𝙋𝙧𝙤𝙨𝙥𝙚𝙧𝙞𝙩𝙮

𝙋𝙧𝙤𝙨𝙥𝙚𝙧𝙞𝙩𝙮 We are the Galaxylo. We are going to give you something everyday..
(1)

මගෙ හිතට දැනුන චායාරූපයක්...මිනිස්සු දුප්පත් කම අර්ථ දක්වන්නෙ හරි අසාධාරණ විදියට කියලයි මට හිතෙන්නේ .. අපෝ මහ දුප්පත් පව...
02/06/2026

මගෙ හිතට දැනුන චායාරූපයක්...

මිනිස්සු දුප්පත් කම අර්ථ දක්වන්නෙ හරි අසාධාරණ විදියට කියලයි මට හිතෙන්නේ ..
අපෝ මහ දුප්පත් පවුලක් ... පවු..දැක්ක දුටු ගමන් හුගදෙනෙකුට හිතෙනවා ඇති .. මට නම් ඒ ගොඩක් පොහොසත් පවුලක් .. ලෝකෙටම ගිනිදීල උපයපු මුදලකින් සෙවන් සීටර් වාහනේක යන කෙනෙකුට වඩා ඔවුන් පොහොසත් ...
ඔය තියෙනවා කියෙන මිනිස්සුන්ට වඩා ඔවුන් පොහොසත් .. ඔවුන්ට ලමයි හතර දෙනෙක් නඩත්තු කරන්න තරම් හිත හයිය වෙලා ...
තමුන්ගෙ බිරිද, දරුවො මරන අන් අඹුවන් පස්සෙ යන කුමාරයෙකුට වඩා මට ඔහු පොහොසත් ..
ඔහු දරුවො , බිරිද වෙනුවෙන් සියලු යුතුකම් ඉටුකරන පියෙක් කියලයි මට හිතෙන්නේ .. නැත්තම් මෙහෙම දරුවොන්ට වෙසක් පෙන්නන්ඩ නොයන්ඩ ඉඩ තිබුන ....
පවුල ගෙනියන්න වෙන මහන්සිය හරි හරියට දෙන්නගෙන්ම පේන්න තියෙනවා ..
සැමියා වෙහෙස වෙලා උපයන දේ ගෙට වෙලා බුක්ති විදල සැපේ ඉන්න කෙනෙකුට වඩා ඇය ගොඩක් ඉදිරියෙන් ඉන්න වටිනා ගැහැනියක් ... මිනිහම කන්න බලන් ඉන්න ගෑනියෙක් නොවෙන එකත් ලේසි පාසු නැහැ ... ඒකට තියෙන්න ඕනෙ හයිය හිතක්...
මේ අම්මගෙගෙ උකුලෙ ඉන්නෙ හෙට රටේ පාලකය වෙන්නත් පුලුවන් ..
එහෙම නොවෙයි කියල අපිට සහතික දෙන්න බැහැ ලෝකෙ දිහා බැලුවම ..
තාත්තගෙ කකුල දිහා බලල දරුවොන්ගෙ කකුල් බලන්න .... හම්බ කරපු සල්ලි තමුන්ට නැතුව දරුවන්ට වියදම් කරන්න බෝසත් හිතක් ඕනෙමයි ....
ඒක කෑගහල කියන්නෙ අර බාට සෙරෙප්පු කෑලි දෙක ...
නියම තාත්තෙක් බැලුවෙ තමුන්ගෙ දරුවොන්ට කිසි දෙයක් අඩු නොකරන්න ...
එහෙම තමයි උතුම් පියවරු ....

මිනිසුනි ......... සල්ලි වලින් මිනිස්සු මනින යුගයට තිත තියන්න කාලය දැන් ඇවිල්ල ...
ලෝකයට ඕනෙ අවන්ක කම්, මනුස්ස කම්, උත්සාහය , ආදරය , වගේම
ගුන යහපත් කම ....
මට නම් පේන්නෙ මේ ඉන්නෙ ඔය කියපු
සියල්ලෙන්ම ගොඩක් පොහොසත්
තාත්තෙක් කියලයි .......

