GreenEach

GreenEach ගතට සිසිලක්, හරිත වෙරළක් , සුන්දර හැන්?

"GreenEach" මේක තමයි තේමාව. ඒ කියන්නේ "හරිත වෙරළක්" අපි ඒක වෙනුවෙන් කලා පොඩි වැඩක්. කාෂ්ටක වෙරලක් වගේ තියෙන හලාවත වෙරළ...
27/08/2021

"GreenEach" මේක තමයි තේමාව. ඒ කියන්නේ "හරිත වෙරළක්" අපි ඒක වෙනුවෙන් කලා පොඩි වැඩක්. කාෂ්ටක වෙරලක් වගේ තියෙන හලාවත වෙරළ උද්‍යනයේ අපි හිටෙව්වා "මූදිල්ලා" පැල. ඒ හරිත වෙරළක් හදන්න. තනියම නම් නෙවෙයි හලාවත කරිටාස් සෙඩෙක් ආයතනය හා ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයත් එක්ව. මේකට හලාවත නගර සභාවේන් හා ඉරණවිල බෝධිරුක්ඛාරාමයෙහි වැඩ වසන ගරු ස්වාමීන් වහන්සේගෙනුත් උදව් ලැබුනා..

25/08/2021

ඇත්තටම අපි පුංචි වැඩක් කරා. තනියම නම් නෙවෙයි හැබැයි.හලාවත කරිටාස් ආයතනයත්, ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයත් එක්ක එකතු වෙලා. ඒ තමයි අපි හලාවත වෙරළ උද්‍යනයේ මූදිල්ලා කියන පැල හිටෙව්වා. හැබැයි ඒක කෙටි කාලීන ආයෝජනයක් නම් නෙවෙයි. දිගු කාලීනයි. එහෙම කරේ අපි ඔයාලා වෙනුවෙන්. අපි හැමෝම වෙනුවෙන් ..🤗🤗🤗🤗

24/08/2021

නුවර පෙම්වතිය එක්කන් තමන්ගේ ගම පෙන්නන්න ආපූ හලාවත කොල්ලෙක්...

නදී : රවී මට මුහුද බලන්න යන්න ආසයි. එකම එක පාරක් අම්මලා එක්ක ගියාට ආයේ කවදාවත් යන්න බැරි උනා..

රවී : හරි හරි මැණිකේ මන් එක්ක යන්නම්..

නදී : උදේ වරුවම ඉවරයිනේ.. හවස ගෙදර යන්නත් ඕනා අනේ දැන් යමුකෝ..

රවී : අම්මෝ දැන්?

නදී : ඇයි මොකද?

රවී : වෙරළ මේ වෙලාවට මාර රස්නෙයි. දැන් ගියොත් ඔයාගේ ඔය සුදු හම වේලපු කරෝලයක් වගේ වෙයි.

නදී : ඒකට කමක් නෑ. මගේ හම නේ😃

රවී : හා එහෙනම් යමුකෝ. අම්මේ බීච් පාර්ක් එක පැත්තේ ගිහින් එන්නම්...

අම්මා : හා පුතේ පරිස්සමින් දෙන්නම..

නදී : අම්මෝඕඕඕඕඕ රවී.. ඔයා කිව්වට මට තේරුනේ නෑ, මේක නම් ශේම භූමියක් වගේ. පොඩිවත් හෙවනක් නෑනේ අනේ..

රවී : ඒකනේ මන් ඔයාට කිව්වේ.. කොහොමද පිච්චෙන තරම...

නදී : නගර සභාවෙන්වත් මොකුත් කරන්නේ නැද්ද?

රවී : අපි ඒ ගැන කතා නොකර ඉමු නදී, ඇඟත් පිච්චෙනවා මදිවට ලේත් පුච්ච ගන්න ඕනා නෑ..

නදී : බලන්න රවී මෙතන කොච්චර ලස්සනට තියාගන්න පුලුවන් තැනක්ද? ඔය බංකු උඩට වෙලා මේ වගේ වෙලාවක කතා කර කර ඉන්නවත් හෙවනක් නැති එක ගැන නම් දුකයි. පාලකයෝ මොනවත් කරන්නේ නෑ කියලා බැන බැන හිටියා කියලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු හිත නිවාගන්න කියලා එන මේ වගේ ලස්සන වෙරළක් මෙහෙම කාටත් වැඩක් නැති වෙන්න අතෑරලා දාන එක අපරාදයක් රවී..

රවී : ඒක ඇත්ත, මෙතන්ට ජොගින් කරන්න එන අය, ෆුට්බෝල් ගහන අපේ කොල්ලෝ එහෙමත් ඒ ගැන අනන්තවත් කතා කරනවා.. ඒත් කාටවත් මුකුත් කරන්න ඕනකමක් නෑ...

නදී : එහෙම නොවුනොත් තමා පුදුම...

රවී : ආආආ නදී මතකද මන් අර ලඟදී ගිය සක්‍රීය පුරවැසි වැඩසටහන? ඒකෙන් අපිට ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙනවා. ඔයා ඔහොම කියද්දී මට ඒ ගැන මතක් උනේ නදී.. අපි කොල්ලෝ කෙල්ලෝ සෑහෙන පිරිසක් ඉන්නවා. ඒකෙන් බීච් පාර්ක් එකේ ගස් ටිකක් හිටවන්න නම් බැරි වෙන එකක් නෑ.. මන් අදම කට්ටිය එක්ක කතා කරන්නම්කෝ...

නදී : ආ ඒක තමයි. ඔයාලා ඒ වැඩේ කරන්න පටන් ගත්තොත් ඔය ඒ ගැන කතා කරනවා කිව්ව අය උනත් ඔයාලාට උදව් කරයි.. මාත් එනවා ගහක් හිටවන්න.. 😍

රවී : ඔව් ඔයත් එන්න.. අපි කසාද බැඳලා අපේ දරුවෝ අරන් ඇවිත් ඒ ගහ යට ඉඳගෙන ඔයාට හරි ආඩම්බරෙන් කියන්න පුලුවන් මේ අම්මා හිටවපු ගහක් පුතේ කියලා😘 මෙතන එහෙම හෙවනක් ගැන හිතන්නත් ආසයි නදී..

නදී : කවදාහරි මේ කාෂ්ඨක පාර්ක් එක හරිත වෙරළ උද්‍යානයක් කරන්න ඔයාලාට බෝ සමිඳුන්ගේ පිහිට ලැබේවා..

රවී : ගොඩාක් ස්තූතියි. යමු අපි රැල්ලක් පාගලා ගෙදර යමු. මට බඩගිනියි👫

Address

Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when GreenEach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category