Astro by Wathsala

Astro by Wathsala Astrophotography
Photography
Sri Lanka

සම්පූර්ණ චක්‍රාවාටයක් වටා ඇති මේ නිල් පැහැති වස්තුව මොකක්ද. ? මෙය අයින්ස්ටයින්  මුදුවක් (Einstein  ring) ලෙස හැඳින්වේ.මැ...
18/03/2025

සම්පූර්ණ චක්‍රාවාටයක් වටා ඇති මේ නිල් පැහැති වස්තුව මොකක්ද. ? මෙය අයින්ස්ටයින් මුදුවක් (Einstein ring) ලෙස හැඳින්වේ.
මැදින් පිහිටි රතු පැහැති විශාල චක්‍රාවාටයේ ගුරුත්වාකර්ෂණය මගින් අවකාශ-කාලය. නැමීමකට ලක් කරනු ලබයි. එම නිසා එම චක්‍රාවාටයට පිටුපසින් පිහිටි තවත් නිල් පැහැති චක්‍රාවාටයක සිට පැමිණෙන ආලෝකය මේ ආකාරයක මුදුවක් ලෙස නැමීමට ලක්වී දර්ශනය වේ. මෙහෙම. මෙම ක්‍රියාවලිය ගුරුත්ව කාචනය ( Gravitational lensing)ලෙසද හැඳින්වේ .
මෙවැනි සංසිද්ධි පැවතිය හැකි බවට ඇල්බට් අයින්ස්ටයින් විසින් පෙන්වා දුන්නේ මීට වසර හැත්තෑවකට පමණ පෙරවන නමුත් පළමුවරට මෙවැන්නක් පවතින බවද ඡායාරූප සාධක වසර 2007 දී තහවුරු කර ගන්නා ලදී.
දෙවන ඡායාරූපයද එතරම් පැහැදිලි නැති නමුත් මධ්‍යයේ පිහිටි චක්‍රාවාටය වටා පිහිටන අයින්ස්ටයින් මුදුවක් ඇත.
Photo credits ESA

20/10/2024

වසරේ ප්‍රමුඛතම උල්කාපාත වර්ෂාවක් වන ඔරයන් උල්කාපාත වර්ෂාව හෙට දින පාන්දර එකයි තිහට පමණ උච්චස්ථානයට පත්වෙනවා . නැගෙනහිර සිතිජේ සිට 45° ක් පමණ ඉහළින් මේ වෙලාව වන විට ඔරයන් රාශිය දක්නට හැක. පැයකට උල්කාපාත විස්සක් පමණ දකින්නට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවේ. හෙට පාන්දර බලාගැනීමට නොහැකිවුවහොත් ඉදිරි දින කිහිපය තුළ ද කාලයේදී මෙම උල්කාපාත ව ර්ෂාව අඩුවූ තීව්‍රතාවයකින් යුතුව නිරීක්ෂණය කළ හැක. පහත දැක්වෙන්නේ 2023 වසරේ නොවැම්බර් මස මුල ම විසින් වීඩියෝ ගත කරන ලද මෙම ඔරායන් උල්කාපාත වර්ෂාවයි

පසුගිය වසර තුන තුල මා විසින් ඡායාරෑපගතකළ වල්ගාතරු. මෙම පිටුවේ නව සාමාජිකයන්ට මේ ගැන වැඩි තොරතුරු අවශ්‍ය නමි පළමු කමෙන්ටු...
19/10/2024

පසුගිය වසර තුන තුල මා විසින් ඡායාරෑපගතකළ වල්ගාතරු. මෙම පිටුවේ නව සාමාජිකයන්ට මේ ගැන වැඩි තොරතුරු අවශ්‍ය නමි පළමු කමෙන්ටුවේ ඇති ලින්කුව බලන්න.

මේ දිනවල දක්නට ඇති C/2023 A3( Tsuchinshan- Atlas) වල්ගා තරුවේ මා විසින් ලබාගත් අයත් සමීප ඡායාරූපයක්. මෙහි සම්පූර්ණ නිරාව...
18/10/2024

මේ දිනවල දක්නට ඇති C/2023 A3( Tsuchinshan- Atlas) වල්ගා තරුවේ මා විසින් ලබාගත් අයත් සමීප ඡායාරූපයක්. මෙහි සම්පූර්ණ නිරාවරණ කාලය මිනිත්තු දෙකක් පමණ වන අතර Canon 800d කැමරාව සහ Canon 55-250mm කාචය යොදාගෙන 55mm නාභිදුරකදී ඡායාරූපගත කර ඇත.

