගිරි දඹුලු විද්‍යාලයේ සියලුම ශ්‍රේණිවල ඉගෙනුම ලබන අපේ සිසු දූ පුතුන්, පසුගිය 2026 මැයි 27 වන දින ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සිල් සමාදන් වීමේ වැඩසටහනට එක් විය. ☸️✨

සම්බුදු තෙමඟුල සිහිපත් කරමින්, අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් උපහාර දැක්වීමක් ලෙස මෙම උතුම් සීලමය වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. 🙏

මෙම පිංකම සාර්ථක කර ගැනීම සඳහා අපගේ ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට සහ මෙහෙණින් වහන්සේලාට අපගේ පුණ්‍යානුමෝදනාපූර්වක කෘතවේදී ස්තූතිය මෙසේ පළ කර සිටිමු. සසුන් ලැදි, ගුණගරුක යහපත් පරපුරක් දැයට දායාද කිරීමට පාසලක් ලෙස අප ගන්නා උත්සාහයට ඔබ වහන්සේලාගේ ආශිර්වාදය මහත් පිටිවහලකි. 🏫💛

🌸 A Noble 'Prathipaththi Pooja' by the Students of Rangiri Dambulu College for the Blessed Vesak Full Moon Poya Day! 🌸

In commemoration of the noble Vesak Full Moon Poya Day, our devoted students from all grades at Rangiri Dambulu College participated in a Sil observance program on May 27, 2026. ☸️✨

In honor of the Thrice Blessed Day of the Buddha, this meaningful Sil program was conducted as a tribute of 'Prathipaththi Pooja' (the offering of practice and virtue) to the Supreme Gautama Buddha. 🙏

We extend our deepest gratitude to the venerable Maha Sangha (monks) and the esteemed nuns who accepted our invitation and graced the occasion, contributing to the success of this meritorious event. Your blessings are a tremendous source of strength as we strive to nurture a devout, virtuous, and righteous generation for our nation. 🏫💛

Address

Dambulla
21100

Alerts

Be the first to know and let us send you an email when Photographic Society - Rangiri Dambulu College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category