Prasad Hapuarachchi Photography

Call Directions Website Contact the business

Prasad Hapuarachchi Photography To Full Fill All kind of Photography Needs

විල්ලුද නලල් යටිකූරුත්තාගේ කූඩු සැදීමේ උපායය මාර්ගය (Velvet-fronted Nuthatch (sitta frontalis))මට මේ අපූරු දර්ශනය දක්නට ...
14/05/2026

විල්ලුද නලල් යටිකූරුත්තාගේ කූඩු සැදීමේ උපායය මාර්ගය (Velvet-fronted Nuthatch (sitta frontalis))

මට මේ අපූරු දර්ශනය දක්නට ලැබුණේ 2026 අප්‍රේල් මස ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ උසස් පාඨමාලාව හැදෑරූ සිසුන් සමඟ හෝටන් තැන්නේ දින තුනක සංචාරය කිරීමේදී. පුද්ගලිකව විශේෂ කැමැත්තක් තියෙන ඉතාමත්ම සුන්දර වර්ණවත් පක්ෂියෙක් වෙන මේ විල්ලුද නලල් යටිකූරිත්තා ඒකගේ ඇඹේනියත් එක්ක නිවහන හදන දර්ශනයක් තමයි මට දකින්න ලැබුණේ. කීප වතාවකදීම හෝටන් තැන්නෙත් යාලත් ලංකාවේ තවත් ප්‍රදේශ කිහිපයකත් මෙම සුන්දර පක්ෂියා මම ඡායාරූපගත කර තිබෙනවා. නමුත් මෙවර මට අපූරු අධ්‍යනයක් කරන්න ලැබුනා.

හැම උදෑසනකම කුරුළු හඬත් එක්ක උදේම ඇහැරෙන මම නවාතැන්පල අවට පරිසරයේ කුරුල්ලන් අධ්‍යනය කරන එක පුරුද්දක් කරගෙන තියෙන්නෙ. අපි හෝටන් තැනට ආපු දවසේත් මම එහෙම පරිසරය අධ්‍යයනය කරන වෙලාවෙදි මම දැක්කා මේ පක්ෂියා කෙඳි ගොඩක් හොටෙන් අරගෙන පියාඹනවා. කැදැල්ලක් තනන්න හදන බව වහා පසක් කර ගත්ත මම කළේ කුරුල්ලා කෙඳි ටික අරගෙන අන්තිමට වාහන ගහ හොයාගන්න උත්සාහකරපු එක. ඒ අනුව ඌ කූඩුව තනන්න තෝරගත්ත ගහ සහ බෙනය මම හොයාගත්තා.

සාමාන්‍යයෙන් මෙම කුරුල්ලන්ට ගස්බෙන හාරන්න බැහැ. බොහෝවිට මෙයාලා ප්‍රයෝජනයට ගන්නේ ස්වභාවිකව හැදුනු ගස් බෙනයක් හෝ කෑරලෙක් හේ කොට්ටෝරුවකු විසින් හාරා ප්‍රයෝජනයට ගත් ගස් බෙනයක්. තෝර ගන්න ගස් බෙනය විශාල කටක් සහිත එකක් තෝර ගන්නෙ නෑ. එහෙම කරන්නෙ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට හා බිත්තර රැක ගැනීමට. මෙම බෙනයේ විවරය සෙන්ටිමීටර් 2.5ත් සෙන්ටිමීටර් 4ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම තෝරගන්නා බෙනය පොළෝ මට්ටමේ සිට මීටර් තුනත් මීටර් 15ත් අතර උසකින් යුක්ත එකක් වෙනවා. ලෝකයේ වෙසෙන අනෙකුත් යටිකූරුත්තන් මෙන් මෙම විල්ලුද නළල් යටිකූරිත්තා මැටි අලවා කුහර විවරය කුඩා කරගනු ලබන්නේ නැහැ.

මුලින්ම ගෙනගිය කෙඳි හෝ මුල් වැනි අමුද්‍රව්‍ය ගෙනිහින් පසුව දිරායමින් ඇති කොල රැගෙන යනු ලැබුවා. ඊට පසුව මෙම පක්ෂියා සුසිනිඳු තෘණ වර්ග හා පාසි වර්ග රැගෙන යනු දුටුවා. මේ ගැන විද්‍යාත්මක හැදෑරීමක් කල පසු ඊට හේතු අපිට සොයා ගැනීමට හැකියාව ලැබුණා.

මුලින්ම රළු වියැලි තන්තු හෝ මුල් වර්ග රැගෙන යාම තුළ බෙනයේ පාදම තුල හදනු ලබන කැදැල්ලේ එසේත් නැතිනම් බිත්තර දැමීමට හදන කැදලි මෙට්ටයේ (Nest Bed) පාදම, නැතහොත් අත්තිවාරම සාදාගනු ලබනවා. ඒ මගින් බෙනයේ පදමේ එකතු වන දිය කාන්දු හෝ ගස් කඳ මතින් එන තෙතමනය මගහැර ගත හැකි වෙනවා. හොඳින් හදන මේ පාදමට උඩින් තමයි ඉන් අනතුරුව දිරීමට ලක්වන කොල අතුරාගනු ලබන්නේ. එසේ අතුරාගත් කොල වලට උඩින් ඉතා සිනිඳු පාසි හා තෘණ වර්ග අතුරාගනු ලබනවා.

01/01/2026

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94722252353

Alerts

Be the first to know and let us send you an email when Prasad Hapuarachchi Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prasad Hapuarachchi Photography:

Shortcuts

Share