SL Bonds

SL Bonds ශ්�රී ලාංකීය හදවත් එකට යා කෙරෙන අපේ බැඳීම ��

  📸
03/09/2021

📸

Pringles😍
03/09/2021

Pringles😍

 ♥️
02/09/2021

♥️

උපුටාගැනීම : සුරතල් පූසන් ඇති කිරිමේ සංගමය - මහමගින් රැකවරණයට සමූහයේ Sansala Malshani ගෙන්...♥️ වෛරස් එක හැදුන පූ බබාලා ...
01/09/2021

උපුටාගැනීම : සුරතල් පූසන් ඇති කිරිමේ සංගමය - මහමගින් රැකවරණයට සමූහයේ Sansala Malshani ගෙන්...♥️

වෛරස් එක හැදුන පූ බබාලා බේරගන්න ගෙදරදි කරන්න ඕන දේවල්..

චුට්ටාගෙ මරණයත්, සුද්දගෙ සුව වීමත් එක්ක මං දැනගත්ත දේවල් ටිකක් ඔයාලට කියන්න හිතුනා..

◾ මේ වෛරස් එකෙන් දුර්වල වෙන්නෙ හොඳට ඉඳලා, හිටපු ගමන්මයි.. ගැබිණි පූස් අයත්, මාස 8ට අඩු පූස් බබාලත් ලොකු අවධානමකට ලක් වෙනවා.. දිගටම නිදා ගැනීම, කෑම ප්‍රතික්ෂේප කිරීම තමයි මුලින්ම වෙන්නෙ.. ඊළඟට වමනෙ පටන් ගන්නවා.. නළල බිම ගහන් ඉන්න පටන් ගන්නවා.. මුල් රෝග ලක්ෂණ පේනකොටම බල බල ඉන්නෙ නැතුව හැකි ඉක්මනින් පශු වෛද්‍ය ළඟට යා යුතුම යි.. වෙට් කවුරු වුණත් කමක් නෑ, මුල් වර සේලයින් පටන් ගන්න.. ප්‍රමාද වෙන්න එපා..
ඊට පස්සෙ, යන්න ඕන කෙයි වෙට් ළඟට ද කියලා තීරණය කරන්න...

◾ සීතල/තෙත/අඳුරු තැන්වල නිදාගන්න යනවා, බඩ එළිය යනවා, සමහර අයට මළපහ එක්ක ලේ පිටවෙනවා, උණ ගන්නවා, වමනෙ යනවා, මේ වගේ විවිධ ලක්ෂණ එනවා.. ඒවා එකේක අයට වෙනස්..

◾ මුල් දවස් 2 එයාට උදේ හවස සේලයින්,ඊට පස්සෙ දිනපතාම සේලයින් දෙන්න වෙනවා.. එයා කැමැත්තෙන් කෑම කන්න පටන් ගන්නකන් අපි එයාව ජීවත් කරවන්න ඕන.. දවස් 5ක් 6ක් 7ක් 8ක් වෙන්න පුළුවන්..

◾ මේ ලෙඩේදි එයාට කන්නත් බැරි නිසා බ්ලඩ් කවුන්ට් එක අඩු වෙනවා.. අධික විජලනයකටත් ලක් වෙනවා.. ඒ වගේම වමනෙ, බඩේ අමාරුව නිසා බලෙන් පොවන එකෙන් එයා වමනෙ දාලම තවත් දුර්වල වෙන්න පුළුවන්..

◾ පැය 24 පුරාම පැයකට වරක් විතරක් දියර වර්ග පොවන්න.. ගොඩක් එපා.. නිතර පොවන්නත් එපා.. පැයකට වරයි.. මිලි ලීටර් 1ක් 2ක් 3ක් වගේ පුංචි ප්‍රමාණයක්.. වමනෙ වගේම, බඩ පිරුණම එයාට හුස්ම ගන්න අපහසු වෙන නිසා ගොඩක් එපා.. එයා විජලනය වෙලා බ්ලඩ් කවුන්ට් අඩු වෙලා මොලේට ඔක්සිජන් සැපයුම අඩාල වෙන නිසා,මුකුත්ම පොවන්නෙ නැතුව තියන එක අවදානම්.. වමනෙ නැවතිලා නම් 4 ml වගේ පැයකට වරක්..
(මං එළිවෙනකනුත් හැම පැයකදීම එලාර්ම් තියලා නැගිටලා 2ml ගානෙ සුද්දට පෙව්වා)
ගෙදරදි අනිවාර්යයෙන්ම වෙන්න ඕන දේ තමයි මොනවහරි පොවන එක.. නැත්නම් බේරගන්න අපහසු වෙන්න පුළුවන්..

