The Family Kalu

The Family Kalu DM for collaboration - 0711322740 (WhatsApp )

02/06/2026

කියන්න බලන්න මේ කොහේද කියලා

ඔයාලා බලලා තියනවාද “Tangled “ ? මෙතනත් හරියට ඒ වගේ නේද,මේ තියෙන්නේ ලංකාවේ දකුණු වෙරළ තීරයේ තියෙන ලස්සන cafe එකක්, මිරිස්...
30/05/2026

ඔයාලා බලලා තියනවාද “Tangled “ ? මෙතනත් හරියට ඒ වගේ නේද,
මේ තියෙන්නේ ලංකාවේ දකුණු වෙරළ තීරයේ තියෙන ලස්සන cafe එකක්,
මිරිස්ස beach එක කියන්නේ රැයක් ගත කරන්න හොදම තැනක්, මුලු මිරිස්ස වෙරළ තීරයම කරුවල වැටෙනකොට හරිම අපූරුවට ලස්සන වෙන්න ගන්නවා,
මේ වගේ හැමතැනම light දාලා හැඩ වෙනවා.
ඉතින් තාම කිව්වේ නෑ නේ මේ cafe එකේ නම,
මේ තමයි මිරිස්ස වෙරළේ තියන “zouk cafe” එක
නිවාඩුවකට යන්නම වටින තැනක්
Location එකයි ඒක නිර්මානය කරලා තියන විදියට නම් 10/10ක්ම දෙන්න පුලුවන්, හැබැයි කෑම සහ service එකට නම් දෙන්න උපරිමම දෙන්න පුලුවන් 6.5/10 වගේ තමයි. But still worth trying the spot
එහෙනම් ඊළග නිවාඩුවේ Downsouth පැත්තේ යනවා නම්, මෙතනටත් ගිහින් බලන්න.

https://youtu.be/-15k4qPQmUs?si=7FHVKVxEUabR9Ohe
යන්න කලින් මේ video එකත් බලලාම යමු
Until our next travel vlog byeeee 🙏

Thailand වල අන්තිම vlog එක,ඔයාලා සමහරවිට දැකලා ඇති මේ ලස්සන location එක, මේක තායිලන්තේ තියන cafe එකක් කිව්වෝත් ඔයාලා විශ...
22/05/2026

Thailand වල අන්තිම vlog එක,
ඔයාලා සමහරවිට දැකලා ඇති මේ ලස්සන location එක, මේක තායිලන්තේ තියන cafe එකක් කිව්වෝත් ඔයාලා විශ්වාස කරනවාද
මේ තියෙන්නේ මුලු ලෝකේම viral ගියපු cafe එකක්, නම තමයි, " Lalitta Cafe “
සුරංගනා ලෝකයක් වගේ තියන මේ cafe එක ගැන තියන අපේ vlog එකත් බලලාම ඉන්න හොදේ 🤭

https://youtu.be/dLQY5ARZzdI?si=yegIF7sLwjjfQYOI

Until our next travel vlog byeee…. 🤗🤗

White Temple 🙏මේ තියෙන්නේ තායිලන්තේ තියන තවත් ප්‍රසිද්ධ පන්සලක්, සන්චාරක ආකර්ෂණය ගොඩාක්ම දිනා ගත්තු පන්සලක් නිසා ඔයාලාට ...
18/05/2026

White Temple 🙏
මේ තියෙන්නේ තායිලන්තේ තියන තවත් ප්‍රසිද්ධ පන්සලක්,
සන්චාරක ආකර්ෂණය ගොඩාක්ම දිනා ගත්තු පන්සලක් නිසා ඔයාලාට නිදහසේ බලන්න, photo ගන්න එහෙම ඕනේ නම් උදේ 8ට හරි හවස 5ට හරි යන්න ඕනේ.
නැත්නම් ඉතින් සෙනග ගොඩේ ගිහින් බලන්න තමයි වෙන්නේ,
හැබැයි ඉතින් මේ පන්සල තියෙන්නේ බැංකොක් නම් නෙමෙයි, බැංකොක් වලින් ගොඩාක් එහා තියන Chiang Rai කියන පැත්තේ තමයි මේ පන්සල තියෙන්නේ, ඉතින් ඔයාලා Chaing Rai යනවා නම් White Temple විතරක් නෙමෙයි Blue Temple කියලාත් මේ වගේම ලස්සන පන්සලක් තියනවා, ඒකත් අමතක නොකර බලලා එන්න, අපිට නම් වෙලා මදි වුනා ඒ පන්සල බලන්න
මේ පන්සල බලන්න ආසාවෙන් ඉන්නවා නම් මේ පහල තියෙනෙ vlog එකත් බලලාම ඉන්න

https://youtu.be/dLQY5ARZzdI?si=dP1p0lG3v8oNpDO9

Until our next travel vlog byeee.....

