The Family Kalu

Directions

The Family Kalu DM for collaboration - 0711322740 (WhatsApp )

ගොඩාක් අයගේ request එකක් වෙච්ච hotel review එකක් තමයි අද අපි අරන් ආවේ.දඹුල්ලේ වගේම ලංකාවේත් තියන ප්‍රසිද්ධම hotel එකක් ත...
09/10/2026

ගොඩාක් අයගේ request එකක් වෙච්ච hotel review එකක් තමයි අද අපි අරන් ආවේ.
දඹුල්ලේ වගේම ලංකාවේත් තියන ප්‍රසිද්ධම hotel එකක් තමයි Heritence Kandalama කියලා කියන්නේ. Jeoffrey Bawa මහත්මයාගේ අද්විතීය නිර්මාන වලින් එක්ක වෙන මේ hotel එක පටන් අරන් තියෙන්නේ 1994.
මොන තරම් අවුරුදු ගානක් ගියත් අදටත් හරිම ලස්සනට පවත්වාගෙන යන hotel එකක්.
ඉතින් අපි මේ hotel එකේ photos වලින් තමයි මුලින්ම අපේ page එක මීට අවුරුදු 6කට විතර කලින් පටන් ගත්තේ,
අපි ආයේ මේ hotel එකට ගියේ අවුරුදු 6කට පස්සේ, ඒත් ඉස්සර වගේම හරිම ලස්සනට maintain වෙනවා.
වැඩි විස්තර බලන්න ආස අයට vlog එකත් YouTube එකේ upload කරලා තියෙන්නේ.

ඉතින් මගේ Ratings කියන්නම්කෝ

Location - 10/10
Room and Architecture - 9/10 ( comparing to the architecting years)
Food - 8.5/10 ( huge buffet)
Service - 10/10

Until our next travel byeeee ……..

04/10/2026

සොබාදහමත් හරි පුදුමාකාරයි,
ඊයේ ඉරිතැලිලා තිබුන බිම් අද වැහි වතුරෙන් පිරිලා ඉතිරිලා ගිහින්,
අවුවට කරකුට්ටන් වෙච්ච දඹුලු ගලත් මීදුමෙන් වැහිලා, වතුර පහලට රූටනවා
මගේ රට මොන තරම් නම් ලස්සනයි ද

25/09/2026

අපි කොච්චර වයසට ගියත්,
කසාද බැදලා ළමයි හිටියාත්,
මොනතරම් වගකීම් ගොඩාක් ඔළුව උඩ වැටිලා තිබුනාත්,
මතක ඇතුව තමන් වෙනුවෙනුත් එක මොහොතක් හරි වෙන් කරගන්න,
වැඩ කරලා, ප්‍රශ්න විසදලා හෙම්බත් වුනු ඔය මනසටත් පොඩි විවේකයක් දෙන්න
කාටත් කලින් ඔයාගේ මනස සුවපත් කරගන්න

දුකම හිතෙන දේ තමයි, අද අපේ Vietnam trip එකේ අන්තිම දවස,Last but not least කියලා අපි අද යන්නේ, Vietnam වල තියන ලස්සනම col...
19/09/2026

දුකම හිතෙන දේ තමයි, අද අපේ Vietnam trip එකේ අන්තිම දවස,
Last but not least කියලා අපි අද යන්නේ, Vietnam වල තියන ලස්සනම colorfulම නගරයක් බලන්න.
ඔයාලාගේ Vietnam trip එකේ Danang යන්න බලාපොරොත්තුවක් තියනවා නම්, අනිවාර්යයෙන්ම Hoi An ගිහිල්ලාම යන්න. Danang town එකේ ඉදන් පැයක විතර දුරකින් තියෙන්නේ.
Hoi An City එක Ancient City එකක්, ඒ වගේම මම දැකලා තියෙනෙ colorful ම city එකක්.
මම නම් වැඩියෙන්ම මෙහේ ආවේ, මේ ලස්සන lanterns එක්ක photo ගන්නයි, අර Rapunzel ගේ කතාවේ වගේ බෝට්ටුවේ යන ගමන් lantern එකක් පා කරන්නයි.

අපේ The Family Kalu YouTube channel තියන vlog එක බලන්නකෝ, එතකොට ඔයාලාට තේරේවි මේ city එක මොන තරම් ලස්සනයිද කියලා

එහෙනම් ඉතින් Vietnam Vlogs අදින් ඉවර වෙනවා, හැබැයි ආයේ Vietnam වල southern & Central parts cover කරන්න කවදා හරි දවසක යන්නම ඕනේ.