අහස පැහැදිලි නම් මේ දැන් 16/10/2024 7.00pm බටහිර අහස බලන්න , වල්ගා තරුව බලාගන්න පුළුවන්. සිතිජයට උඩින්  දකුණු පසට වෙන්න ...
16/10/2024

අහස පැහැදිලි නම් මේ දැන් 16/10/2024 7.00pm බටහිර අහස බලන්න , වල්ගා තරුව බලාගන්න පුළුවන්. සිතිජයට උඩින් දකුණු පසට වෙන්න අඳුරු අහසක පියවි ඇසට බලාගන්න පුළුවන්.
P.S --- හත හමාරෙන් විතර පස්සේ නම් පේන්නේ නෑ.අද දැක්කේ නෑ කියල ගැටලුවක් නෑ. හෙටත් 6.30pm විතර ඉඳන් හතයි කාල විතර වෙනකම් බලන්න පුළුවන්. මේ සතියේම විතර බලන්න පුළුවන් වෙයි.හැබැයි පෙනෙන දීප්තිය එන්න එන්න අඩුවෙනවා.

මේ දවස්වල අහසේ වල්ගාතරුවක් දකින්න පුළුවන්.මේ ඔබ දකින්නේ අද උදෑසන මා විසින් ඡායාරූපගත කරන ලද එම වල්ගා තරුවයි. Comet C/202...
27/09/2024

මේ දවස්වල අහසේ වල්ගාතරුවක් දකින්න පුළුවන්.මේ ඔබ දකින්නේ අද උදෑසන මා විසින් ඡායාරූපගත කරන ලද එම වල්ගා තරුවයි.
Comet C/2023 A3 (Tsuchinshan–ATLAS) යනුවෙන් හැඳින්වෙන මෙම වල්ගා තරුව පාන්දර හතරයි හතළිස් පහත් පාන්දර පහ මාරත් අතර නැගෙනහිර සිතිජයට මදක් ඉහළින් දකින්නට පුළුවන්. Stellarium app එක භාවිතා කළහොත් ඔබගේ ජංගම දුරකථනය මගින් මේ සොයාගැනීමට පහසුයි. බයිනෝ කියුලරයක් භාවිතා කළහොත් පහසුවෙන් නැරඹීමට පුළුවන්. පියවි ඇසින් නැරඹීමට තරම් දීප්තිමත් වුවත් ඉර නැගීමට ප්‍රථම අහසේ ආලෝකය නිසා මෙය සොයා ගැනීම තරමක් අපහසුයි.

Antares and Rho Ophiuchi complexඇන්ටාරෙස් තාරකාව සහ රෝ ඔපියුචි ප්‍රදේශය මේ දවස් වල ( මැයි)  රාත්‍රී අහසේ ගිණිකොණදිග ක්ෂි...
09/05/2024

Antares and Rho Ophiuchi complex
ඇන්ටාරෙස් තාරකාව සහ රෝ ඔපියුචි ප්‍රදේශය

මේ දවස් වල ( මැයි) රාත්‍රී අහසේ ගිණිකොණදිග ක්ෂිතිජයට ඉහළින් වෘෂ්චික රාශිය ( මේකට ගෝනුස්සා නැත්නම් Constellation of Scorpius කියලත් කියනවා) පැහැදිලිව දැකගන්න පුළුවන් . ගෝනුස්සාගේ හදවත ලෙස හැදින්වෙන රතු තැඹිලි පැහැති තාරකාව තමයි ඇන්ටාරෙස් . මේක රතු දැවන්ත තරුවක්( Red giant) , අපේ සූර්යයා වගේ 680 ගුණයක් විශාල විශ්කම්භයක් සහිතයි. අපට පියවි ඇසින් පැහැදිලිව බලාගන්න පුළුවන් රතු දැවැන්තයින් කිහිපයෙන් එකක්. ආලෝක වර්ෂ 550 දුරින් පිහිටන්නේ.
මේ තාරකාවේ විකිරණය මගින් අවට ඇති අන්තර් තාරිය දුහුවිලි වලාව ( interstellar gas cloud) ආලෝකමත් කිරීමේන් තමයි මේ අලංකාර වර්ණ නෙබුයුලාවක් ( පරාවර්තන නෙබුයුලාවක්/ reflection nebula ) ඇතිවෙලා තියෙන්නේ. මේ ආශ්‍රිතව ඔපියුකස් රාශියට ( constellation Ophiucus) අයත් රෝ ඔපියුචි ප්‍රදේශයද පිහිටනවා. මෙය අපේ පෘථිවියට ආසන්නම තරු උපදින ස්ථානයක් ( star forming region) .
මෙය ඡායාරූපකරණයට භාවිතා කළේ මගේ Canon 800 කැමරාව සහ 50mm ලෙන්ස් එක. සම්පූර්ණ නිරාවරණ කාලය total exposure time 33*179 = මිනිත්තු 98.45.
විශේෂ හේතු කිහිපයක් නිසා මාස 8කට පස්සේ තමයි මේ විදිහට ඇස්ට්‍රෝ චායාරූපයක් ගන්න පුළුවන් වුනේ. මේ පේජ් එක ඕපන් කළෙත් මාස 6 කට විතර පස්සේ . ගොඩදෙනෙක් විවිධ මැසේප් එවලා තිබිබා මන් ඒවාට ක්‍රමානුකූලව පිළිතුරු එවන්නම්.