02/06/2026

ඒකට අපි හිටන් යනකොට තමා video කරන්න කව්රුත් නැත්තෙ🙂🥲😁

මගේ ජීවිතේ පැති දෙකක් තියෙනවා...!😎 👀 🖤
18/05/2025

මගේ ජීවිතේ පැති දෙකක් තියෙනවා...!😎 👀 🖤

දුක් විඳින අහිංසක ගෑණු හිතකට ආශීර්වාද කරන්න ඕන උනාම දෙවියො කරන්නෙ එයාට ආදරණීය පිරිමි හිතක් මුණගස්සන එක......! 🥺🌹🦋🌸❤️
18/05/2025

දුක් විඳින අහිංසක ගෑණු හිතකට ආශීර්වාද කරන්න ඕන උනාම දෙවියො කරන්නෙ එයාට ආදරණීය පිරිමි හිතක් මුණගස්සන එක......! 🥺🌹🦋🌸❤️

අපි හැමෝටම ඉන්නවා හිත හොඳ,කට සැර, චූටි ටීච යාලුවෙක්..‍!🌸❤️👩‍🏫
18/05/2025

අපි හැමෝටම ඉන්නවා හිත හොඳ,කට සැර, චූටි ටීච යාලුවෙක්..‍!🌸❤️👩‍🏫

කුස්සිය උනත් තියෙන්න ඕනෙ උයන්න ආස හිතෙන විදියට..!🤭💗🌸✨️🥣
18/05/2025

කුස්සිය උනත් තියෙන්න ඕනෙ උයන්න ආස හිතෙන විදියට..!🤭💗🌸✨️🥣

රිදුම් පිරිමැඳ ආදරය තැවරූ ප්‍රේමයට......💙තව දුරටත් ආදරය සහ හැඟීම් මං ලග ඉතිරිද කියන ප්‍රශ්නය මටම ගොඩ නැගෙන කාලෙකමට මාව ද...
16/05/2025

රිදුම් පිරිමැඳ ආදරය තැවරූ ප්‍රේමයට......💙

තව දුරටත් ආදරය සහ හැඟීම් මං ලග ඉතිරිද කියන ප්‍රශ්නය මටම ගොඩ නැගෙන කාලෙක
මට මාව දරා ගන්න සහ ගොඩ නගා ගන්න
වාරුවක් වෙමින් ආදරය හිත තුල
ආයෙමත් ඇති කරන්නට
ආදරය හා ජීවිතය ගැන සුභවාදීව දකින්නට
උදව් කල ආදරණීය සහයකයා නුඹයි.

පුංචි පුංචි හේතූ හොයන් ඕනෑවටත් වඩා හිතලා දුක් වෙන්න පුරුදු වෙලා හිටපු මට
පුංචි පුංචි කාරණා අස්සේ සතුටු වෙන්න
උත්සහා කරන්න සහ පොලඹවපු
ආදරණීය සහයකයා නුඹයි.

ආදරය වෙනුවෙන් තව කෙනෙක්ට නොසෑහෙන්න කැප කිරීම් කරන්නට කලියෙන්
තමන් තමන්ටම ආදරේ කල යුතු බව සහ
තමන්ට තමන්ව අමතක වෙන්නට නොදිය යුතු බව මතක් කර දුන්
ආදරණීය ආත්මය නුඹයි.

අත් හරින්න හේතු හොයනවට වඩා
ලග ඉන්න හේතු හොයන
මගේ ජීවිතේ රිදුම් පිරිමැඳ
ආදරය තැවරූ ප්‍රේමය නුඹයි.