රතුපාට මල් යායක් මැදින් හින්දි film එකක වගේ දුවගෙන යන්න ආස අයට තමයි මේ,කොහේද ඉතින් මේ ලස්සන මල් වත්ත තියෙන්නේ ? තියෙන්නේ...
15/05/2026

රතුපාට මල් යායක් මැදින් හින්දි film එකක වගේ දුවගෙන යන්න ආස අයට තමයි මේ,
කොහේද ඉතින් මේ ලස්සන මල් වත්ත තියෙන්නේ ?
තියෙන්නේ තායිලන්තේ ළමයෝ.......
තායිලන්තේ Chaing Mai කියන පළාතේ Monjam කියන ගමෙ තමයි මේ ලස්සන මල් වත්ත තියෙන්නේ.
මේ මල් වත්තේ නම තමයි YingYong Flower Garden
කාලේන් කාලේට වෙනස් මල් වර්ග වවලා තියෙන මේ මල් වත්ත අහසේ තියනවා වගේ තමයි ගියාම දැනෙන්නේ ඒ තරම්ම ලස්සනයි.
ඉතින් මේ දිව්‍යලෝකේ තියන මල් වත්ත ගැන වැඩි විස්තර බලන්න අපේ මේ පහලින් තියන vlog එකත් බලලාම ඉන්න

https://youtu.be/4c1Nlbwg9yw?si=rPIrCWH8oAyPeYp9

Until our next travel vlog byeeee 🤗

තාම Thailand vlog ටික ඉවර කරන්න බැරි වුනානේ,ඉතින් අද මම කියන්න යන්නේ Thailand වල Chiangmai කියන ගමට ඔයා යනවා නම් ඔයාට කර...
11/05/2026

තාම Thailand vlog ටික ඉවර කරන්න බැරි වුනානේ,
ඉතින් අද මම කියන්න යන්නේ Thailand වල Chiangmai කියන ගමට ඔයා යනවා නම් ඔයාට කරන්න පුලුවන් තවත් activity එකක් ගැන.
ඔයාට පුලුවන් ලස්සන දොඩම් වත්තකට ගිහින් ඔයාගේ අතින්ම දොඩන් කඩන්න.
Aesthetic and clam දේවල් වලට කැමති අයට හොද experience එකක්,
Chaingmai වල ඕනේ තරම් මේ වගේ orange farm තියනවා. හොයාගන්න අමාරු නෑ. අපි ගියපු මේ orange farm එකේ නම "Jinju “ orange farm
Chaingmai වල තව මොනවාද කරන්න පුලුවන් activities කියලා බලන්න ඕනේ නම් අපේ මේ vlog එකත් බලලාම ඉන්න

https://youtu.be/4c1Nlbwg9yw?si=eP9RywqtrWoQA8-u
Until our next travel vlog…. Byeeeeeee

ලංකාවේ අපිට බැටලුවෝ හුරතල් කරන්න chance එකක් ඉතින් ලේසියෙන් හම්බවෙන්නේ නෑ නේ, ඉතින් ඒක නිසාම අපි Thailand ගියපු වෙලාවේ, ...
25/04/2026

ලංකාවේ අපිට බැටලුවෝ හුරතල් කරන්න chance එකක් ඉතින් ලේසියෙන් හම්බවෙන්නේ නෑ නේ, ඉතින් ඒක නිසාම අපි Thailand ගියපු වෙලාවේ, ආවා බැටලු ගොවිපලක් බලන්න.
මේ Thailand වල Chiangmai ප්‍රදේශයේ Monjam කියන ගම. මේ ගමේ ගොඩාක් තැන් වල බැටලු ගොවිපලවල් තියනවා.
ඉතින් ඔයාලාටත් අපි වගේ බැටලුවෝ හුරතල් කරන්න, එයාලාට කෑම කවන්න ආසයි නම් අපේ මේ vlog එක බලලාම ඉන්න,

https://youtu.be/4c1Nlbwg9yw?si=NuuA3THvBu5wAP4p

බැටලුවෝ විතරක් නෙමෙයි, මේ Monjam ගමේ තියන ලස්සන තැන් ගොඩාක් බලන්නත් පුලුවන්

Until our next travel vlog, byeeeee …….