27/12/2023

✨ 𝗦𝗶𝗻𝗰𝗲𝗿𝗲 𝗚𝗿𝗮𝘁𝗶𝘁𝘂𝗱𝗲 ✨

Conveying our heartiest appreciation to the 𝗔𝗺𝗮𝘇𝗶𝗻𝗴 𝗝𝘂𝗱𝗴𝗲𝘀 of the 𝗦𝘁𝗲𝗹𝗹𝗮𝗿𝗤𝘂𝗲𝘀𝘁'𝟮𝟯 𝗔𝘀𝘁𝗿𝗼𝗽𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 𝗖𝗼𝗺𝗽𝗲𝘁𝗶𝘁𝗶𝗼𝗻 ☄📷

We are really grateful for all the efforts you've put into our project.
Without your support & dedication, we couldn't have made it this far...

Thank You !!! 🔥💫

'23

අද සහ හෙට මුදුන්පත් වන දර්ශනීය ජෙමිනීඩ් උල්කාපාත වර්ෂාව වසරේ දර්ශනීයම උල්කාපාත වර්ශාවක් වන ජෙමිනීඩ් ( මිථුන) උල්කාපාත වර...
13/12/2023

අද සහ හෙට මුදුන්පත් වන දර්ශනීය ජෙමිනීඩ් උල්කාපාත වර්ෂාව

වසරේ දර්ශනීයම උල්කාපාත වර්ශාවක් වන ජෙමිනීඩ් ( මිථුන) උල්කාපාත වර්ෂාව හෙට ( 2023/ 12 / 14 ) රාත්‍රියේ උච්චතම අවස්ථාවට ළඟාවේ.
නමුත් අද රාත්‍රියේද රාත්‍රී දහයත් පාන්දර දෙකත් අතර කාලයේදී අහස නිරීක්ෂණය කිරීමෙන් උල්කාපාත විශාල සංඛ්‍යාවක් දැකබලා ගැනීමට හැකියාවක් ඇත.
ඉතා අඳුරු අහසක නම් පැයකට උල්කාපාත 100 පමණ පියවි ඇසින් බලා ගත හැක.
හෙට දින රාත්‍රියේ එනම් 2023/12/15 පාන්දර 12.57 ට මෙම උල්කාපාත වර්ෂාවේ උපරිම අවස්ථාව දැකගත හැක. එම අවස්ථාවේදී උල්කාපාත පැයකට එකසිය විස්සක් පමණ දර්ශනය වනු ඇත.

මෙවර උල්කාපාත වර්ෂාව වඩාත් දර්ශනය වීමට විශේෂ ඉඩකඩක් පවතී.
එයට හේතුව අමාවක දිනය ( දෙසැම්බර් 12) ආශ්‍රිතව වර්ෂාව යෙදී තිබීම නිසා චන්ද්‍රයාගේ ආලෝකයෙන් බාධාවක් නොවීමයි.

දෙවැනි කාරණය නම් ලඟදී හඳුනාගන්නා ලද නව උල්කාපාත වර්ෂාවක් ද මේ දිනවලදී දර්ශනය වීමයි. මෙය 46P/Wirtanen නැමැති දූම කේතුව ආශ්‍රිතව ඇතිවන උල්කාපාත වර්ෂාවකි.
එබැවින් රාත්‍රියේ දැකිය හැකි උල්කාපාත ප්‍රමාණය සැලකිය යුතු මට්ටමෙන් වැඩිවනු ඇත.

