Thilina Kaluthotage Photography

Thilina Kaluthotage Photography Freelance Photojournalist Based in Colombo, Sri Lanka 🇱🇰 I'm Thilina Kaluthotage, a 28-year-old freelance photojournalist based in Colombo, Sri Lanka.

My journey into the realm of photojournalism began in 2022, driven by a passion for capturing the unfolding narratives of our world. Anchored in the heart of Colombo, I've found my voice through the lens, weaving stories that echo the complexities of our societal fabric. While my roots are firmly planted in Sri Lanka, my stories have resonated on the global stage, finding a place in numerous forei

gn media publications. My recent endeavors include an in-depth exploration of the "Economic Crisis in Sri Lanka," delving into the nuances that define the challenges faced by my homeland. Additionally, I've ventured into environmental storytelling, shedding light on the "Elephant Crisis in Sri Lanka." My commitment to covering news-worthy events has earned recognition in esteemed publications such as Forbes, The Guardian, CNN, The Times, DW, Daily Mail, Bloomberg, National Geographic, and BBC. Notably, my work on the elephant crisis reached international audiences, featuring in "The Telegraph" in the UK. Despite the global recognition, I remain rooted in Sri Lanka, where each photograph is a testament to the untold stories that deserve acknowledgment. The intricacies of societal shifts, political dynamics, and environmental challenges form the canvas on which I paint my visual narratives. As I navigate the landscape of photojournalism, my work serves as a dedication to the power of images in amplifying the voices that shape our shared human experience.

Digital Camera World වෙබ් අඩවිය අනුව 2026 වසරේ ලොව පුරා ඡායාරූප ශිල්පීන් ලබාගත් Perseid උල්කා වල හොඳම ඡායාරූප 10 අතරට මම...
16/08/2026

Digital Camera World වෙබ් අඩවිය අනුව 2026 වසරේ ලොව පුරා ඡායාරූප ශිල්පීන් ලබාගත් Perseid උල්කා වල හොඳම ඡායාරූප 10 අතරට මම ලබා ගත් සීගිරියේ ඡායාරූපයත් 🇱🇰❤

CNN 😍 දාපු හැම මහන්සියටම වටිනාකමක් දෙන Photos 🇱🇰
12/08/2026

CNN 😍 දාපු හැම මහන්සියටම වටිනාකමක් දෙන Photos 🇱🇰

The Perseid meteor shower will be visible on Wednesday night and before dawn Thursday morning, reaching its expected peak — or point of maximum meteor activity — on Thursday at 10:53 a.m. ET, according to EarthSky. It is best viewed from the Northern Hemisphere, according to NASA. Meanwhile, a total solar eclipse also will pass over parts of the Northern Hemisphere on Wednesday. https://cnn.it/4wZv1aO

10/08/2026

SONY ❤

08/08/2026

මේකනම් බලන්නම ඕනි Event එකක් 😍🪁

05/08/2026

2031 න් පස්සෙ ඉතිහාසයට යන ඡායාරූප ❤🛰️

31/07/2026

Science, Maths සහ Art ඔක්කොම එකතු වෙන Star trail photography 😍❤

පාන්දර 1.30 සිට 4.30 දක්වා පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වන ආකාරය Star Trail ඡායාරූපයකින් පෙනෙන හැටි. 🌌🌍ඔබ මේ ඡායාරූපයේ ද...
30/07/2026

පාන්දර 1.30 සිට 4.30 දක්වා පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වන ආකාරය Star Trail ඡායාරූපයකින් පෙනෙන හැටි. 🌌🌍

ඔබ මේ ඡායාරූපයේ දකින විදිහට තරු ගමන් කරනවා කියලා හිතනවාද?

බොහෝ දෙනෙකුගේ පිළිතුර "ඔව්" වෙයි. ඒත් ඇත්ත කතාව නම්, මේ රටාව ඇතිවෙන්නේ තරු මේ ආකාරයෙන් අහසේ ගමන් කරන නිසා නොව, පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වන නිසයි.

පෘථිවිය භූමධ්‍ය රේඛාව ආසන්නයේදී පැයට කිලෝමීටර් 1,670ක් පමණ වේගයෙන් භ්‍රමණය වෙද්දි අපිත් ඒ සමඟම ගමන් කරන නිසා ඒ චලනය අපට දැනෙන්නේ නැහැ.

මෙම සංසිද්ධිය සරලව පෙන්වීමට, තත්පර 25 බැගින් ලබාගත් ඡායාරූප 425ක් එකට Stack කර මෙම Star Trail ඡායාරූපය නිර්මාණය කළා. ඒ සඳහා ගත වූ සම්පූර්ණ කාලය පැය 3කට ආසන්නයි.