ඔයාලා දන්නවානේ අපි Thailand ගියේ Bangkok යන්න බලාගෙන නෙමෙයි කියලා. අපිට ඇත්තටම ඕනේ වුනේ Bangkok වලින් එහාට තියන ලස්සන ගම...
20/04/2026

ඔයාලා දන්නවානේ අපි Thailand ගියේ Bangkok යන්න බලාගෙන නෙමෙයි කියලා. අපිට ඇත්තටම ඕනේ වුනේ Bangkok වලින් එහාට තියන ලස්සන ගම් වලට යන්න. මේ තියෙන්නේ අපි එහෙම Chaingmai වල Moncham කියන ගමේ නැවතිලා හිටපු hotel එක.
Hotel කිව්වාට මේක homestay එකක්, නම තමයි Phu Doi Home Stay.
ලස්සන view එකක් එක්ක නිදහසේ නවතින්න හොදම තැනක්

වැඩි විස්තර බලන්න අපේ vlog එකත් බලලාම ඉන්න

https://youtu.be/HDXzbmHymfc?si=3rqkNFkd4d9X5VCe

Until our next travel vlog byeeeee……

අපි නොවැම්බර් මාසේම Thailand ගියේ ඇයි කියලා ගොඩාක් අය අපෙන් ඇහුවා. හේතුව තමයි මේක. මගේ bucket list එකේ උඩින්ම තිබුන even...
17/04/2026

අපි නොවැම්බර් මාසේම Thailand ගියේ ඇයි කියලා ගොඩාක් අය අපෙන් ඇහුවා. හේතුව තමයි මේක.
මගේ bucket list එකේ උඩින්ම තිබුන event එකක් තමයි මේ. Tangled moving එකේ වගේම ඇත්තටම Thailand වල තියන lantern festival එකක් තමයි මේ.
මේ උත්සවය එයාලා සමරන්නේ November මාසයේ, පෝය දවසට. උත්සවයේ නම තමයි “Yi Peng lantern festival “
මේ උත්සවය ගැන ඔයාලාට දැනගන්න ඕනේ ඔක්කෝම තොරතුරු මේ vlog එකේ අපි දාලා තියෙන්නේ.

https://youtu.be/Ltafd5x4Z6U?si=RG6AfLsdDKX44nD4

Until our next travel vlog, byeeee.....

නුවරඑළියේ Gregory Lake එකට ළගින්ම තියන hotel එකකට තමයි අද අපි ඔයාලාව එක්කගෙන යන්නේ,මේ W15 Lake Gregory hotel එක. Gregory...
11/07/2025

නුවරඑළියේ Gregory Lake එකට ළගින්ම තියන hotel එකකට තමයි අද අපි ඔයාලාව එක්කගෙන යන්නේ,

මේ W15 Lake Gregory hotel එක. Gregory Lake එක ළගින්ම නවතින්න බලන ඔයාට හරියටම ගැලපෙන hotel එක තමයි මේ. Colonial architecture එකයි, modern architecture එකයි දෙකම මිශ්‍ර කරලා හදලා තියන නිසා හරිම ලස්සනයි, වැඩියෙන්ම ආස හිතෙන්නේ hotel එකේ garden එකට පේන Gregory Lake එකේ view එකට.

Hotel එක ගැන හැම දේම බලන්න නම් අපේ The Family Kalu YouTube channel එකේ දාපු අලුත්ම vlog එක බලන්නම වෙයි.
https://youtu.be/jMgAqsDGTrs

Location - 10/10
Architecture - 10/10
Food - 10/10
Room - 8/10
Service - 8/10

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The Family Kalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share