මෙම උල්කාපාත වර්ෂාව ජෙමිනිඩ් හඳුන්වන්නේ උල්කාපාත ජෙමිනීඩ හෙවත් මිථුන රාශියෙන් විහිදෙන ලෙස දර්ශනය වීම නිසායි.
නමුත් එම ස්ථානයේ පමණක් නොව අහසේ ඕනෑම ස්ථානයක මෙම උල්කාපාත දර්ශනය විය හැක.
එම නිසා උල්කාපාත නැරඹීම සඳහා ජෙමිනිඩ් රාශිය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය නොවේ.
නමුත් මිථුන / ජෙමිනිඩ් රාශිය හඳුනාගන්නා ආකාරය මේ සමඟ අමුණා ඇති රූප සටහන්වල දැක්වේ.
තවද උල්කාපාත වර්ෂාවල විශේෂත්වය වන්නේ ඒවා සංකීර්ණ උපකරන භාවිතයකින් තොරව පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබීමයි.

යම්කිසි හේතුවක් නිසා අද හෝ හෙට රාත්‍රියේ මේ නිරීක්ෂණය කිරීමට නොහැකි වුවද දෙසැම්බර් 24 පමණ දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව පවති.

එම නිසා මේ දවස්වල පවතින වර්ෂාවෙන් බාධා නොවී අලංකාර උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කිරීමට සැමදෙනාටම හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

11/11/2023

මේ දවස් වල වර්ෂාව නිසා අහස නිරීක්ෂණය ප්‍රායෝගික දෙයක් නෙවෙයි. අද පාන්දර 4 ට විතර ඇහැරිලා බලන කොට අහස කියලා නිම කරන්න බැරි තරම් ලස්සනයි. මේ ඔරයන් රාශිය ආශ්‍රිත අහසේ ටයිම් ලැප්ස් වීඩියෝවක්.

අර්ධ චන්ද්‍රග්‍රහනය  (Partial lunar eclipse) මැල්සිරිපුර අහසේ දර්ශනය වූ ආකාරයචායාරූපයේ වේලාව 2023.10.29 1.54am
28/10/2023

අර්ධ චන්ද්‍රග්‍රහනය (Partial lunar eclipse) මැල්සිරිපුර අහසේ දර්ශනය වූ ආකාරය

චායාරූපයේ වේලාව 2023.10.29 1.54am

බෙන්නු ග්‍රහකයේ සිට ඔසිරිස් රෙක්ස් පෘථිවියට රැගෙන  ආ ග්‍රහක කොටස් සහිත කැනිස්ටරය පසුගියදා විවෘත කරනු ලැබුවා.ග්‍රහක සාම්ප...
02/10/2023

බෙන්නු ග්‍රහකයේ සිට ඔසිරිස් රෙක්ස් පෘථිවියට රැගෙන ආ ග්‍රහක කොටස් සහිත කැනිස්ටරය පසුගියදා විවෘත කරනු ලැබුවා.

ග්‍රහක සාම්පල සහිත කැප්සූලය පසුගිය 26 දින ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ කාන්තාර ප්‍රදේශයකට ගොඩබසිනු ලැබුවා .
මෙම සාම්පල ලබාගත් බෙන්නු ග්‍රහකයේ විශේෂත්වය එය "C" වර්ගයට අයත් (type c) . මෙවැනි ග්‍රහක තුල වැඩි කාබන් සංයුතියක් ඇති අතර පෘථිවියට ජලය සහ ජීවයේ මූලික සංඝටක රැගෙන ආවෙත් මෙවැනි ග්‍රහක මගින් බවට අනුමානයක් ඇත. මෙහි ග්‍රහක කොටස් පරීක්ෂා කිරීමෙන් ඉහත අනුමානයන් තහවුරු කිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
එසේ වුවහොත් ජීවය පෘථිවියේ ඇති වූවක් නොව වෙන පිටසක්වල බාහිර තාරකා මණ්ඩලයක ඇතිවී පෘථිවිය කරා ග්‍රහක හෝ ධූම කේතු මගින් පැමිණි බවට ඇති Panspermia උපකල්පනයට වඩාත් පිටුවහලක් වනු ඇත.
මෙම සාම්පල වැඩිදුර පර්යේෂණ සඳහා කොටස් කර ලොව පුරා පිහිටි විද්‍යාගාරවලට යැවීමට නියමිතයි.

Photo credits : NASA /JPL/ OSIRIS REX

Address

Athurugiriya
Colombo
10150

Alerts

Be the first to know and let us send you an email when Astro by Wathsala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Astro by Wathsala:

Share