04/02/2023
මාළු මිරිස් වගාව 04 කොටස
කොළ කොඩවීමේ වෛරස් රෝගය
(සුදු මැස්සන් වාහකයින් ලෙස ක්රියා කරයි)
• බහුලව සොලකේසි කුලයේ බෝග පාත්රවේ.( මිරිස්, මාළු මිරිස්, තක්කාලි, බටු, අර්තාපල්)
• මෙය බෝගයේ තවාන් අවස්ථාවේ සිට සෑම අවස්ථාවක් දක්වාම දැකගත හැකිය
රෝග ලක්ෂණ
• පත්ර ලා කහ පැහැවිම හා නාරටි හොදින් දිස්වීමට පටන් ගැනීම
• කදේ පර්ව කෙටි වී අධික රිකිලි ප්රමාණයක් ඇතිවන නිසා රෝගී ශාක කුරුවේ
• පත්ර විශාලත්වය අඩු වීම නිසා උඩුකුරුව ඇඹරියයි
• කුඩා ඵල හටගනී
රෝග පාලනය
• උසස් ගුණයෙන් යුතු බීජ භාවිතා කර නිසි පරිදි තවාන් නඩත්තු කිරීම
• වගාව නියමිත කාලයට ආරම්භ කිරීම
• සුළං බාධක සංස්ථාපනය කිරීම
• ධාරක ශාක විනාශ කිරීම
• රෝගී ශාක දුටු වහාම ගලවා විනාශ කර දැමීම
• වාහකයින් පාලනය කිරීම
බැක්ටීරියා හිටු මැරීම
රෝග කාරකය (Ralstonia Solanacearum)
රෝග ලක්ෂණය
• ක්ෂේත්රයේ තනි ශාකයක් වශයෙන් තැනින් තැන හෝ ශාක කිහිපයක් කලාප වශයෙන් මැලවී තිබෙනු දක්නට ලැබේ.
• දවසේ වඩාත්ම උණුසුම් කාලගුණයක් ඇති අවස්ථාවේදී නොමේරූපත්ර මැලවී තිබෙනු දක්නට ලැබේ.
• ඉන්පසු ක්ෂණික ස්ථිර මැලවීමක් පෙන්නුම් කරයි
• පත්ර පතනය වීමෙන් දින කිහිපයකට පසු ශාකය මැරී යයි.
• පොළව මට්ටමට ආසන්නයෙන් පැලය කපා වතුර වීදුරුවකට දැමු විට කැපුම් පෘෂ්ඨයෙන් සුදු පැහැති බැක්ටීරියා ස්රාවය පිටතට පැමිණීමෙන් මෙය පැහැදිලිව වෙන්කර හදුනාගත හැකිය.
රෝග පාලනය
• ධාරක නොවන බෝග සමග බෝග මාරුවක් සිදුකිරීම
• ප්රතිරෝධී ප්රභේද භාවිතය
• ධාරක වල පැළෑටි හා ආසාදිත මුල් සියල්ලම ඉවත්කර විනාශ කිරීම
• ආසාදිත ශාක , ඒ වටා ඇති පස් කොටස සමග ඉවත් කර විනාශ කිරීම
• රෝගී ක්ෂේත්ර හරහා නිරෝගී ක්ෂේත්ර වලට ජලය සැපයීම වැළක්වීම
• ක්ෂේත්රයේ මනා ජල වහනයක් පවත්වා ගැනීම
අස්වනු නෙළීම
පළමු අස්වැන්න තවාන් වැපිරීමෙන් දින 75 කට පසුව සහ දින 5-7 අතර කාලයකදී සිදු කළ හැකිය.ඉන්පසු බෝග වර්ධන කාලය තුළ දින 7-10 කින් සිදු කල හැකිය. වියළි කාලගුණික තත්ත්වයන් තුළ අස්වනු නෙලීම සිදු කරන්න.
අස්වැන්න
විවෘත පරාගන ප්රභේද – හෙක්ටයාරයට ටොන් 10-15 කි
දෙමුහුම් ප්රභේද – හෙක්ටයාරයට ටොන් 20-25 කි
වඩා හොඳ කළමනාකරණ භාවිතයන් යටතේ ඉහළ අස්වැන්නක් ලබා ගත හැකිය