📷 Sony A7RV + Sony 12–24mm GM

Each shot: 25s | ISO 2500 | f/2.8

425 shots × (25s exposure + 1s interval) = 11,050 seconds

3 hours 4 minutes of total shooting time. 😇

25/07/2026

මේ ෆොටෝ එකට ලොකු කතාවක් තියෙනවා... ❤️

මේ ඡායාරූපය මම ගත්තේ අනුරාධපුර බසවක්කුලම වැවේදී.

සාමාන්‍යයෙන් මට වැඩ ගොඩක් කරලා හිතට බරක් දැනෙන දවස්වල මම යන නගර දෙකක් තියෙනවා. ඒ තමයි අනුරාධපුරය සහ දඹුල්ල.

මේ ෆොටෝ එක ගත්ත දවසත් ඒ වගේ එකක්. ඒ නිසා මම රෑම කොළඹ ඉඳන් අනුරාධපුරයට ගියා. එද්දී පාන්දර වෙලා තිබුණා. හෝටලයක් බුක් කරගන්නත් බැරි වුණා.

අන්තිමට මම කාර් එක බසවක්කුලම වැව අයිනේ නවත්තලා ඒකෙම නිදාගත්තා.

උදේ මට ඇහැරුණේ වැවේ වතුරේ සද්දෙට. කවුරුහරි වතුරෙ ඇවිදගෙන යනවා වගේ ඇහුණා.

නිදිමතේම නැගිටලා බලද්දී දැක්කේ වැවෙන් නෙළුම් මල් කඩන අය ගොඩට එනවා. ඒ පිටිපස්සෙන් රුවන්වැලිසෑය ලස්සනට පෙනුණා.

ඒ මොහොතේ මට හිතුණා, මේ මල් කඩගෙන එන කෙනෙක්වත් රුවන්වැලිසෑයත් එකම ෆ්‍රේම් එකකට ගන්න පුළුවන් නම් ඒක ලස්සන ඡායාරූපයක් වෙයි කියලා.

තවත් අය වැවේ හිටිය නිසා මම ඉවසීමෙන් බලාගෙන හිටියා.

ටික වෙලාවකට පස්සේ එක අයියා කෙනෙක් නෙළුම් මල් අරගෙන ගොඩට එන්න පටන් ගත්තා. ගොඩට එන්න තිබුණේ එකම තැනක්. මම කලින්ම ෆ්‍රේම් එක හදාගෙන රුවන්වැලිසෑය මැදට එන විදියට කැමරාව ලෑස්ති කරගෙන හිටියා.

ගොඩට එන්න කලින් එයා මල් ටික හොඳට හේදුවා. ඒ මොහොතේ මම අවශ්‍ය ඡායාරූප ටික ගත්තා.

ඡායාරූපය ගත්තට පස්සේ මම එයාට එන්න ඉඩ දීලා නිකමට ඇහුවා,

"අයියේ, මේ කාලෙ මෙහෙට හොඳට පායනවා නේද?"

උත්තරයක් ලැබුණේ නැහැ.

ආයෙත් මම ඇහුවා,

"අයියා මේ මල් කොහෙද විකුණන්නේ?"

ඒත් කිසිම උත්තරයක් නැහැ.

එයා මගේ දිහා බලාගෙන හිනාවෙලා යන්න ගියා.

ටික වෙලාවකට පස්සේ වයසක අම්මා කෙනෙක් එතනින්ම මල් අරගෙන ගොඩට ආවා. මම ඒ පිංතුරය ගන්න ගියේ නෑ. මොකද ඒ වෙලාවෙ නම් මට ඕනෙ ෆොටෝ එක ලැබිලා තිබුණා. ඉරත් උඩට ඇවිත් ආලෝකය වෙනස් වෙලා තිබුණා.

මම ඒ අම්මා එක්ක හිනා උනා විතරයි. ඒ අම්මම මට කතා කලා.

ඒ අම්මා මට කිව්වා,
"හරි මහන්සි පුතා... උදේමනේ වැවට බහින්නේ."

ඊට පස්සේ කිව්වා,
"මේ මල් අපි ශ්‍රී මහ බෝධිය ගාව විකුණනවා."

ඒ වගේම තවත් දෙයක් කිව්වා.

"කලින් ගොඩට ආවෙ මගේ පුතා... එයා ගොළුයි."

ඒ වචන ටික ඇහුණම මම ටික වෙලාවක් නිහඬ වුණා.

මට කියන්නෙ මොකක්ද කියලවත් හිතාගන්න බැරි උනා.

මම කැමරාවෙන් capture කරලා තිබුණේ සාමාන්‍ය ඡායාරූපයක් විතරක් නෙවෙයි. ජීවිතයේ නිහඬ අරගලයක්, මහන්සියක්, සහ වචනවලින් නොකියපු කතාවක්.