ඉතිං ආදරෙයි කල්පෙකට මං ❤️😚

ප්‍රාර්ථනාවක් ......🙏💗

( එයාගේ හැම හීනයක්ම , බලාපොරොත්තුවක් ම
හැබෑ වෙන්න ඕන. ඒ ආදරණීය ඇස් හිනාවකින් පිරිලා තියෙන්න ඕන.හැම තප්පරේකම සැනසීම
හිතට දැනෙන්න ඕන...!! )

ආදරේ නිසා වතාවක් දෙවතාවක් නෙවෙයි සිය වතාවක් රැවටුන මනුස්සයෙක් මම.....❤️‍🩹බැඳීමක් ඇතුලේහරි ඉක්මනින් ස්ථාවර වෙන මම හරි ඉක්...
16/05/2025

ආදරේ නිසා වතාවක් දෙවතාවක් නෙවෙයි සිය වතාවක් රැවටුන මනුස්සයෙක් මම.....❤️‍🩹

බැඳීමක් ඇතුලේහරි ඉක්මනින් ස්ථාවර වෙන මම හරි ඉක්මනින් විශ්වාස කරන්න පටන් ගන්න
එකත් පුරුද්දක් .
මගේ කියලා හරි ඉක්මනින් බදා ගන්න දේවල්
පරිස්සමට බලා ගන්න එක , හොයලා බලන එක
නතර කර ගන්න බැරි තරමේ ඇබ්බැහියක් .

එකම බොරුවට හැමදාම රැවටෙන මං
ආදරේ ගැන ඕනාවටත් වඩා හීන දැක්කා.

ජීවිතේ මුණ ගැහෙන විවිධාකාර ප්‍රශ්න අස්සේ
එයාවත් ඇඳන් දුර ගමනක් යන්න හීන මැව්වා.
සංසාරයක් ගානේ අත් බැඳන් ඇවිදින්න
නිතර දෙවෙලේ ප්‍රාර්ථනා කලා.

පණ තරමටම ආදරේ කරන එයා
මං වෙනුවෙන් වෙනස් වේවී කියන
විශ්වාසෙන් බලන් හිටියා.

මොන තරම් අඩුපාඩු මට තිබුනත්
එයා වෙනුවෙන් කරන්න පුලුවන් දේ මං කරා.
හැබැයි මට වචනෙකින් හරි වාරුවක් ඕන වෙලාවකදි කිසිම ගානක් නැතුව එයා බලන් හිටියා.

කාලයත් එක්ක හැමදේම හරියාවී කියන
විශ්වාසෙන් දින ගැන්නා.
ඒත් නොදැනුවත්වම සිද්ධ වුනේ
එකම බොරුවට දවස ගානේ
මට රැවටෙන්න සිද්ධ වුණ එක.

එකම දේට සිය වතාවක් වත් සමාව දිදී
මගේ කරන් තියන් ඉන්න හදන එක තරම්
මෝඩකමක් තවත් නෑ කියන එක
කාලයත් එක්ක මට තේරුම් ගියා.

හිතුවේවත් නැති වෙලාවක මතක අස් කරන්
හිත හදා ගන්න සිද්ධ වෙන එක අමාරුයි තමයි .
ඒත් මං ඒ අභියෝගය භාර අරන්
එයාට සමු දුන්නා.
දවස ගානේ විඳව විඳව ටිකෙන් ටික
හිත හදා ගන්න උත්සහා කලා.

ඒත් මේ ගෙවෙන තප්පරෙත්
මං ප්‍රාර්ථනා කරන්නේ....
දශමෙකින් වත් වේදනාවක් නොදී ඉන්න තරම්
පරිස්සම් වෙච්ච මගේ ආදරේ ඉස්සරහා
ඔයාට දුකක් දැනෙන බැඳිමක් මුණ ගැහෙන්න එපා කියලා කවදාවත්ම .❤️‍🩹

කාලයත් එක්ක දැන් හැමදෙයක්ම වෙනස් වෙලා 🥲
03/05/2025

කාලයත් එක්ක දැන් හැමදෙයක්ම වෙනස් වෙලා 🥲

සත්තු සර්පයි එන් නැත්තම් හරි සෝක්... අනේ අපිත් ආසයි😁මෙම ඉන්න
03/05/2025

සත්තු සර්පයි එන් නැත්තම් හරි සෝක්... අනේ අපිත් ආසයි😁
මෙම ඉන්න

Address

Colombo

Telephone

+94764520839

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙋𝙧𝙤𝙨𝙥𝙚𝙧𝙞𝙩𝙮 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share