Until our next travel vlog, byeeee…… 👋

කවුද අනේ අකමැති Ba Na Hills යන්නBa Na Hills ඒ මොකද්ද ඒ 🤔Vietnam වල තියන ලස්සනම ලස්සන theme park එකක්, ඔයාලා Danang යනවා ...
04/09/2026

කවුද අනේ අකමැති Ba Na Hills යන්න

Ba Na Hills ඒ මොකද්ද ඒ 🤔

Vietnam වල තියන ලස්සනම ලස්සන theme park එකක්, ඔයාලා Danang යනවා නම් මිස් නොකර යන්න ඔනේ තැනක් තමයි Ba Na Hills කියන්නේ,
මේක එසේ මෙසේ theme park එකක් නෙමෙයි, ලෝකප්‍රසිද්ද Golden Bridge එක තියෙන්නේත් මෙතන. ඊට අමතරව play area එකක්, ලස්සන locations ගොඩායි.
මේතන හදලා තියෙන්නේ French Village එකක ආකෘතියකට.
මෙතනට යන්න පැය බාගෙක විතර cable car ride එකක් තියනවා, ඒක යන්නේත් දිය ඇලි එහෙම තියෙන කැලයක් මැදින්, මේ cable car operate වෙන්නේ උදේ 8 ඉදන් හවස 5 වෙනකන් විතරයි, ඒ කාලය ඇතුලත ඔයාලාට ticket අරන් මෙතන බලන්න එන්න පුලුවන්.
හැබැයි එහෙම එනවාට වඩා හොදම විදිය තමයි, මෙතන ඇතුලේ තියන hotel එකක නතර වෙලා, රෑයක් මෙතනම ගත කරන එක. මොකද දවල්ටත් වඩා රෑට මෙතන පුදුම ලස්සනයි. Enjoy කරන්න කන්න බොන්න ඕනේ තරම් දේවල් තියනවා.

අපේ The Family Kalu YouTube Chanel එකේ තියන vlog එක බැලුවා නම් ඉතින් ආයේ ඔයාලාත් Ba Na Hills ගියා වගේ තමයි 🥰

Until our next travel vlog byeee…….. 👋

02/09/2026

මේ මොන ජාතියේ මලක්ද ?
ඕක තමයි ඉතින් මගේ පුන්චි මොලේට මුලින්ම මෙතන videos දැක්කාම ආවේ 😝
එතනටම ගියාමනේ තේරුනේ මේ මොන මල්ද කියලා 🤣🤣

30/08/2026

එදා තිබ්බ මීදුමයි වැස්සයි හැටියට මෙහෙම හරි බලන්න ලැබිච්ව එක ලොකු දෙයක් 😊
Sa Pa යනවා නම් මග අරින්නේ නැතුව බලන්න වටින දර්ශනයක්,
මේ තියෙන්නේ පුන්චි කෝච්චියක්, මේකට කියන්නේ funicular train කියලා, වැස්සයි මීදුමයි නැත්නම් හරිම ලස්සනට පේනවා, ඊටත් වඩා ලස්සනයි මේකේ නැගලා Fansipan වලටම යන්න තිබ්බා නම්

මුහුද මැද හොටෙල් එකක stay එකකට යන්න chance එකක් හම්බවෙනවා නම් ඔයාඒක miss කරගන්නවාද ?Technically මේක මුහුදක්ම නෙමෙයි "බොක...
29/08/2026

මුහුද මැද හොටෙල් එකක stay එකකට යන්න chance එකක් හම්බවෙනවා නම් ඔයා
ඒක miss කරගන්නවාද ?

Technically මේක මුහුදක්ම නෙමෙයි "බොක්කක්" ( හෑ ඒ මොකද්ද ඒ 😳)
සිංහලෙන්ම කියනවා නම් “Bay” එකක්.
ලංකාවේද තියෙන්නේ ???
නෑ..……..
Vietnam වල Halong Bay එක තමයි මේ.
හුනු ගල් වලින් වට වුනු ලස්සනම ලස්සන location එකක්.
ඉතින් ඔයාලා Vietnam යනවා නම් රැයක් ගත කරන්න හොදම තැනක්.
කොහොමද ඉතින් දැන් මේ වතුර මැද රැයක් ඉන්නේ 🧐
මේ Bay එකේ තියෙන, නැව් තියනවා, අර cruise කියලා කියන්නේ, අන්න එහෙම ඒවා. ඒවායින් එකක reservation එකක් දාගත්තොත් ඔයාලාට මේ Halong Bay එකේ නතර වෙන්න පුලුවන්.

උදේ ඉදන් රෑ වෙනකන්, luxury room එකක, full board meals එක්ක, තව කැමති නම් kayaking යන්න, swim කරන්න ඕනේ තරම් activities කරන්න පුලුවන්.

ඉතින් වැඩි විස්තර බලන්න අපේ The Family Kalu YouTube Channel එකේ තියන vlog එකත් බලලාම ඉන්න

https://youtu.be/aLykuf08fjs?si=5zs_G24SCdAzgWhT

Until Our Next Travel Vlog Byeeee……….

27/08/2026

ෂුවර්ද ඔයාට,
ඒ cafe එකක් කියලා,
ඔව් අනේ, මේ Vietnam වල තියන Moana cafe 🤗

24/08/2026

සමහර මෝඩ වැඩ තියනවා අපි පුදුම උනන්දුවකින් කරන්න යන, හැබැයි කරාට පස්සේ තරු පේන 🫣🫣🫣

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The Family Kalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share