අපි ගන්න හැම ඡායාරූපයක් පිටිපස්සෙම නොපෙනෙන කතාවක් තියෙනවා.

මේ ඡායාරූපයත් ඒ වගේ කතාවක්. ❤

24/07/2026

ආසම රැයවල් 😍❤

දවස් ගානක මහන්සිය ❤🥹මේ Photo එක මට ගොඩක් විශේෂයි. මේ Photo එකේ තියෙන්නෙ ලෝක උරුමයක් වෙච්ච සීගිරිය තරු බිලියන ගානක් යට ති...
24/07/2026

දවස් ගානක මහන්සිය ❤🥹

මේ Photo එක මට ගොඩක් විශේෂයි. මේ Photo එකේ තියෙන්නෙ ලෝක උරුමයක් වෙච්ච සීගිරිය තරු බිලියන ගානක් යට තියෙද්දි ඒකෙ හෙවනැල්ල වතුරෙන් පෙනෙද්දි, සීගිරියට පැත්තකින් ලොකු උල්කාවක් යන විදිහ. ඒ වගේම සීගිරියයි උල්කාවයි අතරින් ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවාටයත් පැහැදිලිව පේන්න තියනව. ඒ වගේම අපේ ක්ෂීරපතයේ වලිගය කොටසත් සීගිරියට ඉහලින් පේන්න තියනව. මන් මේ දවස් ටිකේම සීගිරිය ගමට වෙලා රෑ 12 ඉඳන් පාන්දර 5 වෙනකම් මගේ කැමරා එක මේ Photo එක ගන්න Set-up කලා. Shots දහස් ගාණකට පස්සෙ එකම එක Photo එකක් මේ විදිහට ගන්න පුලුවන් උනා.

මේක Single Photograph එකක් 🥹❤

මම මේක ගන්න Use කලේ Sony A7RV කැමරාව එක්ක Sony 12-24mm GM Lens එක.

Days of hard work. ❤🥹

This photograph is very special to me. It captures the UNESCO World Heritage Site of Sigiriya beneath billions of stars, with its reflection visible in the water, while a bright meteor streaks past beside the rock. Between Sigiriya and the meteor, the Andromeda Galaxy can also be seen clearly. Above Sigiriya, the tail of our Milky Way Galaxy stretches across the night sky.
For the past several days, I stayed in Sigiriya village, setting up my camera every night from 12:00 a.m. until 5:00 a.m. to capture this moment. After taking thousands of shots, I finally managed to capture this one perfect frame.

This is a single photograph. 🥹❤

Captured using the Sony A7R V with the Sony FE 12–24mm F2.8 GM lens.

பல நாட்களின் கடின உழைப்பு. ❤🥹

இந்தப் புகைப்படம் எனக்கு மிகவும் சிறப்பானது. இதில் யுனெஸ்கோ உலக பாரம்பரியச் சின்னமான சிகிரியா, கோடிக்கணக்கான நட்சத்திரங்களின் கீழ், அதன் பிரதிபலிப்பு நீரில் தெளிவாகத் தோன்றும் வகையில் பதிவாகியுள்ளது. அதே நேரத்தில், சிகிரியாவிற்கு அருகில் ஒரு பிரகாசமான விண்கல் (Meteor) வானில் பாய்கிறது. மேலும், சிகிரியாவுக்கும் அந்த விண்கல்லுக்கும் இடையில் ஆன்ட்ரோமெடா அண்டம் (Andromeda Galaxy) தெளிவாகக் காணப்படுகிறது. அதேபோல், நமது பால்வெளி அண்டத்தின் (Milky Way) வாலும் சிகிரியாவின் மேல் வானில் அழகாகப் பரவியுள்ளது.

கடந்த சில நாட்களாக நான் சிகிரியா கிராமத்தில் தங்கி, ஒவ்வொரு இரவும் நள்ளிரவு 12 மணி முதல் அதிகாலை 5 மணி வரை என் கேமராவை அமைத்து இந்த தருணத்தைப் பதிவு செய்ய முயன்றேன். ஆயிரக்கணக்கான படங்களை எடுத்த பிறகே, இவ்வாறு ஒரு முழுமையான ஒரே புகைப்படத்தைப் பதிவு செய்ய முடிந்தது.

இது ஒரு Single Photograph. 🥹❤

இந்தப் புகைப்படம் Sony A7R V கேமராவிலும் Sony FE 12–24mm F2.8 GM லென்ஸிலும் பதிவு செய்யப்பட்டது.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Thilina Kaluthotage Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thilina Kaluthotage Photography:

Shortcuts

Share

Category