◾ දියර වර්ග ගැනත් කියන්නම්..
කිරි එපා. දිරවන්න අපහසුයි..
සාලයො මාළු සුප්, එළවළු සුප්, කැඳ, ජීවනී සහ ග්ලූකෝස් දාපු වතුර, චිකන් සුප්, පොවන්න..

◾ මාළු සුප්/චිකන් සුප් හදන විදියත් කියන්නම්කො. මාළු/චිකන් භාජනේකට දාලා වතුර කෝප්ප භාගයක් විතර දාලා තම්බන්න.. හොඳට පොඩි කරලා මාළු/ චිකන් සාරය අරගෙන,ඒක පෙරාගන්න..

◾ හුඟක් අය පොවන්නෙ සිරින්ජරේකින්නෙ.. ඒ කිව්වෙ, බෙහෙත් විදින කටුවලින්නෙ.. ඒකෙන් පොවද්දි පූස් බබාගෙ කට ගොඩක් අරින එක අපහසුයි කියලා මට හිතුනා.. මං පොවපු එක තමයි මේ photo එකේ තියෙන්නෙ…,.. Pharmacy එකෙන් රු.15 ට ගන්න පුළුවන්..

◾ තව... එයාව නිතර උණුහුම් කරලා තියන්න..

◾ ගෙදර තව සත්තු ඉන්නව නම්, ආසාදිත බබා ටොයිලට් දාන පස් පවා අනිත් අයගෙන් බේරගන්න ඕන.. ඒ වෛරස් පස් වළදාන්න.. ගෙදර ඩෙටොල්/සැනිටයිසර් දාලා නිතර පිරිසිදු කරන්න.. ආසාදිත බබා ඉන්න කාමරේට යද්දි වෙනම සෙරෙප්පු 2ක් පාවිච්චි කරන්න.. එයාගෙ රෙදි උණු වතුරෙ තම්බන්න.. ( යුද්ධයක් තමයි ඉතින්😑) මුතු කැටේවයි, ජිල්වයි, පිචීවයි බේරගත්තෙ එහෙම..

◾ පශු වෛද්‍යට, පූසගෙ නහරයක් හොයාගෙන කැනියුලා ගහලා ලේවලට බෙහෙත්/ සේලයින් දෙන්න කියන්න.. ඇඟේ කොහෙටහරි කටුව ගහලා දෙනවට වඩා සාර්ථකයි ඒක..

◾ මුදල් අපහසුතා එයි.. උපකාරයක්වත් ඉල්ලගන්න.. පශු වෛද්‍යට හරි කියන්න..
සේලයින් වාර මගහරින්න එපා..
ඒක හරිම බිහිසුණු මරණයක්..
__________________________________________

🙏 මැරෙන්න දෙන්න එපා.. එයාව බේරගන්න.. වදයක්, යුද්ධයක්, පීඩාවක් තමයි..

ඒත්.... එයාගෙ ජීවිතේ වටිනම කෙනා ඔයා..
ඉතින් ඔයාව තමන්ගෙ ජීවිතේ වටිනම කෙනා කරගත්ත එයාට, තව කාලයක් ජීවත් වෙන්න ජීවිතේ තෑගි දෙන්න..

මැරෙන්න අතහරින්න ලේසියි..
අනාථ සත්තු කෝටි ගානක් විඳවන මේ ලෝකෙ, ගෙදරක් තියෙන එයාට, ආයුෂ දෙන්න.. ❤️🙏

මං ඩොක්ටර් කෙනෙක් නෙවෙයි..
දුක සතුට කියාගන්න බැරි හැම සතෙක්ටම මං ආදරෙයි.. මේ ලිපිය ලිව්වෙ, හුඟක් අය ගෙදරදි කරන්න ඕන දේ ගැන දැනුවත් නැති නිසා.. වැරදි යමක් තිබ්බොත් සමාවන්න..

මේ විදියට අනුගමනය කරලා, මගෙ සුද්දව මං බේරගත්තා වගේ ඔයාගෙ බබාවත් බේරගන්න..
චුට්ටටත් මේ ටික හරියටම කරන්න මං හරියටම දැනන් හිටියෙ නෑ..

මේ ලිපියෙන් පුංචි දෙයක් හෝ අරන්, මාරාන්තික වෛරසයෙන් නැවත ආයු ලබන හැම බබෙක්ගෙම පින, මගෙ චුට්ටගෙ සසර ගමනට අනුමෝදන් වේවා!

- සංසලා -

 ❤️🤟
28/08/2021

❤️🤟

Address

Colpetty

Telephone

+94776132199

Website

Alerts

Be the first to know and let us send you an email when SL Bonds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Bonds:

Share